මිහිදුම් සිහින….. 46

46 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

තේජාන් විෂ්මි එක්ක රට ගියත් හිත ලංකාවෙ…
එකම එක වතාවක්වත් බට්ටිව දකින්න නොලැබූණ එක ගැන තේජාන්ට ගොඩක් දුකයි….
ෆෝන් එකේ තිබ්බ බට්ටිගෙ ෆොටෝ සේරමත් මකලා දැම්මේ දැන් විෂ්මි තමන්ගෙ බිරිඳ නිසා…
වෙන කෙල්ලෙක්ගෙ ෆොටෝ තියාගෙන ඉඳලා විෂ්මි එක්ක ප්‍රශ්න ඇති කරගන්න තේජාන්ට ඕන වුණේ නෑ..
හැබැයි ඒ සේරම තිබ්බෙ මාස දෙක තුනක් යනකල් විතරයි…

විෂ්මි තේජාන්ට කීකරු බිරිඳක් වුණා…
ස්විට්සර්ලන්තයේ life style එක නම් විෂ්මිගෙ විදිය එක්ක හොඳටම ගැළපුණා…
තේජාන්ට මුලින් වෙනසක් හිතුණත් තේජාන් වුණත් ඒ style එකට කැමති වුණා.
නිදහසේ ඇවිදින්න, club ⁣යන්න, party වලට යන්න වගේ දේවල් එක්ක රැකියාවත් කරන ගමන් තේජාන් විෂ්මි එක්ක ඒ ජීවිතේට හුරු වුණා..
මාස දෙකක් විතර යද්දි තේජාන් බට්ටිව අමතකම කළා…
තේජාන්ට විෂ්මි එක්ක ගෙවන ජීවිතේ ගැන තිබ්බ බය පවා නැති වුණා..
විෂ්මිත් තේජාන්ට වරදක් කළේ නෑ…
ඇත්තටම බඳින්න කලින් හිටපු විෂ්මිට වඩා ..
තේජාන්ගෙ බිරිඳ වුණ විෂ්මි තේජාන්ට තම යුතුකම් හොඳින් ඉටු කළා…
ලංකාවට වඩා එහෙ ජීවිතය වෙනස් නිසා වෙන්න ඇති
තේජාන්ටත් විෂ්මිගෙ ඒ ආදරේ..
පෙරටත් වඩා දැණුණා..
පසුතැවෙන්න වෙයි කියලා හිතුවට පසු තැවුණෙ නෑ…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බට්ටි සුපුරුදු දඟකාරකම් එක්ක…
මුළු ලෝකෙටම පේන්න තේජාන්ව මතක වත් නෑ වගේ හිනා වෙලා සතුටින් හිටියා…
හිත ඇතුලෙන් තේජාන්ට ආදරේ කරමින්..
තේජාන් ගැන මාස 4කි න් විතර ආරංච්යක් නෑ…
⁣ඒ ගැන නම් පොඩි හිතේ බරක් නොතිබුණා කිව්වොත් බොරු…
අක්කලාගෙන් අහන්නත් බෑ..
ඉවසලා ඉවසලා බැරිම තැන
දවසක් පොඩ්ඩි ළිඳ ළඟ ඉද්දි,බට්ටි පොඩ්ඩිගෙ ෆෝන් එක ඉස්සුවා….
ෆෝන් එකත් අරන් මිදුල පැත්තට ගිහින් ගෙයි දොරත්, ගේට්ටුවත් පේන තැනකින් හිට ගත්තේ…
තාමත් තාත්තායි තිළිණයි ගෙදර ආවෙ නැති නිසා…
ගත්තා අනුහස්ට කෝල් එකක්..

හෙලෝ..
කියන්න ආඩම්බරකාරි….

බට්ටි කතා නොකර තව ටිකක් වෙලා
හිට්යා…

ඒයි..
කතා කරනන්නකො…
ආඩම්බරකමට කැමැත්ත දෙන්නෙත් නෑ..
ඒ වුණාට මගෙ කටහඬ අහන්නැතුව ඉන්නත් බෑ නේද…..
පැටියෝ..
මම වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ගත්තෙත්.
ප්ලීස් කතා කරන්නකෝ…

හෙලෝ….
බට්ටි එච්චරක් විතරක් කිව්වා…

ම්ම්ම්…
කවුද මේ…
මගෙ තරිණි නම් නෙමේ…
බට්ටි නේද….

ආ..ආ….
වෙන්ඩ සිනා..
එහෙනම් අපේ කලුච්චිගෙ කටහඬත් අඳුරනවා නේද…

මොකා…
වෙන්ඩ සිනා…
කලුච්චි…
මොනවද නංගි ⁣ඒ කියන කතා…
මට එකපාර බ්‍රේක් එකත් පෑගුණා…

හයියු අනේ…
ඔයා ඉතිං මගේ වෙන්න ඉන්න මස්සිනානේ….
ඒකයි වෙන්ඩ සිනා කිව්වේ…
අපේ පොඩ්ඩීගේ ආදරණීය නාමය තමා කලුච්චි..
පොඩ්ඩි එකසිය ගානට තරහෙන් රතු වෙනවා බලන්න නම්..
ඒක කියන්න…

හහ්…හඃ…😃😂 ….
හා හා….
දැං ඇයි මේ මට කෝල් කළේ…
කෝ දැං මගෙ ආඩම්බරී..
බලනවා නංගි..
ඉබ්බෙක්ගෙන් පිහාටු ගන්න තිබ්බා try කළා නම් මේ වෙද්දි…
අක්කා කැමත්ත දෙන්නෙ නෑනෙ..

අහන්නකො අනුහස් අයියේ…
අක්කා ළිඳ ළඟ…
මම අක්කා එක්ක ටිකක් කතා කරන්නම්කො අයියා ගැන…
මට උදව්වක් කරන්නකෝ…
හොඳ සිනා නේ මගේ…
හාද..

ම්ම්ම් …
මොකක්ද..

අනේ හා කියලා ඉන්නකො…
නැත්නම් මම දන්නවා කරන්නෙ නෑ කියලා….

ම්ම්ම් ..
බට්ටි නංගි මාව අමාරුවෙ දාන්න වගේ හදන්නේ….
හරි කමක් නෑ අහන්නකෝ…

බට්ටී….
පොඩ්ඩි කතා කළේ එතකොටමයි…

අනේ අයියේ…
අක්කා ඇවිත්..
මට තේජාන් අයියා ගැන කියන්නකො
ප්‍ලීස් ප්ලීස් ප්ලීස් ….
එයා දැන් කෝ..
අර අක්කි තේජාන් අයියව හොඳට බලාගන්නවද…
බට්ටි හදිස්සියෙන් හදිස්සියෙන් ඇහුවෙ දොර දිහාම බලාගෙන..

නංගි..
මම මෙච්චරක් කියන්නම්..
ආයෙ කවදාවත් අහන්නෙපා…
අයියා විෂ්මි අක්කිව බැඳලා රට ගිහින් දැන් මාස තුනකටත් වැඩියි…

එච්චරයි අනුහස්ට කියන්න ලැබුණෙ
බට්ටි කෝල් එක කට් කළා…
ඒ අනුහස් කිව්ව දේට නෙමේ…
තිළිණ ගේට්ටුවෙන් ඇතුළට බයික් එක දානවා දැකලා….

ඒත් අනුහස් හිතුවෙ බට්ටි ශොක් එකට එහෙම කළා කියලා..
ඒ නිසා ආයෙම ගත්තා….
බට්ටි
එහෙමම ගෙට දුවලා ගිහින්
පොඩ්ඩි අතෙන් ෆෝන් එක තියලා කෑම කාමරේට ගිහින් කෙරවලේ තිබ්බ පාඩම් කරන මේසෙ පුටුවෙන් ඉඳගෙන පොතක් පෙරලගත්තා…
බට්ටිට හිතාගන්න බෑ…
ඒ වගේ දෙයක් අහන්න කිසිම බලාපොරොත්තුවක් බට්ටිගෙ හිත කොණක වත් තිබ්බෙ නෑ…

අනුහස් එක්ක කතා කරපු පොඩ්ඩිට , වෙච්ච දේ අනුහස් කිව්වා…..
පොඩ්ඩි අනුහස්ට ටිකක් දොස් කිව්වා…
අපි මේච්චරකල් නොකිව්ව එක ඇයි කිව්වෙ කියලා….

ඒත් අනුහස් කිව්වෙ…
තාමත් හිත කොණක හරි හැඟීමක් තියෙන නිසානෙ ඒ ගැන අද ඇහුවෙ
ඒ නිසා කිව්වෙ එතකොට හිත හදාගන්න ලේසි වෙයි කියලා….

අනුහස්ගෙ කෝල් එක කට් කරලා
පොඩ්ඩි එහෙමම ගත්තෙ ලොක්කිට..

මොකද පොඩ්ඩි මේ වෙලාවෙ…
කරදරයක්ද..

ලොක්කි…
අද බට්ටි අනුහස්ට කෝල් කරලා තේජාන් අයියා ගැන අහලා..

ඉතිං…😮

දැං මාස 3ක් 4ක් වෙලත්
බට්ටි එකපාරම ඒක අහන්නෙ
තාමත් හිත කොනක හරි තේජන් අයියා ඉන්න නිසානෙ කියලා හිතලා
අනුහස් කියලා,
තේජාන් අයියා බැන්දා කියලා…

අයියෝ…😯
බට්ටි අවුලෙන්ද දැන්…
මම කතා කරන්නද බට්ටිට..

බට්ටි වචනයක් වත් කිව්වෙ නෑලු..
මා එක්කත් මොකුත් කිව්වෙ නෑ..
අඩු තරමෙ ඇඬුවෙත් නෑ..
පොත් මේසෙට ගිහින් පොතක් පෙරලගත්තා…
දැන් ඒක දිහා බලාගෙන ඉන්නවා…
කිසිම ප්‍රතිචාරයක් නෑ…
මට බයයි ලොක්කි…

අවුල් ගන්නෙපා..
තමුසෙ ගිහින් කතා කරනවා..
අපි දැනගෙනත් කිව්වෙ නෑ කියලා
මලපැනලා කෑගැහුවොත් එහෙම තමුසෙ මොකුත් කියන්න යන්නෙපා…
මම හෙට හවසට ගෙදර එන්නම්
නිසල් ආවම….
එතකොට බලමු..
දැන් බට්ටි ළඟට වෙලා ඉන්න..
බලන්න බට්ටි මොකක් හරි මෝඩ වැඩක් වත් plan කරනවද කියලා….

හරි ලොක්කි මම තිබ්බා එහෙනම්…

***********

බට්ටී…

ආ මොකද…
ඉඳුවර ලොක්කා කියන්නෙ..
බට්ටි කිසිම වෙනසක් නැතුව කතා කළා…
පොඩ්ඩිට පුදුමයි …

ම්ම්ම් …
විශේෂ දෙයක් නෑ ඉතිං..
හැමදාම කියන ටික තමා..
කවදද කැමැත්ත දෙන්නෙ අහනවා.

මේ ඇත්තට පොඩ්ඩි තමුසෙට පිස්සුද ..
අච්චර හැමදේම තියෙන ඉඳුවර අයියව ඔය හැටි පස්සෙන් ගෙන්න ගෙන්න
ඒ මනුස්සයට එපා කරවන්නෙ….
කොයි වෙලේ හරි එපා වෙලා ගියොත්
එහෙම…
තමුසෙත් නොකිව්වට love නේ….

එහෙම බෑ..
බට්ටිට තේරෙන්නෙ නෑ…

මොකෝ නොතේරෙන්නෙ..
මං නිසානෙ…
අනේ මේ..
පොඩ්ඩි…
මං අදනෙ දන්නෙ තෙජාන් අයියා මැරි කරලා දැං ලංකාවෙත් නෑ කියලා..
මම තේජාන් අයියා ගැන හිතලා අයෙ කිසිම දවසක ප්‍රශ්න ඇති කරන්නෙ නෑ..
ඒ නිසා අර අසරණයාව තවත් කඩේ යවන්නෙපා හලෝ…
පවු…

ම්ම්ම් ….
බලමුකො..
පොඩ්ඩිට හිතාගන්නත් බෑ…
බට්ටි හිටියා වගේමයි..
කිසි වෙනසක් නෑ…
තේජාන් ගැනත් කතා කළේ සාමාන්‍ය විදියට..

මේ එක නෙමේ…
බට්ටි..
තමුසෙගෙ කෝස් එක ඉවරවෙන්න ළඟයි නේද…
එතකොට තමුසෙ ට්‍රේනිං යන්න ඕන නේද..
යනවද ඒකට නැත්නම් ගෙදර ඉන්නවද

ඇයි යකූ…
ඉගෙනෙ ගෙන ගෙදරට වෙලා ඉන්ඩ..
තමුසෙට මොළේ මාන්දමද…
මම ට්‍රේනිං යනවා…

ඇයි ඒ දවස් වල කිව්වෙ ජොලියට කරන්නෙ කියලා
ඒකයි ඇහුවෙ..
කවද්ද exam…??

තව සති දෙකයි ඕයි..
ඒකනෙ මේ බොග දාන්නෙ..

මොකක්….😧😧

පාඩම් කරන්නෙ හලෝ..

හපෝ…
මෙයත් එකයි මෙයාගෙ අපබ්‍රංශත් එකයි…
හරි හරි එහෙනම් ඔය දාන එකක් දාලා එනවා කන්න…
කියලා පොඩ්ඩි ගියා…

බට්ටි පොත දිහා බලාගෙන
කල්පනා කළා..
තේජාන් අයියේ…
මගෙ හිතේ තිබ්බ එකම එක බලාපොරොත්තුවත් නැති වුණා….
දවසක ඔයා එයි කියලා හිතුවට
මම දන්නවා දැන් ඔයාට එන්න බෑ..
ඒත් මට කවදාවත් ඔයාට වෛර කරන්න බෑ..
ආදරෙයි හැමදාමත් අයියේ…..
මම ඔයාට ආදරේ කරන එක නවත්තන්න කාටවත්ම බෑ….
ඔයා සතුටින් ඉන්න අයියේ අර අක්කිත් එක්ක…
ඔයා සතුටින් නම් මට ඇති…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

පහුවදා ලොක්කිත් නිසලුත් ගෙදර ආවෙ
බට්ටිට ආශේන්ගේ යෝජනාව නැවත අරගෙන..
කට්ටියම කෑම ගන්න වෙලාවෙ නිසල් ඒ ගැන කතා කළා..

අම්මයි තාත්තයි හැමෝම ඉන්න තැන මට පොඩි යෝජනාවක් ගැන කියන්න තියෙනවා අවසරද..

අනේ මොනවා අහනවද පුතේ…
ඔයත් දැන් අපිට අපේ පුතාම තමා..
කියන්නකො බලන්න..
තාත්තා කිව්වා….

ඒකනෙ අයියෙ මොනවා අහනවද මන්දා..
තළිණත් කිව්වා…

මේ මතකයි නේද අර මගෙ යාළුවා
අශේන්….

ඒක කියද්දිම බට්ටිට නිකමට වගේ හිතුණා
මේ කියන්න යන්නෙ මොකද්ද කියලා…
හොර පූසි වගේ බලලා
බට්ටිට ඉස්සරහම ඉඳන් හිටපු ⁣නිසල්ගෙ කකුල පෑගුවා රිදෙන්නම…

අවූ..ච්..

ඇයි ඇයි නිසල් මොකද..
ලොක්කි කලබල වුණා…

නෑ මේ මාළු කට්ටක් ඇනුණා කටේ…

බට්ටි රවනවා නිසල්ට..
කියන්නෙපා කියලා ඉඟි කරනවා..
ඒත් නිසල් කතා කළා…

ඉතිං අශේන් කිව්වා අපේ මේ බට්ටි ගැන අදහසක් තියෙනවා කියලා
අම්මලා කැමති නම් ගෙදරින් එක්කගෙන එන්නම් කියලා…

බට්ටි නිසල්ගෙ කකුලට
මේසෙ යටින් පුළුවන් දස වද
සේරම දෙන අතරෙ නිසල්
කතාව කියලම ඉවර කළේ බට්ටිටත් ඇද්ද හූ..කියන්න වගේ කටින් ඇද කරලා…

ම්ම්ම් …
ඒක නම් හොඳ යෝජනාවක් නේද බට්ටි.
තිළිණ නක්කලේට වගේ ඇහුවෙ..
ලොක්කිගෙ වෙඩින් එක දවසෙ වෙච්ච දේ දන්න නිසා…

අනේ මේ…
මෙන්න වැන්දා….
මට තාම බඳින්න අදහසක් නෑ..
අනික අශේන් අයියා ගැන මට කොහොමටවත් එහෙම හිතන්න බෑ..
අනේ…
තාත්තා..
මට තාම 20නෙ ඉවර..
මාව එළවන්න හදිස්සිද..
අශේන් අයියට 27ක්නේ…
එයාව බඳිනවා නම් දැන්ම බඳින්න ඕනනේ.නැත්නම් නාකි වෙනවානේ…
ඒ නිසා තව ටික කාලයක් මෙහෙම ඉනන දෙන්නකෝ….

ම්ම්ම් …
බට්ටි කියන කතාවෙත් ඇත්තක් නැතුවම නෙමේ…
නිසල් පුතා..
අපි ටිකක් ඉමු…
බට්ටි කැමති නෑනේ….
තාත්තා කිව්වා…

ඒ කතාව එහෙමම නවත්තලා
කාලා බීලා ඉවර වෙලා ..
නිසල්ට ගෙදර යන්න කලින් බට්ටි නොක්කාඩු කියන්නත් අමතක කලේ නෑ..
එපා කියන්න කියන්න අශේන් ගැන කිව්වට…

ලොක්කි…
අයියාගෙ කකුලට ගෙදර ගිහින් මොනවා හරි ගානවා…
ඇඟිලි ලඟ හමත් ගිහින් ඇති මම පාගපු පාරට .
මාළු කටු නෙමේ..
බට්ටිගෙ කටු කාලා කෑ ගැහුවෙ මේසෙදි…

මෙහමනෙ චූටි බට්ටියෝ…
මට අශේන් නම් වෙඩින් එක දවසෙ ඉඳලම කියනවා ඔයාව සෙට් කරලා දෙන්න කියලා
මම ඔයාට ඒ ගැන කිව්වද..
නෑ නේ…
මේක අශේන්ගෙ අම්මයි තාත්තයි කිව්වෙ ඔයාගෙ අම්මා තාත්තාට කියන්න කියලා
ඉතිං මගේ යුතුකම ඒක කියන එක..
නැන්දම්මායි මාමණ්ඩියයි නම් ලේලි කරගන්නකල් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ
වෙඩින් එක දවසෙ දැක්කානෙ ඔයාව..
නේද නිකී…

ඔවි බට්ටි..
අශේන්ගෙ අම්මායි තාත්තයි හරි හොඳයි..
තමුසෙ ටිකක් හිතලා බලනවාකෝ..

අනේ මේ මොනවා හිතන්නද
කොච්චර හිතුවත් ඔච්චර තමා…
අශේන් අයියට හොඳ නිමිච්ච දඟ නැති කෙල්ලෙක් සෙට්කරලා දෙනවාලා..

**********
ලොක්කිලා ගියාට පස්සෙ..
කාමරේට යන්න ආපු බට්ටිට…

තවත් සිහිනයකින් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *