#මුලා_වූ_පෙම්වතී 34

💕තිස් හතරවන දිගහැරුම💕

#කතාවට_පෙර

යාලුවනේ මේ ටිකේ කතාව දාන්න බැරි උනා හේතු ගොඩයි. ලොකුම හේතුව මං අසනීපෙන් හිටියේ. මේ දවස් වල ගොඩාක් වැඩ අතරෙ තමයි ඔයාලා වෙනුවෙන් කතාව දාන්නේ. මොකද කොලේජ් එකේ එසයිමන්ට් කරන්න තියෙනවා. කතා ලියන එක නෙවේ මගේ ජීවිතේ. ඉතිං මං පුලුවන් හැමදවසෙම පොඩි කොටසක් හරි දෙනවා. මට බනින්නේ නැතුව ඉවසීමෙන් ඉන්න.
💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

කතාව 👉👉👉👉👇

අම්මලා එන නිසා කමලම්මා රසට කෑම හදලා. අන්තිමට බැලුවාම මං විතරයි නොදැන ඉඳලා තියෙන්නේ ඒකනේ කමලම්මත් උයලා තියෙන්නේ. කමලම්මාට කෑම මේසෙට අරින්නත් උදව් වෙලාම මං නාගන්න ගියා.

නාගෙන පහළට එනකොට සාලෙ හිටපු අය දකිද්දි මං පහළට ආව නෙවෙයි දිව්වා.

“අම්මේ….”

“ආ ඔය එන්නේ අම්මගේ දෝණි”

මං දුවගෙන අම්මලා ළඟට එද්දි දේෂු කිව්වේ මං දිහා බලලා හිනාවෙවීමයි.

“මගෙ රත්තරනේ… රත්නත්‍තරේ පිහිටයි මගේ කෙල්ලට…”

මං අම්මට වැන්දාම අම්මා මාව තුරුල් කරගත්තේ කඳුලු අතරින් එහෙම කියමිනුයි.

“චුට්ටී…”

“අක්කේ.. මස්සිනා මහත්තයා 👌 නියමයි ඈ…”

චුට්ටිගේ දඟ වැඩනම් කියලා වැඩක් නෑ ඇහැකුත් ගහලා අතේ මහපටගිල්ලයි දබරගිල්ලයි එකතු කරලා ඉඟි කරලා කිව්වේ පුරුදු දඟකාර කමින්මයි.

“චුට්ටි… මං කිව්වා මං මහත්තයා නෙවෙයී… අයියා කියලා…”

“හයියෝ… හරි හරි මස්සිනේ…”

මේ දේවල් දිහා බලන් ඉද්දි මට දැනුනේ කියාගන්න බැරි සතුටක්. ඔව් මගේ පවුල දැන් සම්පූර්ණ වෙලා. දේෂු මගේම පවුලේ කෙනෙක් වෙලා.

“දුවේ අම්මලා එක්ක එන්න කන්න.. කෑමත් සීතල වෙනවා..”

“හා කමලම්මේ… මේ එනෝ…”

අපි කට්ටියත් එක්කම කෑම කෑවේ ලොකූ සතුටකින්. අද මුලු ගේම සතුටින් පිරිලා.

“විරූ අම්මලටත් එහෙනම් වොශ් දාගෙන එහෙම ලෑස්ති වෙන්න කියන්න ඇඳුම් අරන් තව වැඩ වගේකුත් තියෙ ඒවත් කරන් එමු.”

“හා අයියේ…”

“ඔයත් ලෑස්ති වෙන්න එහෙනම් .. ආ කමලම්මටත් කියන්න”

“අයියෙ…”

“ම්…”

“ඔයාට පිං මේ කරන දේවල් වලට මගෙ මහත්තයෝ “

“සුදූ… මං කිව්වා ඔයාට… මං පිට කෙනෙක්ද ආ..”

යන්න ගිය දේෂුට කතා කරලා මං එහෙම කිව්වේ ඇත්තටම හිතට දැනුන ඒ ගරුත්වය නිසා.

“පිස්සි හා හා යන්න දැන් ලෑස්ති වෙන්න ඉතිං “

මං බිම බලන් ඔහේ ඉද්දි දේෂු එහෙම කියලා හිනාවෙලා එතනින් යන්න ගියා.

අපි හැමෝම හවස හතරට විතර ගෙදරින් පිටත් උනේ අම්මලාට කමලම්මටයි ඇඳුම් ගන්නත් එක්කමයි.

දේෂු වාහනේ නතර කලේ නගරේ තිබුන ලොකුම ශොප් එකක.

“අම්මෝ… අක්කේ… මේ…”

කවදාවත් මේ වගේ තැනකට ඇවිත් නැති මගේ චුට්ටි හතරවටේම බල බල මගේ අතේ එල්ලුනා.

“විරූ ඔයා චුට්ටිට ඇඳුම් බලන්න මං අම්මවයි කමලම්මවයි සාරි තියෙන පැත්තට එක්කන් යන්නම්”

එහෙම කියලා දේෂු අම්මයි කමලම්මයි එක්ක ශොප් එකේ සාරි තියෙන හරියට ගියා.

“චුට්ටියෝ මොකද්ද අඳින්නේ”

“අනේ අක්කේ… මට හිතාගන්න බෑ…”

“පිස්සි… යමු අපි ලස්සන ගවුමක් බලමු”

ඇත්තටම චුට්ටිට ලස්සන දිග ගවුමක් අන්දවන්න මට ආස හිතුනා. තද නිල් පාට ඕෆ් ශෝල්ඩර් චූටි අතක් තියෙන ලස්සන දිග ගවුමක් මං තේරුවා. ඇත්තටම ඒක ගොඩාක් ලස්සනයි.

“අක්කේ.. මේක ලස්සනයි … ඒත් ගාන”

“චුට්ටි ඔයත් ඒ පාර අක්කා වගේද. ගාන වැඩක් නෑ මමනේ ගෙවන්නේ. කෝ ඕකට ආසද”

එකපාරට මගේ පිටිපස්සෙන් ඇහුනේ දේෂුගේ කටහඬ.

“අයියේ කෝ අම්මලා…”

“එයාලට සාරි අරන් කාර් එකට දාලා ආවේ මේ ඔයාලව බලන්න.”

“මස්සිනේ ඔන්න ඔහේ මේක ගමු මනමාලිම තෝරපු එකනේ…”

“චුට්ටී…😬😬

දේෂුත් ඉතිං චුට්ටිගේ විහිලු වලට හවුල් වෙන බව දන්න නිසාම මං ඉක්මනින් එතනින් ආවා.

එහෙමම ගිහින් අම්මලාටයි චුට්ටිටයිත් සෙරෙප්පු ගත්තා. ඊළඟට ආවේ ගෝල්ඩ් ජුවලරි ශොප් එකකට.

දේෂු රිසිට් එකක් ශොප් එකට දුන්නා. මාත් ඉතිං ඔහේ බලන් හිටියා. ශොප් එක ඇතුලට අම්මලා ආවෙත් නෑ. මහන්සී කියලා කාර් එකේම හිටියා. චුට්ටි ඉතින් මගේ වලිගෙ වගේ පස්සෙන්මයි.

“ආ සර් මෙන්න රින්ග් දෙක”

එතකොටම රිසිට් එක ගත්තු කෙනා චූටි බොක්ස් දෙකක් ගෙනාවා.

“සුදූ බලන්න හොඳයිද කියලා. මට හිතුන ඩිසයින් එකක් දුන්නා මං හදන්න. හදිසියේ නිසා හොඳ එකක් හොයන්න උනේ නෑ…”

දේෂු එහෙම කියලා බොක්ස් දෙක මං අතට දුන්නාම මායි චුට්ටියි ඒ දෙක ඇරලා බැලුවා..

“අම්මෝ…. අයියේ .. අපේ අක්කවත් මෙච්චර ලස්සන නෑ… “

චුට්ටි මුද්ද දිහා බලන් කියෝනවා. ඇත්තමයි මේ කෙල්ලනම්…

“ඒකනේ චුට්ටි.. කෝ අක්කගෙන් කමෙන්ට් එකක් නෑනේ “

“ලස්සනයි අයියේ… ගොඩාක් ලස්සනයි …”

මගේ ඇස් වලට කඳුලු ආවේ දුකටද සතුටටද දැනුනේ නෑ. හරිනම් දේෂු වෙනුවෙන් මුද්දක් මමයි ගන්න ඕනි ඒත් දේෂු ඒ හැමදේම කරලා.

“සුදූ ඔය ගමන්ම අම්මටයි නංගිටයි ගෝල්ඩ් වලින්ම මාල දෙකකුයි වලලුයි ගන්න. කමලම්මට මං කලින් අරන් දීලා ඇත්තේ සේරම”

“පිස්සුද අයියේ.. මේ ඉමිටේෂන් නෙවේ එහෙම ගන්න දෙයියනේ මේවා ගනන්…”

මට ඇත්තටම පුදුමයි දේෂු ඒ කිව්ව දේට නිකන් පේමන්ට් එකේ එලෝලු වෙලෙන්දෙක්ගෙන් එලෝලු ගන්නවා වගේනේ කිව්වේ..

“සුදූ… වියදම් කරන්නේ මං .. අනික මේ මගෙත් අම්මයි නංගි.. එකපාරකට වඩා මට කියන්න තියන්න එපා”

කේන්තියෙන් එහෙම කියලා දේෂු එළියට ගියා. දැන් ඉතිං තෝරගන්නම වෙනවා. දෙයියනේ මේවගේ ගනන්…

මං නෝමල් චේන් දෙකකුයි අම්මට වලලු දෙකකුයි නංගිට බ්ලේස්ලන්ට් එකකුයි තේරුවා. ඒ මං තේරුවේ උපරිම ගාන අඩු විදියට.

එතකොටම වගේ දේෂු ඇතුලට ආවා.

“කෝ හරිද..”

“ඔව් අයියේ.. මේ”

මං තෝරපු ටික දේෂුට පෙන්නුවා.

“මල්ලි අර තියෙන ජුවලරි සෙට් එකයි අන්න අරකයි අරන් දෙන්න.”

දේෂු මං පෙන්නපුවා ගානකට නොගෙන සේවකයෙක්ට කිව්වා.

“හරි මේ දෙකට බිල් දාන්න.”

මගේ ඇස් නලලේ තියෙන්න ඇති. ඒ ජුවලරි සෙට් වල ගනන් දැක්කාම මට ඉබේම හීල්ලුනා. චුට්ටිත් බයවෙලා මාව කොනිත්තනවා.

“මේක අරන් වාහනේට යන්න මං ගෙවලා එන්නම්”

එහෙම කියලා දේෂු ජුවලරි දාපු බෑග් එක මට දුන්නා. අම්මට ගැලපෙන්න චාම් ජුවලරි සෙට් එකකුත් නංගිට මැච් වෙන්න ටිකක් වැඩියෙන් පේන ලස්සන ජුවලරි සෙට් එකකුයි දේෂු ගත්තේ. මායි චුට්ටි තව මොනවත්ම නොකියා ඒ ටිකත් අරන් කාර් එකට ආවේ තවත් මොනාත් කිව්වොත් දේෂු කේන්ති ගන්න නිසයි.

වෙනදා කියවන චුට්ටිගේ කටත් අද ලොක් වෙලා. අපි ඇවිත් කාර් එකට නගිනකොටම දේෂුත් ආවා.

අභිශේක එකට ගිහින් දේෂුගේ නිලමේ කිට් එක මහන වැඩෙත් බාර දීලා අපි ගෙදර ආවේ කෑමත් එළියෙන් අරගෙනමයි.

හෙට දවස මගේ ජීවිතේට ගොඩාක් වැදගත් දවසක් හිතේ සතුට වගේම බයකුත් තිබුනා. මොකද මේ සතුටට දේෂුගේ අම්මා විරුද්දයි.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

කෝ බලන්න හෙට පාටියට එන කස්ටිය….😁😁😁

Like comment කරන හැමෝටම තැන්කුයී …😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *