මිහිදුම් සිහින…..55

55 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

අදහස :- Indrechapa Jayasinghe
#මුළු සිතම නුඹට නතු වෙලා …..
#අන් කිසිවෙකුගේ සෙනෙහේ නොදැනෙනා පරිද්දෙන්
#කුමක් කරම්ද, නොකරම්ද….
#සෝ සන්තාපයන් ඉකිබිඳියි හද තුළ
#බුද්ධිය පවසයි යළි ඔබ නොඑතියි….
#නමුදු මේ සිත යළිත් පෙරුමන්පුරයි
#ඔබටම…..
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

බට්ටිගෙ ඇඟට කරලම නවත්තපු වාහනේ නිසා බට්ටි බය වෙලා පස්සට පැන්නත්….
එසැනින්ම ආපහු බැලුවෙ හොඳවයින් දෙකක් කියන්න කියලා හිතලා…
ඒත් අැතුළෙ හිටපු කෙනා දැකලා බට්ටිට කල්පනාවත් නැති වුණා වගේ….

තේජාන් අයියා……😦😦😦

බබා…
නගින්න ඉක්මනට මට නවත්තගෙන ඉන්න බෑ..
කියමින්ම බට්ටි හිටපු පැත්තෙ දොර ඇරියා..

බට්ටිත් දෙවරක් නොහිතාම වාහනේට නැග්ගේ
මේ සෑහෙන කා⁣ලෙකට පස්සෙ තමන්ගෙ ආදරේ ළඟටම ඇවිත් කතා කරද්දි ඇති වුණ හැඟීමට…

වාහනේට නැග්ගට දෙන්නාගෙන් කවුරුත් කතා කළේ නෑ…..
නිහඬවම වාහනේ අරන් ආව තේජාන් පේරාදෙණිය උද්‍යානය කිට්ටුව අයිනට කරලා වාහනය නැවැත්තුවා…
එහෙමම සීට් එක ටිකක් පස්සට ඇල කරලා හදාගෙන අත්දෙක ඔළුවෙ යටින් තියලා සීට් එකට ඔළුව තියලා බර වුණා….

බට්ටි ඔඩොක්කුවෙ තියෙන බෑග් එක දිහාම බලාගෙන ඒ පටියක් එක්ක ඔට්ටු වෙවී හිටියා මිසක් ඔළුව ඉස්සුවෙ නෑ….
තමන් මෙහෙම වාහනේට නැගලා ආව එක හරිද..
ගෙදරට, අස්විදට මේ කරන දෙයින් වරදක් වෙයිද…
හිත ඇතුළෙ පෙරළි කරනවා…

මිතුණී….
මගෙ චූටි බෝම්බෙ..
මොකද කතා නැත්තේ…
ම්ම්ම් ….
තේජාන් නිහඬතාවය බින්දේ උන් ඉරියව්වෙන්ම ඔළුව හරවලා බලලා….

මොනවා කතා කරන්නද අයියෙ…
ඒකයි හිතුවෙ….

කතා කරන්න මොකුත්ම නැද්ද…
අහන්න දෙවල් නැද්ද මගෙන්…
මට නම් කියන්න තියෙනවා
අවුරුදු 3ක දේවල් …

හ්ම්ම් ..
මුලින්ම කියන්න අයියා ලංකාවට ආවෙ කවද්ද….

මම ආවෙ දැන් සති 3කට කලින්…

එතකොට කෝ විෂ්මි අක්කා..
පොඩ්ඩි ආවා ගිය සතියෙ න්කමට කිව්වෙ නෑ නෙ…

ම්ම්ම් …
කවුරුත් දන්නෙ නෑ මම ආවා කියලා…
විෂ්මි මාව දාලා ගියා…

මොකක්……..
කොහෙද ගියේ..
මොකක්ද වුණේ හරියට කියන්න..
බට්ටි කලබල වුණා ..

මෙහෙම බෑ පැටියෝ…
ඔයාට අද ගෙදර යන්න ඕනද..
අපි යමු මම නැවතිලා ඉන්න තැනට..
බය වෙන්නෙපා මට කියන්න ගොඩක් දේවල් තියෙනවා
මගෙ බෝම්බෙ එක්ක….

හරි යමු…
වෙරක් නොහිතම කැමැත්ත දුන්නෙ මේ වෙලාවෙ බට්ටි ඉන්නෙ බුද්ධියෙන් තීරණ ගන්න මට්ටමක නෙමේ….
අම්මට කෝල් කරලා යාළුවෙක්ගෙ ගෙදර යනවා කිව්ව බට්ටි ෆෝන් එක ඕෆ් කරලා දැම්මෙ අස්විද කතා කරන එකෙන් බේරෙන්න…..

මගෙ බබා තාමත් මට කොන්දේසි විරහිතවම ආදරෙයි නේද…
තේජාන් ඇහුවෙ ආදරේ පිරුණ ඇස් වලින් බලලා…

තේජාන් බට්ටි එක්ක ආවෙ කඩුගන්නාව කිටටුව තිබ්බ
ගෙස්ට් හවුස් එකකට….
ඒ දැක්කම නම් බට්ටි ⁣ටිකක් ගැස්සුණේ නෑ කිව්වොත් බොරු….
මොනවා වුණත් බට්ටි කෙල්ලෙක්…
තේජාන් බැඳපු කෙනෙක්…

පැටියෝ…
ඔයා බය වුණාද..
මම ඔයාට කිසිම විදියකින් වැරැද්දක් කරන්නෙ නෑ…
Promise …
යමු..
කියලා බට්ටිවත් එක්කගෙන ඇතුළට ගියා..

බට්ටි වෙනුවෙන් වෙනම කාමරයක් මිළට ගත් තේජාන් බට්ටි එක්කම කාමරේ ළඟට ගිහින්

බබා ඔයා බෑග් ටික කාමරෙන් තියලා
වොෂ් එකක් දානවා නම් දාලා
එන්න room no.15 වලට..
මම ඒකෙ ඉන්නෙ
මම කෑම ඕඩර් කළා දෙන්නටම..
කියලා බට්ටිගෙ කම්මුලකට අතක් තියලා ආදරෙන ඛියපු තේජාන් යන්න ගියා…

බට්ටි කාමරේට ගිහින් දොරවහගත්තා…
හිත හරිම නොසන්සුන් …
බුද්ධියයි, හදවතයි ද්වන්ධ සටනක…..
හදවත දිණුවා…..
ගෙදර යන්න ආව නිසා ඇඳුම් කිහිපයකුත් බෑග් එකේ තිබ්බ එක හොඳට ගියා…
කියලා හිතමින්ම බට්ටි ඇඟ සෝදගෙන ඇඳුමක් දාගත්තෙ ඇඳගෙන හිටපු ඇඳුම් හෝදලා දාලා…

*************
අස්විද කිහිප වතාවක්ම බට්ටිට කෝල් ගන්න උත්සහ කළත් ෆෝන එක වැඩ නෑ….
උදේ 9ට විතර පිටත් වුණ බට්ටි 12 කිට්ටු වෙද්දි ගෙදරට යන්න ඕන…
ඒ නිසා 12 පහුවෙලා ගෙදරට අරන් බලන්න අස්විද හිතුවේ ෆෝන් එක ඕෆ් වෙලා ඇති, තාම මග වෙන්න ඇති කියලා හිතලා…

****************

බට්ටි බයෙන් වුණත්
හෙමින් ගිහින් තේජාන්ගෙ කාමරේ දෙිරට තට්ටු කළා…

තේජාන් දොර ඇරලා බට්ටිව ඇතුළට ගත්තා…..
වොෂ් දාලා ඇඳුම් මාරු කරලා තද නිල් ෂෝට් එකකුත් සුදු පැහැති කොලර් නැති ටීෂර්ට් එකකුත් ඇඳලා හිටපු තේජාන්ගෙන් අමුතුම කඩවසම් බවක් පෙණුනේ..
බට්ටි තත්පර කිහිපයක් තේජාන්ගෙ රුව රසවින්දේ අනිත් සියල්ල අමතක කරමින්…

මොනවද බලන්නෙ…
ම්ම්ම් ..
හොර කෙල්ල..
කමු..
මම උදේට කාලා නෑ..
අදත් මේ උදේම ගියාට හිතුවෙ නෑ meet වෙයි කියලා..
අර ඩොකා මැණිකක් රකිනා නා රජිඳෙක් වගේනේ මේ බෝම්බෙව ආරක්ෂා කරන්නෙ..
මම සති 3ක් කට්ට කනවා ඔයා එක්ක කතා කරන්න..
නම්බර් එකක් වත් නෑනෙ කතා කරන්න…

සති3ක්…
ඒ මොකටද….

ඔව් පැටියෝ…
මම ලංකාවට ආව දවසෙ කෙලින්ම ආවෙ මෙහෙට…
වාහනේකුත් රෙන්ට් එකට අරන් මේ රූම් එකත් අරන් මෙහෙ නැවතුණේ ඔයා එක්ක කතා කරන්න…
මුලින්ම මට සමාවෙන්න මගෙ පැටියෝ…..
මම මොඩයෙක් වගේ ඔයාව නැති කරගෙන සතුටින් හිටයෙ නෑ….
විඳෙව්වා ගොඩක්..
ඔයා ගැන දැනගන්නවත් මට විදියක් තිබ්බෙ නෑ..
මම විෂ්මි එක්ක සතුටින් හිටයෙ නෑ….
හැමදාම ඔයාව මතක් වුණා…
ඒත් මම පරක්කු වැඩියි…
තීරණයක් ගන්න ඕන වෙලාවෙ මම වැනුණා…
කියන්න මට සමාව දෙනවද මගෙ චූටි බෝම්බෙ …
දැන්නම් බෝම්බෙ කියන්න බෑ හැබැයි…
හරිම තැන්පත් වෙලා මගෙ දඟමල්ල..
චූටි නර්ස් නෝනා කෙනෙක්නෙ නේද දැං…

මට මුල ඉඳන් සේරම කියන්න අයියෙ..
බට්ටි කිව්වා…..

තෙජාන් හොඳ හුස්මක් අරන් කතාව පටන්ගත්තා…

මට ඔයාව ඔන වුණත් අවුරුදු 3කට කලින්, මම වැඩිය නොහිතා හිතට ආවට විෂ්මිටකරපු යෝජනාව නිසා…
මට විෂ්මිව අත අරින්න බැරි වුණා…
විෂ්මි මැරෙන්න හැදුවා….
ඒ නිසා මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ..
ඒ තීරණේ අරන් ආපහු එද්දි තමා මාව accident වුණේ..
මගෙ චූටි කෙල්ල හිතහදාගනියි කියලා මම මගෙ හිත හදාගත්තා…
බැඳලා යන්න කලින් මට ඔයාව එක පාරක් හරි හම්බෙලා සමාව ඉලලගන්න ඕන වුණා..
ඒත් මට කිසිම විදියකින් ඒක කරගන්න බැරි වුණා….
මමත් විඳෙව්වා පණ ඔයා වගේම…
මම දන්නවා ඔයා ගොඩක් විඳෙව්වා කියලා….
විෂ්මි ළඟදි මට කවදාවත් ඔයා ළඟ වගේ දැණුනෙ නෑ…
එයා එයාගෙ ජීවිතේ ගෙව්වා…
මම රස්සාව කරගෙන හිටියා…
ලංකාවට එන්නත් බෑ…
ඔයාගෙ අක්කා නිසා.. අපේ ගෙදරින් මට එන්න එපා කිව්වා..
තේජාන් කතා කලේ බට්ටි තරමටම තේජානුත් විඳවපු ගානට…
විෂ්මි එක්ක හොඳ පවුල් ජීවිතයක් නොතිබුණ ගානට
බට්ටිට හිතාගන්න බැරි වුණා මේ කියන දේවල් ඇත්තද බොරුද කියලාවත්…

අයියා දැන් මාව හම්බෙලා ඕවා කිව්වෙ ඇයි….

මගෙ වස්තු..
අපි දෙන්නට බැරිද කොහෙ හරි ගිහින් ආයෙම ජීවිතේ අලුතින් පටන්ගන්න..
ඔයාලගෙ ගෙදරින් කවදාවත් මට ඔයාව දෙන්නෙ නෑ….
මට ඔයාව ඕන…

තේජාන් අයියෙ…
ඔයා මොනවද කියන්නෙ..
කෝ විෂ්මි අක්කා….

එයා එයාගෙ ජීවිතේ ගෙවනවා…
මගෙන් එයාට වැඩක් නෑ…
එයා දැන් මා එක්ක නෑ….

මට හිතන්න ඕන…
තාම 12ටත් නෑ ..
මට යන්න ඕන අයියෙ..
මාව බස් එකට දාන්න..
බට්ටි ඉඳන් හිටපු තැනින් නැගිට්ටා…

ඇයි පැටියෝ…
මාව දාලා යන්න හදන්නෙ ඔයත්…
තේජාන් ගොඩාක් දුක හිතෙන විදියට කියලා බට්ටිගෙ ළඟට ඇවිත් අවසරයකින් තොරවම ඒ පපුවට බට්ටිව තුරුල් කරගත්තා…

ඉරිතලා වියලී ගොස් ඇති කාශ්ටක පොළවට
වැටෙන වතුර බිංදු පොළව සිපගත්විට…
සිදුවනදේ ගැන කවර නම් පැහැදිළි කිරීම්ද..

බට්ටිගේ හිත ඉල්ලන ඒ උණුසුම….
තේජාන්ගේ පපුවෙන් විඳගත්තේ අන්න ඒ වගේ..

ඒත් එකපාරම තේජාන්ගෙන් අයින් වුණ බට්ටි දොරත් ඇරගෙනම දිව්වෙ තේජාන් බට්ටිට අරන් දුන්න කාමරේට….

නවතින්න හිතපු නිසා රෙදි ටික හේදුවත් තෙත පිටින්ම බෑග් එකකකට දාගෙන, අනිත් සේරමත් අස්කරගෙන කාමරෙන් එළියට එද්දි….

තවත් සිහිනයකින් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *