මිහිදුම් සිහින…..53

53 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

නිසල්ගෙ හිනාව එකපාරම නැවතිලා එක එල්ලේ කොහෙද බලාගෙන ඉන්නෙ කියලා බලපු තිළිණගෙ ඇස් ගැස්සුණා…
ඒත් එක්කම බට්ටිත් බැලුවා අයියලා දෙන්නම කොහෙද බලන්නෙ කියලා…
බට්ටිට නොදැනුවත්වම එහා පැත්තෙන් හිටපු අස්විදගෙ අත ඇල්ලුණා….

එකපාරම තම අතට දැණුන ස්පර්ශයට අස්විද, බට්ටි දිහා බලද්දි..
ඒ ඇස් කඳුළු පිරිලා දිලිසෙනවා දැකපු අස්විද තම අත උඩ තිබ්බ බට්ටිගෙ අත අනිත් අතිනුත් තදකරලා අල්ලගෙන බට්ටිගෙ දෑස් යොමු වුණ දිහාවට හැරෙව්වා….

තද රතු ඇඟටම හිර වුණ දිග ගවුමකින් සැරසුණ ලස්සනයි කිව හැකි කාන්තාවක් අතේ පටලාගත් උස කඩවසම් පිරිමියෙක්, වටේ හිටපු හැමෝටම හිනා වෙමින්ම මනාල යුවළ ඉන්න පැත්තට ඇවිද යමින් හිටියා…
අස්විදට ඒ කවුදැයි තේරුම්ගන්න බට්ටිගෙ අතෙන් දැනෙන වෙව්ලීම හොඳටම ප්‍රමාණවත් වුණා….

තේජාන් විෂ්මිත් එක්ක අනුහස්ගේ homecoming party එකට ආවේ කාගෙවත් අනුදැනුමකින් තොරව…

අ…අ..යි..යා….
අනුහස්ට තේජාන්ව දැකපු ගමන් වචනත් පැටළුණා..
පොඩ්ඩිට හුස්ම ගන්නත් අමතක වෙලා වගේ…

Surprise …..😉❤️
කියමින් විෂ්මි අනුහස්වත් දෙවනුව පොඩ්ඩිවත් hug කළා…
තේජාන් හිනාවෙවී බලන් හිටියා…

මල්ලි උඹත් එහෙනම් අමාරුවෙ වැටුණා නේද…
මොකද දෙන්න බය වෙලා…
දැන් ඇති ඉතිං surprise වුණා..
නේද විෂ්…
විෂ්මිගෙ කර වටා අත දමා ළං කරගමින් තේජාන් ඇහුවේ…

ඒකනෙ අනේ..
තේජ් කොහොමද මගෙ idea එක…
දෙන්නා full surprise නේ….
තේජාන්ගෙ පපුවටත් පොඩි පහරක් ගසමින් විෂ්මි ඇහුවේ ඇහැකුත් ගහලා..

ඔව් ඔව් මේ තනිකරම විෂ් අක්කිගෙ idea එකක්…
ඉතිං..
මොකද බං මල්ලි උඹ හොල්මං දැකලා වගේ ඉන්නෙ…

ආ..මේ.. න්..නෑ..
ඉතිං ඇත්තටම full හොල්මං නේද තරිණි…
අපි හිතුවෙම නෑනෙ..

ම්.මේ..
ඔව්….

එතකොටම හදිස්සියෙන් වගේ තනූජාත් රණසිංහත් එතනට ආවා….
ලොකු පුතා…
කියන්නැතුවම ඇවිත්…
දුව සනීපෙන්ද…
තේජාන්වත් විෂ්මිවත් වැළඳගනිමින්ම තනූජා කතා.කළා….
ඒ ත් අම්මා කෙනෙක්..
මොන වැරැද්ද කළත් අම්මෙක්ට දරුවෙක්ව දැක්කම වෙන මොකුත් මතක් වෙන්නෙ නෑ….
තේජාන්ව රටින් පිට කරලා හිටියට තනූජා හිතින් දුක් වුණේ නැතුව නෙමේ..
මොනවා වුණත් කුළුඳුලේ තමන්ව අම්මා කෙනෙක් කරපු දරුවා තේජාන්…
ඒත් දෙවනි පුතාගෙ ආදරේ වෙනුවෙන් දැඩි තීරණයක් ගන්න වුණා….
රණසිංහ නම් ටිකක් උපේක්ෂාවෙන් තේජාන් දිහා බලන් හිටියෙ….
ලොකු පුතා..
එන්නකො ටිකක් කියලා රණසිංහ, විෂ්මි තනූජා සමගම රැඳෙනකොට
තේජාන්ව එක්කගෙන මිදුලෙ ටිකක් එහායින් තිබ්බ ගහක් ළඟට ගියා…

ලොකු පුතා…
ඔයා ආව එකට අපිට දුකක් වත් තරහක් වත් නෑ..
ඒත් පුතා..
අද එන්න කලින් දෙපාරක් හිතන්න තිබ්බා…
අපි තරිණි දුවගෙ අම්මලාට බොරු කරලා දුවව ගත්තා වගේ වැඩක් දැන්වුණේ.
අපෙන් තරිණිගෙ අයියා ආයෙ ආයෙ ඇහුවා ඔයා එනවද කියලා
අපි කිව්වා නෑ කියලා…
ඒත් දැන් ඒ හැමෝමගෙම ඇස් ඉදිරියට ඔයා ඇවිත්…
අපි මොනවද කියන්නෙ..

අප්පච්චි ..
මට නෙමේ..
විෂ්මිට එන්න ඕන වුණේ..
මම මොනවා කියලා බෑ කියන්නද..
එදත් නවත්තගත්තෙ බොරු දාහක් කියලා
අනික අප්පච්චි ඒක දැන් වෙලා අවුරුදු 2ක් විතර..
මොකක්ද මේ විකාරෙ..
ඔයිට වඩා කොල්ලො කෙල්ලො යාළු වෙලා බඳින්න ඔන්න මෙන්න තරහා වෙන්නෙ..
මේ සති දෙක තුනක පොඩි සම්බන්ධයක් අල්ලගෙන මට මගේ මිනිස්සු එක්ක ඉන්නත් නෑ…
උද්දච්ච තෙජනේගෙ හඬ රණසිංහට උඩින් ගියා…

පුතා…
වැරදි කරලා නිවැරදි වෙන්න හදන්නෙපා…
ප්‍රශ්නෙ තියෙන්නෙ
ඔයා රවට්ටපු ළමයාගෙ අක්කාට ඔයාගෙ මල්ලි කසාද බඳින්න කැමති වෙච්ච නිසයි…
අර පොඩි දරුවා සෑහෙන්න විඳවලා තියෙනවා….
ඔයා නිසා…
සතියද දෙකද කියලා අදාළ නෑ ආදරේට…
මුලින්ම ඒක තේරුම් ගන්න …

හරි හරි..
දැන් අප්පච්චි කියන්නෙ මට ආපහු යන්න කියලද
තරහින් තමා ඒ පාර නම් තේජාන් කතා කලේ..

දැන් ඉතිං ඒ මිනිස්සු දකින්න ඇති..
මෙතනදි වත් හරියට හැසිරෙන්න..
ටිකක් ඒ මිනිස්සු මග ඇරලා ඉන්න..
මමයි අම්මයි මොකක් හරි කරන්න
බලන්නම්..
කියලා රණසිංහ ගියා..

එතනම හිටගෙන වට පිට බලපු තේජාන් දැක්කෙ බට්ටි කොල්ලෙක්ගෙ උරහිසට ඔළුව තියාගෙන ඉන්නවා..
ඒ කොල්ලා බට්ටිගෙ ඔළුව අතගානවා…
තේජාන්ගෙ හදවතට අකුණක් ගැහුවා වගෙ දැණුනෙ
අත මිට මෙලවුණේ නොදැනුවත්වම….
එතනම තිබ්බ ගහට පාරක් ගහලා ආයෙම ගේ පැත්තට ගියේ විෂ්මිව හොයාගෙන….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

මිතූ…
අපි යමු අර එහායින් තියෙන මේසෙට…
අස්විද කතා කළේ ඔවුන් හිටියෙ මනාල යුවළත් හොඳින් ⁣පේන්න ගේ අයිනටම වගේ වෙන්න තිබුණ මේසෙක…
එතන ඕනම කෙනෙක්ට හොඳින් පේනවා…
බට්ටිට දැන් ඇඬුණොත් වටේ ඉන්න අයට නාට්‍යයක් වගේ වෙනවා
අනික තිළිණත් ඉන්නෙ තරහින් කියලා තිළිණගෙ මූණෙ මස්පිඩු වෙව්ලන විදියෙන්ම කියන්න පුළුවන්
ඒ සේරම හිතලයි අස්විද ටිකක් එළිය අඩු පැත්තකට යමු කිව්වෙ…

මොකුත් නොකියම බට්ටි නැගිට්ටා..
ඒත් එක්කම ලොක්කිත් නැගිට්ටා..
ඒත් නිසල් ලොක්කිව අතෙන් ඇදලා නැවත වාඩි කෙරෙව්වේ අස්විදව ඇස් වලින් පෙන්නලා ⁣ඒ දෙන්නා ගියදෙන් කියන්න වගේ…
තිළිණත් ලොක්කි දිහා බලලා ඒක අනුමත කළා…
අස්විද බට්ටි එක්කම ගෙදරට ටිකක් ඈතට වෙන්න තිබුණ හිස් මේසෙකට ගියා…

මිතූ..
මම දන්නව…
ඒ ආවෙ තේජාන් නේද…
දැන් ඔයාට ඕනම විදියකින් ඔයාට දැණුන හැඟීම පිට කරන්න….
මෙතන ඉන්නෙ මම විතරයි…
එහායින් ඉන්න මේස වල අයටත් ඔයාව පේන්නෙ නෑ
මට කවර් වෙලානෙ…
දරුවෝ…
ඔහොම ඉන්නෙපා…
අස්විද එහෙම කිව්වේ…
බට්ටි තාමත් ඇස් වල පිරුණ කඳුළු එහෙමම තියාගෙන ගල් වෙලා වගේ ඉන්න නිසා…
තවත් ටික වෙලාවක් එහෙමම හිටපු බටටිගෙ ඇස් වල පිරිලා තිබ්බ කදුලු එළියට පැන්නා..
ඒ කඳුළු පේළි දෙක නොනවත්වාම ගලා ගියේ ඉකියක් වත් කිසිම වචනයක් වත් කටින් පිට නොවී….
අස්විද බට්ටිගෙ අතින් අල්ලගෙනම බට්ටි දිහා බලන් හිටයෙ ගොඩාක් දුකින්….
විනාඩි කිහිපයක් එහෙම හිටපු බට්ටි අස්විද දිහා බැලුවා…

අයියේ…
එයා ගොඩක් සතුටින් එයාගෙ වයිෆ් එක්ක ..
මට තවත් පවු පුරවගන්න බෑ…
එයා ගැන හිතලා..
මට එයාව අමතක කරන්න ඕන
ආදරේ කරන එක නවත්තන්න ඕන..
අනේ..
ඒත් මට ඒක දන්නෙ නෑනේ…
බට්ටි පළවෙනි වතාවට අස්විදට අයියේ කියලා කතා කළා…
ඒ වගේම අස්විද දිහාම බලාගෙන අසරණ දෑසින් ඒ ටික කිව්වේ …
අනේ මාව බේරගන්න කියලා කියනවා වගේ…
අස්විදට මොනවා කියන්නද කියලා ඒවෙලාවෙ බට්ටිගෙ මූණ දැක්කම හිතාගන්න බැරි වුණා..
එ්නිසා තමා බට්ටිගෙ කර වටේ අත දාලා ඔළුව උරහිසට තද කරගෙන අනිත් අතින් ඒ ඔළුව අතගාන්න ගත්තෙ….
ඒ කිසිම රාගික හැඟීමකින් වත්, ආදරය පෙරදැරි කරගෙනවත් නෙමේ…
අයියා කෙනෙක් තමන්ගෙ නංගිව සනසවනවා වගේ හැඟීමක් තමා අස්විදට තිබ්බෙ….
ඒක තමා තේජාන් දැක්කේ….

ටික වෙලාවක් එහෙම ඉඳලා
බට්ටි ඔළුව ඉස්සුවා …
ඩොක්ට…
ඔ⁣හොම නොඉඳ මේ මෝඩිට බනින්න..
මොනවම හරි කරන්න..
මට බෑ මෙහෙම ඉන්න…
අස්විද දිහා බලාගෙන තිර හඬින් බට්ටි කිව්වා…

හරි..
අහන්නකො මිතූ …
බනින්න ගහන්න ඔයා පොඩි ළමයෙක් නෙමෙයිනෙ
මොළයක් තියෙන වැඩිහිටියෙක් දැන් …
22ට ළඟයිනෙ…😉
ඔයාමයි තේරුම්ගන්න ඕන …
තේජාන් හොඳ මැරේජ් ලයිෆ් එකක් ගෙවනවා නම්, ඔයා එයාගෙ සතුට ගැන නම් හිතන්නේ
දැන් තේජාන්ට යන්න දෙන්න ඔය හිතෙන්
ඔයා අල්ලන් ඉන්න ඉන්න ඔයාටමයි දුක
අද ඔයා දුකෙන් ඉන්න බව කිසිම කෙනෙක්ට දැනෙන්න දෙන්න එපා…
විශේෂයෙන් තේජාන්ටයි එයාගෙ පවුලේ අයටයි
පොඩි අක්කට වත්..
පුළුවන් නම් තේජාන් එක්ක කතා කරන්න සාමාන්‍ය විදියට…..
ඒ අතරෙ කැමති නම් විතරක් මාවත් use කරන්න පුළුවන්…
මම වැරදියට හිතන්නෙ නෑ…

ඒ කිව්වෙ..
මට තේරුණේ නෑ…

මම ඔයාගෙ boyfriend විදියට හැසිරෙන්න වගේ…😊

අස්විද ඒක ලැජ්ජාවෙන් වගෙ කිවව විදියට බට්ටිට කඳුළු අතරින්ම හිනාවක් පැන්නා…

ලස්සනයි….
අස්විද කිව්වා….

බට්ටි බිම බලාගත්තෙ ඇති වුණ ලැජ්ජාවට…

හා හා…
යමු දැන් පිහදගන්නකො කඳුළු ටික…
වොෂ් රූම් එකට ගිහින් මුණ ටිකක් කලින් වගේම ලස්සනට හදාගෙන එන්න…
අද මේ ටික වෙලාවට හරි ඔයාගෙ boyfriend වෙන්න ලැබෙනවා කියන්නෙ ඉතිං මගෙත් චාන්ස් එක…😉

Thank you ඩොක්ට…
බට්ටි හිත හයිය කරගෙන නැගිට්ටෙ …

තේජාන්ගෙ සතුට දැන් විෂ්මි…
විෂ්මි එක්ක සතුටින් ඉන්න බව බැලුවමත් පේනවා….
තිළිණ තෙජාන් එක්ක තරහ ගන්නෙත්, තෙජාන්ට පවුලෙ අය එක්ක ලංකාවට ඇවිත් ඉන්න නැත්තෙත් තමන් තාමත් තේජාන් නිසා දුක්විඳිනවා කියලා හැමෝම හිතන නිසා….
තේජාන්ගෙ ආදරේ කවදාවත් අමතක නොකලත්,
ඒ විදියට හැසිරිලා තේජාන්ට, බට්ටිට ආදරෙ අයගෙන් එල්ලවන චෝදනා නතර කිරිමයි දැන් බට්ටිගෙ එකම අරමුණ….
තමන් දුකින්, බඳින්නෙ නෑ කියන මතේ හිටියොත් තේජාන්ටමයි ඒකෙන් අපවාද එන්නෙ කියලා දැන් බට්ටි තේරුම් අරන් ඉන්නෙ…..
අස්විද වගේ කෙනෙක් හොඳ වැඩියි තමන්ගෙ අරමුණ වෙනුවෙන් බිල්ලට දෙන්න…
ඒ නිසා තාත්තලාට තියලා වෙන කාව හරි හොයලා බඳිනවා කියලා බට්ටි හිතුවා…
එතකල් අස්විද හොඳ යාළුවෙක් විදියටම ළඟ හිටපුදෙන්….

එහෙම හිත හිතම බට්ටි අස්විදගෙ අතේ එල්ලිලා හිනා වේගනම කලින් හිටපු මේසෙට ගියා..
තිළිණ තාමත් තරහින්…
ලොක්කිත් නිසලුත් බය වෙලා වගේ…
අම්මයි තාත්තයි කලින් ඉඳලම වෙන මේසෙක නැනදලා මාමලා එක්ක හිටියෙ…

මොකද මේ…
ලොක්කි බය වෙලා…
අයියේ…
තරහා නිමෙන්නත් එක්ක
“බොමුද සීතල ස්ප්‍රයිට් වීදුරුවක් …”😊
තිළිණගෙ ළඟට මේසෙ උඩ තබ්බ ස්ප්‍රයිට් බෝතලේ දික් කරමින්ම හිනා වෙලා බට්ටි ඇහුවා…
තිළිණ පුදුමෙන් බලද්දි ..

මල්ලි උඹ මොකද කළේ මේකිව එක්ක ගිහින්…
ආයෙම පරණ මොංගල් ගති ඇවිත් වගේ…
නිසල් හිනා වෙලාම අස්විදට කිව්වා….

ඒක රහසක් නේද…😊😊
අස්විද දිහාත් බලලා බට්ටි ඇදලා වගේ එහෙම කිව්වා

අහන්නකො
බට්ටි දිගටම කතා කළා…

අයියේ..
දැන් තේජාන් අයියා ගැන ඔය හිතේ තියෙන තරහා අමතක කරන්න..
මට එකපාරම දකිද්දි දරාගන්න බැරි වුණා..
ඒත් මට දැන් තේජාන් අයියා ගැන කිසිම හැඟිමක් නෑ…
ඉක්මනටම ඔයාගෙ වෙඩිම ගන්න…
මගෙ වෙඩිමත් ගන්නවා ඊට පස්සෙ..
හරිද…😉
තිළිණට ඇහැකුත් ගහලා බට්ටි කිව්වා….

එතකොට නිසල් අයියා…
ඔයාගෙ යාළු ෆිට් එකනේ තෙජාන් අයියා…
ගිහින් කතා කරන්න හලෝ…
මොකද්ද ඔය යාළු කම ..
අවුරුදු 2කින් විතරරට ඉඳලා ආවෙ..
මොනාද ලොක්කි…
දෙන්නාගෙ වෙඩිමට කොච්චර උදව් කළාද…
යනවා යනවා නිසල් අයියා එක්කම…
ගිහින් කතා කරලා එනවා…

එන්න අස්විද අයියෙ අපි යමු පොඩි අක්කලා එක්ක කතා කරලා එන්න….
ඔයා මගේ පොඩි සිනා එක්ක එහෙම කතා කළෙත් නෑනේ….

අයියෙ ඔයා පුළුවන් නම් අම්මටයි තාත්තටයිත් කියන්න තේජාන් අයියා ආව එකට ප්‍රශ්න දාන්නෙපා කියලා…
මොනවා උනත් ඒ අනුහස් අයියාගෙ අයියානේ….
තනූජා අාන්ටිගෙයි, රණසිංහ අන්කල්ගෙයි ලොකු පුතානෙ…
ඒ නිසා එයාලත් අවුලෙන් නම්…
එහෙම වෙන්නෙපා කියලා කියන්න
කියලා තිළිණට කිව්ව බට්ටි අස්විදගෙ අත අල්ලගෙනම පොඩ්ඩිලා හිටපු පැත්තට ගියා…

පොඩ්ඩී …
මොනවද ඔයාගෙ මස්සිනා පොඩ්ඩයි නෑනා පොඩ්ඩයි ගෙනත් දුන්නෙ…
එහෙම කියාගෙනම පොඩ්ඩි ත් අනුහසුත් ඉඳගෙන හිටපු පුටුවෙ පැත්තකින් ඉඳගත්තෙ පොඩ්ඩිගෙ කරටත් අත දාලා…

පොඩ්ඩි බය වෙලා වගේ…

අනේ නංගි…
අයියා එන බව අපි කවුරුත්ම දන්නෙ නෑ…
අනුහස් කිව්වෙ අස්විද දිහාත් බලලා.

අපෝ…
ඔයාලා මාර සහෝදරයොනෙ අනේ…
තමන්ගෙ අයියා නැතුව මගුල් කාලා මදිවට,
ඒ මිනිස්සු ආවමත් අකමැති වගේ…
මේ..
මට ගානක් වත් නැත්නම් ඔයාලා ඇයි අනේ ඒක ඔළුව උඩ තියාගෙන දඟලන්නෙ..
මේ ඉන්නෙ..
මගෙ boyfriend අස්විද…
අඳුරගන්න…
අස්විද අයියේ..
මේ මගේ පොඩි සිනා…
මේ ඉන්නෙ මගෙ කලුච්චි..
පොඩ්ඩිව ඉඹින ගමන් බට්ටි කිව්වෙ…
අනුහස් වගේම බට්ටිත් තාම පුදුමෙන්….
ඒත් එක්කම එතන්ට ආවෙ තේජාන් එක්ක විෂ්මි ..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

තේජාන් බට්ටිවත් අස්විදවත් ගහ ළඟදි දැකලා ගේ පැත්තට ගියාට
නෑදෑයො එක්ක කකා කළාට අවධානෙ තිබ්බෙ බට්ටි දිහාටමයි…
බට්ටි අස්විද එක්ක ළඟින් හැසිරෙන විදිය දකිද්දි තේජාන්ට ලෝබයි…
ඒ අතරෙ විෂ්මිත් බට්ටිව දකිනවා අස්විද එක්ක ඉන්නවා..
විෂ්මිට නම් සතුටුයි..
මොකද විෂ්මිගෙ හිතේ අදටත් බට්ටි ගැන පොඩි සැකයක් තිබ්බා………
ඒ වගේම අනුහස්ගෙ වෙඩින් එක තේජාන් මග අරිද්දි ඒ සැකය තවත් වැඩි වුණා..
⁣homecomming එකට යන්නම ඕන කියලා තේජාන්ගෙන් ඉල්ලා හිටියෙ ඒ නිසයි….
අනුහස් වගේම පොඩ්ඩිත් තමන් ආවට වැඩි කැමැත්තක් නෑ කියලාත් විෂ්මි ඒ මූණු වලින් දැක්කා…
ඒ නිසා ටිකක් හිත් අමනාපෙන් තමා විෂ්මි බට්ටිවත් අස්විදවත් දකිනකල්ම හිටියෙ….
දැන් බට්ටි අස්විද එක්කම අනුහස්ලා ළඟට ආවම
තේජාන්වත් ඇදගෙනම එතන්ට ආවෙ විෂ්මි…

හායි ..
ඔයා අපේ sister in low ගෙ younger sis නේද…
Hospital ආවෙ ..
මට මතකයි…
එතකොට මේ කවුද….
Feance ද???
තේජාන්ගෙ අතේ අත් දෙකෙන්ම අල්ලගෙන විෂ්මි ඒක ඇහුවෙ….
තේජාන් ඔහේ ඉන්නවා..
හැබැයි ඇස් වලින් ඉරිසියාව ඉතිරෙන බව ඕන කෙනෙක්ට පේනවා….

ආ ඔව් අක්කි..
මේ අස්විද මම වැඩ කරන hospital එකේම doctor කෙනෙක්…

Hallo..
nice to meet u ඩොක්ට අස්විද….
කියමින් විෂ්මි අත දුන්නා…
අනුහස් පොඩ්ඩි එක්කම මේ සංවාදය දිහා බලාගෙන ඉන්නවා …

අපිව ඩොක්ටට අඳුන්වලා දෙන්නකො…
විෂ්මි නැවතත් කිවවා…

අස්විද අයියේ..
මේ ඉන්නෙ තේජාන් අයියා..
අනුහස් අයියාගෙ අයියා..
මේ එයාගෙ වයිෆ්…
බට්ටි සෑහෙන වෙහෙසක් දරලා වෙනසක් නැතුවම කිව්වා…

Nice to meet both of you…
අස්විද හිනා වෙලා කිව්වා…

ඩොක්ට කොහෙද hospital එක..
Specialist කෙනෙක්ද..
තේජාන් ඇහුවා..

ආ kandy….
මම cardiologist …
අස්විද කිව්වා…

ආ..හ්..
එහෙනම් නංගිගෙ heart එක ගැන බය වෙන්න දෙයක් නෑ…
ඩොක්ට ඉන්නවානෙ ගෙදරම පරිස්සම් කරන්න…
විෂ්මි ඒක පොඩි හින්ට් එකක් විදියට කිව්වේ..

ම්ම්ම් …
අනිවාරයෙන්ම මිසිස්…
මගේ වයිෆ්ගෙ heart එක විතරක් නෙමේ..
චූට් හැඟීමක් පවා මම පරිස්සම් කරනවා ගොඩක් ආදරෙන්..
⁣මොකද මගේ heart එක වැඩ කරන්නෙ ඒ heart එකෙන්නේ….
ඒ හිතට දැනෙන පුංචි වේදනාවත් මට මහමෙරක්..
අස්විදත් සීරුවට ඒක කිව්වෙ තේජාන්ටත් දැනෙන්න..

ඒ අතරෙ තේජාන් බට්ටිගෙ දෑස් තම දෑසින් අල්ලගන්න උතසහ කළේ..
අස්විද කියන දේවල් ඇත්තමද කියලා ඒ ඇස් වලින් දැනගන්න…
ඒත් බට්ටි ⁣තේජාන්ගෙ බැල්මෙන් ඇස් මුදවගෙන ඉන්න පරිස්සම් වුණා…

එ් කතාව එහෙමම නැවතුණේ තනූජාත් රණසිංහත් කෑම කන්න ආරාධනා කරන්න ආව නිසා…

අස්විද එක්කම බට්ටි හිටයෙ තේජාන්ව තව තවත් ඊරිසියාවෙන් මිරිකමින්…
විෂ්මි එක්ක අවුරුදු දෙකකට කිට්ටු වෙන්න පවුලක් විදියට ඉඳලත් තේජාන් තාමත් බට්ටිට ලෝබයි….
විෂ්මි කිහිපවරක්ම තේජාන්ගෙ බැල්ම බට්ටි දිහාට කියලා දැක්කා…
විෂ්මිට ගොඩාක් දුක හිතුණා..
වගේම කේන්තියකුත් ආවා….
කොච්චර කිව්වත් තේජාන්ගෙ හිතේ මේ කෙල්ලට විශේෂයක් තිබිලා තියෙනවා…
කියලා විෂ්මි හිතුවා…
ඒත් ඒ ඔස්සේ වැඩි දුර නොහිතුවේ ..
තේජාන් දැන් තමාගේ නිසාත්, තව දවස් දෙකකින් නැවත ලංකාවෙන් යන නිසාත්…

කාලා බීලා ඉවර වෙලා කට්ටියම වගේ නටන්න එකතු වෙද්දි බට්ටිත් අස්විද එක්කම නටන්න එකතු වුණා…
විෂ්මිත් තේජාන්ව ඇදගෙන නටන්න ආවා..
තේජාන්ගෙ ඇස් තිබ්බෙම බට්ටි දිහාට….
බට්ටි ඒක නොදැක්කත් අස්විද දැක්කා…
ඒ නිසාමයි බට්ටි තමන්ගෙ කියලා වැඩි වැඩියෙන් තේජාන්ට දැනෙන විදියටම බට්ටි එක්ක මුකුළු කරමින්ම හැසිරුණේ…
අස්විද වරක් නටමින්ම බට්ටිගෙ කම්මුලක් සිපගත්තා..

තේජාන්ට current වැදුණා වගේ වුණා….
විෂ්මිව අත අැරලා dancing floor එකෙන් ගියා….

තවත් සිහිනයකින් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
අද නිවාඩු දවස නිසා කමෙන්ට් ගොඩක් ඔනේ ……… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *