මිහිදුම් සිහින…..59

59 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

විෂ්..

ෂ්ෂ්ෂ්ෂ් …..
තේජාන්…
මමයි කතා කරන්නෙ…
තමුන් අහගෙන ඉන්නවා…

මම කවදාවත් තමුසෙට divorce එක දෙන්නෙ නෑ…
ඒ වගේම කසාද අයිතිය දෙන්නෙත් නෑ….
තමුසෙගෙ දේවල් මොකුත් වෙන කාටවත් අයිති වෙන්නත් බෑ…
තමුසෙ රැවැට්ටුවෙ මාව…
රණවීරගෙ දුව විෂ්මිව….
ඩැඩා ලංකාවෙ නැති එක ගැන සතුටු වෙනවා….
එහෙම වුණා නම් තමුසෙට මෙතනම වෙඩි තියලා දානවා…..
දැන් යනවා යන්න ඕන දිහාවක…
හැබැයි මතක තියාගන්නවා…
තමුසෙට අර කෙල්ලව බඳින්න බෑ…
මොකද මම කවදාවත් තමුසෙට ,divorce එක දෙන්නෙ නෑ…
ඒ වගේමයි මම තමුසෙගෙ ගෑණි වෙන්නෙත් නෑ තව දුරටත්…..

මට පුතාව බලන්න දෙනවද විෂ්…
තේජාන්ගෙ අර තිබුණ උද්දච්චකම, මහන්තත්ත කම දැන් කොහෙ ගිහින්ද හොයාගන්න වත් නෑ…
අන්ත අසරණ වෙලා ….

බෑ..

විෂ්…
මගෙ ඉවසීමේ සීමාව පන්නන්න එපා…
Divorce එක දෙන්නෙ නැත්නම් මට ළමයව බලන්න තහනම් කරන්න තමුන්ට බෑ…
එහෙම වුණොත් මමයි පොලිසි යන්නෙ..
මටත් තමුන්ව divorce කරන්න ඕන නෑ…
කියලා තේජාන් යන්න ගියා….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බට්ටිගෙ අම්මා හැමදාමත් හැමොටම හොරෙන් කඳුළු හැළුවේ බට්ටි නමින්….
ඒ විතරක් නෙමේ..
තේජාන්ගෙ අම්මාත් කඳුළු හංගමින් ජීවත් වුණා…
තාත්තලා දෙන්නා වුණත් දැඩි තීරණ ගත්තත් හිත ඇතුලින් හඬා වැටුණා….
මොනවා වුණත් ඒ තම ලෙයින් ජාතක වුණ දරුවෝ…
තිළිණ…
නොපෙන්නුවට,
කෙල්ලො තුන්දෙනාගෙන් වැඩියෙන්ම ආදරේ කලේ බට්ටිට..
ගෙදර හුරතලේ…
පොඩ් එකී….
තිළිණත් හරිම දුකෙන් හිටියෙ…
ඒත් බට්ටි කලේ සමාව දෙන්න පුළුවන් වැරැද්දක් නෙමේ….
තේජාන් බැඳලා divorce එක අරන් තිබුණා වුණත්,
එහෙම කෙනෙක්ව බඳින්න වුණත් ක්‍රමයක් තියෙනවා
බට්ටි කලේ සේරම අමතක කරලා වෙන ගෑණියෙක්ගෙ මිනිහෙක් එක්ක එක ගෙදරක පවුල් කාපු එක..
තිළිණගෙ විවාහයත් සිද්ද වුණා….
බට්⁣ටි නැතුව…

පොඩ්ඩිට අනුහස් වගේම පවුලේ හැමෝම උපදෙස් දුන්නේ බට්ටි ගැන හිතලා දුක වෙලා දරුවට කරදරයක් කරගන්නෙපා කියලා..
පොඩ්ඩිට දුක නැතුව නෙමේ….
ඒත් තමන්ගෙ කුසේ වැඩෙන දරුවා වෙනුවෙන් පොඩ්ඩි ඒ ගැන හිතලා දුක් නොවී ඉන්න උත්සහ කළා…
බට්ටිට වුණ දේට තමනුත් වග කියන්න ඕන කියන සිතුවිල්ල අයින් කරගන්න
ලොක්කි ගොඩාක් උදව් කළා පොඩ්ඩිට…

පොඩ්ඩි…
ඇයි ඔහොම බොරුවට තමන් නොකළ වරදකට දුක් වෙලා..
මේ නූපන් දරුවට වදයක් වෙන්නෙ..
ඔයා දැන් හිතන්න ඕන මේ බඩේ ඉන්න දරුවා ගැන මිසක් හිතුවක්කාර බට්ටි ගැන නෙමේ…
ඔයා වගේම මමත් බට්ටිට ආදරෙයි…
ඒක නොදන්නවා නෙමෙයිනේ….
ඒත් පොඩ්ඩි..
අපි එයාට මුල ඉඳලම තේජාන් ගැන දේවල් කිව්වෙ නෑනෙ…
එයත් ඒක දන්නවා…
අපි කියන නොකියන දේවල් එක්ක නෙමේ බට්ටි තීරණ ගන්නෙ…
එයාගෙම මුරණ්ඩු හිතෙන් හිතලා
එයා කැමති දේ තමා කරන්නෙ….
අපි දෙන්නම පොඩි කාලෙ ඉඳන්ම ඒක නොදන්නවා නෙමෙයිනෙ….
ඉතිං ඇයි එහෙනම් ඔයා හිතන්නෙ විෂ්මි අක්කාට බබා ලැබෙන්න
ලංකාවට ආවා කියලා කිව්වෙ නැති නිසයි බට්ටි අමාරුවෙ වැටුණෙ කියලා…
⁣⁣බට්ටි ළදරුවෙක් නෙමෙයිනෙ….
කෙහොම වුණත් තේජාන් කියන්නෙ එක පාරක් එයාව දාලා ගිහින් වෙන කෙනෙක්ව බැඳපු මිනිහෙක්..
එයාට තව එක පාරක් නෙමේ..
දහ දෙළොස් පාරක් හිතන්න තිබුණා..
එහෙව් මිනිහෙක්ව ආයෙ විශ්වාස කරන්න කලින්…
බොරුවට තමුසෙගෙ පිටට වැරදි දාගෙන මේ නොදරුවට වැරැද්දක් කරන්නෙපා හලෝ…

ඔව් ලොක්කි ඔයා කියන කතාව හරි…
ඒ මොනවා වුණත් ඒ අපේ බට්ටිනෙ ලොක්කි….
ඒකයි වාවන්නෙ නැත්තෙ…
⁣තමුසෙගෙ වෙඩින් එක වෙනකල්ම අපි තුන්දෙනා හිටපු විදිය කොහොමද අමතක කරන්නෙ….
ඔක්කොම මේ තේජාන් අයියා නිසා….
වෙලාවකට මට අනුහස් එක්කත් තරහයි ලොක්කි..
තේජාන් කියන්නෙ අනුහස්ගෙ අයියානෙ මොනවා වුණත්….

එහෙම හිතන්නෙපා පොඩ්ඩි …
අනුහස් මල්ලි
තේජාන්ගෙ මල්ලි වුණාට ඒ ළඟින් වත් තියන්න පුළුවන් ගතිගුණද තියෙන්නේ…?
අනුහස් මල්ලි ඒ අතින් දෙව් කෙනෙක්නෙ…
මෝඩියෙක් වගේ ඒ මනුස්සයාට දඬුවම් කරනවා එහෙම නෙමෙයි තේජාන් අයියාගෙ වැරදි වලට….
හරිද…
මම බට්ටි ගැන හොයලා බලනවා කවුරු එපා කිව්වත්
ඒ නිසා තමුසෙ දැන් හිත සන්සුන් කරගෙන ඉතුරු මාස දෙක තුන පරිස්සමින් ඉන්නවා….
දූ පැටියා එනකල් මමත් ආශාවෙන් ඉන්නෙ…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

තේජාන් බට්ටිත් එක්ක නැවතත් කෑගල්ලෙ ගෙදරටම ආවෙ දැන් කාගෙන්වත් ආයෙ බධාවක් නැති නිසා…
බට්ටිට නම් ගෙදර මිනිස්සු එයා නිසා විඳින දුක් ගැන මතක් නොවුණ තරම්…
තේජාන් බට්ටි ළඟ ඉන්න නිසා….
⁣වලංගු නොවුණත් තේජාන් බට්ටිව කසාද බැන්දේ බට්ටිගෙ ඉල්ලීමට…

ඔයා මාව බඳින්නම ඕන..
මට මනමාලියෙක් වෙන්නම ඕන…
නිදාගන්න ඇවිත් බට්ටි කිව්වා…
බට්ටි තේජාන්ට දවස ගානෙ වද දුන්නේ හිතේ තියෙන දුකට වෙන්න ඇති…

හරි බබා…
අපි බඳිමු…
හෙට ගිහින් ඔයා ආසම විදියෙන් සාරියක් ගමු මගෙ චූටි බෝම්බෙ දැන් cool down වෙන්නකෝ….
තේජාන් බට්ටිව තුරුල් කරගනිමින්ම කිව්වා..

හ්ම්ම් …
මට ගෝල්ඩ් පාට kandian ඇඳලා ඔයා full kit ඇඳලා ලස්සන ෆොටෝ එකක් අරන් ඕන සාලෙන් තියන්නයි..
අපේ room එකේ ඇඳ ළඟ ගහන්නයි…
හාද…

හරි මගෙ වස්තුවේ…
එක්ක නෙමේ ඕන තරම් අරගමු
හැබැයි මට මගෙ චූටි බෝම්බෙව ඕන….
තරහා අරන් කෑ ගහන්න බෑ…
හරිද…
වෙච්ච දේවල් සේරම අමතක කරලා ආදරෙන් ඉන්න
දැන් මම ඔයා ළඟනේ…

ම්ම්ම් ….
මට තව මෙරූන් පාට ලස්සනම ලස්සන ලොකූ ගවුමක් ඇඳලා..
ඔයාත් අර පප්පා පටි දෙකක් එහෙම දාලා අඳින විදියට ඇඳලා දෙවනි දවසෙ වගේ ෆොටෝ ගන්නත් ඕන..
බට්ටි තේජාන තුරුලට වෙලා තමන්ගෙ හිතේ තිබ්බ ආශාවල් දිග අරිනවා….

එහෙමද ආස..
හා හා…
එහෙම කරමු…
අශ්ව කරත්තයක් එපාද එහෙම ඇඳලා කැනදගෙන එන්න ම්ම්ම් …
තේජානුත් බට්ටි එක්ක හුරතල් වුණේ මේ ටිකේම තිබ්බ ප්‍රශ්න ගැන මෙහොතකට අමතක කරලා…

එහෙම තිබ්බා නම් හොඳයි වගේ..
පුළුවන්ද මගෙ දිගංචියාට අශ්ව කරත්තයක් ගේන්න
😉 අහැකුත් ගහලා බට්ටි ඇහුවා….

බලමුකො…
දැන් දොයිය ගන්න මගෙ දඟමල්ල…
තේජාන් බට්ටිවත් තුරුල් කරගෙනම නින්දට ගියා….

*************

තේජාන් විෂ්මිටත් බට්ටිටත් දෙන්නාටම බයෙන් වගේ….
දෙන්නම කියන දේවල් කළේ…
මේ දේවල් ඇදිලා ඇවිත් ප්‍රසිද්ද වෙලා….
තේජාන්ගෙ status එකට අවුලක් වෙයි කියලා..
තේජාන්ට ලෝකෙට පේන්න තේජාන් සූරියආරච්චිම වෙලා
ඔළුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් වෙන්නෙ අනිත් හැමදේම රහසක් වෙලා තියෙනකල්…
ඉතිං තේජාන් විෂ්මි කිව්ව විදියට divorce ඉල්ලන්න ගියෙත් නෑ…
තේජාන්ට අයිති සේරම දේවල් විෂ්මිටත් දරුවටත් දීලා.
බට්ටි කිව්ව විදියට බට්ටිව බැඳලා බට්ටි ළඟට වෙලා ඉන්නවා….
බට්ටිට කවදත් තේජාන්ගෙ දේපල වත්කම් වල අවශ්‍යතාවයක් තිබුණෙ නැති නිසා තේජාන්ට එතනදි ගැටළුවක් වුණේ නෑ….
හැබැයි තේජාන් කෑගල්ලෙ ගෙදර බට්ටි නමට ලිව්වා..

බට්ටිට ලැබෙන්න හිටපු දරුවා ගැන නම් තේජාන්ට ලොකු ආදරයක් තිබ්බෙ නෑ…
ඒත් බට්ටිට වෙනසක් දැනෙන්න තිබ්බෙත් නෑ…
ඕන කරන දෙවල් බට්ටිට ගෙනත් දුන්නා…
මේ විදියට මාස දෙකක් ගෙවිලා ගියේ..
බට්ටි තමන්ගෙ පවුලෙ අය අමතකම කරලා දාලා…
තේජාන් එක්ක ගොඩාක් සතුටින් ආදරෙන් ජීවිතය විඳිමින්…

ලොක්කි බට්ටිට ඉඳලා හිටලා කතා කළේ බට්ටිත් දැන් අම්මා කෙනෙක් වෙන්න යන නිසා….
ලොක්කිට තාමත් නොලැබුණ ඒ හිමිකම නංගිලා දෙන්නම විඳිමින් හිටයා….
පොඩ්ඩි ඒ අත්දැකීම හොඳින්ම ලැබුවේ
මුළු පවුලකම ආදරේ, රැකවරණය මැද ගර්භණී කාලය ගෙවන නිසා…
ඒත් බට්ටිට තනිවම ඒ අත්දැකීමට
මූණ දෙන්න වෙලා….
ඒකයි ලොක්කි ගොඩක්ම බට්ටි ගැන බලන්න හේතුව

බට්ටිගෙ කුසට දැන් මාස 4ක්…
තේජාන් හැම සෙනසුරාදාකම හවස විෂ්මිගේත් තේජාන්ගේත් දරුවා බලන්න ගිහින් ඉරිදා හවස ආයෙම එනවා…
විෂ්මි සේවකයන් එක් විෂ්මිගෙ ගෙදර හිටියෙ..
විෂ්මිගෙ දෙමව්පියන් දැන් පදිංචි මැලේෂියා වල…
මේ ප්‍රශ්න දැනගෙන විෂ්මිට එහෙ එන්න කිව්වත් විෂ්මි සූදානම් නෑ දරුව⁣ට තාත්තව අහිමි කරන්නත්….
විෂ්මි බැඳිම් ගැන මහ ලොකුවට නොහිතුවත්..
දරුවෙක්ට අම්මා වගේම තාත්තත් ඕන කියලයි හිතුවෙ..
ඒකයි divorce එක නොදුන්නෙත්..
විෂ්මි කියන්නෙ නරක කෙනෙක් නෙමේ…
එයාගෙ හැදුන විදියයි වෙනස්..
බටහිර පන්නෙට හැදුණ විෂ්මි ආද⁣රේ කලේ නම් නියම ආසියාතික ගැහැණියක් වගේ…

එදත් තේජාන් විෂ්මිගෙ ගෙදර ගිය දවසක්..
බට්ටි රෝහලට ගිහින් එද්දි හවස 7 විතර වුණා…
අද තනියම ගෙදර කියලා දන්න නිසාම කඩෙන් ඉඳිආප්ප ටිකකුත් අරන්ම ගෙදර ආවේ…
දැන් බට්ටි ඉන්න ගේ අවට අයත් බට්ටිව අඳුරනවා….
මහ පාරෙ ඉඳලා මීටර් 100ක් විතර ඇතුළට වෙන්න තමා ගේ තිබුණෙ…

ආ මිසී නෝනා…
අද පරක්කුයි නේද ටිකක්…

ඔව් නැන්දෙ….
කඩේට ගියා ඉඳිආප්ප ටිකක් ⁣ගන්න..
සෙනග හිටියා..

මම අහන්නමයි හිටියෙ…
හැම සෙනසුරාදම මිසීගෙ මහත්තයාගෙ වාහනේ ගෙදර නෑ නේද…

ආ ඔව්නේ සෙනසුරාදාට ගොඩක් වෙලාවට මහත්තයා කොළඹ යනවා …
එතකොට මහ ගෙදරත් ගිහින් තමා එන්නේ…
මහත්තයා කොළඹනේ…

අනේ ඉතිං ඒ වුණාට….
නෝනෙ ඉන්න තත්වෙ එක්ක
තනියම දාලා ඔහොම යන්න පුළුවන්ද
මහත්තයෙක්ට…

මට එහෙම ගානක් නෑ…..
අම්මලාව බලන්නත් එපැයි…….
මම යනවා නැන්දේ….
බට්ටි ඉක්මනින් එතනින් ආවෙ තව මොනවා අහයිද නොදන්න නිසා…

ඇඟපත හෝදගෙන ගෙනාව ඉඳිආප්ප ටිකත් කාලා 9ට විතර නිදාගන්න ආව බට්ටිට වෙනදට වඩා ඇඟට අපහසුවක් දැණුනා….
බඩත් කොන්දත් රිදෙනවා වගේ දැණුණා…
ඇඟම දහඩියෙන් පෙඟුණා…
යටිබඩෙන් ආව අධික වේදනාව ඉවසගන්නම බැරි වෙද්දි…
ෆෝන් එක අරන් එහා ගෙදරට කෝල් එකක් ගත්තා..
බට්ටි තනියම ඉන්න වෙලාවට හදිස්සියක් වුණොත් කියලා කතා කරන්න ඒ ගෙදර නම්බර් එක ඉල්ලගෙන තිබුණේ…
එහෙ ඉන්නෙත් අවුරුද්දක විතර බබෙක් ඉන්න තරුණ ජෝඩුවක්…

අනේ නිමාලි අක්කේ…
මට ටිකක් අමාරුයි එන්නකෝ….
වම්පැත්තෙ කාමරේ ජනේලෙ ළඟට එන්න යතුර දෙන්නම්..
මට නැගිටගන්න බෑ අක්කේ….

හරි නංගි ඉන්න ඉක්මනට එනවා….

බට්ටිගෙ කාමරේ ජනේලෙන් යතුර ගත්ත නිමාලි ගේ ඇතුළට එද්දිත් බට්ටි කොන්ද අල්ලගෙන අැඳ උඩම ඇඹරෙනවා….
ඒ වෙද්දිත් බට්ටිගෙ ඇඳුම ලෙයින් පෙඟිලා තිබ්බෙ…
බට්ටි සිහි මද ගතියකින් හිටියෙත්….
නිමාලිට තේරුණා වෙලා තියෙන දේ..
ඉක්මනින් තමන්ගෙ මහත්තයාට කතා කරලා වාහනයකුත් කතා කරගෙන කෑගල්ල මහ රෝහලට බට්ටිව ඇතුල් කළා…..
බට්ටිගේ දරුවා බට්ටිව අත ඇරලා යන්න ගිහින් තිබුණා….
පහුවදා බට්ටිගෙන් අහගෙන තේජාන්ට පණිවිඩේ දුන්නෙ නිමාලි….
ඒ වගේම බට්ටි නිමාලිට කිව්වා ලොක්කිට කතා කරලා කියන්න කියලා…

තේජාන් පණිවිඩේ ලැබුණත් විෂ්මිට බයට එවෙලෙම පිටත් වුණේ නෑ…
හවස් වෙලාමයි ආවේ…
ලොක්කි නම් නිසල් එක්ක ඉක්මනින් කෑගල්ල රෝහලට ආවේ මේ වෙද්දි ලොක්කිලත් කාර් එක්ක අරන් තිබ්බ නිසා…

මගෙ බට්ටි …
අනේ පැටියෝ…
මොකද වුණේ …
ඔයා පරිස්සමින් හිටයෙ නැද්ද…

නෑ ලොක්කි…
එහෙම මොකුත් වුණේ නෑ…
එක පාරම නිකන්ම මේක වුණේ…
අඬමින්ම බටටි උත්තර දුන්නා…

කෝ දැන් තේජාන්..
නිසල් ඇහුවෙ වට පිට බලලා තේජාන් පේන්න වත් නැති නිසා..

නිසල් අයියෙ…
එයා පුතාව බලන්න විෂ්මි අක්කලාගෙ දිහා ගිය ගමන් දැන් එයි…
පණිවිඩේ දුන්නා….

නිසල් එතනින් එහාට මොකුත් කිව්වෙ නෑ…
බට්ටිට නිසල් වුණත් ආදරේ කළේ තමන්ගෙම නංගිට වගෙ…

එහෙම එකේ බට්ටි මේ ගෙවන ජීවිතේ ගැන නිසල්ටත් දරාගන්න බැරි තරම්…
තේජාන්ගෙ හොර අඹුව වෙලා කිසිම ගාණක් නැතුව කසාද ගෑණිත් දරුවත් බලන්න යන එක ඉවසගෙන
ඉන්නවා…
ආදරේ ඇති වෙන්න තිබ්බ පවුලම අත අැරලා..
එක පාරක් දාලා ගිය ආත්මාර්ථකාමී මිනිහෙක් වෙනුවෙන් ජීවිතේ ගෙවනවා…..
හම්බෙන්න හිටපු දරුවා නැති වෙලා…
දරුවගෙ තාත්තා නෑ අම්මාගෙ දුක බෙදාගන්න…

බට්ටිත් ඒකට හුරු වෙලා වගේ…..
තේජාන්ගෙ පරක්කුව ගැන වගක් නෑ…..

අවසන් සිහිනයෙන් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *