මිහිදුම් සිහින….. 49

49 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

විවාහයට දින නියම කරගත් පසු පොඩ්ඩි රැකියාවෙන් ඉවත් වුණේ අනුහස්ගෙ ඉල්ලීමට…
ඒ වෙද්දි තරිඳුගේ කට කතා ඇත්තක් වෙලා තිබුණා..
හැබැයි අනුහස් එක්ක තියෙන්නෙ නරක සම්බන්ධයක් නෙමේ…
විවාහ වෙන්න සූදානම කියලත් හැමෝම දැනගත්තා…
යශූ මුල් දවස් වල ටිකක් තරිණිට ඊරිසියා කළත්..
පස්සෙ ආයෙම සුපුරුදු යාළුකම
ඇති වුණා..

ටිකෙන් ටික අනුහස්ගෙත් තරිණිගෙත් විවාහය ළං වුණා…
තේජාන්ගෙ වගේම ගොඩාක් ඉහළින් විවාහය පවත්වන්න සේරම ලෑස්තියි….
පළවෙනි දවසෙ හොඳ තැනක
වෙඩින් එක ගන්න අනුහස් ලෑස්ති කරලා තිබ්බෙ බට්ටිගෙ ගෙදර අයගෙ මැදිහත් වීමකින් තොරවයි…
මොකද සූරියආරච්චි කන්ස්ට්‍රක්ෂන් කියන්නෙ ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරයක්…
ඒකෙ අධිපතිගෙ දෙවනි පුතා අනුහස් …

ඒ නිසා අනුහස් පළවෙනි දවසෙ වෙඩින් එක ගලධාරි හෝටලයේ සූදානම් කරලා තබුණේ දෙවනි දවස අනුහස්ලගෙ ගෙදර ගන්න හිතාගෙන…..

බට්ටිත් කොච්චර වුණත් ගෑණු ළමයෙක්..
කලින් ආශාවක් නොතිබුණත්
තේජාන්ගෙ ආදරේ නිසා
වෙඩින් එක ගන්න විදිය…..
කොහෙද, කොහොමද ඒවා කරන්නෙ
වගේ නොයෙකුත් හීන මැවුවා….
ඒ කාලෙ ලොක්කිගෙ වෙඩින් එක නිසා දෙන්නා එක්ක ඒ වගේ දෙවල් කතා වුණා
වෙඩින් planer කෙනෙක්ට දීලා ඉහළම විදියෙ වෙඩින් එකක් ගන්න තමා බට්ටි හිතුවෙ….
තමන්ට සල්ලි නැතත්
තේජාන් වුණත් කිව්වේ බට්ටි ආස විදියට සේරම කරලා දෙන්නම් කියලා….

පොඩ්ඩිගෙ වෙඩින් එකට වෙන සූදානම දකිද්දි බට්ටිගෙ හිත කොණකින් ඇතිවෙන සියුම් රිදීමක් නැතිවම නෙමේ..
ඒක සියුම් ඉරිසියාවක් වගේ දෙයක්….
තේජාන්ව කවදාවත් ලැබෙන්නෙ නෑ…
ඒත් පොඩ්ඩි තේජාන්ගෙ මල්ලිව බැඳලා බට්ටි යන්න හිටපු ගෙදරට යනවා….
කොච්චර සහොදරකම් තිබ්බත්….
බට්ටිට කවදාවත් නොලැබෙන දේ පොඩ්ඩිට ලැබෙද්දි …..
ඒ ගෑණු හිතටත් ඉරිසියාව ආවෙ නොදැණුවත්වමයි….
ඒ නිසයි බට්ටි පුළුවන් වුණ වෙලාවට වත් පොඩ්ඩිගෙ උදව්වට ආවෙ නැත්තේ…

පණ වගේ එකට බැඳිලා හිටපු ඒ අක්කා නගෝලා තුන්දෙනාව යන්තමින් හෝ විරසක කරන්නත් තේජාන්ගෙ කොන්ද පණ නැති ඒ ක්‍රියාව බලපෑවා…
පොඩ්ඩිත් ලොක්කිත් පෙර වගේම හිටියත් බට්ටි දැන් ඒ දෙන්නා එක්කම කලින් තිබ්බ හිතවත් කම නෑ….
හැබැයි බට්ටි ⁣රෝහලේදි කාරුණික හෙදියක්ම වුණා…
හැමොටම පුළුවන් විදියෙන් උදව් කරමින් පාළු හිතේ තනිය මකා ගත්තා….

ඒ අතර බට්ටිට ගෙදර ආව දවසක
පොඩ්ඩි හිටයෙ නෑ….
අනුහස් එක්ක වෙඩින් එකේ වැඩකට ගිහින්…
තිළිණත් හිටියෙ නෑ..
අම්මයි තාත්තයි විතරයි…

බට්ටි..
පුතේ තාත්තාට ටිකක් කතා කරන්න ඕනලු..

හරි අම්මේ යමු..
බට්ටි කියවමින් හිටපු පොත පැත්තකින් තියලා නැගිට්ටා..
ඉස්සර බට්ටි පොත් කියෙව්වෙ නෑ..
නුවර ගියාට පස්සෙ හොස්ටල් එකෙ තනියම ඉද්දි තමා පොත් කියවන්න හුරු වුණේ…..
දැන් අහුවෙන ඕන එකක් කියවනවා…
පාළුව තනිකම මගහැරගන්න…

ඇයි තාත්තා…

බට්ටි..
මෙහෙන් ඉඳගන්නකෝ…
කාරණාවක් අහන්න…

කියන්න …
බට්ටිත් එක්කම අම්මත් සාලෙ සැටි පුටුවකින් ඉඳගත්තා…

බට්ටිට අනුහස් පුතාගෙ අයියා එක්ක පොඩි සම්බන්ධයක් තිබිලා මග ඇරුණා කියලා මට අම්මා කිව්වා…
තාමත් බට්ටි ඒ ගැන හිතනවද…
තාත්තා සෘජුවම බට්ටි දිහා බලාගෙන ඒ ප්‍රශ්නෙ ඇහුවෙ…
ටිකක් බර ස්වරයෙන්…

ආ..
නෑ තාත්තා..
මම ඒවා අමතක කළා…
බට්ටිත් ඉක්මනින් කියාගත්තේ තාත්තාගෙ හැටි දන්න නිසාමයි…
තාත්තා එහෙම හැම වෙලේම කතා කරන්නෙත් නෑ….
කතා කරත් ඒ පොඩි දේකට වෙන්නත් බෑ..
ඒ නිසා බට්ටි කාමරේ ඉඳන් අම්මා පස්සෙන් එද්දි අහන ඕනම දේකට මූණ දෙන්න ලෑස්ති වෙලයි ආවෙ…

හා…
හොඳයි එහෙනම්
ලොකු කෙල්ලො දෙන්නා වගේම වෙන මොකක් හරි මංගල්ලයක් ලෑස්ති කරගෙන ඉන්නවද මේ වෙද්දි…??
ඒකත් කෙලින්ම කඩුල්ලටම එල්ල කරපු බෝලයක්….

ම්ම්ම්….
නෑ තාත්තා…
මේ රස්සාවට මම දැන් හරිම ආදරෙයි…
ඒ නිසා ටික කාලයක් රස්සාව වෙනුවෙන්ම කැපවෙන්න හිතුවා…
මොකද රෑ වැඩත් තියෙනවා..
Shift එකට වැඩ වැටෙනවා….
ඒ නිසා දැන්ම ඒ ගැන හිතුවොත් මට රස්සාව හරියට කරගන්න බැරිවෙයි කියලා හිතුණා….
බට්ටි ඒ බෝලෙටත් හොඳ ප්‍රහාරයක් එල්ල කළා….

හ්ම්ම් ඒකත් හරි….
ඒ වුණත් ..
දූගෙ රස්සාව ප්‍රශ්නයක් කර නොගන්න…
දැන්ම බඳින්න අදහසකුත් නැති කෙනෙක්ව යෝජනා කරලා තිබ්බොත් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද….

තාත්තගෙ ඒ බෝලයට නම් බට්ටි දැවී යන්න ඔන්න මෙන්න වගේ ආවා…

දැන් තාත්තා මොකක් ද එකෙන් අදහස් කළේ….
මට තේරුණේ නෑ….

හරි මෙහෙම කියමුකො…
මගෙ යාළුවෙක්ගෙ පුතෙක් ඉන්නවා..
ඩොක්ට කෙනෙක්..
එ් දරුවා කැමතිලු නර්ස් කෙනෙක්ට…
මොකද ඩොක්ට කෙනෙක්ගෙ රැකියාවේ බරපතලකම තේරුම්ගන්න නර්ස් කෙනෙක්ට වඩා පුළුවන් කෙනෙක් තව නෑලු…
ඒ දරුවත් තාම වැඩ බාරගත්තා විතරයි අවුරුදු 25යි….
ඉතිං අපි කැමති බට්ටිව ඒ දරුවට කතා බහ කරලා තියන්න…

බට්ටි ඒ පාර නම් දැවී ගියා….
කියන්න දෙයක් කටට ආවෙම නෑ…
කලින් කිව්ව සේරම නිදහසට කරුණු ටික තාත්තාගෙ කරුණු ඉස්සරහා යට වුණා…

අනේ..
තාත්තා..
මම කැමතියි අක්කලා වගේම මට කැමති කෙනෙක්ව හොයාගෙන බඳින්න..
අන්තිම තුරුම්පුව..
ගහලා බැලුවා…

හරි ඉතිං දරුවෝ..
බඳින්නම කියන්නෙ නෑ…
පොඩ්ඩිගෙ wedding එකට මම එන්න කියලා තියෙන්නේ..
ඔයා දන්නෙ නැතුවට ඔයාව ඒ දරුවා දැකලා තියෙනවා…
ඒ පවුලම බට්ටිට කැමතියි…
යමක් කමක් තියෙන පවුලක්…
කතා බහ කරලා බලන්නකො ටිකක් එදාට
අකමැති නම් බල කරන්නෙ නෑ….
හා දැන් කර කර හිටපු වැඩක් කරගන්නකො…

බට්ටි හිතුවා..
ඒ කෙනා කවුරු වුණත් හම්බුණාම එපා වෙන විදියට හැසිරෙනවා කියලා…

********************

පොඩ්ඩිගෙ වෙඩින් එක හෙට…..
බට්ටිලාගෙ ගෙදර එක කලබලයයි…
ලොක්කිගෙ වෙඩින් එකේදි යාළු මනමාලියො වුණේ බට්ටියි පොඩ්ඩියි නිසා වෙන කවුරුත් ගෙදර හිටියෙ නෑනේ..
ඒත් පොඩ්ඩිගෙ යාළුවො 6ක්, පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා..
නැන්දලා,මාමලා, බාප්පලා,පුංචිලා සේරවන්ගෙම ළමයි….
යශුත් ඇවිත් හිටියා එක යාළුවෙකුට..
සේරවන්වම පාන්දරම සැලෝන් එකට අරන් යන්න වාහනේකුත් අනුහස් ලෑස්ති කරලා තිබ්බා…….
මොකද ඒ කතා කරලා තිබ්බ රූපලාවණ්‍ය ශල්පියා AC එකේම අන්දන්න ඕන කිව්වා..
අනික saloon එකේ අන්දන එක තමා ලේසි කියලා එහෙට එන්න කිව්වා..
මනමාලිගෙ අම්මාවත් එයාම තමා dress ,කරන්නෙ…
ඉතිං ගෙදර වැඩ සේරම බට්ටිටයි ලොක්කිටයි පැවරුණා….
අම්මත් පොඩ්ඩි එක්කම පාන්දර යන නිසා

අවිත් හිටපු නෑදෑයො සේරම එක්ක තිළිණ කතා කරපු AC බස් එකේ තමා හොටලේට යන්න ලෑස්ති වුණේ…

බට්ටි කහා පාට ලෙහෙඟා එකක් තමා ඇන්දේ..
විච්චුරණ නැතුව චාම්ව ලෑස්ති වෙලා හිටපු බට්ටිව දැකලා ලොක්කිට එක පාරම හිතාගන්න බැරි වුණා…

ඒයි බට්ටි…
තමුසෙ අද මාරම ලස්සනයි හලෝ…
හින්දි නිළියක් වගේ….
අර තාත්තා කිව්ව දොස්තරයා අදම උස්සගෙන යයිද දන්නෙ නෑ….

අනේ මේ යනවා මාව මුරුංගා අත්තෙ නොතියා….
තමුසෙත් අද පට්ට…
බැඳලා කියලා කියන්නත් බෑ..
තද රතු පැහැති සාරියකින් සැරසිලා හිටපු ලොක්කිත් ඇත්තටම ලස්සනයි…

ඒක තමා චූටි බට්ටි..
මමත් මේ කිව්වේ…
අද නම් ළඟින් හෙලවෙන්නෙ නෑ කියලා
කියමින් නිසල් ආවෙ කෝට් එකේ අත හද හද…

අම්මච්චියා…
නිසල් අයියා..
ඒ..
සුපිරි හලෝ…
දෙන්නා මෙයාලාගෙ වෙඩිමට වගේනෙ මැච් කරලා ඇඳුම් මහලා තියෙන්නේ…
මොනවා වුණත් සුපිරි හලෝ….
එල එල…

එහෙම තමා ඉතිං…
නේද නිකී..
කියමින් ලොක්කිගෙ කරට අත දාලා තුරුල් කරගත්තා…..

හා හා…
ඇති මේ අලි සුරතල්..
කට්ටියවත් එක්කන් එළියට බහිමු..
නැත්නම් අපිට කන වෙලාවට තමා එහෙට යන්න වෙන්නේ…

තිළිණ මේ වෙද්දි පොඩි ඇල්ටො කාර් එකක් අරන් තිබ්බා…
ඒකෙන් ගියේ නිමේෂිවයි ඒ පවුලෙ අයයි අරන් එන්න….
ඒ නිසා නිසල් තමා අනිත් හිටපු අයත් එක්කගෙන බස් එකෙන් පිටත් වුණේ….

************

අනුහස්, තරිණි ඇතුළු පිරිස ෆොටෝ ගන්න තෝරගෙන තිබ්බේ නිදහස් චතුරස්‍රය අවටයි…

තරිණි…
අැයි අක්කයි නංගියි නිකන වත් ආවෙ නැත්තෙ ෆොටෝ ගන්න එද්දි…
අනුහස් ෆොටෝ ෂූට් එක අතරතුර කතා කළා..

ම්ම්ම්
එහෙම විශේෂ හේතුවක් නෑ..
හැබැයි ගෙදර ගොඩක් අය හිටියා…
මේ කට්ටියගෙ අම්මලා තාත්තලා…
අම්මත් මා එක්කම ආව නිසා ගෙදර බලන්න කෙනෙක් නෑනෙ ඒකයි…

හ්ම්ම් …
බට්ටි මා එක්කත් වැඩිය කතාවක් නෑනෙ දැන්…
ඒ ප්‍රශ්නෙ ඇති වුණ කාලෙත් මීට වඩා හොදට හිටියා විහිළු කරලා…

එහෙම නෑ
අනුහස්..
නංගි ජොබ් එකත් එක්ක ටිකක් අර දඟ ගතිය අඩු වෙලා දැන්..
ඉස්සර තරම්ම විසේ නෑ..
ඒ නිසා වෙන්න ඇති…
නර්ස් කෙනෙක් වෙලා දාංගලෙ තිබිලා බෑනෙ…
ඒක නෙමේ තේජාන් අයියා එහෙම අද එනවා කියලා කිව්වෙ නෑනේ…
මම ඒක අහන්න හිටියෙ කලින් මිස් වුණා

ආ..
නෑ නෑ..
අම්මි කියලා තිබ්බා අයියට..
දවස ගැන..
හැබැයි එන්න එපා කියලත් කියලා….
අයියත් කියලා එන්නෙ නෑ
අපි දෙන්නට එහෙ විසිට් එකකට එන්න කියලා…
Honeymoon tour එකක්😋😉

හා හා..
එක පස්සෙ..
මේ ෆොටෝ ටික අරන් ඉක්මනට හොටේල් එකට යං අනේ..
දැන් නම් මහන්සියි ..

*****************

බට්ටි ඇතුළු ගෙදර හිටපු පිරිස හෝටලය කිට්ටුවට ඇවිත් බස් එක නවත්තගෙන හිටියේ තාමත් පොඩ්ඩිලා මග එන ගමන් නිසා…

පොඩ්ඩිලත් ආවම මනාල යුවළ එක්කම ඇතුළට ගිය බට්ටිට දුක හිතුණා ගොඩාක්

හෝල් එක සරසලා තිබ්බ විදිය හරිම ලස්සනයි…
පොඩ්ඩිගෙ theme එක cristal….
මුළු ශාලාවම දිලිසෙනවා වගේ…
බට්ටිගෙ හිතේ මැවිලා තිබ්බෙත්
මේ වගේ…..
ඒකයි දුක හිතුණේ…
ඒත් ඉක්මනින් වෙනසක් නොපෙනෙන් මූණ හදාගෙන තිළිණ, නිමේෂි, ලොක්කි,නිසල් හිටපු තැනට ගියා..
පෝරුවෙ චාරිත්‍ර පටන්ගත්තා…

ඒ අතරතුර වට පිට බලමින් හිටපු බට්ටි දැක්කේ….

තවත් සිහිනයකින් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *