මිහිදුම් සිහින….. 47

47 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

කාමරේට යන්න ආපු බට්ටිට තිළිණ කතා කළා…

බට්ටි…
නංගි ටිකකට එන්න…
සාලෙ තනිව ඉඳගෙන හිටපු තිළිණ ගොඩක් සන්සුන්ව කතා කළේ…

ම්ම්ම් …
මොකද අද අපේ හිට්ලර් අයියා
Cool වෙලා..🤔
හිතුවා මිසක් බට්ටි ඒක කියන්න ගියෙ නෑ..
තිළිණ එක්ක කවුරුත් විහිළු නෑ…
බට්ටි මොකුත්ම නොකියා ගිහින් අයියා ළඟ පුටුවකින් වාඩි වුණා….

මොකද නිකං….
මම යකෙක්ද හලෝ ඔච්චර බය වෙන්නෙ
තමුසෙ වෙන කා ළඟදිවත් ඔහොම ඉන්නෙ නෑනෙ…
තිළිණ කිව්වා…

නෑ නෑ..
මේ බයට නෙමේ..
ගෞරවේට…
හී…😁😁😁
දත්ටික සේරම එළියට දාලා
විරිත්තගෙන වගේ
බට්ටි ඒක කිව්ව විදියට තිළිණටත් හිනා…

😃හරි හරි..
මේ මම කතා කළේ…
අශේන් ගැන ඇයි හිතන්න බැරි කියලා අහන්න…
මම හෙව්වා කොල්ලා ගැන….
කියන්න වරදක් නෑ…
කලින් ගෑණු ළමයෙක් එක්ක හුටපයක්.තිබිලා තියෙනවා..
ඒ කෙල්ල වෙන කාවද බැඳලා දැන් සෑහෙන කාලෙකට කලින්..
ඉන් පස්සෙ කොල්ලා පාඩුවෙ ඉඳලා..
අශේන් විතරයි පවුලෙ …
අම්මා තාත්තත් ගොඩක් හොඳයි…
කාර් බාර් නැති වුණාට තමුසෙට හොඳට ඉන්න බැරි කමක් නෑ…
හොඳ ජොබ් එකක් තියෙනවා..
ඉන්න ගේ තියෙනවා..
පොඩ්ඩක් හිතලා බලනවා..
බල කරනවා නෙමේ..
මම හොයලා බැලුවම දැනගත්ත දේවල් කිව්වෙ….
තමුසෙට පණ වගේ ආදරෙන් බලාගනියි කියලා නම් ශුවර්…
හ්ම්ම් ..හ්ම්ම් ..
ගිහන් නිදාගන්නවා…
ඉබ්බි වගේ කට තද කරගෙන ..
පණුගාය වගේ ඇඹරි ඇඹරි අමාරුවෙන් මෙතනට වෙලා ඉන්නෙ නැතුව…
කියලා නැගිටපු තිළිණ බට්ටිගෙ ඔළුවටත් පොඩි තට්ටුවක් දාගෙනම කාමරේට යන්න ගියා..

බට්ටිත් එසැනින් නැගිටලා කාමරේට දිව්වා….
තිළිණ කිව්ව වචන හරියට
‘කළේ අනිත් පැත්ත හරවලා වතුර දැම්මා’ වගේ තමා…
බට්ටි එක කනකින් අහලා අනිත් කනෙන් පිට කළා…
තිළිණටත් නොතේරුණා නෙමෙයි බට්ටි කණකට ගන්නෙ නෑ කියලා..
ඒත් ඉතිං අයියා විදියට යුතුකම ඉටු කළා…
කොහොමත් බට්ටිගෙ විදියත් එක්ක,
තේජාන්ගෙ ප්‍රශ්නේන පස්සෙ තිළිණ ටිකක් සැර වැර කරන්න යන්නෙ අඩුවෙන්..
බට්ටිගෙ හිතේ තියෙන දේ ලොක්කිටයි පොඩ්ඩිටයි වත් හිතා ගන්න බෑ…
ඒ නිසා බට්ටි ⁣මොන වගේ දෙයක් කරයිද කියලා ටිකක් බයෙන් තමා කවුරුත් හිටියෙ…
බට්ටි අඬලා දොඩලා සැනසුනා නම්, කට්ටියටම හිත හදාගෙන ඉන්න තිබ්බා,නමුත් බට්ටි කිසිවක් සිදුනොවූ ආකාරයට හැසිරෙන නිසා තමා ගැටළුව…
මොකද කවුරු වුණත් හිතට දැනෙනෙ දුක, තරහව, පීඩනය පිට කරන්න කඳුළු,කෑ-කෝ ගැසීම්, රණ්ඩු වගේ මොකක්ම හරි විදියක් පාවිච්චි කරනවා…
ඒත් බට්ටි ඇඬුවෙත් නෑ..

කාමරේට ගිය බට්ටි ඇඳට පැනලා
හෑන්ඩ්ස් ෆ්‍රී එකත් කනේ ගහගෙන
රේඩියෝ චැනල් එකක් අහන්න ගත්තා…

“”දැන් අපි අහන්න ලෑස්ති වෙන්නේ..
කළුබෝවිල නිම්සරා අපෙන් ඉලලපු නිරෝෂා විරාජිනී මහත්මියගේ ලස්සනම ලස්සන සිංදුවක්..
ඔව් ..
නිම්සරා අපිට ලස්සන පද පේළියක් ⁣එවලා තියෙනවා…
මම ඒකත් ඔයාලට ඇහෙන්න කියවන්නම්.
“”සඳ ඔබ දුරයි මට..
බලා සැනසෙනු මිසක
ළං වෙන්න වරම් නැත…
නමුදු හිමිකර ගැනීමට…
ලොබ නොවෙමි සඳවත…
පෙම් කරමි සදහටම මම
මිහිතලය මතම හිඳ….””
ලස්සනයි නේද….??
එහෙනම් නිම්සරා…
මේ ඔයාගේ ඉල්ලීම..

දුන්නු වේදනා මේ නෙතින් උදුරලා
මතක රැස් වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා
කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා
ලස්සනම සිහිනෙකි ඔයා

මේ සීත වස්සානේ පාළුව දවන්නේ
තනිකමයි හදවත සරන්නේ
මේ අන්ධ හිත් මානේ මතකය තැවෙන්නේ
සෝ සංකා හිරිහැර කරන්නේ
කෙටි කාලයකින්…………….

සඳ නේන රෑ යාමේ සසලව හිඳින්නේ
කළුවරයි දසතින් හමන්නේ
වැටෙන හුස්මක් ගානේ ඔබවමයි සිහිවන්නේ
ඔබ කොහේදෝ හිඳින්නේ
කෙටි කාලයකින්…………….

බට්ටිට මෙච්චර කාලයක් හිර කරගෙන හිටපු කඳුළු නවත්තගන්න බැරි වුණා…
පොඩ්ඩි නිදාගෙන හිටපු නිසා..
හිතේ හැට්යට අඬලා අඬලා…
කුස්සියට ගිහින් මුණත් හෝදගෙන ඇවිත් පාඩම් කරන්න පටන්ගත්තේ නින්ද ඒ ඇස් අත ඇරලා ගිය නිසා…
පාන්දර 4.30 විතර වෙනකල්ම එක දිගට පාඩම් කරපු බට්ටි අම්මා නැගිටලා උයන්න ආවම තමා නිදාගන්න ගියේ…

අම්මා…
7ට ඇහැරවන්න මාව…

අනේ බට්ටියෙ දැන් නිදාගෙන ආයෙ නැග්ටින්න…
උඹ ලෙඩ වෙයි මගෙ පුතේ….

නෑ නෑ..
ඇහැරවන්න හරිද..
කියමින්ම කාම⁣රේට ගියා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

බට්ටි වෙනදට වඩා මහන්සි වෙලා උනන්දුවෙන් පාඩම් කළා…
කරපු හෙද පාඨමාලාවේ විභාගයට…
ඒ වගේම ගෙදරදි සාමාන්‍ය විදියටම හිටියා
තිබුණ එකම වෙනස පොඩ්ඩි එක්ක මහ රෑවෙනකල් කියවන එක නැති වුණා…
පාඩම් කරා පුළුවන් හැම තත්පරේම…
විභාගෙ පාස් වුණේ හොඳම ළකුණු 10 දෙනා අතරටත් එමින්…
බට්ටිට ට්‍රේනිං වැටුණෙ රාගම hospital එකේ….
ඒකටත් හරිම ආශාවෙන් තමා ගියේ..
ඉස්සර වගේ ඕනාවට එපාවට නෙමේ..
මේ විදියට තවත් මාස 3ක් විතර ගෙවුණා…
අනුහස්ට තරිණි කැමැති කිව්වෙ නැතත් දැන දෙන්නට දෙන්නා නැතුව බෑ…
බට්ටි, පොඩ්ඩි එක්ක රෑ තිස්සෙ කතා කරන එක නැවතිලා පාඩම් කරද්දි
පොඩ්ඩි අනුහස් එක්ක කතා කරන්න කරන්න පටන් ගත්තා ….
අනුහස් වුණත් දැන් ගෙදර තේජාන් නැතුව තනියම නිසා දෙන්නාගෙන් කෙනෙක්ට ෆෝන් එක කනේ තියාගෙනම නින්ද යනකල් කෝල් එකේ ඉන්න දෙන්නා පුරුදු වුණා…

විවාහ වෙලා මාස 10කට ආසන්න නිසා ලොක්කිත් පොඩ්ඩිත් දරුවෙක් ගැන සිහින මවන්න පටන් ගත්තා…

තිළිණටත් ගෑණු ළමයෙක් ගැන හිතක් පහළ වෙලා තිබුණා….
තිළිණ වැඩ කරන ආයතනයේම marketing එකට ආව අළුත් ගෑණු ළමයෙක් තමයි නිමේෂි….
නිමේෂිගෙන් කැමැත්ක අහලා කෙලින්ම නිමේෂිගෙ ගෙදරට අම්මලාත් එක්කම ගිහින් යොජනාව ඉදිරිපත් කරපු එක තමා තිළිණ කලේ….
නිමේෂි හරිම ගුණ යහපත් අහිංසක ගෑණු ළමයෙක් අයියා කෙනෙක් විතරයි ඉන්නෙ..

අශේන් බට්ටි ගැන තබුණ බලා පොරොත්තු අත් හැර ගත්තේ නිසල් මෙන්ම තිළිණත් මුණ ගැහුන වෙලාවක,
බට්ටිගේ හිතේ කැමැත්තක් ඇති වෙන්නෙ නෑ කියලා තේරුම් කරපු නිසා…
තව මාස තුනකින් කසාද බඳින්න යන්නේ අශේන්ගෙ අම්මලා කතා කරපු නුවර පැත්තෙ ඉස්කෝලෙක ගුරුතුමියක්ව…

බට්ටි රාගම ආවෙ ගියේ…
වේයන්ගොඩට බස් එකේ ගිහින් එතනින් කෝච්චියේ යනවා….
ඒ යනකොටත්, ඉස්පිරිතාලෙ ඉද්දිත් බට්ටිට විවාහ යෝජනා…
ප්‍රේම ආරාධනා කොපමණ ලැබුණත් බට්ටිට ඒ කිසිම දෙයක් වැදගත් වුණේ නෑ..
හිත නොරිදෙන්න ඒ යෝජනා ප්‍රතික්ෂේප කළා..

තේජාන් අනුහස්ලගෙ ගෙදරට කතා කරන එකත් කාලයත් එක්ක අඩු වෙලා ගියා…
මාසෙකට සැරයක් විතර තනූජාටත් රණසිංහටත් කතා කරන තේජාන් අනුහස්ට කතා නොකරන තරම්….
අනුහස් ඒ බව තේරුණාම කිහිප වතාවක්
තේජාන්ට ගත්තාත් තේජාන්ව සම්බන්ධ කරගන්න බැරිවුණා…
ඒ නිසා අනුහස් වුණත් ආයෙ කරදර කරන්න ගියේ නෑ…
තනූජාගෙන් තේජාන් ගැන විස්තර අහගත්තා..

මාස 6ක ට්‍රෙනිං කාලෙත් ඉවර වෙලා බට්ටිට පළවෙනි පත්වීම ලැබුණෙ නුවර hospital එකට….
ගෙදරින් වැඩි කැමැත්තක් තිබුනෙ නෑ….
නමුත් බට්ටි එක හෙලාම ඒකට කැමැත්ත ඉල්ලා සිටියා..
ලොක්කිටයි පොඩ්ඩිටයිත් කියලා කොහෙමෙ හරි අවසානයේදි හැමෝගෙන්ම කැමැත්ත ගන්න බට්ටිට පුළුවන් වුණා….

තවත් සිහිනයකින් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *