#මුලා_වූ_පෙම්වතී 42

💕හතලිස් දෙවන දිගහැරුම💕

අපි කට්ටිය එක්ක ලෑස්තිවෙලා හැඩ බල බල හිටියේ. අම්මනම් මාව දැක්ක වෙලේ ඉඳලා අඬනවා.අම්මලා එහෙමයි. ඒ තමයි එයාලගේ සතුට ආදරේ.

“ඉක්මනට පහළට යමු… ෆොටෝස් ගහන්න යන්න ඕනි”

එතකොටම එහෙම කියාගෙන කාමරේට දුවගෙන ආවේ චලිත් අයියගේ වයිෆ් දිල්මි අක්කා.

😱😱😱 නංගියෝ…. ලස්සනයි මැණික… අපේ කොල්ලා කලන්තෙ දායි අදනම්…”

“දිලූ අක්කේ.. අනේ අක්කේ කෝ සඳූ..”

“ඔන්න ඉතිං … බය වෙන්න එපා එයා අපේ නංගි එක්ක ගෙදර. එයාට එන්න බෑ කිව්වා සෙනග අතරෙ ඉන්න”

“අක්කේ සඳුනි හරි හොඳයි..”

“මං දන්නවා දරුවෝ.. කෝ දැන් යමු.. දේෂු ගියා දෙවනි මනමාලයොත් එක්ක. ඔයාලව චලිත් එක්කන් යයි. අම්මත් යන්න අම්මේ..”

දිල්මි අක්කා කිව්වේ අම්මා දිහාත් බලන ගමන්මයි.

කිරිබත් කටකුත් කාලා අම්ම මල් දාලා දොරකඩට වෙලා තියන් හිටපු වතුර වීදුරුවෙනුත් උගුරක් බීලා මං එළියට බැස්සා. මෙහෙම පිට උනාට ඉතිං ආයෙම එන්නෙත් මේ ගෙදරටමනේ..

අපි යනකොටත් දේෂු ෆොටෝග්‍රැෆර්ලත් එක්ක බීච් එකේ හිටියේ. මං කාර් එකෙන් බහිනකොට දේෂු හිමීට මං දිහාට ඇවිදන් ආවා. නිළමේ ඇඳුමට දේෂු හරිම ලස්සනයි.

“සුදූ….😱😱

“හෝව් හෝව්… මස්සිනේ… අක්ක තමයි මේ ඉන්නේ… ඇයි හින්දි නිලියක් වගේද”

“ඒකනේ චුට්ටි … මගේ නෝනාව මාරු වෙලාද මංදා..”

ඒ පාර දෙන්නත් එක්ක මාව විහිලුවට ගත්තා. මං චුට්ටිගේ අත කෙනිත්තුවේ ඇති කියන්නයි.

“සුදූ.. අද පුදුම තරම් ලස්සනයි මැණික…”

චුට්ටිලා ඉස්සර වෙනකල් ඉඳලා දේෂු හිමීට කිව්වේ මගේ කනට කරලා.

“ඔයත් ලස්සනයි අයියේ… හරියට ඇතෙක් වගේ…😉

එහෙම කියලා සාරියත් අල්ලන් මං දිව්වේ දේෂුට ඒ ඇඳුමෙන් දුවන්නත් බෑ කියලා දන්න නිසාමයි.

“ආ ඇත්තද නෝනේ… අල්ලගන්නම්කෝ.. ඕවට රිටර්න් රෑට හරිද…”

මං ළඟටම ඇවිත් දේෂු කිව්වේ ඇහැකුත් ගහලා.ලැජ්ජාවටම මං බිම බලාගත්තා. ෆොටෝ ශූට් එකත් කරලා අපි හොටෙල් එකට එනකොට හැමෝම හිටියා.

මංගල බෙර හඬ මැදින් මාත් දේෂුත් පෝරුවට නැග්ගේ හැමෝගෙම ආශිර්වාද මැද. දේෂුගේ අම්මව අප්පච්චී මගේ කීමට එක්කන් ඇවිත් තිබුනත් එයා තාම මට කැමති නෑ. ඒ ආශිර්වාදෙත් දවසක ලැබෙන්න කියල හිතාගෙනම මං පෝරුවට ගොඩ උනා.

පෝරුවේ චාරිත්‍ර සේරම ගොඩාක් හොඳින් කෙරුනා. අම්මානම් අඬනවා හොඳටෝම. චුට්ටිත් අඬනවා. මටත් ඇඬෙන්න ආවත් මං හිත හයිය කරගත්තා.

💞💞💞💞
“සුදූ… ගිහින් අනිත් කිට් එකට මාරුවෙන්න දැන්. මටත් දැන්නම් මේක ඇඳන් ඉඳලා එපා වෙලා. 😁

දවල් කෑමෙන් පස්සෙ දේෂු ඇවිත් කිව්වේ හිනා වෙවීමයි. අමුත්තෝ තාම කෑම කනවා. ඒ නිසා මාත් චුට්ටි එක්ක චේන්ජ් කරගන්න රූම් එකට ආවා. සැලෝන් එකේ අක්කත් එතකොටම වගේ ආවේ දේෂු පණිවිඩේ දීපු නිසා.

මෙරූන් ඇන්ඩ් ගෝල්ඩ් කලර්ස් වලින් ලස්සන වෙච්චි ලෙහෙන්ගා කිට් එක ඇන්ඳමනම් ඇඟට පහසුවක් දැනුනේ. ඇයි දෙයියනේ අර මාල ටිකම කිලෝ ගානක් බරයි.

මගේ කොණ්ඩෙ ලස්සනට ගොතලා සයිඩ් එකෙන් ඉස්සරහට දාලා පැත්තකින් මල් ගැහුවා. ගොතපු කොණ්ඩෙටත් අක්කා මොකද්ද මංදා වැලක් දැම්මා ඒක දැම්මාම හැබැයි ලස්සනයි. ඉන්දියන් ජුවලරි සෙට් එකකුත් දාලා චූටියට මේකප් එකකුත් දැම්මා.

“ම්… ඔන්න උදේ හිටපු උඩරට මැණිකේ දැන් ඉන්දියන් නිළියක් උනා”

මගේ පිටිපස්සෙන් ඉඳන්න කැඩපතින් පේන මගේ රුව දිහා බලන් අක්ක කිව්වේ හිනා වෙවීමයි.

“ලොක්කී.. හරිද.. පුතා කිව්වා එක්කන් එන්න කියලා”

“හරි අම්මේ… ඔන්න අම්මේ අපේ ලොක්කි හින්දි නිලියක්… ටන්ට ටාන්…”

චුට්ටි මාව වැහෙන්න ඉඳන් අම්මට එහෙම කියලා එකපාරට එහාට උනා. මාව දැක්කාම අම්මගේ කඳුලු ආපහු අලුත් උනා ඉතිං

“අනේ අම්මේ..”

“උඹට ඇස්වහක් කටවහක් වදින්න හොඳ නෑ මයෙ රත්තරනේ …”

“ඔව් එයාට වදින්නේ නෑ.. එයාගෙන් මගේ කොල්ලටයි වැදුනේ..”

අපි රූම් එකේ දොර දිහා බැලුවේ ඒ ඇහුන හඬටයි. දෙයියනේ දේෂුගේ අම්මා… දැන් මොනාහරි කිව්වොත් අපේ අම්මට දුක හිතෙයි..😱

මං කල්පනා කර කරම බැලුවේ චුට්ටි දිහා. චුට්ටිත් බය වෙලා.

“අක්කේ ඉන්න ඔයාගේ බොකේ එක පහළ. ඒක අරන් එන්නම්”

එහෙම කියලා චුට්ටි දිව්වේ මට මොකුත් කියන්නවත් ඉඩ නොදී.

“ලැජ්ජ නැති ගෑනු. මං මේ කට වහන් ඉන්නේ මොනා උනත් කෑ ගැහුවොත් ලැජ්ජා වෙන්නේ අපේ ෆැමිලි එක නිසයි. “

“අනේ අම්මේ මං මොන වරදක් කලාටද..”

“අම්මා… චික්.. ඔය කටින් මට අම්මා කියනවද.. හිතුවේ උඹ වලව් කාරියක් කියලද.. ආ.. ඉක්මනට මගේ කොල්ලගෙන් ඩිවෝස් වෙයන්..”

“අනේ නෝනා… එහෙම උනාම මගේ කෙලී අනාත වෙනවනේ…”

“අනාත වෙන්නෙ මොනාද තව.. ආ… මේකි කොහොමත් අනාත වෙලානේ ඉන්නේ..”

“මොනාද දෙයියනේ මේ කියන්නේ… 😭😭

අනේ දෙයියනේ මොනා වෙයිද දැන් අම්මා අඬනවා හොඳටම. අනේ දේෂු … එන්නකෝ… මං කරගන්න දෙයක් නැතිව බලන් හිටියේ”

“කියන්නේ ඇත්ත.. අහගන්නවා ඔහේගේ දෝණියැන්දගෙන්.. මගේ එකාගේ කරේ එල්ලුනා මෙතන. ජරා ගෑනු”

අනේ දෙයියනේ අම්මා මේවා දැනගත්තොත් පපුව පැලෙයි.. අනික දේෂුගේ අම්මා කියන්නේ හරියට මං ජරා ගෑණියෙක් වගේ.. දෙයියනේ ….අනේ ඉක්මනින් මොනාහරි කරන්න.. මට කිසි දෙයක් හිතාගන්න බෑ. මං ඔහේ ගල් ගැහිලා බලන් හිටියා. දේෂුගේ අම්මා පුලුවන් උපරිම මට අවනම්බු කරනවා. මගේ අහිංසක අම්මා පපුව අල්ලන් අඬනවා. මං මොනාද කරන්නේ දෙයියනේ …

– ලක්ෂි මුහන්දිරම් –

කතෘ අවසරයකින් තොරව උපුටාගැනීමෙන් වළකින්න
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

බාල්දියක් නැතුව වැඩක් නෑ අනේ… 😁😁😁

Like comment කරන හැමෝටම තැන්කුයී …😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *