මිහිදුම් සිහින…..56
56 වන සිහිනය
Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
කතාවට කලින් දෙයක් කියන්න කැමතියි..
තේජාන්ට, බට්ටිට ආදරේ කරපු අය දැන් මොකද කියන්නේ….
මම පසුවදනෙන් කියන්නම් මේ සැබෑ චරිත ගැන මීට වඩා යමක්…
මම ගොඩ නගපු චරිතෙට වඩා ටිකක් වෙනස් ඒ චරිත
මම තවත් දිගට දිගට කතාව අදින්නෙ නෑ…
හේතුව ඔයලෙට වගේම මටත් හරිම තරහයි ලියන්න..
තේජාන් කොච්චර අාත්මාර්ථකාමීද..
ඒ වගේම බට්ටි කොච්චර මෝඩයිද….
කෙනෙක් කියයි ඒ මෝඩකම නෙමේ ආදරේ කියලා..
ඒත් “”දවල් වැටුණ වලේ අැයි රෑ වැටෙන්නෙ””
“”කඩදාසියක් නැමුණ තැනින් ආයෙම නැමෙනවා කොච්චර කෙලින් කළත්””
මම ටිකක් ඉක්මනින් ලියනවා…
මොකද කලින් වගේ දෙබස් ගලපන්න වත් හිතෙක්නෙ නෑ මට…
ඔයාලාගෙත් ලේ කොප වෙන්න තමා ලියන්න
වෙන්නෙ….
ඒ නිසා කතාව ලියන විදියෙ වෙනසක් වෙනවා ළමායි.
තව කොටස් කිහිපයයි…..
අදහස :- Indrechapa Jayasinghe
ආදරයක්ද, ආශාවක්ද….
ප්‍රේමයක්ද රාගයක්ද…
මුලින් හමුවූ ඔබමද අද…
කුමක් සිතම්ද…
කුමක් කරම්ද…
පෙරූ පිරුමන් සඵල වී මුත්..
පිළිගනිම්ද නොගනිම්ද…
ගුලි ගැසුණ හැඟුමන් කිති කැවී යයි..
නුඹ දෑස් අද්දර…
ළංවෙන්නට බියයි..
සිත කෙතරම් මොරගෑවත්…
වරෙක අතරමග දමා ගිය ඔබ
පවසයි මටම බව ඔබේ පෙම…
සමාවනු මැන චංචලයි මා සිත..
වටහා ගැනීමට බැරි ලෙස….
තමන්ගෙ සේරම දේවල් අරගෙන බට්ටි කාමරෙන් එළියට එද්දි තේජාන් කාමරේ ඉස්සරහා ඉඳන්
බට්ටි දිහා බලාගෙන හිටයෙ ලොකු වේදනාවකින්…
බට්ටිට ඒ ඇස් දිහා කෙලින් බලන්න බෑ…
අයියෙ…
මාව බස් එකට දානවද….
බිම බලාගෙන හෙමින් ඇහුවා…
යන්නම ඕනද..
ඔව් අයියෙ…
ඉන්න එකේ තේරුමක් නෑ…
අයියාට කියන්න තියෙන ටික කිව්වානේ…
මම යන්නම්…
මම කිව්වෙ දැන් යන එක නෙමේ..
මා එක්ක හැමදාම ඉන්න එන්න බැරිද..
අපි යමු කාහෙ හරි…
මට ඔයා ඕන…
ජීවිතේ විඳින්න ඕන…
අයියේ…
ඔයා මගෙ ජීවිතේට එක පාරක් ඇවිත් ඔය විදියටම කියලා..
මාව දාලා ගියා නේද….
අද මම ඔයා එක්ක ආවොත් විෂ්මිට මොකද වෙන්නේ.
මම විඳපු දුක වෙන කාටවත් දෙන්න ඕන නෑ මට..
එහෙම වෙන්නෙ නෑ බය වෙන්නෙපා…
එයා එයාගෙ life එක ඕනාවටත් වඩා හොඳට ගෙවනවා.
මාව ඕන නෑ එයාට..
ඒත් බබා ඔයාට මාව ඕන..
මට ඔය ඇස්වල මං ගැන තියෙන ආදරේ පේනවා..
මම ඔයාට ගොඩක් ආදරෙයි මගෙ චූටි බොම්බෙ …
මට දැන් යන්න ඕන…
බට්ටි එච්චරයි කිව්වෙ…
තේජාන් වාහනේ යතුරත් අරන් ඉස්සර වුණා…
වාහනේට නැග්ගත් දෙන්නාගෙ වැඩි කතාවක් නෑ…
මගෙ පැටියො පුළුවන් නම් මට සමාවෙලා මං ළඟට එන්න..
තේජාන් කෑගල්ල ස්ටෑන්ඩ් එකටම බට්ටිව ගෙනත් දාලා යනකොට කිව්වා…
*****************
බට්ටිගෙ හිත යකාගෙ කම්මල වගේ වෙලා…
බස් එකේ අයිනෙ සීට් එකකින් ඉඳගෙන ෆෝන් එක ඔන් කළා..
අස්විදගෙන් මග අැරුණ ඇමතුම් ගොඩයි…
බට්ටි කෝල එකක් ගත්තා..
හෙලෝ…
මිතූ..
ඔයා කොහෙද
ෆෝන් එක වැඩ නොකලෙ ඇයි
ඩොක්ට..
මම යාළුවෙක් හම්බෙන්න ගියා..
ෆෝන් එක ඕෆ් වෙලා තිබිලා..
දැන් කෑගල්ලෙ..
අස්විදට බට්ටිගෙ වෙනසක් තේරුණා …
වෙනදා වගේ නෙමේ හිත හිත කතා කරන්නෙ කියලා හිතුණා..
හරියට මොනවා හරි හංගනවා වගේ….
මිතූ…
මට ඇත්ත කියන්න..
මොකක් හරි අවුලකද ඉන්නෙ..
කවුද හම්බුණ යාළුවා…?
ඩොක්ට..
මම හැමදේම ඩොක්ටට කියන්න බැඳිලා නෑනෙ..
මගෙන් ප්‍රශ්න අහන්නෙපා……
බට්ටි හිතේ තිබ්බ පීඩනය පිට කළේ අස්විදගෙ පිටින්..
මිතූ…
ඇයි කෑගහන්නෙ…
මම වැරදි දෙයක් ඇහුවද දැං…
හරි..im sorry…
මම අයිතියක් ,බැඳීමක් හදාගන්න හැදුවට ඔයා මට ඒ අයිතිය දෙන්නෙ නෑ කියලා මට අමතක වුණා…
මම තියන්නම්…
පරිස්සමින් යන්න…..
කියලා ටිකක් ආවේගෙකින් කිව්ව අස්විද ෆෝන් එක තිබ්බා…
බට්ටි ෆෝන් එක දිහා බලාගෙනම හිතන්න පටන්ගත්තා…
අස්විද ඔයා වගේ කෙනෙක් ලබන්න තරම් මම පිං කරලා නෑ…
මගේ අකීකරු හිත…
පහණට ඇදෙන පළගැටියා වගේ…
ඇදෙන්නෙම තේජාන් ළඟට….
ඒත්….
තවත් ගැහැණියකට දුකක් දෙන්න මට බෑ…..
බට්ටි ටික වෙලාවක් කල්පනා කරලා පොඩ්ඩිට කෝල් එකක් ගත්තා…
හෙලෝ “”බබා අම්මා…””
කෙහොමද දැං..
මම හොඳින් බට්ටි..
මොකද හදිස්සියෙ..
හදිස්සියක් නෑ ගෙදර එන ගමන්…
මග බස් එකේ..
වමනෙ යන එක දැන් ශේප් නේද 4වෙනි මාසෙනෙ….
ආ දැන් අවුලක් නෑ..
අනුහස්ගෙ අම්මා මට හරිම ආදරෙයි..
මාව අපේ අම්මා වගේම බලාගන්නවා…
කන්න එක එක ජාති හදලා දෙනවා මට කොයි වෙලෙත්…
බට්ටිට දුකක් නොදැණුනාම නෙමේ…
තේජාන්ගෙත් අම්මා ඒ….
මේ ඒක නෙමේ..
වැරදියට හිතන්නෙපා හරිද
තේජාන් අයියටයි අක්කිටයි කොහොමද දැන්..
එයාලා බබෙක් ගැන හිතන්නෙ නෑලුද තාම…
ම්ම්ම් ..
බට්ටි..
අපේ වෙඩින් එකට ඇවිත් ගියාට පස්සෙ කතා කලේම නෑ අම්මටවත්..
අම්මාත් මේ කියව කියව ඉන්නෙ…
පොඩ්ඩි රහසක් හිතේ තියාගෙන කතා කළේ බට්ටි ඒක දැනගන්න ඕන නෑ කියලා හිතලා…
එහෙමද….
ලොක්කි කතා කලේ නැද්ද ළඟදි…
නෑ බට්ටි..
ලොක්කිට දුක ඇති…
බබෙක්ව adupt කරන්න ඕන කියලා සෑහෙන කල් ඉඳන් කියනවා….
නිසල් අයියාගෙ අම්මා තමා කියන්නෙ…
නිසල් අයියා පස්ස ගහනවා….
හ්ම්ම් …
හරි එහෙනම් පරිස්සමින් ඉන්නවා
විටමින් අනම් මනම් ටික බොනවානේ වෙලාවට…
ඔව් ඔව්….
එහෙනම් තමුසෙත් පරිස්සමින් ගෙදර එනවා…
කෝල් එක කට් කලාට පස්සෙ බට්ටි හිතුවෙ තේජාන් කිව්ව දේවල් ඇත්ත කියලා…
මොකද අවුරුද්දක් යනකල් ගෙදරට කතා කරලත් නෑ…
විෂ්මි අක්කා එක්ක අවුලක් දාගෙන වගේ…
ඒත් එහෙම කියලා මට තේජාන් අයියට ළං වෙන්න බෑ.
**********************
දවස් ගෙවුණේ අස්විද ටිකින් ටික බට්ටිගෙන් ඈත් වෙමින්…
තේජාන් නැවතත් බට්ටිගෙ හිතට ළං වෙමින්…
තේජාන් කෑගල්ලෙන් පොඩි ගෙයක් අරන් තිබුණා…
ඒ වගේම ඒ පැත්තෙ කන්ස්ට්‍රක්ෂන් company එකක ජොබ් එකකුත් කළා…
තේජාන් හැමෝගෙන්ම වසන් වෙලා තමා ලංකාවෙ හිටයෙ…
බට්ටි ඒ ගැන ඇහුවම කිව්වෙ
ඒ බට්ටි නිසා කියලා..
ගෙදර ගියොත් බට්ටි ගැන බලා පොරොත්තු අත්හරින්න වෙන නිසා….
මේ විදියට ඉන්නවා කියලයි කිව්වෙ…
බට්ටි තාත්තටත් තිළිණටත් කිව්වා අස්විදව කසාද බඳින්න බෑ කියලා…
වෙන කාව හරි හොයන්න කිව්වෙ බේරෙනන්න…
ඒකටත් කාලයක් යනවානේ….
තිළිණගෙ වෙඩින් එක ගන්න කියලත් කොහොම හරි ගෙදර අයව පෙළඹෙව්වා…
අස්විද බට්ටිට කතා කරන්න ගොඩක් උත්සහ කළා…
ඒත් බට්ටි අස්විදව මග හැරියෙ හිතක් පපුවක් නැති ගානට…
රෝහලේදි අස්විදට බට්ටි පස්සෙ පන්නන්න බෑ…
අස්විද ඩොක්ට කෙනෙක් නිසා..
ආත්ම ගරුත්වයට හානි කරගන්න බෑ ..
ඒ නිසා අස්විද ගොඩාක් දුකින් හිටයෙ..
ඒත් බට්ටිගෙ තාත්තා කතා කරලා කිව්වට පස්සෙ..
අස්විද බට්ටි ගැන තිබ්බ අදහස සම්පූර්ණයෙන්ම අත ඇරලා දැම්මේ වේදනාවෙන් නමුත් තේරුමක් නැති දේවල් පස්සෙ දුවන එක පුරුද්දක් නොවෙන නිසා….
කලින් ඉඳන්ම රාගමට හදාගන්න හිටපු මාරුව නැවැත්තුවෙ බට්ටි නිසා…
අස්විද මාරුවීම හදාගෙන යන්න ගියෙත් බට්ටිව දැක දැක තවත් ඉන්න බැරි නිසා…
තේජාන්ව මුණ ගැහිලා දැන මාසයක් පමණ ගෙවිලා…
දැන් ආයෙම බට්ටි ගොඩාක් සතුටින්…
පොඩ්ඩිගෙන්වත් වෙන කාගෙන්වත් තේජාන් ගැන කිසිමදෙයක් දැනගන්න නොලැබුණ නිසා තේජාන් කිව්ව දේවල් බට්ටි විශ්වාස කළා…
තේජාන් කිව්වෙ….
විෂ්මි ඉගෙන ගන්න කාලෙ ඉඳලම
ස්විස් වල ඉඳපු boyfriend එක්ක ඉඳලා
අතටම අහුවුණ නිසා විෂ්මිව එහෙ දාලා තේජාන් ලංකාවට ආවා කියලා….
අනික තේජාන් විෂ්මිට නෙමේ බට්ටිට ආදරේ නිසා විෂ්මිටත් ඒක දැණුන හින්දා තමා ප්‍රශ්න වැඩි වුණේ කියලා…
එදා අනුහස්ගෙ වෙඩින් එකේදි විෂ්මි ළඟට ඇවිත් බලෙන්ම බට්ටි එක්ක කතා කලෙත් ඒ තරහට කියලයි තේජාන් කිව්වෙ…..
බට්ටි තේජාන්ව විශ්වාස කලේ…
ආයෙම බැඳුණේ තිළිණ දුන්න අවවාද වත් අමතක කරලා…
තේජාන් එක්ක මොනම විදියකින හරි සම්බන්ධයක් තියාගත්තොත් පවුලම අහිමි වන බව බට්ටිට අමතක වුණා…
බට්ටි…
නිවාඩු දවසට ගෙදර නෑවිත් තේජාන් ගත්ත නිවසේ නවතින තරමට දෙන්නාගේ සම්බන්ධය දුරදිග ගියා…
බට්ටි තමන්ගෙ හිතුවක්කාර ආදරේ ළඟ අන්ද වෙලා..
මැණික් ගලේ කකුල වැදුණත් කණා දන්නෙ නෑ වගේ..
අස්විද වගේ මැණිකකට පයින් ගහලා තේජාන්ලවගේ කළුගල් පතුරක් ළං කරගත්තා…
තවත් මාසයක් පමණ බට්ටි තේජාන් එක්ක නිළ නොලත් පවුලක් විදියට ගෙව්වා…
දැන් බට්ටි හොස්ටල් නෙමේ ඉන්නෙ…
කෑගල්ලෙ තේජාන්ගෙ ගෙදර ඉඳලා වැඩට ආවා ගියා…
තිළිණගෙ වෙඩින් එකට ළඟ නිසා තිළිණට බට්ටි ගැන අවධානය දෙන්න කාලයක් තිබුණෙ නෑ…
ඒත් ඉස්සර තරම් ගෙදර නොඑන එක ප්‍රශනයක් වුණත්…
දැන් ආවත් ලොක්කියි පොඩ්ඩියි නැති නිසා කම්මැලිනෙ ඒ නිසා OT දාගෙන කරනවා කියලා තමා අම්මට කිව්වෙ
තේජාන් හදිස්සියෙම රට ඉද්දි කරපු project එකක වැඩකට කියලා සතියකට ආපහු යනවා කියලා බට්ටිට කිව්වා…
බට්ටිත් තේජාන්ව විශ්වාස කළා…
නමුත් මාසයක් යනකලුත් තෙජාන් ආයෙ ආවෙ නෑ…
ඒ වෙද්දිත් බට්ටි මාස 2ක ගැබිණියක්…
බට්ටි අසරණ වුණේ ….
කලින් කවරදාකටත් වඩා….
දැනෙන අපහසුතා මැද්දෙම බට්ටි ගෙදර ආවෙ වෙන කරන්න දෙයක් නැති නිසා…
ඒත් ඒ වෙනකොට බට්ටිත් තේජානුත් ගැන කෙනෙක් විස්තර හොයමින් හිටයා…
ඒ තිළිණගෙ කීමට….
තිළිණගෙ අඳුරක කෙනෙක් බට්ටි කෑගල්ලෙ ගෙදරක ඉඳලා වැඩට යක එන බව දැනගෙන තිබ්බා…
හැබැයි බට්ටිව තනියම තමා ඒ කෙනා දැකලා තිබ්බෙ..මොකද තේජාන් මාසයක් තිස්සෙ ඒ ගෙදර නෑ….
බට්ටි ගෙදර ආවට හිටියෙ හරිම අපහසුවෙන්..
ගර්භණී සමයේ මුල් අවධිය…
නමුත් බට්ටි ඒ සේරම සඟවාගෙන දවස ගෙව්වේ
මොකද බට්ටියෙ අද උඹ අමුතු වෙලා..
එහෙම එකක් නෑ අනේ….
අම්මට විකාර…
ඔව් ඔව් මට විකාර ..
හෝන්දුමාන්දුවෙලා වගේ…
මම දැක්කා කෑම එකත් අතගානවා..
කෝ බං අර අපේ ගෙදරම පිරෙන්න කිචි බිචි ගගා හිටපු බට්ටි…
හැමදාම එක වගෙ බෑනෙ අම්මා..
අද නිකං මට උණ ගන්න වගේ..
මේ දවස් වල hospital එකේ තිබ්බා වෛරස් උණක්…
අම්මා මට කරවල තෙල් දාලා කොච්චි සම්බෝල හදලා දෙන්නකො බත් කන්න…
කට අප්පිරියයි වගේ…
හා හා..
මම හදන්නම්…
ටිකක් නිදාගනිංකො…
**********************
අම්මා….
අද බට්ටි ආවද ගෙදර..
ඔවු පුතේ මොකද තරහෙන්…
කෝ ඕකි…
මම අද ඕකිව පට්ට ගහනවා….
එන්න කියන්න…
මේකි අපේ ආදරේ හුරතලේ විහිළුවකට අරන්…
ඒ විතරක් නෙමේ අපේ පවුලම විහිළුවට අරන්..
එන්න කියන්න අම්මා..
මොකද බං මේ..
ඒකි නිදි සනීප නෑ…
මම සනීප කරවන්නං…
කතා කරන්න මම කාමරේට ගිහින් කොණ්ඩෙන් ඇදන් එන්න කලින්…
මල්ලී…
අැයි මේ..
ගේට්ටුව දිහාට ඇහෙනවා සද්දෙ..
නිසලුත් ලොක්කිත් ගෙට ගොඩ වුණේ ඒ වෙලාවෙ..
තවත් සිහිනයකින් හමුවෙමු ….
කඩු කිණිසි අරන්
එන්න බලන්න කස්ටිය….