#මුලා_වූ_පෙම්වතී 10
දහවන දිගහැරුම
මොකක් විරූ.. මෙයා කොහොමද දන්නේ මට යාලුවො කියන්නේ විරු කියලා. මං කිව්වේ නෑනේ.
මට ඒ ගැන දැනුනේ ලොකු පුදුමයක්. මං ඒ ගැන හිත හිතම පහළට ආවා .
විනාඩි පහක් වගේ යද්දී දේෂු පහළට ආවා. ඇවිත් එයා මේසෙන් වාඩිවෙලා මටත් ඉඳගන්න කිව්වා.
මට දැන් දේෂුගෙන් අහන්න ප්‍රශ්න කෝටියයි. කෝමද අහන්නේ කියලයි මං හිත හිත හිටියේ.
“කෙල්ල මොකෝ අහස පොළව ගැට ගහන්නද ඔච්චර කල්පනාව..“
දේෂු එහෙම අහද්දියි මං මේ ලෝකෙට ආවේ.
“විරූ.. ඒ නම ඔයාට මැච් වෙනවා. ලස්සනයි ඒක…”
එයා පිඟානට කෑම බෙදාගන්න ගමන් එහෙම කියද්දි මං ආයෙම එයා දිහා බැලුවේ පුදුම වෙලා.
“අයියා කෝමද දන්නේ ඒ නම..“
බැරිම තැන මං ඇහුවා. එතකොට එයත් පුදුම වෙලා මා දිහා බලා ඉන්නවා.
“ඇයි ඔයාට ඒ නම කියනවද.”
“ඔව් මට යාලුවෝ කතා කරන්නේ ඒ නමින්.”
“අන්න දැක්කනේ.. එහෙනම් ඒක ඔයාටමයි හරියන්නේ…”
“අයියා ඇයි ඒ නම කිව්වේ. මං හිතුවේ දැනගෙන කිව්වා කියලා.”
මං එහෙම අහද්දි දේෂුගේ පිටිපස්සට වෙලා කමලම්මා හෝ ගාලා මට අතින් මොනාදෝ කියනවා. මට තේරුන විදියට ඒක අහන්න එපා කියලයි කිව්වේ.
“කමලම්මගේ කෑම අපේ අම්ම උයනවා වගේමයි.”
මං ඉක්මනට කතාව වෙනස් කරන්න හිතාගෙන එහෙම කිව්වාම කමලම්ම හිනාවෙලා හුස්මක් හෙලුවේ දේෂුත් ඊට පස්සේ කමලම්මා ගැන කියවන්න ගත්ත නිසයි.
“ඔව් විරූ කමලම්මා උයන කෑම වලට මං හරි කැමතී. “
මට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ ඇත්තටම. දේෂු මං ගැන දන්නෙත් නැතුව මට විරූ කිව්වා. මං ඒ ගැන අහද්දී කමලම්මා මාව නැවැත්තුවා. මොකද්ද මේ දේවල් වලට හේතුව.
මං ඒ ගැන හිත හිතම කෑම කෑවා. අන්තිමට කුස්සිය අස් කරන්නත් කමලම්මාට උදව් වෙලයි මං කාමරේට ආවේ.
හ්ම් හෙට ජොබ් එකකුත් ලැබෙන නිසා හිතේ ප්‍රශ්න තිබ්බත් මං හිටියේ සතුටින්.
උදේම ඇහැරිලා මං ගියේ කුස්සියට. වෙලාව 5ට ඇති. කමලම්මා තේ හදන්න ලෑස්ති වෙනවා.
“ගුඩ් මෝනින් කමලම්මා ..”
“ආනේ දුව ඇහැරුනාද. ඉන්ට මං ඉක්මනට තේ හදා දෙන්නම්.”
“කමලම්මේ කෝ දෙන්න මං තේ හදන්නම්.”
“අනේ දුවේ ඔයා ඉන්න මං හදන්නම්.”
කමලම්මා කිව්වට මං බලෙන්ම අරන් තේ හැදුවා.
“දැන් ඉතිං හදපු එකේ තේ එක මහත්තයට දීලම එන්න. තාම නිදි ඇති.“
කමලම්මා කිව්වම මාත් දේෂුගේ තේ එකත් අරන් උඩට ගියා. දොරට තට්ටු කරලා දෙපාරක් විතර මං කතා කලා.
“දොර ඇරලා.. ඕක තියලා යන්න කමලම්මා …”
දේෂු නිදිමතේම කියනවා ඇහුනා. මං ඉතිං ගිහින් ස්ටූල් එක උඩින් තේ එක තියලා පිරිසියෙන් වහලා ආවා. දේෂු ඇඳ බදාගෙන නිදි.
“නිදි නේද..“
මං ආපහු කුස්සියට ඇවිත් තේ එකත් අරන් පුටුවක වාඩි වෙනකොට කමලම්මා ඇහුවේ හිනා වෙවීමයි.
“ඔව් කමලම්මා පොඩි එකෙක් වගේ ඇඳ බදාගෙන නිදි”
මං එහෙම කියලා තේ එක බීලා කමලම්මට උදව්වට එලවලු කපන්න ගත්තා. ඒ අතරෙයි මට හිතුනේ ඊයේ රෑ කමලම්මා මට දේෂුගෙන් අරම අහන්න එපා කිව්ව හේතුව අහන්න.
“කමලම්මේ.. ඊයෙ ඇයි ඔයා මට අරම අහන්න එපා කිව්වේ…”
“හ්ම්… ඒක දිග කතාවක් දුවේ. මහත්තයාගේ පනටික තමයි විරූ කියන්නේ.”
“අර දේෂුගේ රූම් එකේ ෆොටෝ එකේ ඉන්න ලස්සන ගෑනු ළමයද.”
“හ්ම් ඔව් දරුවෝ. ඒ දුව මැරුණ දා ඉඳලා මහත්තයා වෙනස් උනා. “
“එයා මක් වෙලාද මැරුනේ කමලම්මා “
“අනේ ඒ දැරිවිත් දූ වගේමයි පුදුම අහිංසකයි හරිම කරුණාවයි. මෙහෙ ආවම මටත් වැඳලයි යන්නේ. කරුමේ තමා දරුවෝ.”
කමලම්මා කියාගෙන ගියේ දිගු සුසුම් අතරින්.
“ඒ අහිංසක කෙල්ලව කවුදෝ නරුමයෝ ටිකක් දූෂණය කරලා දාලා තිබුනා දුවේ. මහත්තයා අඬපු තරම්. මට මතක් වෙනකොටත් දුකේ බෑ”
කමලම්මා ඒ ටික කිව්වාම මට හිතුනේ ඊයේ දේෂු කිව්ව දේ හරි කියලයි. ඒ අතින් බැලුවාම මට මොනාද උනේ.
“මං හිතන්නේ දුකට ඒ දැරිවි ජීවිතේ නැති කරගෙන. එ ටිකේ මහත්තයා බිස්නස් වැඩකට රට ගිහින් උන්නේ. මහත්තයා එක්ක තරහා බිස්නස් කාරයෙක් නෝනව පැහැරගන්න කියලා ඒත් උන් කලේ නෝනව නැති කරපු එක. “
දෙයියනේ මෙහෙම මිනිස්සු ඉන්නවද. මට හිතාගන්නත් බෑ. මං කල්පනා කලේ මිනිස්සු ඇයි මේ තරම් අනිත්‍ය දේවල් නිසා මිනිස් ජීවිතම නැති කරන්නේ කියලයි. සල්ලි බලය නෙවේ මනුස්ස කමයි වටින්නේ.
“මහත්තයා ඉස්සර විහිලුවෙන් හිටිය කෙනෙක්. ගොඩාක් සතුටින් උන්නා. ඒත් ඒ දැරිවි නැති උනාම බොන්න පුරුදු උනා කාමරේට වෙලා තනියම ඇඬුවා. අන්තිමට බිස්නස් එයාගේ ලෝකෙම කරගත්තා. අඩු ගානේ අම්මා අප්පා බලන්නවත් ගෙදර යන්නේ නෑ. ලොකු මැණිකේ කතා කරලා ඇඬුවාම යනවා. ඒත් පහුවදාම එනවා.”
මට දේෂු ගැන දැනුනේ දුකක්. මට දෙවි කෙනෙක් වගේ පිහිට උනාට මං ඉස්සරහා හිනා වෙලා හිටියට එයත් හිතින් විඳවනවා එහෙනම්.
කමලම්මට උදව් වෙලා නාගෙන කමලම්මා දුන්න දේෂුගේ නංගිගේ ඇඳුමකුත් ඇඳන් පහන තියන්න ලෑස්ති උනේ පුරුද්දට වගේ.
ඒත් පහන් තියන තැනක් ගෙයි පේන්න තිබුනේ නෑ. ඒ නිසාමයි මං ඉස්සරහා දොර ඇරන් මිදුලට බැස්සේ.
මිදුලේ පැත්තකට වෙන්න ලස්සනට හදපු බුදු කුටියක් තිබුනා. ඇත්තටම මට ආස හිතුනා. මිදුලේ තිබුන ගහකින් මල් වට්ටියකුත් කඩලා පහන තියලා මං ප්‍රාර්ථනා කලේ අද මට ලැබෙන ජොබ් එක හොඳින් කරගෙන ඉස්සරහට යන්න පුලුවන් වෙන්න කියලයි.
බුදුන් වැඳලා ගෙට යන්න කියලා මං ආපහු හැරෙනකොටයි දැක්කේ කාමරේ බැල්කනි එකට වෙලා තේ එකත් අතේ තියන් මං දිහා බලා ඉන්න දේෂුව.
මං එයා එක්කත් හිනාවෙලා ගෙ ඇතුලට යන්න හදද්දී එයා අතින් කිව්වේ උඩට එන්න කියලා.
මොකටද කියලා හිත හිතම මං දේෂුගේ කාමරේ දිහාට ගියා.
මං මොකුත් කියන්නෙම නෑ මයී…..
ඔන්න අද අලුත් කවර් එකක්. මං කවර් එකක් ඉල්ලන්නෙත් නැතුවම මට ලස්සන කවර් එකක් හදලා එවපු මගේ සුදු අක්කියට තැම්කුයි ඉතිං …. හැබැයි ඔන්න එහෙමයි කියලා දේෂුව විතරක් ඉල්ලන්න එප..
Madubashi Disanayakaඅක්කියෝ තැන්කුයි කවර් එකට… ගොඩාක් ලස්සනයි….
Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයි ….
ආදරෙයි කස්ටියටම …