මිහිදුම් සිහින…..44
44 වන සිහිනය
Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටස් සියල්ල …
දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
එතකොටම එතනට දුවගෙන වගේ ආවෙ
පොඩ්ඩි….
බට්ටී……ඊ…
මෝඩි…
මෙහෙ එනවා යන්න..
අනේ තේජාන අයියෙ ප්ලීස් ..
දැන්ම එළියට එන්නෙ නැතුව ටිකක් ඉඳලා යන්න..
අපේ අයියා බට්ටිව හොයනවා…
බට්ටිවත් ඇදගෙන ඉක්මනින් පොඩ්ඩි එතනින් ගියා….
බූරුදෙන…
අයියට අහුවුණා නම් එහෙම…
ලොක්කිගෙ වෙඩින් එකත් එක්ක ඉවරයි
තමුසෙ…
තවත් ඇයි බට්ටි තේජාන් අයියා ළඟ
ලැජ්ජා වෙන්නෙ…
මම කතා කළා විතරයි…
තමුසෙගෙ යාළුවො දෙන්නා ඇවිත්..
උන් තමුසෙව හොයනවා….
එකෙන් තමා පත්තු වුණේ තමුසෙ හෝල් එකේ නෑ කියලා..
දැං යමු ගිහින් කියනවා
යාළුවො එනකල්
ගේට් එක ළඟ ඉද්දි
බඩේ අවුලක් වගේ දැණුන නිසා restaurant එකේ wash room එකට ගියා කියලා..
හරිද…
කියලා බට්ටිව ඇදගෙන වගේ පොඩ්ඩි ඇතුළට ගියා….
තිළිණ බට්ටි දිහා විනිවිද යන බැල්මක් දැම්මත් මොකුත් කියන්න ආවෙ නෑ….
අශේන් ආයෙත් බට්ටි එක්ක වැඩි කතාවකට ආවෙ නෑ…
හැබැයි තිළිණ ඇවිත් අශේන්ගෙන් ඇහුවා බට්ටි එක්ක කතා කලේ මොනවද කියලා..
එතකොට නම් අශේන් හිතේ තියෙන අදහසත්, බට්ටිගෙන් ලැබුණ උත්තරෙත් කිව්වා…
තිළිණ අශේන්ගෙ පිටට පොඩි තට්ටුවකුත් දාලා..
කෙලින් කතා කරපු එකට මම කැමතියි…
ඒත් ඉතිං අපි බලමුකො..
කලබල වෙලා බෑනෙ නේද කියලා යන්න ගියා….
සේරම වැඩ කටයුතු අවසානයේ ලොක්කි රතු පාට ලෙහෙඟා එකකට මාරු වුණේ
දෙවනි ගමන ලොකු උත්සව නොගෙන පවුල් දෙක විතරක් එකතු වෙලා සමරන නිසා….
ලොක්කිත් නිසලුත් දෙන්නම එකතු වෙලා එක උත්සවයක් තමා ගත්තෙ….
අම්මා තාත්තට ඇතුළු වාඩිහිටි අයට වැඳ අවසර ගෙන ලොක්කිලා පිටත් වෙන්න යද්දි,
අම්මාත් තාත්තාත් හොරෙන් කඳුළු පිහදානකොට…
බට්ටිත් පොඩ්ඩිත් ලොක්කිව බදාගෙන අඬපු විදියට ඇවිත් හිටපු කාගෙත් නෙත් අගට කඳුලක් ගේන්න සමත් වුණා..
තිළිණ ඇවිත් බට්ටිවත් පොඩ්ඩිවත් ලොක්කිගෙන් මෑත් කරලා තමන්ගෙ ඇඟට බර කර ගන්න අතර නිසල් ලොක්කිව වාරු කර ගත්තා
එතකල්ම තුන්දෙනා බදාගෙන ඇඬුවා…
තිළිණගෙත් ඇස් අග කඳුළු…
කෙල්ලො තුන්දෙනා තිළිණගෙත් පණ..
ලොක්කි අවුරුද්දකට තිළිණට අක්කා වුණත්..
තිළිණ හැමදාමත් තුන්දෙනාටම සැළකුවෙ බාල සහෝදරියො වගේ..
සැර වැර කරන්නෙ ආදරේ වැඩි කමට
තුන්දෙනාවම පණ වගේ ආරක්ෂා කළේ…
රැකියාවත් එක්ක කාර්යබහුල වුණත් තිළිණ පුළුවන් හැම විටම තුන්දෙනා ගැනම අවධානයෙන් තමා හිටියෙ…
අනේ අයියේ..
කියලා බට්ටිත් පොඩ්ඩිත් තිළිණගේ පපුවට තුරුල් වෙලා අඬද්දි
තිළිණ අත් දෙකෙන් කෙල්ලො දෙන්නව තවත් තුරුල් කරගෙන කඳුළු අතරින්ම කතා කළා..
ඒයි..
මොඩියො දෙන්නා..
මේ අහනවා….
අක්කා මැරිලා වගේ ඔහොම අඬන්නෙ
මොකෝ ලොක්කි දුක් විඳින්න යනවද
නිසල් අයියා ලොක්කිව අපිට වඩා හොඳට බලා ගනියි…
අනික තමුසෙලා දෙන්නත් යනවා තව ටික කාලෙකින් ඔහොම…
හැමදාම තමුසෙලා තුන්දෙනාට එක ගොඩේ වැටිලා නිදාගන්න බෑ….
ඒක කාටත් පොදුයි…
බලනවා…
ලොක්කිගෙ මුණත් කැත වෙලා…
අදඑයාලෙ ලස්සනම දවසෙ හිනා වෙලා වැඳලා සමු දෙනවා..
ඕන වුණාම ලොක්කිව බලන්න යන්න බැරි තරම් දුරක නෙමෙයිනෙ නිසල් අයියාගෙ ගේ තියෙන්නෙ…
කෝ දැන් හිනාවෙනවා මගෙ මෝඩියො දෙන්නා…
තිළිණ දෙන්නාගෙම හිේ මුදුන සිඹිමින් කිව්වෙ …..
ලොක්කි හිනා වෙමින් නිසල්ගෙ වතට බර වෙලා කඳුළු හලන්නෙ…
තිළිණ මේ විදියට නංගිලාව තුරුල් කරගත්ත පළවෙනි වතාව නිසා…
ලොක්කිත් ඇවිත් තිළිණට තුරුල් වුණා…
ඒ හඩි දැඩ් පපුවේ තමන්ගේ පණ හා සමාන සහෝදරියො තුන්දෙනාවම හොවාගෙන ටික වෙලාවක් ඉඳලා තුන්දෙනාව ඈත් කළා……..
ලොක්කි…
නිසල් අයියා එක්ක ආදරෙන් ඉන්න කියලා මම කියන්නෙ නෑ….
මොකද තමුසෙඒක කොහොමත් කරනවානේ…
ගෙදරින් ගියාට මේ මෝඩියො දෙන්නා ගැන හොයලා බලනවා..
තමුසෙනෙ මේ දෙන්නාගෙ ප්‍රධාන උපදේශිකාව..
හොර වැඩ වලයි, හොඳ වැඩ වලයි සේරවන්ගෙම…
පරිස්සමින් ඉන්නවා…
නිසල් අයියෙ..
මේ මගේ අක්කා තමා..
ඒත් මට මුන් දෙන්නා වගේම තමා මේකිවත් පෙණුනෙ…
දඟ වැඩ නිමක් නෑ..
පරිස්සමින් බලාගනිං අයියේ…
කියලා අවුරුදු 10කට විතර පස්සෙ ලොක්කිට දණ ගහලා වැන්දා…
නැගිටලා එහෙමම හැරිලා යන්න ගියේ ඒ ඇස් වල පොර කාපු කඳුළු කාටත් හොර රහසේ මුදාහරින්න කියලා කාටත් අමුතුවෙන් කියන්න ඕන වුණේ නෑ….
බට්ටියි, පොඩ්ඩියිත් අමාරුවෙන් කඳුළු හිර කරගෙන ලොක්කිටත් නිසල්ටත් වැඳලා සමු දුන්නා…
අනුහස් එක්ක ලොක්කිලාව නුවරට ඇරලවන්න යන්න අශේන් තමා ඉදිරිපත් වුණේ…
අනුහස්ගෙත් ඇහැට කඳුළු ආවා බට්ටිලා අඬනවා දැකලා….
කාර් එකට නැගපු මනාල යුවළ ඈතට යනකල්ම කටටිය අත වනමින් බලාගෙන හිටියා…
ලොක්කියි පොඩ්ඩියි ඉන් පස්සෙ ගෙදර යනකලුත් සෑහෙන්න ඇඬුවා …
ගෙදර ගිය ගමන් ඇඳට පැනලා කොට්ටෙ හපාගෙනත් අඬපු එකතමා කළේ…
දෙන්නාට අඬපු මහන්සියටයි, පාන්දර ඇහැරුණ මහන්සියටයි දෙකටම එක්ක එහෙමම නින්ද ගියා…
**********************************
රාත්‍රී 7විතර වෙද්දි අනුහස් ලොක්කිලාව හෝටලයට අරන් ආවා…
අශේන්, අනුහස්..
ඉඳලා අපි එක්කම රෑට කාලා පිටත් වෙන්න
වොෂ් එකක් දාලා පැය කාලෙන් එන්නම්..
නිසල් කිව්වා…
අනේ මේ..
උඹලාගෙ පැය කාල..
අද වගේ දවසක මේ අපි නිසා romance නැත් කරගන්නෙපා නේද අනුහස් මල්ලි…
අශේන් කිව්වා…
ඔව් ඔව්..
අපි මගින් කන්නම්
ආයෙ යන්නත් එපැයි…
අයියායි අක්කියි room එකටම ගෙන්නගෙන කන්න..
අයියට නැතත් අක්කිට මහන්සි ඇති පාන්දර ඉඳන් ඇඳගෙන ඉඳලා…
ඒ නැතත් බං මුං දෙන්නා දැනටමත් අපිට හිතෙන් බැන බැන ඇත්තෙ
බොරුවට නවතින්න කිව්වට..
යමු යමු..
Happy honey moon හොඳේ කියලා අශේන් ,අනුහස් එක්ක එහෙමම යන්න ගියා…
කාමරේට ආපු ලොක්කි බෑග් එක ඇරියේ. අඳින්න ඇඳුමක් අරන්
නිසල් ආවට පස්සෙ
බාත්රූම් එකට යන්න…
නිසල්…
කියලා එක පාරම යටිගිරියෙන් කෑගහපු සද්දෙට බාත්රූම් එකේ ඉඳපු නිසල් ටවල් එකත් ඇඳගෙන දුවලන් ආවෙ…
ඇඳ ළඟ ෂොපිං එකක දාපු ගෙම්බෙක්…
බට්ටිගෙ වැඩ..
ලොක්කි බෑග් එක අරිද්දිම ෂොපිං එක පිටින්ම ගෙම්බා ඇඟට පනිද්දි තමා ලොක්කි කෑගැහුවේ…
නිසල්ටත් හිනා..
ලොක්කි රවනවා…
බලන්න අනේ අපේ බට්ටිගෙ වැඩ..
කොයි වෙලාවෙ දැම්මද මන්දා…
තව මොක්කු ඉන්නවද දන්නෙ නෑ අනේ නිසල් බලන්නකෝ..
නිසල් බෑග් එකේ තිබ්බ ඇඳුම් ටික හිනා වෙවීම අරන් ඇඳ උඩින් තියලා…
ගණන් ගන්නෙපා පැටියෝ…
ජීව්තේටම එක වතාවයි අද දවසේ සේරම අත්දැකීම්
කියලා ඇහැකුත් ගහලා බාත්රූම් එකට ගියා…
කෑම ටික කාමරේටම ඕඩර් කරපු නිසා
ලොක්කි night dress එකයි over coat එකයිම ගත්තා අඳින්න..
නිසල් ආවම වොෂ් දාන්න ගිය ලොක්කි නයිටි ඩ්‍රස් එක අරන් අඳින්න බැලුවම ආයෙමත් කෑගැහෙන්න වගේ ආවා…
ඒක පුරාම මැෂින් එකෙන් මහලා..
ඇඟට දාන්න නම් මැහුම් ටික ලෙහන්න ඕන…..
ලොක්කිට හිනාත් ගියා….
හොටේල් එකෙන් දීලා තිබ්බ Bath rob එක ඇඳගත්ත ලොක්කි ලැජ්ජාවෙන් එළියට ආවෙ අනිත් ඇඳුමක් වත් ඇඳගන්න..
මොකද මේ…
ම්ම්ම් …
මාව අවුස්සන්නද..
නිසල් ඇහුවේ TV එකෙන් ඇස් අහකට අරන් ලොක්කි දිහා බලලා…
අනේ නෑ අයියෝ..
බට්ටි නයිට් ඩ්‍රස් එක මහලා..
බලන්නකො..
ඒක ලිහන්න ගියොත් හෙට වෙයි…
කියමින්ම අනිත් ඇඳුම් බැලුවා..
බට්ටිගේ අත්‍යාවශ්‍ය ඇඳුම් වලටත් ඒ ටිකම තමා කරලා තියෙනනේ..
එළියට අඳින ඇඳුම් විතරක් හොඳට තිබ්බා..
නිසලට නම් හොඳටම හිනා…
බට්ටිට කෝල් එකක් ගත්තෙ ලොක්කි රව රව ඇඳුම් වගේක මැහුම් ලිහද්දි..
බට්ටි නින්දෙන්ම ෆොන් එක අරන් බලද්දි නිසල්..
මෙ වෙලේ කෝල් කරන්නෙ ඇයි කියලා දන්න නිසාම බට්ටි ආන්ස කළා.
ආ නිසල් අයියෙ..
ඔන්න මම ඔයාට ලේසි කළා..
ඒ නිසා මට ආවම හොඳ තෑග්ගක් ඕන…
නිසල් speaker on කරලා තමා කොල් එක ගත්තෙ
බට්ටි….ඊ..
අල්ලගන්නම්කො මම තමුසෙව ආවම
තමුසෙටත් එනවානෙ මෙහෙම දවසක්
ඉන්නවාකො…
රිටර්න් එක ඩබල් හොඳේ…
මේ නිකී කියන ඒවා ගණන් ගන්නෙපා..
මම නම් කතා කළේ thanks කරන්න ඕන නිසා..
නිකිණි රවද්දි නිසල් ඇද කරමින් බට්ටි එක්ක කතාව…
අා ඒක නෙමේ දැන් කඳුළු ඉවරද අඬලා අඬලා..
ඒවා මේ කිඹුල් කඳුළු අනේ..
ලොක්කිට දුක හිතෙයි කියලා ඇඬුවෙ…
තේජාන් ගෙදර ගිහින් කාමරේටම වෙලා කල්පනා කළේ බට්ටි ගැන..
අනුහස් කිව්වා වගේ
විෂ්මි එක්ක කතා කරන්න හිතුණා …
ඒ නිසා විෂ්මිට කෝල් එකක් ගත්තා..
විෂ්..
මට ටිකක් කතා කරන්න ඕන..
හෙට lunch වලට යන්න මම එනවා…
හරි තේජ්..
වෙඩින් එකේ මොනවා හරිද .
ඔයාලගෙ මමා අපේ මමාට ක්යලා තිබ්බා
ඉක්මනින් වෙඩින් එක ගමු කියලා
විෂ්..
මම හැමදාම කියනවා..
මට ඉන්නෙ අම්මි. මමා නෙමේ..
අපේ අම්මි මොනවද කියලා තියෙන්නෙ මම දන්නෙ නෑනෙ…
අද දවල් කෝල් කරලා කියලා තිබ්බෙ..
හරි තේජ් මගෙ යාළුවො දෙන්නෙක් ඇවිත් ඉන්නෙ ගෙදර…
පස්සෙ කතා කරන්නම්…
බායි..
Love u..
Ok. විෂ්
Bye…
ෆොන් එක තියලා තේජාන් හිතුවේ..
තවත් සිහිනයකින් හමුවෙමු ….