#මුලා_වූ_පෙම්වතී 08

💕අටවන දිගහැරුම💕

රෑ 7ට විතර කමලම්මා ඇවිත් කිව්වාම මං කමලම්මා පස්සෙන් ආවා. මිදුලේ බෙන්ච් එකක ඉඳගෙන කෝල් එකක ඉන්න දේෂුව මට පෙන්නලා කලලම්මා කුස්සිය පැත්තට ගියා.

මං හිමීට දේෂු හිටපු තැනට ඇවිදන් ගියේ දැන් මෙයා මං ගැන අහයිදෝ කියලා හිතමිනුයි.

කෝල් එකේ ඉන්න ගමන්ම එයා මට අතින් කිව්වේ එතනින් වාඩිවෙන්න කියලයි.

මං ඉතිං කල්පනා කර කරම වාඩිවුනා. අනේ ප්ලීස් දෙවියනේ මෙයාට මං ගැන අහන්න එපා කියන්න.😔😔
මං අහස දිහා බලාගෙන ප්‍රාර්ථනා කලේ මට වෙච්චි දේවල් කියන්න හයියක් නැති නිසාමයි.

“හ්ම්.. නංගියො.. ටිකක් කතා කරන්න ඕනි ඔයත් එක්ක”

දේෂු එහෙම කියාගෙනම ෆෝන් එකත් පැත්තකින් තියලා මං දිහාවට හැරුනා. ඔව් දැන්නම් මට ඉවෙන් වගේ තේරෙනවා මගෙන් මෙයා අහන්න හදන දේ.

“ඔය ඉතිං අහන්නත් කලින් බය වෙලා. 😄😄 මං ඔයාගෙම අයියා කියලා හිතන්නකෝ එතකොට බය නැති වෙයි.”

දේෂු කිව්වේ මගේ ඔලුවත් අතගාලා. මගේ ඇස් වලට කඳුළු ආවේ මං කවුදවත් නොදැන මට දෙන මේ ආරක්ශාව සෙනෙහස නිසයි. අර තරම් මං ආදරේ කරපු විරාජ් මට කරපු දේ එක්ක මේ ඉන්නේ දෙවි කෙනෙක් කියලයි මට හිතුනේ.

“මට තේරුන විදියට ඔයාට ලොකූ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නේද නංගෝ. ඔයා මොකකට හරි බය වෙලා තියෙනවා. ඊයේ පාන්දර උන විකාරෙන්ද හීනෙන්ද මංදා ඔයා කෑගැහුවා. හොඳ ළමයා වගේ මට කියන්න ඔයාගේ ප්‍රශ්නේ.”

දේෂු අන්තිම ටික කිව්වේ මගේ ඔලුවත් අතගාලමයි. මගේ ඇස් උඩ ගියේ මං හීනෙන් කෑ ගැහුවා කියපු එකට.

“මහත්තයෝ මං … මො..මොනා කියලද කෑ ගැහුවේ…”

“හ්ම්.. පිස්සි මං ඔයාගේ අයියනම් ඇයි මහත්තයා කියන්නේ… ම්.. අයියා කියන්න.. පස්සෙ බැරියෑ මහත්තයා කරගන්න”

දේෂු කිව්වේ තොලත් හපාගෙන ඇහැකුත් ගහන ගමන්. මං එකපාරට එයා දිහා බැලුවේ ඒ කියපු කතාවට.

“හෝව් හෝව් විහිලුවක් කරේ… අම්මො.. ඔච්චර බයද… හරි හරි දැන් කියන්නකෝ”

එයා ආපහු විහිලු නවත්තල සීරියස් උනා. ඒත් දෙයියනේ මං කටක් ඇරලා කොහොමද කියන්නේ…

“හ්ම් කියන්න එහෙනම් එදා රෑ දුවන් ආවේ ඇයි. ඒ තරම් රෑක..”

මං ටිකක් වෙලා එයා දිහා බලන් හිටියා. ඔව් මං මේ හැමදේම කාටම හරි කියන්න ඕනිමයි.

මට මේ තරම් උදව් කරපු මේ මනුස්සයා මං ගැන ඇහුවාම මාව පන්නලා දමාවි. ඒත් කමක් නෑ. හොඳම දේ මං ඇත්තම කියනවා කියලා මං හිතාගත්තා.

මං හිමීට දේෂු දිහා බැලුවේ ඇත්තම කියන්න. එයා මං දිහා බලාගෙන ඉන්නවා.

“හ්ම් හරි නේද දැන් කල්පනා කලානේ. දැන් කියන්න එහෙනම්.”

එයා කිව්වේ හරියට මං හිතපු හැමදේම දන්නවා වගේ.

“අ..අයියේ.. ඇත්තටම මට ලොකූ කරදරයක් උනා.. එදා රෑ මං හිටියේ එතනින් පැනලා එන ගමනුයි.”

මං එහෙම කියලා එයා දිහා බැලුවේ මොනවා කියයිද කියලයි.

“කොහෙන්ද පැනලා ආවේ.. මොකද්ද කරදරය. මට හැමදේම කියන්න නංගි”

දේෂු එහෙම කිව්වාම ලොකු හුස්මකුත් අරන් මං කතාව පටන් ගත්තා.

ගමෙන් ගාමන්ට් එකට ඇවිත් විරාජ්ව හම්බවුන දා ඉඳලා හැමදේම මං දේෂුට කිව්වා. ඒ දේවල් කොච්චර වේදනා ගෙනාවත් හැඬුම් ආවත් මං හැමදේම කිව්වේ දේෂු ගැන මට විශ්වාසයක් දැනුන නිසයි.

හැමදේම කියලා ඉවර වෙලා මං එක මොහොතක්වත් එතන නොයිඳ කාමරේට දිව්වේ මට වෙච්චි දේවල් එක්ක දේෂුගේ මූණ බලන්න හයියක් නැති නිසයි.

මං එහෙමම ඇඳට වෙලා ඇඬුවා. ඔව් මට මං ගැනම දැනුනේ දුකක්. මං මේ තරම් අසරනද 😔😔😔

මං පැය බාගයක් විතරම එහෙම අඬන්න ඇති. ටිකකින් කවුදෝ මගේ ඔලුව අතගානවා දැනුන. ඒත් මට ඔලුව උස්සන්න හිතුනේ නෑ.

“නංගි…”

ඔව් ඒ දේෂු. මට බෑ එයාගේ මූණ බලන්න දෙයියනේ .

“නංගි දැන් නැගිටින්න ඉතිං ….”

“මං මහා පව්කාරියක් මහත්තයො. මං මං දැන්ම මෙහෙන් යන්නම්. මහත්තයටත් හොඳ නෑ මං වගේ කෙල්ලෙක් මෙහෙ තියාගන්න එක.”

ඔලුව උස්සන්නෙත් නැතුවම මං කියාගෙන ගියේ ඇත්තටම මගේ හිතට දැනුන දේ. මට මාවම එපා වෙලා තියෙද්දි මට වෙච්චි දේවල් එක්ක මේ මනුස්සයාගේ නමටත් කැලලක් ඇතිවෙයි කියලයි මට හිතුනේ.

මං ඒ ටික කියලා ඉවර වෙනවත් එක්කම මාව එකපාරට ඇදිලා යනවා වගේ විතරයි මට දැනුනේ. ඔව් මාව දේෂු ඇදලා අරගෙන මං හිටියේ එයාගේ පපුවට හේත්තු වෙලා.

“දැන් ඔහොම කියන්නේ ඔයා එතනට ගියේ කැමැත්තෙන්ද. ඌ එක්ක හිටියේ කැමැත්තෙන්ද. එහෙනම් ඇයි පැනලා ආවේ 😬😬😬

මාව පපුවෙන් මෑත් කරලා මගේ මූණ දෝතින් අරන් දේෂු කියාගෙන ගියේ කේන්තියෙන් රතු උනු ඇස් වලින් මං දිහා බලාගෙනමයි

මං ඔහේ බලාගෙන හිටියා. බයටම මට තවත් ඇඬුනා.

“අඬන්න නෙවේ කතා කරනවා..😬😬😬

එයා තවත් හයියෙන් කෑ ගහද්දී මගේ හැඬුම් වැඩි උන්නා. ඔව් මං බයයි කෑ ගහනවට. දේෂුගේ කේන්තියෙන් රතු වෙච්චි ඇස් දැක්කාම තවත් බයයි.

“නංගි මේ අහන්න. ඔයා වරදක් කලේ නෑ. ඔයාවම පහත් කරලා සලකන එක නවත්තන්න “

මගේ උරහිස් වලින් අල්ලන් එහෙම කියපු දේෂු එතනින් නැගිටලා බිත්තිය ළඟට ගිහින් බිත්තියට අත මිටි කරලා ගහලා දෑතින්ම හිස කෙස් පස්සට ඇදගත්තා.

මං හිතන්නේ එයා උත්සහ කලේ කේන්ති නිවාගන්න. ඊළඟට ආපහු මං ළඟට ආවා. ඇඬුම් නැවතිලා උනත් තාමත් මගෙන් ඉකියක් පිට උනා.

එකපාරට මගේ අතින් ඇදගෙන ගියා. මාවත් එයා පස්සේ ඔහේ ඇදිලා ගියේ එයාගේ ශක්තිය මට වඩා වැඩි නිසා වෙන්න ඇති.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

ඊයේ කතාව නොදැම්මට සමාවෙන්න යාලුවනේ …

ම්… මොකද හිතන්නේ… කොහේටද දේෂු විරූව එක්කන් ගියේ.

අලුත් කවර් එක කෝමද…..

Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයි ……😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *