#මුලා_වූ_පෙම්වතී 11
එකොළොස්වන දිගහැරුම
මං එයා එක්කත් හිනාවෙලා ගෙ ඇතුලට යන්න හදද්දී එයා අතින් කිව්වේ උඩට එන්න කියලා.
මොකටද කියලා හිත හිතම මං දේෂුගේ කාමරේ දිහාට ගියා.
“අයියේ…”
දොර ගාව ඉඳන් මං හිමීට කතා කලේ එකපාරට කාමරේට යන්න බැරි නිසයි.
“එන්න විරූ..”
එයා එහෙම කිව්වාම මං දොරත් ඇරගෙන කාමරේට ඇතුල් උනේ බිම බලාගෙනමයි.
“බිම වලවල්නම් නෑ නංගො හොඳට ටයිල් කරලා තියෙන්නේ..“
දේෂු හිනා වෙවී එහෙම කියද්දි ඇත්තමයි මට පොළව පලාගෙන යන්න තරම් හිතුනා.
“දැන් ඔෆිස් යන්න මොකද්ද අඳින්නේ..”
දෙයියනේ ඇත්තටම මොකද්ද අඳින්නේ.. මටත් ඒක මතක් උනේ දේෂු ඇහුවාමයි. පළවෙනි දවසේ සාරියක්වත් තිබ්බනම් ඇඳන් යන්න. මං එහෙම හිත හිතම දේෂු දිහා බැලුවේ අසරණ විදියට.
“කෙල්ලට ඒක මතක් උනේ නෑ නේද..“
මං නෑ කියන්න ඔලුව වැනුවා.
“ටග් ගාලා ඇඳුමක් දාගෙන එන්න තියෙන විදියට එකක්. ගිහින් ඇඳුම් අරන් එමු.”
දේෂු එහෙම කියලා හිනාවෙලා මගේ ඔලුව අතගෑවා.
දෙයියනේ මේ මනුස්සයෙක්ද දෙවි කෙනෙක්ද. හරියට තත්තා කෙනෙක් වගේ මාව බලාගන්නේ. කොහොමද මේ ණය මං ගෙවන්නේ. එයාගෙ දුක හංගන් හිනාවෙලා ඉන්නවා. පුදුම මනුස්සයෙක්.
මං දේෂු ගැන හිත හිතම ආපහු මං ඉන්න කාමරේට ආවා. දේෂුගේ නංගිගේ ඇඳුම් තිබ්බත් ඒ වගේ ඒවා මං අඳින්නේ නෑනේ. ඒ නිසා මං එදා එනකොට ඇඳන් ආපු සායයි බලව්ස් එකයි අතට ගත්තා.
හොඳ වෙලාවට ඒ දෙක හෝදලා අරන් තිබ්බේ මං. ඉක්මනට ඇඳුමත් ඇඳගෙන ඉන ගාවට තිබ්බ කොණ්ඩෙත් ගොතාගෙන මං පහළට ආවේ දුවගෙන වගේ.
මං එනකොටත් දේෂු පහළ හිටියා ලෑස්ති වෙලා.
“යමුද විරූ..”
“අයියෝ දේෂු මහත්තයා කාලා යන්න..”
“අපි ඉක්මනට එනවා කමලම්මා.. මෙයාට ඇඳුම් ගන්න යන්නේ..”
කමලම්මට එහෙම කියලා දේෂු ඉස්සරඋනා. මාත් කමලම්මා ළඟට ගිහින් දන ගහලා වැන්දේ ඒ අම්මා නිසා මට මගේ අම්මව මතක් වෙන නිසයි. වැඳලා මං දේෂු පස්සෙන්ම දුවන් ඇවිත් එයා ඇරලා දුන්න දොරෙන් කාර් එකට නැග්ගා.
“අයියේ …”
“අම්මෝ ඔන්න කටහඬ ඇහුනා අද දවසට…“
දේෂු කිව්වේ මං දිහා බලාගෙන හිනා වෙන ගමන්මයි.
“උදේ ඉඳලා හැම දේටම ඔලුව වනලා දැන් ඉතිං මොකෝ අයියේ ගෑවේ… ම්… මොකද්ද අහන්න තියෙන්නේ..”
ඇත්ත තමයි මං උදේ ඉඳලා කලේ අහන හැම එකටම ඔලුව වනපු එකනේ..
“මේ… මෙච්චර උදෙන් රෙදි කඩ ඇරලා නෑනේ .. තාම 7ටත් නෑ.. කොහෙන්ද ගන්නේ අයියේ …”
“ආ… ඒකද මේ ප්‍රශ්නේ… යමුකෝ…”
දේෂු එහෙම කියලා වාහනේ ගෙනත් නැවැත්තුවේ විශාල රෙදි කඩයක් ඉස්සරහා. කඩේ වහලයි තිබුනේ. මං ඒ නිසයි දේෂු දිහා බැලුවේ.
“එන්න යමු…”
දේෂු හිනාවෙලා එහෙම කියලා කාර් එකෙන් බැස්සා. ඊට පස්සේ කාටදෝ කෝල් එකක් ගත්තා
“මචං මං ආවා.. උඹ ආවද…. ආ… හරි මචෝ”
“විරූ එන්න.”
ෆෝන් එක කට් කරලා මගේ අතින් අල්ලන් දේෂු ගියේ ඒ විශාල කඩේ දොර ගාවට. එතකොටම දේෂුගේ වයසෙම කෙනෙක් ඇතුලේ ඉඳලා ඇවිත් කඩේ දොර ඇරියා.
“වරෙන් වරෙන් ඇතුලට … උඹේ වදේ නිදාගන්නත් නෑ උදේ පාන්දර මෙහේ ආවා.”
ඒ කොල්ලා හිනා වෙලා කියාගෙන ගියා. දේෂුත් හිනාවෙලාම මාවත් අල්ලගෙන ඇතුලට ආවා.
“දැන් ඉතිං ඕන ඇඳුමක් තෝරගන්න. කඩේ තාම වහලා. ඒ නිසා කවුරුත් නෑ ඇතුලේ බය නැතුව යන්න මැට්ටි “
දේෂු එහෙම කියලා මට යන්න පැත්ත පෙන්නුවාම මං ඉතිං ඇතුලට ඇවිදන් ගියා. අම්මෝ එතන තියෙන ඇඳුම් ගොඩ. මට තෝරගන්නත් බැරි තරම්. මං පැය බාගයක් විතරම ඇඳුම් අල්ල අල්ල හිටියේ හිතාගන්න බැරුව.
“මොකෝ කෙල්ලට ඇඳුම් තෝරගන්න බැයිද..”
එකපාරට පිටිපස්සෙන් ඇහුන දේෂුගේ හඬටයි මං හැරිලා බැලුවේ. එයා හිනා වෙවී බලා ඉන්නවා ඇඳුමකුත් අතේ තියන්.
“ආ ගිහින් මේක ෆිටෝන් කරන්න බලන්න”
ඒක ඔෆිස් අඳින විදියේ සායකුයි බ්ලව්ස් එකකුයි. කවදාවත් ඒවා ඇඳලා නැති උනත් මං ඒකත් අරන් ෆිටෝන් රූම් එකට ආවේ දේෂු තෝරලා දෙන්න ඇත්තේ ජොබ් එකට යන්න ගැලපෙන ඇඳුම් වෙන්නැති කියලා හිතුන නිසයි. මොකද මෙහෙම ඔෆිස් කිට් ගාමන්ට් එකේ ඔෆිස් වල ඉන්න කෙල්ලො ඇඳන් ඉන්නවා මං දැකලා තියෙනවා.
මං ඒක ඇඳන් එලියට ආවාම දේෂු මං දිහා බලලා අතින් කිව්වේ නියමයි කියලා. ඒ සාය ගොඩාක් කොට නැති නිසා මටත් ඒකෙ වරදක් පෙනුනේ නෑ. සාය දනිස්ස ගාවට තිබුනා.
දේෂු තවත් ඒ විදියෙම ඇඳුම් ටිකකුයි දිග සයවල් දෙක තුනකුයි ඒවට ගැලපෙන බ්ලවුස් ටිකකුයිත් තෝරලා දුන්නා.
මං කොහොමත් කලිසම් අඳින්නේ නැති නිසා මං ආස සායවල් අඳින්නයි. සේරම තෝරලා දීලා දේෂු අත් දෙකත් බැඳන් මං දිහා බලාගෙන හිනා වෙනවා. මං ඇස් වලින් ඇහුවේ ඇයි කියලයි.
“යටිතල පහසුකම් ටිකත් මං තෝරලා දෙන්න ඕනිද… ගිහින් ඇති වෙන්න තෝරන් එන්න..“
දේෂු එහෙම කිව්වාම මං ලැජ්ජාවටම බිම බලාගත්තා. ඇත්තටම මට ඒක අමතක වෙලයි තිබුනේ. මං ගිහින් ඕනි කරන සේරම තොඉරගෙන එනකොට දේෂු මට සෙරෙප්පු තෝරනවා.
එයාම තෝරලා දුන්න සෙරෙප්පු කුට්ටම් තුනකුයි හෑන්ඩ් බෑග් දෙකකුයිත් අන්‍තිමට ගත්තා.
බිල් දාන්න ගියාමයි මං දැක්කේ කොච්චර දේවල් අරන්ද කියලා. දෙයියනේ මේ තරම් දේවල්. මේ සල්ලි තිබ්බානම් අම්මයි නංගි මාසයක් අඩුපාඩු නැතුව ජීවත් වෙයි. මං කල්පනා කලේ ඒ දේවල් දිහා බලාගෙනමයි.
“විරූ… කල්පනා කරන්න එපා දරුවෝ. මං දන්නවා හිතුවේ අම්මලා ගැනනේ. අපි යමු වීකෙන්ඩ් එකේ ගිහින් එන්න. අනික මේ දේවල් මං කැමැත්තෙන් කරන්නේ ඒ නිසා හිතන්න එපා..”
විරූ එහෙම කිව්වාම මට ඇඬුම් නවත්තගන්න පුලුවන් උනේ නෑ. ඒ නිසයි මං එහෙමම ශොප් එකෙන් එළියට දුවලා වාහනේට නැග්ගේ.
දෙයියනේ මාව දන්නෙත් නැතුව මට මේ තරම් උදව් කරන්නේ ඇයි. මං කොහොමද මේ ණය ගෙවන්නේ. මං අඬ අඬම කල්පනා කලේ දේෂුගේ මේ සැලකිලි මගේ හිතට බරක් නිසයි.
ළමයි අලුත් කවර් එක නිසා ගොඩක් අයට කතාව හොයාගන්න බැරි වෙලා වගේ…
යාලුවනේ ඔන්න හෙට ඉඳලා මගේ නිවාඩු ඉවරයි. ඒ කියන්නේ මට කොලේජ් පටන් ගන්නවා. එතකොට ආයෙම මං බිසී වෙනෝ ඉතිං ….
ඒත් කතාව දෙනවා බය වෙන්න එපා. ගොඩක් වෙලාවට උදේ 8ට කලින් එහෙමත් නැත්නම් රෑ 10ට වගේ තමයි කතාව දාන්න වෙන්නේ. පුලුවන් වෙලාවට දවල් වරුවේ දානවා….
දන්නෝ දනිති ඉතිං මං ගෙදර එන්නෙ රෑ වෙලා පාන්දරම යනෝ. මට බනින්නේ නැතුව කතාව කියවන්ඩෝ…. නැත්නම්… හරිද… සීනි දාලා වෙඩි තියනෝ කූඹි කාලා මැරෙන්න…
ඕ යෑස්..
කතාවේ ඉස්සරහට මොනා වෙයිද මොකද්ද විරූට ලැබෙන ජොබ් එක ඔන්න ඉතිං දැවෙන ප්‍රශ්න ….
Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයි …..
ආදරෙයි හැමෝටම ….