#මුලා_වූ_පෙම්වතී 27

💕විසි හත්වැනි දිගහැරුම💕

“දැන් ඇස් ලොකු කරන් බලා ඉන්නේ අද ඔෆිස් යන්නේ නැද්ද.. “

දේෂු එහෙම කිව්වාමයි මටත් ඒක මතක් උනේ. වෙලාවත් හය පහු වෙලා. දෙයියනේ අද කමලම්මට උදව් කලෙත් නෑ.

මං දේෂු එහෙම ඉද්දිම මොනවත්ම නිකියා ටවල් එකත් අරන් බාත් රූම් එකට දිව්වා. මට දේෂු එක්ක කතා කරන්න දැනුනේ බයක්. මගේ හිතේ තියෙන ආදරේ එයා ඉස්සරහා පිටවෙයි කියලා මට දැනුනේ බයක්.

❤️❤️❤️❤️❤️

පුරුදු විදියට බුදු පහනත් තියලා ලෑස්ති වෙලා මං පහළට ආවේ පරක්කු නිසයි. මං එද්දි දේෂු නම් කෑම මේසෙට ඇවිල්ලත් එක්ක.

“විරූ… හරියප්… අද මීටින් එකක් තියෙනවා…”

“මොකද්ද අයියේ මීටින් එක”

ඇත්තටම මං දැනන් හිටියේ නෑ මීටින් එක ගැන ඒ නිසා මං බය උනේ මං කිසිම දේකට ලෑස්ති නැති නිසයි.

“බය වෙන්න එපා ළමයෝ … අර අලුත් ප්‍රඩක්ට් එක ගැන ප්‍රසන්ටේෂන් එකක් තියෙන්නේ. ඔයා මට ඒ ෆයිල් ටික රෙඩි කරලා දෙන්නකෝ ඒ ඇති.”

“ෆයිල්නම් සේරම හදලා ඇත්තේ අයියේ..”

“එහෙනම් දැන් කමු ඉතිං “

උදේ කෑමත් කාලා අපි ඔෆිස් එකට එන්න පිටත් උනා. වෙනදට කාර් එකේ ඉස්සරහා මං කිසි ගානක් නැතුව ආවත් අදනම් හිතට අමුතුයි. දේෂු ඉස්සරහා ඉන්න මට දැනුනේ ලොකු අපහසුවක්.

ඒත් ඉතිං මොනවා කරන්නද. මං වීදුරුවෙන් එළිය බලාගෙනම හිටියා. පරක්කු වෙලා තිබ්බ නිසාමද කොහේද දේෂුත් කතාවක් නැතුව ඉක්මනට ආවා.

❤️❤️❤️❤️❤️

“මිස් ඔයාට සර් එන්න කිව්වා මීටින් එකට”

එකපාරට ඔෆිස් රූම් එකට ආපු දිනිති එහෙම කිව්වාම මං දිනිති දිහා බැලුවේ මට මිස් කිව්ව නිසයි.

“දිනිති පිස්සුද මට මිස් කියන්නේ…”

“මට සර් කිව්වේ ලිහිණි මිස්ට එන්න කියන්න කියලා මං ඉතිං කිව්වා..😁😁

“විකාර.. කෝලම් නොකර යමු මෝඩි”

මං දිනිතිටත් බැන බැනම ඉස්සර උනා. දිනිතිත් හිනා වෙවීම මං පස්සෙම ආවා. මීටින් රූම් එකට මං ඇතුල් උනේ බිම බලාගෙනමයි.

කිසිම සද්දයක් නෑ ඇතුලේ. ඒ නිසයි ඔලුව උස්සලා බැලුවේ. කවුරුත් පේන්න නෑ. මං පිටිපස්ස හැරුනේ දිනිතිව බලන්න. දෙයියනේ දිනිතිත් නෑ.

මං ආපහු මීටින් රූම් එක වටේම බැලුවා. එකපාරට රූම් එකේ ලයිට් ඕෆ් උනා. මං බය වෙච්චි පාරට ඉක්මනට දොර ගාවට දිව්වේ එළියට දුවන්නයි. ඒත් දොර ඇරගන්න බෑ. දෙයියනේ ලොක් කරලද.

බයටම මගේ ඇස් වලින් කඳුලුත් වැටෙනවා. දෙයියනේ මොකද්ද මේ උනේ. දේෂු අයියේ කෝ ඔයා… අනේ මං බයයිනේ…

මං එහෙමම දොරට හේත්තු වෙලා ඇඬුවේ වෙන කරන්න දෙයක් නැති නිසයි. එකපාරටම මගේ ඉස්රහායින් කවුරුහරි හිටගත්තා.

“ක…කවුද…”

මං බයෙන්ම ඇහුවත් සද්දයක් නෑ. දෙයියනේ කවුද මේ..

“අනේ.. දේෂු අයියේ.. අනේ එන්නකෝ…”

මං බයටම එහෙම කෑ ගහද්දිම මීටින් රූම් එකේ ලයිට්ස් ඔන් උනා.

“අයියේ ඔයා….😱

මගේ ඉස්සරහ හිටගෙන අත් දෙකත් බැඳගෙන හිනා වෙවී ඉන්න දේෂුව දැක්කම මට පුදුම හිතුනා. එහෙනම් මේක මෙයාගේ වැඩක්.

තිබ්බ බය කේන්තිය ලැජ්ජාව සේරම නිසා මං පැනපු ගමන් අත් දෙකෙන්ම දේෂුගේ පපුවට ගහගෙන ගියේ අඬ අඬමයි. එයා තවත් හිනා වෙනවා.

එකපාරට මාව ඇදලා අරන් පපුවට තුරුල් කරගත්තා. මට හෙල්ලෙන්නවත් බෑ. ඒ මදිවට ලැජ්ජාව.

“දැක්ක නේද විරූ… කරදරේකදිත් ඔය හිත හොයන්නේ මාව. තාම කියනවද මට ආදරේ නෑ කියලා… ම්…”

මාව තුරුල් කරගෙනම දේෂු එහෙම අහද්දිනම් මට දෙන්න උත්තර නැති උනා. තවත් ඇඬුනේ මං ගැනම දැනුන අසරණ කමටයි.

මාව අත ඇරලා මගේ නිකටින් අල්ලලා දේෂු මගේ මූණ දිහාම බලන් හිටියා. ඒ ඇස් දිහා බලන්න හයියක් නැති නිසාම මං ඇස් පියාගත්තා.

“විරූ… විල් යූ මැරී මී…”

මං ඇස් අරිද්දී දේෂු මං ඉස්සරහා දනගහගෙන රින් එකක් දික් කරන් ඉන්නවා තවත් කොහොම මං මේ ආදරේ හංගන් ඉන්නද. දැනටත් මගේ හිතේ තියෙන ආදරේ දේෂු දැනගෙන ඉවරයි. මට ඊට වඩා දෙයක් හිතුනේ නෑ. දේෂුට උත්තර දී ගන්නවත් මට බෑ.

එහෙමම බිම දන ගහගෙන මං දේෂුගේ පපුවට තුරුල් උනේ ඇඬුම් නවත්තගන්න බැරි නිසාමයි. එකපාරටම වටෙන්ම ඇහුනේ අත්පුඩි ගහන සද්දයක්.

මං ඉක්මනට ඔලුව උස්සලා බැලුවේ ඒ නිසාමයි. ඔෆිස් එකේ හැමෝම වට වෙලා ඉන්නවා. මං දේෂු දිහා බලද්දි එයත් මං දිහා බලන් හිනා වෙනවා. ඒ කියන්නේ මේක ප්ලෑන් එකක්.

හිනා වෙවීම මගේ අත අරගත්තු දේෂු මගේ අතට අර මුද්ද දැම්මේ හැමෝම අපිට සුභපතද්දියි.

මට ඔෆිස් එකේ අය දිහා බලන්නත් ලැජ්ජයි. ඒ නිසාම මං හිටියේ බිම බලාගෙනමයි.

“මිසිස් සේනාරත්න … කට්ටියම ගියා දැන්වත් මං දිහා බැලුවොත් නරකද…”

දේෂු එහෙම කියද්දිනම් මට තවත් ලැජ්ජයි.

“ලිහිණි…”

පළවෙනි වතාවට දේෂු මට ලිහිණි කියලා කතා කලේ. අනික ඒ හඬේ අමුතුම මොකද්දෝ දැනුනා. ඒ නිසාම මට දේෂු දිහා බැලුනා.

“දැන්වත් මට ආදරෙයි කියන්නකෝ…”

මගේ මූණටම එබිලා දේෂු කිව්වේ ගොඩාක් ආදරනීය විදියට. ඒ ඇස් දිලිසෙනවා. ආදරේ ඒ ඇස් වලින් උතුරනවා.

“අ..අයියේ… “

මට ඊට එහා වචන පිට වෙන්නෙත් නෑ වගේ දැනුනේ.

“කෝ ඉතිං ….කියන්නකෝ”

“අ..අයියේ… අන්න කැරපොත්තා…”

දේෂු ඒ පැත්ත බලපු ටිකට මං ඉක්මනට කැබින් එකට දිව්වා. අම්මෝ තනියෙනුත් හිනා. කොහොම කියන්නද කියලා මටම තේරෙන්නේ නෑ. ඒ තරමට මේ හිතේ ආදරේ උතුරනවා.

මං කැබින් එකට වෙලා දේෂු ගැනම හිත හිත හිටියේ අද වෙච්චි දේවල් කල්පනා කර කරමයි.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *