#මුලා_වූ_පෙම්වතී 31

💕තිස් එක්වන දිගහැරුම💕

අපි උදේ හත පහු වෙනකොට ගෙදරින් පිටත් උනා. කොච්චර හිත හයිය කර ගත්තත් මට දේෂුගේ දෙමාපියෝ ඉස්සරහට යන්න බයක් දැනුනේ. මං වාහනේට නැගපු වෙලේ ඉඳන් දේෂුගෙනුයි කමලම්මගෙනුයි එහෙ ගියාම ඉන්න ඕනි කොහොමද කියලා ඇහුවා.එයාල හිනා වෙනවා.

“ඔයා ඔය ඉන්න විදියට ඉන්න සුදූ…”

දේෂු කිව්වේ ඒ ටිකමයි. මගින් උදේටත් කාලා පැය කිහිපයකින් අපි නුවරට ආවා. නුවරට ආපු වෙලේ ඉඳලා මගේ හදගැස්මත් වේගවත් වෙලා. දේෂුගේ ගෙදරට ළං වෙන්න වෙන්න මට දැනුනේ බයක්.

දේෂුගේ ගෙදරට යන්න විශාල ගේට් එකකින් කාර් එක ඇතුල් කලා. ඒත් පේන මානෙක ගෙයක්නම් තිබුනේ නෑ. පේන මානෙම තිබුනේ තේ වතු යායක්. මං ඒ නිසයි දේෂු දිහා බැලුවේ.

“මොකෝ කෙල්ල බය වෙලාද.. බය වෙන්න එපා… මේ අපේ ඉඩම්.. මැද්දෙ තමයි ගේ තියෙන්නේ…”

මගේ හිත කියෝලා වගේ දේෂු කියාගෙන ගියේ හිනා වෙවීමයි.

තව විනාඩියක් වගේ යනකොට ටිකක් ඈතින් විශාල වලව්වක් පෙනුනා. කොළපාට ගස් අතරින් කිරි සුදු පාටින් පෙනුන වලව්වේ අමුතු ලස්සනක් වගේම ලොකු ගාම්භීර බවකුත් පෙනුනා.

“ඔන්න තියෙනවා සේනාරත්න වලව්ව… දුවගේ අනාගත ගෙදර”

“නෑ කමලම්මේ.. මායි විරූයි මෙහෙ ඉන්නේ නෑ. අපේ ගේ තමයි කොළඹ තියෙන්නේ”

කමලම්මා කියපු දේට එකපාරටම දේෂු කියන් ගියා. ඔව් මාත් ආසයි කොළඹ ගෙදරට.මේ වලව්ව ලස්සන උනත් හිතට බරක් වගේ මට දැනුනේ. සමහරවිට ඒ මං දුප්පත් නිසා වෙන්න ඇති.

තවත් මොහොතකින් කාර් එක ඇවිත් වලව්ව ඉස්සරහා නැවැත්තුවා. කමලම්මානම් ඉක්මනින් කාර් එකෙන් බැස්සා. දේෂු මං දිහා බලලා ඇස් වලින් කිව්වේ බය වෙන්න එපා කියලයි.

දේෂු කාර් එකෙන් බහිනකොටම ඔසරියක් ඇඳගත්තු කෙනෙක් වලව්වෙ දොරකඩින් මිදුලට බැස්සේ මූණේ හිනාව පුරෝගෙන. මං හිතන්නේ ඒ දේෂුගේ අම්මා වෙන්න ඇති. එයා දුවන් ඇවිත් දේෂුව බදාගත්තා. දේෂුත් පහත් වෙලා ඒ කෙනාගේ දෙපා වැඳලා මොනවදෝ කිව්වා.

මං තාමත් බහින්න බයේ කාර් එකට වෙලා ඉන්නවා. දේෂු ඒ කෙනාට මොනවදෝ කියලා හිනා වෙවීම ඇවිත් කාර් එකේ දොර ඇරලා මට අත දික් කලා. බය වැඩි කමට මං බහින්නෙත් නැතුව බලන් හිටියා.

“සුදූ බහින්න ඒ මගේ අම්මා.. යමු කෝ ඉතිං “

අන්තිමට දේෂුගේ අතින් අල්ලන්ම මං ඉස්සරහට ආවා. ඒත් දේෂුව දකිනකොට තිබුන ඒ සතුටු හිනාව දේෂුගේ අම්මගේ මූණේ තිබුනේ නෑ. මට දැනුනේ මහා මූසල හැඟීමක්.ඇයි කියන්න මටවත් තේරුනේ නෑ.

“අම්මා.. මේ ඉන්නේ ලිහිණි.. “

දේෂු මගේ අතින් අල්ලගෙනම එහෙම කියද්දි දේෂුගේ අම්මා මං දිහා බැලුවේ අමුතු විදියට. මං දේෂුගේ අත අත් ඇරලා දේෂුගේ අම්මට වැන්ඳේ එයා මට කොහොම සැලකුවත් කමක් නෑ කියලා හිතමිනුයි.

“යමු පුතා ගෙට”

මං වඳිනකොටම දේෂුගේ අම්මා මාව මගඇරලා එහෙම කියලා ගියා. මට එහෙමම බිම ඉඳලම බැලුනේ දේෂු දිහා. ඔව් හැමදාම වගේ මගේ ජීවිතේ අහිමිවීම කියන දේ අදටත් ඉස්සරහටම ආවා කියලයි මට හිතුනේ.

“ගනන් ගන්න එපා සුදූ.. එයා වලව් මාන්නෙ ඔලුවේ තියන් ඉන්නේ. යමු මැණික ගෙට”

මගේ ඇස් වලින් වැටුනු කඳුලුත් පිහදාලා දේෂු කිව්වේ මගේ ඔලුවත් අතගාන ගමන්මයි. මට දැනුන බය ඒ මූසල හැඟීම හරි කියලයි මට හිතුනේ. පය පැටලෙද්දි දේෂු පස්සෙන්ම වලව්වට මං ඇතුල් උනේ හීනෙන් වගේ.

“ආනේ…අයියා….”

“ආ.. මිරා… අම්මෝ මේකි ඇතින්න වගේ…”

එකපාරට දේෂුගේ ඇඟේ එල්ලිච්චි ගෑණු ළමයට දේෂු කිව්වේ නළලට හාදුවකුත් දීලමයි.

“විරූ.. මේ ඉන්නේ මගේ නංගියා… බිහේනි දෙෂ්මිරා.. පෙට් නේම් එක මිරා ඉතිං .. සුද්දියෝ මේ ඉන්නේ ඔයාගේ අනාගත අක්කා.. ලිහිණි .. ලස්සනයිද”

දේෂු අපි දෙන්නට දෙන්න අඳුන්වලා දුන්නා. දේෂුගේ අම්මා වගේම නංගිත් මාව සතුටින් පිළිගත්තේ නම් නෑ. මං කොයි තරම් අසරණ උනාද කියලා දන්නේ මං විතරමයි.

“අයියේ මට ගණිකාවක් මගේ අක්කා කරගන්න ඕනි නෑ”

මිරා ඒ කිව්ව කතාවට මගේ ඉහ මුදුනේ හෙන හතක් පාත් උනා වගේ මට දැනුනේ. දේෂු එහෙමම මීරාගෙ කම්මුලට ගහපු පාර මං බයටම ගිහින් දේෂුගේ අතේ එල්ලුනා.

“ලොක්කො… උඹ මොකටද නංගිට ගැහුවේ. ඒකි කිව්වේ ඇත්ත. මේකිව දැන්ම මෙහෙන් එළියට දාපන්”

“අම්මේ.. ඔයාලට පිස්සුද”

“අපිට නෙවේ උඹටයි පිස්සු. වතාවක් එකියෙක්ට රැවටිලා යන්තම් බේරුනා. දැන් තවත් එකියක්.”

“බේරුනා.. ඒ කියන්නේ අම්මලද ඒ අපරාදේ කලේ”

දේෂුගේ හඬ බිඳිලා ගිහින්. දෙයියනේ එතකොට විරුණිට එහෙම කලේ දේෂුගේ අම්මලාමද. නෑ නෑ එහෙම වෙන්න බෑ.

“දේෂු ම..මං එළියට යන්න..”

“ලිහිණි ඉන්නවා ඔහොම”

මං කියන්න ගිය දේ වත් සම්පූර්ණ කරන්න නොදී දේෂු කෑ ගැහුවේ මුලු වලව්වම දෝංකාර දෙන හඬින්.

එකපාරට මං ළඟට ආපු දේෂු මගේ අතින් ඇදගෙන ආයෙමත් දේෂුගේ අම්මයි නංගි ළඟට ගියා.

“දෙන්නම මේක හොඳට අහගන්න. මං හිතන්නේ නෑ විරුනිගේ මරනෙට ඔහේලා ගෑවිලා ඇති කියලා හැබැයි එහෙම උනොත් ඔහේලා විඳවයි ගොඩක්. අනික මේ ඉන්නේ මගේ වයිෆ් අපි හෙට මැරි කරනවා. මෙයා නැති තැනක මමත් නෑ ඒක හොඳට මතක තියාගන්නවා. මේ කෙල්ල ගනිකාවක් කියලා කියපු ඔය කටින්ම දවසක මේ කකුල් දෙක ළඟ වැටිලා සමාව ගන්න සැලැස්සුවේ නැත්නම් මං විහේන් දේෂ්මිත සේනාරත්න නෙවෙයි.”

ගිනි පිටවෙන දෑස් වලින් අම්මයි නංගි දිහා බලාගෙන කියපු දේෂු මාවත් ඇදගෙන ඇවිත් කාර් එකට නැග්ගා.

“අප්පු කමලම්මට පාරට එන්න කියපන් යනවනම්. නැත්නම් දවස් දෙක තුනක් ඉඳලා එන්න කියපන්”

වලව්වේ වැඩට හිටපු කෙනාට කෑ ගහපු දේෂු වාහනේ හරවගත්තෙත් කේන්තියෙන්මයි.

දේෂු එක්ක කතා කරන්නත් මට දැනුනේ බයක්. කමලම්මා කොහේද දන්නෑ. අහන්නෙවත් කොහොමද මෙයා කේන්තියෙන්නේ ඉන්නේ. මං බයටම ඔහේ දේෂු දිහා බලාගෙන හිටියා.

එකපාරටම….

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

එකපාරටම මොකො උනේ…..

කෙටිකතා තරඟෙන් මං දෙවනි ස්ථානය වස්තුලා … සතුටුයි… ඒත් කලකිරීමක් තියේ. කතාව දාහකට වැඩි පිරිසක් කියෝනවා ඒත් කෙටිකතාවට ලයික් 417යි. කෙටිකතාවට ලයික් කමෙන්ට් කරපු හැමෝටම තැන්කුයී ….

මේක බොහෝවිට මගේ අන්තිම නවල් එක වේවි.

Iike comment කරන හැමෝටම තැන්කුයී ….😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *