#මුලා_වූ_පෙම්වතී 13
දහතුන්වන දිගහැරුම
(මුලින්ම කස්ටිය සමාවෙන්න ඉතිං ඊයේ කතාව දාන්න බැරි උනාට…. මං පව්නේ…..)
දේෂු හිනා වෙවී එහෙම කියද්දි මං ඉක්මනට කාර් එකෙන් බැස්සා. දෙයියනේ ඒ වටපිටාව. කියන්න වචන නෑ. පැක්ට්‍රි එකේ ගාර්ඩ්න් එක පුදුම ලස්සනයි. හරියට හොටෙල් එකක් වගේ.
“යමු ඇතුලට “
දේෂු මට කතා කලාම මාත් දේෂුගේ පස්සෙන්ම ඇතුලට ගියා.
“ගුඩ් මොනින් සර්”
“ගුඩ් මොනින් තිළිණි”
අපි එනකොට හම්බවෙන හැමොම දේෂුට ගුඩ් මොනින් කිව්වා .
දේෂුව මෙහෙ හැමෝම අදුරනවා ඇති. නැත්නම් මේක දේෂුගේ කම්පැනි එකද දන්නෑ. මගේ හිතට දාහක් ප්‍රශ්න ආවා. මං ඒ ගැන හිත හිතම දේෂුගේ පස්සෙන් ගියා
අපි ලිෆ්ට් එකේ උඩතට්ටුවකට ආවා.
මාත් දේෂුගේ පස්සෙන් ඇවිදන් ගියා ඉතින් .
“විරූ මෙතින් ඉඳගෙන ඉන්න .ඔයාට කතා කරයි.මං ගිහින් බලන්නම් මුලින් .”
“හා අයියේ “
මං එතන තිබ්බ සෝෆා එකේ වාඩි වෙලා හිටියා.
හ්ම්.. ඒ කියන්නේ මේක දේෂුගේ කම්පැනි එක නෙමෙයි. එහෙනම් දේෂුගේ යාලුවෙක්ගේ වෙන්න ඇති. නැත්නම් අර හැමෝම අඳුරන්නේ නැනේ.
මං ඉතිං හතර වටේ බල බල කල්පනා කර කර හිටියා . කොහොම උනත් එක දෙයක් තේරෙනවා. මෙතන නීතියට වැඩ ඇති.
මොකද හැමතැනම ලස්සනයි පිළිවෙලයි.
“මිස් ඔයාද ලිහිණි කියන්නේ”
මං කල්පනාවෙන් මිදුනේ කාගෙදෝ කටහඬකට. ඔලුව උස්සලා බලද්දි හිටියේ මගේ වයසෙ වගේ කියන්න පුලුවන් ගර්ල් කෙනෙක්. මං ඔව් කියන්න ඔලුව වැනුවා.
“මිස්ට ඇතුලට එන්න කිව්වා..සර් “
“මේ… එතකොට දේෂු අයියා..”
මං එහෙම ඇහුවේ දේෂු ගියා ගියාමයි ආවේ නැති නිසා.
“ආ.. එයත් ඇතුලේ “
ඒ ගෑනු ලමයා හිනාවෙලා එහෙම කියලා යන්න ගියා.
මගේ කකුල් දෙකත් ගැහෙනවා දැන්නම්. දෙයියනේ ජොබ් එකකට එනකොට කොයි තරම් දේවල් ගේන්න ඕනිද. සුදුසුකම් බලද්දී මං මොනාද පෙන්නන්නේ..
දාහක් දේවල් කල්පනා කර කරම මං ඇතුලට ගියා. දේෂු ඉන්නවා කියලා හිතුනාම හිතේ තිබුන බය ටිකක් හරි අඩු උනා.
මං හෙමීට ඔෆිස් රූම් එකේ දොරත් ඇරගෙන ඇතුලට ගියා. ඇතුලේ පේන්න කිසිම කෙනෙක් හිටියේ නෑ. මේසේ තිබුන පොඩි නාම පුවරුවේ තිබුනේ
V.D. Senarathna
Chairman
Sri lankan foods (pvt) LTD
කියලයි.
එතන පුටුවෙ කවුරු හරි ඉඳගෙන හිටපු බවනම් තෙරුනා. ඒත් පුටුව බිත්තිය පැත්තට හරවලා තිබුනේ. ඒ නිසා හිටියේ කවුද කියලනම් මට පෙනුනේ නෑ. කවුරු උනත් පිරිමි කෙනෙක් කියලා තේරුනා.
මං ගැහෙන හදින් හිමීට මේසේ ළඟටම ගියා. ඒත් ඒ කෙනා මගේ පැත්තට හැරුනේ නෑ.
බයත් හිතෙනවා. අර ගර්ල් කිව්වට දේෂු ඇතුලේ කියලා දේෂු පේන්නත් නෑ. මගේ කටේ කෙලත් හිඳිලා බයටම. අනේ දෙයියනේ මේ මනුස්සයා හැරෙන්නෙත් නෑ කතා කරන්නත් බයයි.
“හිටගෙන ඉන්නේ උස යන්නද. ඉඳගන්න”
එකපාරට ඒ පුටුවේ හිටපු කෙනා එහෙම කිව්වා. මං ගැස්සිලා වගේ ආයෙම පුටුව දිහා බැලුවේ ඒ කටහඬ හුරු නිසයි. අනික එයා මට පිටුපාලා ඉන්නේ. එයා කොහොමද දන්නේ මං තාම හිටගෙන කියලා. මං ආයෙම වටපිට බැලුවේ තවත් කවුරුත් ඉන්නවද කියලයි. ඒත් කවුරුත් නෑ.
“ස..ස..සර්..”
හිතට උපරිම දිරිය අරන් මං එහෙම කියනකොටම එයා මගේ පැත්ත හැරුනා. ඒ ඉන්න කෙනාව දැක්කාම මගේ කටත් ඇරෙන්න ඇති. මට ඒ තරම් පුදුමයි.
“අයියේ.. ඔයා…”
ඔව් ඒ හිටියේ දේෂු …
“හා හා.. අයියා නෙවේ… මං ඔයාගෙ බොස් හරිද…“
දේෂු හිනාවෙලාම එහෙම කියලා මගේ ළඟට ආවා.
“පිස්සි මේ මගේ කම්පැනි එක. අද ඉඳලා ඔයා තමයි මගේ ප්‍රයිවට් සෙකට්ට්‍ර්. මං ඉන්ටවිව් එකක් කරලා අලුත් කෙනෙක් ගන්න හිටියේ. මේ මැට්ටි ඉද්දී වෙන අය මොකටද “.
දේෂු හිනා වෙවීම කියාගෙන ගියා .
මට හිතා ගන්නත් බෑ ….. මේ තරම් ලොකු කම්පැනි එකක අයිතිකාරයගේ ප්‍රයිවට් සෙකට්ට්‍ර්. දෙයියනේ… මං මොනා කියන්නද කියලවත් තේරෙන්නෙ නෑ.
මගේ ඇස් දෙකෙන් හෝ ගාලා කඳුළු කැට වැටුනේ සතුටටද පුදුමෙටද දන්නේ නෑ. මට කිසි දෙයක් තේරුම් ගන්න බෑ.
මගේ ජිවිතේ මං ලබපු ලොකුම සතුට මේක වෙන්න ඇති
“පිස්සි අඬන්නේ ඇයි දැන් ජොබ් එක එපාද”
දේෂු මගේ නිකටෙන් අල්ලලා මගේ ඇස් වලටම එබීගෙන ඇහුවා .මං එහෙමම දේෂුගේ කකුල් දෙක අල්ලලා වැන්දේ මගේ හිතේ දේෂු ගැන තිබුන ගෞරවය තවත් වැඩි උන නිසයි.
මට හිතුනේ මේ මිනිස් වෙසින් ආපු දෙවි කෙනෙක් කියලයි. ඒ තරම් මං දේෂුට ගරු කලා. මට මේ කරන උපකාර වෙන කිසිම කෙනෙක් මං වෙනුවෙන් කරන්නේ නැති වෙයි.
දේෂු මගේ උරහිස් දෙකෙන් අල්ලලා නැගිට්ටාවලා ඒ පපුවට මාව තුරුල් කර ගත්තා .මටත් ඔනේ උනේ කඳුළු ඉවර වෙනකම් අඬන්න .
“විරූ ..නංගීයෝ මට වදින්න ඔනේ නෑ …
ඔයා මට පිට කෙනෙක් නෙවෙයි තේරුනාද ?”
එහෙම කියලා මගේ ඔලුව අතගාපු දේෂු මට අඬන්න ඇරලා සද්ද නොකර හිටියා .
ටිකක් වෙලා ගියාමයි මට මතක් උනේ මං ඉන්නේ දේෂුට තුරුල් වෙලා කියලා මං ඉක්මනට එයාගේ ඇත් උනා .
“ස…..ස…සමාවෙන්න අයියේ …”
පිස්සු කෙල්ල මෙහෙ එන්න දැන්
දේෂු මගේ අතින් ඇදගෙන ගියා මාත් එයාගේ පස්සෙන් ඇවිදන් ගියා .
රූම් එකේම අනිත් කෙලවරේ දේශුගේ මේසෙටම මුණලා තිබුන අනිත් මේසේ ළඟටයි දේෂු මාව එක්කන් ගියේ.
“ම්…. කෝ දැන් මෙතනින් ඉඳගන්න ..”
මගේ උරහිස් දෙකෙන් අල්ලලා දේෂු මාව ඒ ශීට් එකෙන් ඉන්දෙව්වා.
මේසෙ උඩ කම්පියූටර් එකක් ප්‍රින්ටරයක් පවා තිබුනා. පුටුවට පිටිපස්සෙ බිත්ති රාක්ක වල ලස්සනට පිළිවෙලට ෆයිල් අහුරලා තිබුනා. මං ඉතිං වටේම බැලුවා.
“වටේම බලලා මදි.. දැන් මේ ෆයිල් ටික අරන් ස්ටඩි කරන්න ඕනි. එතකොට තේරේවි අපි කරන දේවල් ගැන. “
දේෂු එහෙම කිව්වාම මං ඔලුව වැනුවේ හා කියන්නයි.
“ම්… එතකොට නොතේරෙන දේවල් මගෙන් අහන්න ඕනි හරිද නංගෝ..”
ඒකටත් ඉතිං මං ඔලුව වැනුවා.
“කම්පියූටර් යූස් කරන්න දන්නවද..”
“අනේ එහෙම පාවිච්චි කරලා නෑ අයියේ .. ඉස්කෝලෙට තිබුනේ එක කම්පියූටර් එකයි. ඒකෙන් ඉතින් ටිකක් ටිකක් වැඩ කලා.”
මං කිව්වේ ඇත්තටමයි. මං ගියේ ගමේ ඉස්කෝලෙට. ඉතිං අපිට පහසුකම් අඩුයි. දැන්නම් ඉස්කෝලේ හදන්න පටන් අරන්.
“කමක් නෑ නංගෝ. රෑට ගෙදරදි මං කියා දෙන්නම්කෝ. ඔයා ඉක්මනට වැඩ අල්ල ගනීවි.”
එහෙම කියලා මගේ ඔලුවත් අතගාලා දේෂු යන්න ගියා.
මං ඉතින් රාක්කේ තිබුන ෆයිල් එකින් එක අරන් පෙරලලා පැලුවා. උසස්පෙළ කොමර්ස් කරපු නිසා මට ඒවා තේරුම් ගන්න අපහසු උනේ නෑ.
ටිකක් වෙලා යද්දි දේෂු ආපහු ආවේ….
දේෂු ආවේ කෝමද…..
Like comment කරන ඔයාලා හැමෝටම තැන්කුයි …..
ආදරෙයි කස්ටියටම …..