#මුලා_වූ_පෙම්වතී 32

💕තිස් දෙවන දිගහැරුම💕

“අප්පු කමලම්මට පාරට එන්න කියපන් යනවනම්. නැත්නම් දවස් දෙක තුනක් ඉඳලා එන්න කියපන්”

වලව්වේ වැඩට හිටපු කෙනාට කෑ ගහපු දේෂු වාහනේ හරවගත්තෙත් කේන්තියෙන්මයි.

දේෂු එක්ක කතා කරන්නත් මට දැනුනේ බයක්. කමලම්මා කොහේද දන්නෑ. අහන්නෙවත් කොහොමද මෙයා කේන්තියෙන්නේ ඉන්නේ. මං බයටම ඔහේ දේෂු දිහා බලාගෙන හිටියා.

එකපාරටම දේෂු වාහනේ බ්‍රේක් කරා. ඒ පාර මොකද්ද කරන්න හදන්නේ මට මොකුත්ම හිතාගන්න බෑ. දේෂු ස්ටියරින් වීල් එකට අත මිටි කරලා වේගවත් පහරක් ගැහුවා. එයා තාමත් කේන්තියෙන්.

“ලිහිණි මොකද දැන් කන්න වගේ මං දිහා බලා ඉන්නේ ආ…”

හෑ.. ඒ කියන්නේ මං බලා ඉන්නවත් මෙයා දැකලද.

“අ…අ..අයියේ …”

“ඔහ් ශිට්.. ඔයා ඇයි සුදූ දැන් බයවෙලා… මං ඔයා එක්ක නෙවේනේ කේන්ති ගත්තේ…”

ඒ පාර දේෂු කිව්වේ කේන්තිය ටිකක් අඩු කරන් නිවුනු හඬකින්. මගේ ඇස් වලට කඳුලු එන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඔව් මං හිටියේ හොඳටම බය වෙලා. ඒ විතරද හිතේ වේදනාව. මං ගනිකාවක් කියලා දේෂුගේ නංගි අම්මා කිව්වාම මට දැනුන දුක.

“සුදූ… කෝ මෙහෙ එන්න… “

දේෂු මාව ඇදලා අරන් ඒ පපුවට තුරුල් කරගත්තා.

“සුදූ.. මං දන්නෑ එයාලට කවුරු මේ දේවල් කිව්වද කියලා. හැබැයි එකක් මගේ සුදූ එහෙම කෙනෙක් නෙවෙයි. ඒක ඔයත් දන්නවා.. ඉතිං මොකටද අඬන්නේ ම්… දැන් කො හිනාවෙන්න..”

එහෙම කියලා මගේ කම්මුල් දෙකට අත් තියාගෙන මගේ නළලට හාදුවක් දීපු දේෂු ඒ ඇස් මගේ ඇස් මතම රඳවන් හිටියේ හරියට මං ගැන මටම විශ්වාසයක් ඇති කරන්න වගේ.

“අයියේ.. ඒත් ඔයාගේ අම්මා අප්පච්චී.. ඔයා එයාලට “

“සුදූ…. ඔයාට එහෙම කියලා ඔය හිතට දුකක් දුන්න අය ගැන ඇයි ඔයා හිතන්නේ. මට ඒ අයගේ බොරු වලව් මාන්නේ පේන්න බෑ සුදූ. ඒකයි මං තනියම ජීවත් වෙන්නේ. ඉතිං ඔයත් මං එක්ක ඉන්න ඕනි. එයාලගෙන් වැඩක් නෑ.”

දේෂු කියවන් ගියේ කෙලින්ම මගේ ඇස් දිහාම බලාගෙනයි. මං දන්නෑ මොනවා කරන්නද කියලා. මං නිසා දේෂු දෙමාපියන්ගෙන් ඈත් උනොත් ඒක ලොකූ වරදක්.

“අහ් අන්න කමලම්මා එනවා. කෝ කඳුලු පිහදාගන්න සුදූ..”

රබර් ඉඩම මැදින් වැටුනු පාර දිගේ පුංචි ළමයි දෙන්නෙක් එක්ක දුව දුව එන කමලම්මාව දැකලා දේෂු මගේ කඳුලු පිහදැම්මා.

“කමලම්මා ඉන්නවද යනවද..”

“අනේ මේ ආ පයින්ම යන්නේ මොකෝ දේෂු මහත්තයා … “

“කමලම්මා දන්නවනේ මට ඔය වලව්ව හරියන්නේ නෑ කියලා. ආ මේ නීතා අක්කගේ පොඩි දෙන්නද..”

“ඔව් මහත්තයෝ මාව ඇරලන්නයි කියලා ඕං දුවන් ආවා.”

දේෂු ඉක්මනට පර්ස් එක අතට අරන් පුංචි පැටව් දෙන්නට ළඟට කතා කරලා කාර් එකෙන් බැස්සා. පොඩි දෙන්නටම දාහෙ කොලේ ගානේ දීලා ඔලුව අතගාපු දේෂු ආපහු දුවගෙන යන පුංචි උන් දිහා බලා හිටියේ මුවේ හිනාවකුත් එක්කමයි.

“කමලම්මා යනවද..”

“අනේ ඔව් ඔව්… මෙහෙ උන්නා කියලා මං මොනවා කරන්නද දේෂු මහත්තයෝ… “

කමලම්මා එහෙම කිව්වාම හිනාවෙලාම කමලම්මට නගින්න කාර් එකේ දොර ඇරලා දීලා දේෂුත් ඉක්මන වාහනේට ගොඩ උනා.

අපි එහෙමම කොළඹ එන්න පිටත් උනා. අතරමගින් දවල්ටත් කාලා රෑට කෑමත් අරන්ම අපි ගෙදරට ආවා.

“රෑ වෙලා සුදූ නාන්න එපා ඇඟ සෝදගන්න. අඬලා අඬලා දැන් නෑවොත් සෙම හැදෙයි.”

ගෙට ඇතුල් උන ගමන් කාමරේට දුවන්න තරප්පු පෙළ නැගගෙන යද්දි දේෂු පහළ ඉඳලා කෑ ගහලා කිව්වා.

ඔව් ඒ සෙනෙහස ආදරේ හරියට තාත්තා කෙනෙක් වගේ. මං ඒ ආරක්ශාවට ගොඩාක් ආස කලා.

💞💞💞💞

“අයියේ…. තේ ගෙනාවා…”

“හැමදාම කියනවා ඉතිං දොර ළඟ බෙරිහන් නොදී කාමරේට එන්න කියලා..”

උදේ තේ එකත් අරන් ගිහින් පුරුද්දට දොර ළඟ ඉඳන් මං කෑ ගහනකොට දේෂු ඇතුලේ ඉඳන් කෑ ගැහුවා.

දේෂු කිව්ව නිසාම මං දෙන්නටම තේ හැදුවේ එකම මග් එකකට. මං කාමරේට එද්දි එයා හොඳට කොට්ටෙකුත් බදාගෙන ඉන්නවා.

“ඒයි.. කෝ නැගිටින්න… හපො… ඔහොමත් නිදාගන්නවද…”

“නිදිනම් දැන් කතා කලේ මගේ හොල්මනද.. මෙන්න මෙහෙ එනවා කෝලම”

මං ස්ටූල් එක මතින් තේ එක තියනවත් එක්කම දේෂු මගේ අතින් ඇදලා ගත්තා. බැලන්ස් නැතුව ගිහින් මාව නැවතුනේ දේෂුගේ විසල් පපුතුරේ.

“අම්මෝ ලැජ්ජාව… මෙන්න රතුවෙලා…”

ලැජ්ජාවට මගේ මූණ රතු වෙන්න ඇති දේෂු හිනාවෙනවා ඉතිං

“කෝ අනේ අයින් වෙන්නකෝ මං කමලම්මට උදව් කරන්න ඕනි…”

“අපො… මහ කපටි රැජිනක් මේකි.. “

එහෙම කියලා මගේ නළලටත් දෙතොලටත් කෙටි හාදු දීපු දේෂු මාවත් උකුලට අරගෙනම ඇඳෙන් වාඩිවුනා. තේ එකත් අතට අරන් මගේ මුවට ළං කරපු දේෂු ඇස් වලින් කිව්වේ මට බොන්න කියලයි. මං බාගයක් බිව්වාම එයා අරන් ඉතිරි බාගෙ බිව්වා.

“පස්සෙ අල්ලගන්නම්කෝ මං … දැනට බේරිලා යන්නකෝ මැණිකේ ඉතිං …”

එහෙම කියලා දේෂු ආයෙමත් මාව බදාගන්න හදනකොටම මං එයාගේ උකුලින් පැනලා මග් එකත් අරන් කාමරෙන් එළියට දිව්වා.

වෙනදා වගේම කමලම්මටත් උදව් කරලා නාගෙන බුදු පහනත් තියලා මං ලෑස්ති උනේ ඔෆිස් යන්න.

“සුදූ.. පරක්කුයී… අද ඔෆිස් නෙවේ යන්නේ…”

මං පහළට එනකොටම දේෂු එහෙම කියලා කෑගැහුවා.

“එහෙනම් කොහේද යන්නේ අයියේ..”

අද ඔෆිස් දවසක් වෙලත් ඔෆිස් නොගිහින් කොහේ යන්නද මේ හදන්නේ කියලයි මං කල්පනා කලේ.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

කොහේද යන්නේ…. කියමු බලන්න…

Like comment කරන හැමෝටම තැන්කුයී ….😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *