#මුලා_වූ_පෙම්වතී 39
තිස් නවවන දිගහැරුම
“අයියේ…”
“සුදූ දැන් කියන්න එපා අම්ම නිසා මේක නවත්තමු කියලනම් එහෙම උනොත් ඔයාට මගේ මලගමට එන්න පුලුවන් “
කේන්තිය ටිකක්වත් අඩු නොකර දේෂු මටත් කෑගැහුවා. දෙයියනේ මේ විදියට කොහොමද මං මේ දේ කරන්නේ. ඒ දේෂුගේ අම්මා. එයාට එයාගේ පුතාව නැති කරන්න මට බැහැ.
මං බලන් හිටියේ කරන්න දෙයක් හිතාගන්න බැරුව. මං කොහොමද අම්මා කෙනෙක්ට දුකක් දෙන්නේ. එහෙන් මගෙ අහිංසක අම්මත් බයවෙලා.
“දූ… එන්න දරුවෝ.. විනීතව ගනන් ගන්න එපා. ඔයා බඳින්නේ මගේ පුතාව.”
දේෂුගේ අප්පච්චී මං ළඟට ඇවිත් කිව්වේ මගෙ ඔලුවත් අතගාන ගමන්මයි. ඒ ආමන්ත්‍රණය පවා ආදරනීයයි. අප්පච්චී නැති මට ඇත්තටම මේ ආදරේ ගැන ලෝභයි.
“කල්පනා කලා ඇති දූ.. යමු”
අප්පච්චී අයෙම එහෙම කියද්දියි මං පියවි ලෝකෙට ආවේ. මං බැලුවේ දේෂු දිහා. එයාත් මං දිහා බලන් ඉන්නේ හරියට මගේ උත්තරේ මොකක් වෙයිද කියන්න වගේ. ඒ ඇස්වල තිබුනේ ලොකු කලබලකාරී බවක්.
සුදූ දැන් කියන්න එපා අම්ම නිසා මේක නවත්තමු කියලනම් එහෙම උනොත් ඔයාට මගේ මලගමට එන්න පුලුවන් ඔව් දේෂුගේ ඒ වචන මගේ කන්වල දෝංකාර දෙන්න ගත්තේ මං මගේම හිතත් එක්ක ලොකු සටනක හිටපු නිසයි.
අන්තිමට මං තීරණයක් ගත්තා. දේෂුගේ ඒ ඇස්වල තිබුන බලාපොරොත්තු දේෂුගේ අප්පච්චිගෙ ආදරේ මගේ අම්මගේ නංගිගේ සතුට. මේ ආපු අය ඉස්සරහා දේෂුගේ ආත්ම ගරුත්වය මේ හැමදේම රැකගන්න ඕනි මං.
දේෂුගේ අම්මා කවදා හරි දවසක මාව පිළිගනීවි. ඔව් මගේ හිත එහෙම කියද්දි මං රෙජිස්ටාර් ළඟට ඇවිදන් ගියා. මං ගිහින් දේෂු ළඟින්ම වාඩිවුනාම දේෂුගේ ඇස්වල තිබුනේ සතුටක්. අර තිබුන කලබල ගතිය තිබුනේ නෑ.
“තෑන්ක්ස් සුදූ.. ආදරෙයි ගොඩාක්”
මගේ කනට කරලා දේෂු එහෙම කිව්වේ ඒ හිතේ උතුරලා යන සතුට නිසාම වෙන්නැති.
“මිස් මෙතන සයින් කරන්න”
රෙජිස්ටාර් වරයා ආයෙමත් මට පෑනයි පොතයි දුන්නා. මං දේෂු දිහාත් බලලා පොතේ අත්සන් කලේ ජීවිතේ පුරාම මගේ සැමියා වෙනුවෙන් මගේ ආත්මය කැප කරනවා කියන අදිටනින්.
“හොඳයි එහෙනම් නැගිටලා මං මේ කියන ටික පළමුව මනාල මහත්මයාත් දෙවනුව මනාල මහත්මියත් කියවන්න.”
රෙජිස්ටාර් වරයා කියවගෙන යද්දි දේෂුත් මාත් අසුන් වලින් නැගිට්ටේ හැමෝම ඉදිරියේ අපේ විවාහයේ ඒ වටිනාම පොරොන්දුව දෙන්න.
“විහේන් දේෂ්මිත සේනාරත්න වන මම මෙහි සිටින ලිහිණි විරංගා පුංචිහේවා වන මැය මාගේ නීත්‍යානුකූල භාර්යාව ලෙස භාරගන්නා බවට මෙහි සිටින සියලු දෙනා ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි.”
දේෂු ඒ ටික කිව්වේ මං දිහාම බලාගෙන. මං යන්තමට දැක්කා අම්මා අඬනවා. ඔව් අම්මට සතුටු ඇති. ඊළඟට ආවේ මගේ වාරේ.
“ලිහිණි විරංගා පුංචිහේවා වන මම මෙහි සිටින විහේන් දේෂ්මිත සේනාරත්න වන මොහු මාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා ලෙස භාරගන්නා බවට මෙහි සිටින සියලු දෙනා ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි.”
මං ඒ ටික කියනකල්ම දේෂුගේ ඇස් තිබුනේ මගේ දිහාවට.
“හොඳයි එහෙනම් යස ඉසුරින් සපිරුනු කරදර භාදක දුරු වුන සාර්ථක යුග දිවියක් වෙන්න ප්‍රාර්ථනා කරනවා”
එහෙම කියලා රෙජිස්ටාර් වරයා අපේ විවාහ සහතිකේ දුන්නේ හැමෝගෙම අත්පොලසන් හඬ මැද්දෙ.
මායි දේෂුයි එහෙමම ගිහින් අපේ අම්මට වැන්ඳා.
“රත්නත්තරේ පිහිටයි.. හැමදාම සතුටින් ඉන්න දරුවනේ…”
ඇස් වල කඳුලු පුරවගෙන උනත් අම්මා ඒ ටික කිව්වේ හිනාවෙලා. ඊළඟට අපි දෙන්නම දේෂුගේ අම්මා ළඟට ගියේ. දෙන්නම කිව්වට මමයි දේෂුව බලෙන් ඇදගෙන ගියේ.
“මට වඳින්න ඕනි නෑ ඔය නැහැදිච්ච අවලමේ ගිය උන්”
මං වඳින්න පහත් වෙනකොටම දේෂුගේ අම්මා පස්සට උනේ එහෙම කියාගෙන. දේෂුගේ අත් මිටමෙලවුනේ කේන්තියට වෙන්නැති. එයාගෙ කටින් වචනයක් පිටවෙන්න කලින් මං දේෂුගේ අතින් අල්ලගෙන අප්පච්චී ළඟට ආවා.
“තුණුරුවන්ගේ සරණයි දරුවනේ… ඔයා මගේ ලේලි නෙවෙයි අද ඉඳලා මගේ දෝණි වෙන්න ඕනි හරිද..”
දේෂුගේ තාත්තා එහෙම කියාගෙනම මාව ඒ පපුවට තුරුල් කරගත්තේ මගේ ජීවිතේට අහිමි වෙච්චි ඒ අප්පච්චීගේ ආදරේ අද ඉඳලා මට ලැබෙනවා කියන්න වගේ.
“අයියේ.. එන්න”
මං දේෂුවත් එක්කගෙන ඊළඟට ආවේ කමලම්මා ළඟට. කමලම්මා කියන්නේ අපිට ඇත්තටම අම්මා කෙනෙක්. මගේ මහත්තයව පුංචි කාලේ ඉඳලා බලාගත්තු අම්මා එයයි. ඉතිං කමලම්මගේ ආශිර්වාද ඕනිමයි. මායි දේෂුයි කමලම්මටත් දණ ගහලා වැන්ඳා.
“අනේ… දෙයියනේ බේබි මහත්තයා නැගිටින්න… මං වලව්වෙ ඉඳුල් කන ගෑනි මහත්තයෝ..”
“කමලම්මා එහෙම හිතෙන්නේ වලව් කරයන්ට මං පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්. ඔයා තමයි මාව උස්මහත් කරපු අම්මා”
“දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි රත්තරනේ… “
කමලම්මා ඇස් වලි හෝ ගාලා කඳුලු කැට වැටෙද්දි මාවයි දේෂුවයි ඒ දෑතින් තුරුල් කරගත්තේ ලොකු ආදරෙකින්.
අන්තිමට හැමෝම කාලා බීලා නටලා පාටි එක ඉවර වෙද්දිත් රෑ දොලහත් පහු උනා. එන්ගේච්මන්ට් එක උනාට හරියට නිකන් වෙඩින් එකක් වගේ.
“අක්කේ… ..”
“චුට්ටි මහන්සි ළමයෝ ගිහින් නිදාගන්නකෝ.. අනික දේෂුගේ අම්මලත් ඉන්නවා”
“හරි අනේ… මස්සිනා කිව්වා ඔයාට බැල්කනි එකට එන්න කියලා. එයාලගෙ පණිවිඩ කියන්න ගිහින් මටම බයිනවා”
චුට්ටි මට බැන බැනම යන්න ගියා. මේ දේෂු නම්.. පාටිය ඉවර වෙලා නිදාගන්න කියලා ආවා විතරයි. මං ඉතිං බැල්කනි එකට ඇවිදන් ආවේ නැත්නම් ඊළඟට දේෂු කාමරේට එන බව දන්න නිසාමයි.
මං යද්දි බැල්කනි එකේ පුටුවක වාඩිවෙලා දේෂු මං එන දිහා බලා ඉන්නවා.
“අම්මෝ.. මේ නෝනව හම්බෙන්න තියෙන අමාරුව”
“අනේ අයියේ අප්පච්චිලත් ඉන්නවා.. නිදාගන්නකො ගිහින්..”
“ඇයි බං මගේ කසාද ගෑණිව හම්බෙන්නත් බැයිද මට..”
එහෙම කියලා දේෂු මාව ඇදලා ගත්තු පාර මං නැවතුනේ දේෂුගේ උකුලේ.
“අම්මෝ ලැජ්ජාව.. කෝ ඇස් වහගන්න”
“ඒ ඇයි..”
“කිව්වම වහගන්නකෝ සුදූ .. හැබැයි මං කියනකල් ඇස් අරින්න බෑ හරිද.”
මාත් ඉතිං දේෂු කිව්ව දේ අහලා ඇස් වහගත්තා. එකපාරට මට දැනුනේ…
– ලක්ෂි මුහන්දිරම් –
කතෘ අනුමැතියෙන් තොරව උපුටාගැනීමෙන් වළකින්න
මම මොකුත් කියන්නෙම නෑ… මයි…..
Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයී ….