#මුලා_වූ_පෙම්වතී 43

💕හතලිස් තුන්වන දිගහැරුම💕

(මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා කතාව පරක්කු උනාට වස්තුලා… වැඩ ගොඩයි… හෙටත් කොටසක් දෙනෝ…😁😁)

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
කියන්නේ ඇත්ත.. අහගන්නවා ඔහේගේ දෝණියැන්දගෙන්.. මගේ එකාගේ කරේ එල්ලුනා මෙතන. ජරා ගෑනු”

අනේ දෙයියනේ අම්මා මේවා දැනගත්තොත් පපුව පැලෙයි.. අනික දේෂුගේ අම්මා කියන්නේ හරියට මං ජරා ගෑණියෙක් වගේ.. දෙයියනේ ….අනේ ඉක්මනින් මොනාහරි කරන්න.. මට කිසි දෙයක් හිතාගන්න බෑ. මං ඔහේ ගල් ගැහිලා බලන් හිටියා. දේෂුගේ අම්මා පුලුවන් උපරිම මට අවනම්බු කරනවා. මගේ අහිංසක අම්මා පපුව අල්ලන් අඬනවා. මං මොනාද කරන්නේ දෙයියනේ.

“හොඳටම ඇති…😠😠😠

එකපාරට රූම් එකට ආවේ දේෂු. දේෂුගේ පිටිපස්සෙන් චුට්ටිත් හිටියා. ඒ කියන්නේ දේෂුව එක්කන් එන්න ඇත්තේ චුට්ටි. දේෂු හිටියෙනම් පුදුම තරම් කේන්තියෙන්.

“අහ් මගේම පුතාට කේලම් කියලා මට බන්නවන්න එක්ක ආවද”

දේෂුගේ අම්මා ඇහුවේ චුට්ටිට රවන ගමන්මයි.

“කවුරුත් කේලම් කිව්වේ නෑ. ඔයාට වෙඩින් එකට එන්න එපා කියලත් අප්පච්චී ඔයාව එක්කන් ආවේ මේ කෙල්ලගේ කීමට. පුතෙක්ගෙ ජීවිතේ ලස්සනම දවසේ අම්මා ඉන්න ඕනි කියලා මටත් හොරෙන් අප්පච්චී ලවා ඔයාව ගෙන්නුවා. එහෙම කරපු කෙල්ලටද අද බනින්නේ.සුදූ තමුසෙටත් හොඳ වැඩේ. මගුලටද මෙයාව ගෙන්නුවේ. “

දේෂු කොච්චර කේන්තියෙන්ද කිව්වොත් මටත් බනිනවා.

“චී… මේකි කිව්ව නිසානම් මං ආවේ නෑ. කොහොමත් මං අද එන්න හිටියේ. මේකිගේ තත්වේ තේරුම් කරන්න.”

“අම්ම… ශටප් ප්ලීස්. ඔයා කරුනාකරලා යන්න ඔයා මගේ අම්මා කියන එක මට අමතක වෙන්න කලින්. මෙයාගෙ නෙවේ ඔයා කොච්චර පහත් කෙනෙක්ද කියලනම් තේරුනා. චික් ලැජ්ජයි”

“ඔව් උඹට මේ අම්මා පහත්. මේ කොහේවත් යන #@$# යෝ උසස්”

“යු ශටප් ඕකේ මිසිස් සේනාරත්න. ප්ලීස් ගෙටවුට්… ආයේ මගේ දෑහැට පේන්න එන්න එපා. සුදූ තමුන් ආයේ මේ මගේ අම්මා කියලා මට මතක් කර කර දේෂනා දෙන්නත් එපා. මේ මොහොතේ ඉඳලා මට මේ ලෝකේ ඉන්නේ අම්මලා දෙන්නයි. ඒ ඔයාගේ අම්මයි කමලම්මයි. මේ ඉන්නේ සේනාරත්න වලව්වේ නෝනා හාමු. “

දේෂු එක හුස්මට එහෙම කියලා මගේ අතිනුත් ඇදගෙන රූම් එකෙන් එළියට ආවේ චුට්ටිටත් අම්මව එක්කන් එන්න කියලා කියාගෙනමයි. දේෂුගේ අම්මගේ ඇස්වල තිබුනේ මාත් එක්ක ලොකූ තරහක්. දෙයියනේ මං නිසා ඒ අම්මට පුතා නැති උනා.

“සුදූ… “

😥😥😥

“මෙහෙ බලනවා… සේරම ඔයාගේ පණ්ඩිත වැඩ නිසානේ සුදූ. කෝ දැන් හිනාවෙලා යමු. ආයේ එයා ගැන මට ඇහෙන්න කියන්න එපා.”

එහෙම කියලා මගේ ඇස්වල කඳුලුත් පිහදාලා දේෂු මාත් එක්කම හෝල් එකට ආවා.

“ඇටෙන්ෂන් ප්ලීස්… හැමෝම අහගන්න… අද අපේ යාලුවා දේෂු ඉතිං හිරේට ගියා.. ඒ සතුට සහ ශෝකය නිමිත්තෙන් පුංචි සප්‍රයිස් එකක් තියෙනවා. ඉතිං අපේ මනාල යුවල ඇවිත් මේ ඉදිරි අසුන් වලින් අසුන් ගන්නකෝ..”

දේෂුගේ යාලුවෙක් ස්ටේජ් එකට නැගලා කියවද්දි චලිත් අයියා ඇවිත් අපි දෙන්නව එක්කන් ගිහින් ඉස්සරහා පුටු වලින් වාඩි කෙරෙව්වා.

“අයියේ.. ඔයාට මෙච්චර යාලුවෝ ඉන්නවද..”

“මෙතනින් බාගයක්ම ස්කූල් එකේ යාලුවෝ සුදූ.. අනිත් උන් කම්පැනි එකේ ඩිපාර්ට්මන්ට් හෙඩ්ලා ටිකනේ.. උන්ව සුදූ දන්නවනේ.”

එකපාරට ඩාන්සින් ෆ්ලෝ එක වර්ණවත් කරමින් දේෂුගේ යාලුවෝ ටික ආවේ හින්දි සින්දුවකට ඩාන්ස් කරන්න. සිංහල හින්දි සින්දු කීපයකටම ඩාන්ස් කරපු කට්ටිය එකපාරට ඇවිත් මාවයි දේෂුවයි ඇදගෙන ගියා.

එක යායේ කකා වැටී..එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා..
නාස් ලණුව දමනවාලු…කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුලු නාඹර වස්සා..

අපි දෙන්නව මැද්දෙ තියාගෙන සින්ඳුවට රඟපානවා කට්ටිය. කෝලම් ගොඩයි.

කොහොමහරි අන්තිමට අපිට පිටත් වෙන්න වෙලාවත් ලං උනා. චාරිත්‍ර සේරම කරලා පිටත් වෙන්න හෝල් එකෙන් එළියට ආවා.

මං ගිහින් අම්මව තුරුල් කරගත්තේ මෙච්චර වෙලා හැඩුම් වාවගෙන හිටියත් තවත් ඉන්න බැරිම තැනයි.

“මගෙ ලොක්කියේ… උඹට රත්නත්තරේ පිහිටයි… අඬන්න එපා කෙල්ලේ.. උඹට ලැබුනේ රත්තරන් මහත්තයෙක්. එයාට හොඳ නෝනා කෙනෙක් වෙයන් දුවේ…”

අම්මා මාව බදාගෙන අඬ අඬම කියවනවා. ඊළඟට චුට්ටිත් ඇවිත් අපි දෙන්නටම තුරුල් වෙලා අඬන්න ගත්තා.

“අනේ අක්කේ.. මරන්න ගෙනියන වැස්සියෙක් වගේ අඬන්න එපා… මටත් ඇඬනවා…”

“කට වහපන් චුට්ටි.. මොනාද කියන අසුභ කතා..”

චුට්ටි ඇවිත් කියෝ කියෝ අඬද්දි අම්ම පුරුදු විදියටම චුට්ටිට බැන්න ඉතිං …
අන්තිමට දිල්මි අක්කා ඇවිත් මාව බලෙන් වගේ එක්කන් ගිහින් දේෂුගේ ළඟින් තිබ්බා.

“සුදූ… අඬන්න එපා දරුවෝ… අම්මලත් අපි එක්ක ඉන්නවනේ…”

“පුතා දැන්ම ගියානම් හරි රෑ වෙයි නැත්නම් “

“ඔව් අප්පච්චී අපි එහෙනම් යන්නම් සුදූලගේ අම්මලාව අපේ ගෙදරට ඇරලවන්න අප්පච්චී “

මායි දේෂුයි දේෂුගේ අප්පච්චිටත් වැඳලා කාර් එකට නැග්ගා.

💞💞💞💞💞

“සුදූ.. නැගිටින්න අපි ආවා…”

දේෂුගේ හඬට ඇස් අරිද්දියි මතක් උනේ මං කාර් එකේ කියලා. දෙයියනේ බණ්ඩාරවෙලට
එනකල්ම මං නිදාගෙනද. මගදි මේ කිට් එකෙන් ෆොටෝස් අරගෙන එන්න පිටත් වෙද්දි හොඳටම හවස් උනා. ඒ මහන්සියටත් එක්ක මට නින්ද යන්න ඇති.

“මැඩම් බහිනවද උස්සන් යන්නද මං ආ….😂😂

මං ඉක්මනින් කාර් එකෙන් බැස්සේ මෙයා ඊළඟට මාව උස්සන් ගියොත් මිනිස්සුත් බලයි කියලා හිතුන නිසාමයි. මං බහිද්දි දේෂු හෝ ගාලා හිනා වෙනවා. සේරම මෙයාටනම් විහිලු.

මං රවාගෙන බලා ඉද්දි දේෂු ඇවිත් මගේ අතිනුත් අල්ලන් හොටෙල් එක ඇතුලට ගියා.

– ලක්ෂි මුහන්දිරම් –

කතෘ අවසරයකින් තොරව උපුටාගැනීමෙන් වළකින්න
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

මට බැනපු සෙට් එක..මේ කොනට…👉👉👉
😁😁😁

Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයී ….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *