මිහිදුම් සිහින…..54

54 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

ගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

අදහස: Indrechapa Jayasinghe
වෙනතක ගියත් නුඹ මා අතහැරලා
නුඹේ සිත අද්දර මා අද සැඟවීලා….
යළි නොදකින්නට සිතු ඔබ මා…
හමු වූවද….
දොඩමළු විය නොහැකිය
වීලා ඔබ තව කෙනෙකුන්ගේ…..
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

විෂ්මිවත් දමලා ගහලා වගේ ආව තේජාන් කෙලින්ම නැවතුණේ මත්පැන් පානය සඳහා සූදානම් කරලා තිබ්බ තැනට…
ඇවිත් වීදුරු කිහිපයකම හිස් කළේ එක හුස්මට…
තේජාන්ට දරාගන්න බැරි තරම් අමාරුයි….
අස්විද කිස් කරපු එකටත් වඩා බට්ටි නිකමට වත් තේජාන් දිහා බලන්නෙ නැති එකයි තේජාන්ට දිරවගන්න බැරි වුණේ…
තවත් මත්පැන් වීදුරු දෙක තුනක් ගිල දැම්මේ බට්ටි ගැනම සිහිකරම්න්..

ටික වෙලාවකින් විෂ්මිත් ආවා තේජාන් එක පාරම ගිය නිසා..
එක දිගටම මත්පැන් බොන තේජාන්ව දැක්කම විෂ්මිට අමුත්තක් දැණුණා..
රට ඉද්දි වත් මේ විදියට කවදාවත් බිව්වෙ නෑ…
තෙජාන්ගෙ අම්මා තාත්තාවත් මොනවා හරි කියලද, නැතනම් ⁣වෙන දෙකට හිත රිදුණද කියලා හිතපු විෂ්මි
තේජාන් ළඟට ආවා..

තේජ්..
Why r u drinking so much honey….
whats the problem..

You…
you r the problem.
Leave me alone…
තේජාන් ටිකක් හයියෙන් කිව්වා…

විෂ්මිට හිතාගන්නවත් බෑ…
මේ මොකක්ද වුණේ කියලා…
බැන්ද දවසෙ ඉඳන් වචන හුවමාරුවක් වත් වුණේ නෑ දෙන්නා අතර…
මේ මොහොත වෙනකලුත් කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ….
එකපාරම තේජාන්ට මොකද වුණේ..
විෂ්මිටත් කේන්ති ගියා…
නමුත් දැන් තේජාන් එක්ක කතා කරන්නවත් ප්‍රශ්න විසඳන්න වත් බෑ…
ඒ නිසා..

You should hv answer this latter….

කියලා තරහෙන්ම ගෙට ගියේ තවත් විනෝද වෙන්න තරම් හිතක් නැති නිසා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

ඒ අතර අස්විදගෙන් සිපගැනීමක් බලාපොරොත්තුවෙන් නොසිටි බට්ටිත් ගැස්සුනා..
වගේම තරහත් ගියා…
ඒත් අස්විදට බනින්න කට ඇරෙන්නෙ නෑ….
ඒ නිසාම අස්විදගෙන් ඈත් වෙලා ලොක්කි හිටපු තැනට වේගෙන් ඇවිදගෙන ගියා..

මිතූ.
ඔහොම ඉන්න…
අස්විද කිව්වත් ගණන් නොගෙනම ගියා…

ඒ යද්දි තෙජාන් මත්පැන් බොනවා දැක්කා…
දුක හිතුණත්
තත්පර දෙක තුනක් ඒ දිහාත් බලන් ඉඳලා ලොක්කි ළඟින් ගිහින් ඉඳගත්තේ කරන්න දෙයක් නැති නිසා..
අස්විදත් බට්ටි පිටිපස්සෙන්ම ආවා..
ඒත් බට්ටි ගණන් ගත්තෙ නෑ…

⁣බට්ටි..
මොකෝ නිකං යකෙක් ගහලා වගේ…
ලොක්කි ඇහුවා…

මුකුත් නෑ….
මේ ලොක්කි අපි යන්නෙ කීයටද හලෝ…
11.30යි

දැන් නම් කට්ටිය යනවා නේද..
අම්මලාට කතා කරලා….
පොඩ්ඩිටත් කියලා එහෙනම් යමුද…

පොඩ්ඩිගෙන් සමු අරන් එන්න එද්දි නිසල් එක්ක ලොක්කි අස්විදගෙ වාහනේට නැග්ගා…
අම්මා තාත්තා එක්ක තිළිණ, තිළිණගෙ කාර් එකෙන් ඉස්සර වෙලා ගියා …
එක ඇත්තටම තිළිණගෙත් නිසල්ගෙත් පොඩි සැලසුමක්…
ලොක්කිත් නිසලුත් ඉන්නෙ කිරිබතගොඩ නිසා…
කඩවත අනුහස්ලාගෙ ගෙදර ඉඳලා ලොක්කිලව දාලා ආයෙම ගෙදර එනකල්ම දෙන්නා තනියම…
බට්ටිවත් අස්විදවත් ටිකක් තනි කරන්න…..
තිළිණ කැමති වුණේ අස්විද කියන්නෙ එහෙම අවස්ථාවාදී පිරිමියෙක් නොවන වග මේ වෙද්දි දන්න නිසා…

බට්ටිට ඒ කිසිවක් තේරුණේ නැත්තෙ මේ වෙද්දි අස්විදගෙ හාදුව වගේම තේජාන්ගේ මත්පැන් පානය කිරීම බට්ටිව වෙනම කල්පනාවකට ගෙනිහින් තිබ්බ නිසා…

තේජාන් අයියා ඇයි එහෙම බිව්වෙ…
විෂ්මි අක්කි එක්ක ප්‍රශ්නද..
නැත්නම් බැන්දට සතුටින් නෙමේද…
මාව අස්විද එක්ක දැක්ක නිසාද
බට්ටිගෙ ඔළුව පිස්සො නටපු බංගලාව වගේ…

බට්ටිත් ලොක්කිත් පිටිපස්සෙ සීට් එකෙ හිටියෙ..
නිසල් අස්විද එක්ක කතා කරමින් ඉස්සරහ හිටියේ…
අස්විද සැරින් සැරේ කණ්නාඩියෙන් බට්ටි දිහා බැලුවෙ
Dance කරන තැනින් ආවට පස්සෙ තාමත් බට්ටි අස්විද දිහා බැලුවෙ වත් නැති නිසා…
බට්ටි සීට් එක⁣ට හේත්තු වෙලා එළිය බලාගෙනම යනවා
ලොක්කි එක්ක වත් කතාවක් නෑ……

නිසල්වත් ලොක්කිවත් ගෙදරින් බස්සලා ආපහු එන්න ලෑස්ති වෙද්දි..

මිතූ…
එන්න ඉස්සරහට..

මට බෑ..
මම මෙහෙම ඉන්නද මහන්සියි….

අනේ දරුවො…
මටත් මහන්සිනෙ..
නින්ද ගියොත් මට..
එනනකො හොඳ බබා වගේ ඉස්සරහට…

බට්ටි ටිකක් වෙලා නිහඬව ඉඳලා දොර ඇරගෙන ඇවිත් ඉස්සරහින් වාඩි වෙලා අත් දෙකත් බැඳගෙන වීදුරුවෙන් එළිය බලා ගත්තා…

අස්විදට පොඩි හිනාවක් ආවා…
බට්ටි ඉස්සරහට ආවත් මුරණ්ඩුකමට ඉන්න විදිය දැකලා….

මිතූ…
දැන් මට කියනවද ඇයි මාත් එක්ක තරහා කියලා..
ම්ම්ම් …
සීට් බෙල්ට් එක දාගන්න බබා..
Warning alarm එක එනවා….
වාහනේ හෙමින් පාරට ගන්න ගමන් කිවුවා…

බට්ටි මොකුත් කිව්වෙ නෑ….
සීට් බෙල්ටි එක දාගෙන ආයෙම අත් දෙකත් බැඳගෙන පාර දිහා බලාගෙනම යනවා….

මගෙ kiss එක නිසා නම් මිතූ ඔයා අවුලෙන් ඉන්නෙ
ප්ලීස් ඒක අමතක කරන්න…
අයියා කෙනෙක් නංගිට දුන්න kiss එකක් විතරයි ඒක
ඔයාගෙ අකමැත්තෙන් මම අතකින් වත් අල්ලන්නෙ නෑ….
Promise …
මාව අවස්ථාවාදියෙක් විදියට දකින්නෙපා බබා…
මම ඒ වෙලාවෙ ආස හිතුන නිසා ඔයාගෙ කම්මුල කිස් කලේ..
වෙන කිසිම නරක හැඟීමක් නෑ…
අස්විද ඔහේ කියෙව්වෙ…
වරදකාරී හැඟීමක් දැනුණ නිසා…
ඇත්තටම අස්විද ඒ වෙලාවෙ එහෙම කළේ තේජාන් තවත් තරිණි දිහා බලන බැල්ම අස්විදට ඇල්ලුවෙ නැති නිසා….
මේ කෙල්ල අමාරුවෙන් හදාගන්න යන හිත ආයෙම ඵලක් නැතුවම කුඩු කරලා දායි කියන බයට…

බට්ටි කතා කරන්නෙම නෑ…
අස්විදට ගොඩාක් දුක හිතුණා….
රෑවෙලා නිසා නවත්තලා කතා කර කර ඉන්න වෙලාවකුත් නෑ…
තිළිණත් බට්ටිගෙ දෙමව්පියොත් තියපු විශ්වාසය පොඩ්ඩක්වත් පළුදු වෙනවට අස්විද කැමති නෑ…
ඒ නිසා බට්ටිව තව දුරටත් වෙහෙසවන්න දේවල් කියන්නෙ නැතුව නිහඬවම වාහනය පදවගෙන ආවා..
ටික දුරක් එද්දි බට්ටි වීදුරුවට ඔළුව තියාගෙනම නිදි….
අස්විද CDඑකක් දාලා සිංදුවක් අහගෙනම⁣ බට්ටිව එක්ක ආවා….

මිතූ…
බබා…
නැගිටින්න ගෙදරටම ආවා…
අස්විද බට්ටිගෙ උරහිසට අත තියලා කතා කළා..

ම්ම්ම්..හ්..
කෙඳිරිගාමින් ඇස් ඇරලා වට පිට බලපු බට්ටි තමන්ගෙ කිට්ටුවෙන්ම ඉන්න අස්විද දැකලා තමා හොඳටම ඇහැරුණේ..
එසැනින් දොර ඇරගෙන එළියට බහින්න ගියේ සීට් බෙල්ට් එකත් ගලවන්නෙ නැතුව..

හෝව් හෝව් මිතූ….
සීට් බෙල්ට්..
අස්විද එහෙමම අතින් අල්ලා බට්ටිව නවත්ත ගත්තා…
ආයෙම ඉක්මනින් අත, අත්හැරියේ කලින් දුන්න පොරොන්දුව මතක් වෙලා…
බට්ටි ඉක්මනින් සීට් බෙල්ට් එක ගලවලා ගෙදරට ගියේ බට්ටිගෙ තාත්තා කාර් එක දිහාට ඇවිදන් එනවා පෙනි පෙනි..

පුතා..
රෑ වුණා නේද ගොඩක්..

ඔව් අන්කල් ඒකයි මම බැස්සෙ වත් නැත්තෙ..
එහෙනම් මෙහෙමම යන්නම් ….

පරිස්සමින් යන්න එහෙනම්..
කෝල් එකක් වත් දෙන්න පුතා ගිහිල්ලා…

හරි අන්කල්..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

තේජාන් බීලා බීලා එතනම මේසෙ ඔළුව තියාගෙන කියෙව්වා…
මගෙ චූටි බෝම්බේ…
මාව අමතක කළා නේද..
එහෙනම් එහෙම කළා
මේ තේජාන් සූරියආරච්චි ට…
මං ඉස්සරහම ⁣වෙන එකෙක්ට තුරුල් වෙලා නටන්න තරම් හිත හයිය වුණාද බෝම්බෙ..
ඒ වගේ එක එක දේවල් කියමින් උන් තේජාන්ව ගෙට එක්ක යන්න ආවෙ අනුහස්…
අනුහස්ට එහෙන් මෙහෙන් ඇහිච්ච දේවල් නිසා
අයියා තාමත් බට්ටිව අමතක කරලා නෑ කියලා අනුහස්ටත් තේරුණා…
ඒත් අයියා අසාධාරයි කියලත් හිතුණා..
විෂ්මි අක්කිට ඇහුණොත ප්‍රශ්නයක් කියලා තේරුණ නිසාම තේජාන්ට නිනද යනකල්ම ඉඳලා තමා අනුහස් සේවකයො දෙන්නෙක් එක්ක එකතු වෙලා තේජාන්ව කාමරේට එක්ක ගියේ..

*************************
තේජාන්ට සඳුදා අපහු යනකල්ම හිටියෙ කාත් එක්ක වත් වැඩි කතා බහක් නැතුව…
විෂ්මි නම් පොඩ්ඩි එක්ක වැඩියම නැතත් හොඳින් කතා බහ කරලා හිටියා…

අයියේ..

මොකද බං..

වරෙංකො ටිකක් ගාර්ඩන් එක පැත්තට යන්න පොඩි දෙයක් අහන්න තියේ…
අනුහස් තේජාන්ව එක්කගෙන එළියට ගියේ විෂ්මි පොඩ්ඩිත් එක්ක TV බලන වෙලාවක…

ඇයි බං වදේ..

මේ අයියෙ…
උඹ අයියා තමා…
මම මෙච්චර කල් මොකුත් කිව්වෙ නෑනෙ
අද කියනවා ..
හොඳට අහගනිං..
අයියෙ තරිණි දැන් මගේ wife.
මිතුණී කියන්නෙ තරිණිගෙ නංගි…
ඒ කියන්නෙ මගෙත් නංගි..
උඹේ හිතේ චූටිම අදහසක් හරි ඒ කෙල්ල ගැන තියෙනවා නම් වහාම අමතක කරපං…

ඇයි කලේ නැත්නම්…
තේජාන් සමච්චල් හඬින් ඇහුවෙ..

එහෙම වුණොත් දුකින් හරි
මට මගේ අයියව අමතක කරන්න වෙනවා
තේරුණානෙ..
ඊයෙත් බීලා චූටි බෝම්බෙ කිය කිය හිටියෙ…
වෙලාවට මට විතරයි ඇහුණෙ..
මම මෙහෙම කියන්නෙ නෑ අයියෙ ඔයා විෂ්මි අක්කිව නොබැඳ හිටියා නම්…
ඒත් ඒ අක්කිගෙනුත් ඔයාට වැරැද්දක් නැත්නම්
ඔයාට බෑ ඒ අක්කිට වංචාවක් කරන්න…

අන්ක දැන් තමා මිතුණි ටිකක් හරි හිත හදාගෙන අර අස්විදට ළං වෙන්න පටන්ගත්තෙ..
ඒ නිසා ඒ ළමයාගෙ ජීවිතේ විනාශ නොකර පාඩුවෙ ඉදපං අයියෙ….
මෙන්න වැන්දා….
අනුහස් අත් දෙකත් එකතු කරලා ඒක කිව්වෙ..

අනේ මේ..
මට ඕන ඇති බෝම්බයක් නෑ…..
කිටමින්ම තේජාන් ගේ පැත්තට යන්න ගියා..

*************

පහුවදා අස්විද බට්ටිට කෝල් එකක් ගත්තෙ ටිකක් දවල් වෙනකල් නිදාගෙන ඇහැරිලා…
11ට විතර

මිතූ…
Good morning බබා…

Good morning ..
Good afternoon වෙන්නත් ළඟයි හැබැයි දැන්
ඩොක්ට අස්විද….
බට්ටි සුපුරුදු සැහැල්ලුවෙන් කතා කළා….

ම්ම්ම් ….
ඒකනේ..
ඒ වුණාට මම නම් තාම ඇඳෙන් නැගිට්ටෙත් නෑ
ඇහැරුණ ගමන් ගත්තෙ
එක්කෙනෙක් ඊයෙ මා එක්ක කතා කළේ නෑනෙ
ගෙදර එනකල්ම…

ආ..
ඒවා පරණ කතා
ඒ ගැන කතා නොකර ඉමු නේද ඩොක්ට…
බට්ටි හිනා වෙලා කිව්වා…

ආ එහෙමද ආස…
හාකො..
හාකො…
ඉතිං අද මොකද කරන්නෙ….
මොකෝ මේ ආයෙම ඩොක්ට කියන්නෙ

ආ ඊගෙ ඉතිං අපි පොඩි නාට්ටියක්නෙ රඟපෑවෙ…
ඒවා දැං අදාළ නෑ…..
අස්විදට දුකක් දණුනත් ඒ බව පෙන්නුවෙ නෑ…

ආ .. ඔව්නේ..
ඉතිං ළමයො මම ප්‍රශ්නයක් ඇහුවා…
අද මොකද කරන්නෙ…
මම එන්නද පොඩ්ඩක් ඇවිදින්න යන්න

ආ…පෝ..
එපා…
පාළුයි අප්පා ගොඩක්…
ඉස්සර ඉතිං ඉරිදට අපි තුන්දෙනාට වැඩ රජකාරි ගොඩයි…
තුන් දෙනාම එකතු වෙලා රෙදි හොදන්න…
වතුර ගහගෙන නාන්න….
රණ්ඩු කරලා බැනුම් අහන්න…
වත්ත වටේම තියෙන ගස් වැල් ටික පාළු කරන්න
ජාති ගොඩයි….
තුන්දෙනා එකතුවෙලා කෑම හදනවා..
මම කරන්නෙ හිටිවන කවි කියන එක..
කෑම රෙසිපි වලට සිංදු හදනවා..
අනේ ඒ කාලෙ ආයෙ එන්නෙ නෑනේ…
කාලය ගතවෙද්දි හැමදේම වෙනස් වෙනවා..
බට්ටි ඔහේ කියවද්දි අස්විද අහන් හිටියෙ ආසාවෙන්..

එහෙම තමා මිතූ …
වයසින් වැඩෙනකොට, තමන්ට පැවරෙන වගකීම් යුතුකම් වැඩි වෙන කොට..
හැමදේම වෙනස් වෙනවා…
මේ ලෝක ස්වභාවය ඒ..
හැමදෙම තාවකාලිකයි බබා..
මේ ගෙවෙන තත්පරයක් වත් ආයෙ එන්නෙ නෑ…
ඒ නිසයි ගෙවන හැම තත්පරයක්ම සතුටින් ඉන්න උත්සහ කරන්න ඕන..
ඔයා දැන් අක්කලා එක්ක ගෙවපු අතීතෙ මතක් කළේ ගොඩක් සතුටින් නේද…
ඒත් ඒ අතීතෙ කැත නම්….
මතක් වෙනවට ආස නෑ නේද….
ඉතිං ඒ නිසා ගෙවන තත්පරයක් ගානෙ ඵලක් ඇත් දේකට මිසක් ඵලක් නැති දේකට වැය කරන එක අපරාදෙ….

අම්මච්චියෝ…
ඩොක්ට දන්න දේවල්…
ඔව් ඔව්..ඇත්ත
ඒත් ඉතිං ඕවා මතක් වෙන්නෙ නෑනෙ අනේ දෙයක් කරද්දි…
හරි හරි..
ඩොක්ට කැමති නම් හවස් වෙලා අපේ ගෙවල් පැත්තෙ එන්න…
අම්මා හවසට හැලප හදනවා කිව්වා..

ඇයි බත් කන්න දෙන්න බැරිද දැං ආවොත්….

අපෝ පුළුවන්…
හැබැයි ඉතිං දැනටමත් අම්මා උයලා ඉවර වේගන එන්නෙ..
අපිට හදපු විදියකට තමා කන්න වෙන්නෙ…

ඇයි මම ඔයාලා වගේ කෙනෙක් නෙමෙයිද..
මොනවද ඉතිං හැදුවෙ…

පොලොස් උයලා, කරවල තෙල්දාලා, කොහිල අල සම්බෝලයි,පරිප්පු තෙම්පරාදුවකුයි හදනවා..
කැමතිද..

අම්මෝ කෙල්ලෙ කටට කෙළත් ඉණුවා…
මම එනවා කන්න
අම්මට කියන්න..
ටක් ගාලා මුණ හෝදලා
අපේ අම්මාගෙන් බැණුමක් අහලා සීතල වෙච්ච උදේ කෑම එකත් බඩට දාගෙන එන්නම්කෝ…

**************

බට්ටිත් ආයෙම සාමාන්‍ය විදියට අස්විද එක්ක කතා කළේ එදා වෙච්ච කිසිම දෙයක් ආයෙම මතක් නොකර.
අස්විද වුණත් ආයෙම බට්ටිව රිදවන්න ගියෙ නෑ ඒ දේවල් හාරවුස්සලා..

තේජාන් සඳුදා උදේම ආපහු ගියා….
අනුහස් වැඩට යද්දි පොඩ්ඩි තනූජා එක්ක ගෙදර දේවල් බලා කියාගෙන හිටියා…

කාලය ගෙවිලා ගියේ අස්විදව ටිකෙන් ටික බට්ටිට ළං කරමින්….
බට්ටි ගොඩක් වෙලාවට ගෙදර එන්නෙ ආපහු යන්නෙ අස්ව්ද එක්ක…
දෙන්නටම එකට නිවාඩු නැති වුණොත් තමා ⁣බට්ටි බස් එකේ ආවෙ…
තමුත් ⁣අස්විදත් බට්ටිත් තාමත් ආද⁣රය ගැන කතාවක් නෑ…
හොඳ යාළුවො…
අස්විද නම් දැන් බට්ටිට කලින්ටත් වඩා ආදරෙයි
ඒත් බට්ටි තාමත් සූදානම් නෑ අස්විද එක්ක ආදර කතාවකට….
අනුහස්ගෙ විවාහයෙනුත් අවුරුද්දක් ගෙවී ගියේ ආයෙමත් තේජාන් ගැන කිසිම විදියකින් බට්ටිට ආරංචි නොවී…
දැන් පොඩ්ඩි තෙමස් ගැබිණියක්….
ලොක්කිට කිරි සිහිනය තාමත් දුරයි…

*******—*************

එදා බට්ටිට නිවාඩු දවසක් නමුත් අස්විදට ගෙදර එන්න බැරි වුණ දවසක්…..
බට්ටි බස් එකට නගින්න ගුඩ්ෂෙඩ් එක ළඟින් පාර පනින්න යද්දි ළඟටම කරලා නවත්තපු වාහනයක් නිසා ගැස්සිලා පස්සට පැන්නා….

තවත් සිහිනයකින් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Good night friends … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *