#මුලා_වූ_පෙම්වතී 44

💕හතලිස් හතරවන දිගහැරුම💕

“මැඩම් බහිනවද උස්සන් යන්නද මං ආ….😂😂

මං ඉක්මනින් කාර් එකෙන් බැස්සේ මෙයා ඊළඟට මාව උස්සන් ගියොත් මිනිස්සුත් බලයි කියලා හිතුන නිසාමයි. මං බහිද්දි දේෂු හෝ ගාලා හිනා වෙනවා. සේරම මෙයාටනම් විහිලු.

මං රවාගෙන බලා ඉද්දි දේෂු ඇවිත් මගේ අතිනුත් අල්ලන් හොටෙල් එක ඇතුලට ගියා.

රිසෙප්ෂන් එකෙන් කී එකත් අරන් අපි රූම් එකට ගියා.

“සුදූ… කොහේද බෙල්ල කරකවලා බලන්නේ යමු ඇතුලට…”

දේෂු රූම් එකේ දොර අරිනකල් මං වටපිට බැලුවේ හොටෙල් එක ඇත්තටම ලස්සන නිසයි. මං ඉස්සර වෙලා රූම් එකට ඇතුල් උනාම දේෂුත් ඇතුළට ඇවිත් දොර ලොක් කරා.

“සුදූ රූම් එක ලස්සනට ඇරේන්ජ් කරලා තිබ්බට චලිත්ලා මොනා කරලද දන්නෑ. මුලින්ම බලන්න බෑග් වල ඇඳුම් තියෙනවද කියලා”

රූම් එක ගොඩාක් ලස්සනට සරසලා තිබුනා ඇත්තටම. දේෂු කිව්ව විදියටනම් මටත් බය හිතුනා. බැරි වෙලාවත් ඇඳුම් නැතුව වෙන මොනාහරි දාලනම්. මං ඉක්මනින් බෑග් එක අරන් බැලුවා. අම්මෝ… දෙයියනේ කියලා ඇඳුම් ටික මං පැක් කරපු විදියටම තියෙනවා.

“අයියේ ඇඳුම් තියේ…😁😁

“අහ් ඒනම් අපි පව් කියලා මොකුත් නොකර ඉන්න ඇති. බලමුකෝ….”

මං ඇඳෙන් වාඩිවුනේ පාන්දර ඉඳන් ඇහැරන් ඉඳලම මහන්සි නිසයි.

“සුදූ.. ඔයා වොශ් දාගෙන එන්න කලින්. කෝ එන්න ජැකට් එකේ බට්න්ස් ටික පන්නන්න මං “

දේෂු එහෙම කියලා මං ගාවට එද්දි මං ඇඳෙන් නැගිටලා එහාට පැන්නේ ලැජ්ජාවටමයි.

“අනේ බං මං උඹේ මිනිහා… ඕවා කෝමත් අද රෑට දකිනවනේ සුදූ….😉

“අයියේ….😬😬😬

“හපෝ… විහිලුවට බං කිව්වේ …. දැන් ඔයාට බට්න්ස් තනියම ගලවන්න පුලුවන්ද… බෑනේ… මෙහෙ එනවා පණ්ඩිත නොවී”

දේෂු මාව ඇදලා ගත්ත පාරට මං නැවතුනේ ඒයාගේ ළඟ. මාව අනිත් පැත්තට හරෝලා දේෂු ජැකට් එකේ බට්න්ස් ගලවන්න පටන් ගත්තා. ලැජ්ජාවට මං හිටියේ ඇස් දෙක තද කරලා පියාගෙන.

“ඈ බොල ඇස් පියන් ඉන්නේ මං මෙතන කොටු කොටු දර්ශන පෙන්නනවද”

මං ඉක්මනින් ඇස් ඇරියේ මං ඇස් පියන් හිටියා කියලා මගේ පිටිපස්සෙන් ඉන්න දේෂු දන්නේ කොහොමද කියලා හිතමිනුයි.

දෙයියනේ ….. මං වගේ ගොන් ගහක් 🙇🙊🙊 මං හිටගෙන ඉඳලා තියෙන්නේ කණ්ණාඩිය ඉස්සරහනේ…

“ඕම ඇස් ලොකු කර කර බලන්න එපා සුදූ… ඉවසන්න බෑ…. 😉😉😂

අද මෙයාට මොනා වෙලාද මංදා.. මං දේෂු දිහා රවලා බලල ගස්සගෙන බාතෲම් එකට ගියා.

මං වොශ් දාගෙන එනකොට දේෂු කා එක්කද මංදා කෝල් එකක.

“අහ් සුදූ ආවද.. මේ ඔයා මිස්ට විතානගේට අලුත් ප්‍රඩක්ට් එකේ ෆයිල්ස් යැව්වද සුදූ.”

“ඔව් අයියේ. පෙරේදා මං ඒ ටික යැව්වා”

“ආ එහෙනම් හරි.. මාත් වොශ් දාගෙන එන්නම් සුදූ. කෑම ගෙනත් ඇති රූම් එකට. “

එහෙම කියලා දේෂු බාතෲම් එකට ගියා. රෑ කෑමට නූල්ඩ්ස් එක්ක චිකන් හොදියි පරිප්පුයි ගෙන්නලා තිබුනා. අම්මෝ ඒකනම් හොඳයි. චයිනිස් විකාර කන්න බෑ. මං දේෂු එනකල් කෑම බෙදාගෙන බලන් හිටියා.

දෙන්නත් එක්කම ඇතිවෙන්න කෑවා.ඇයි ඉතිං දවල්ටත් සෝබනේට කෑවට හරියකට කන්න උනේ නෑනේ.

“සුදූ අම්මට කෝල් කරාද. කෝල් කරලා බලන්න.”

දේෂු කිව්වාමයි මටත් මතක් උනේ. මං අම්මලාට කෝල් කලා. චුට්ටිනම් එතකොටත් නිදිලු. අප්පච්චි අම්මලාව ඇරලවලා නුවර ගිහින් දේෂුගේ අම්මත් එක්ක.

කෝල් එක ඉවර කරලා බලද්දි දේෂු ඇඳේ ශීට් එක අවුස්සනවා.

“අයියේ… මොනාද අනේ කරන්නේ”

“මං බැලුවේ අරුන් මොනාහරි කරලද කියලා. ඕකුන්ව ශුවර් නෑ.”

“ඔයාටනම් පිස්සු “

“හා හා මටනේ පිස්සු මෙන්න මෙහෙ එනවා.”

එහෙම කියලා දේෂු මාව ඇදලා ගත්තු පාරට බැලන්ස් නැතුව ගිහින් දේෂුවත් පෙරලන් ඇඳට වැටුනා.මං දේෂුගේ ඇඟ උඩ. ඒ මෝඩයා හිනා වෙනවා. නැගිටින්න දෙන්නෙත් නෑ.

“අයියේ…….”

“කියන්න සුදූ…😁😁

“ඔව් දැන් මාව ජෝක් එකට ගන්නකෝ එතකොට හරි”

“අම්මෝ… තරහා ගියාම ලස්සනයි මගෙ සුදූ…”

“අ…අයියේ….”

“ම්….”

“ම…මට අද ඔයා වෙනුවෙන් දෙන්න පිවිතුරු බවක් …”

“කට වහනවා සුදූ…”

මං කියන්න ගිය එකත් කියන්න නොදී දේෂු මාව ඇඳට පෙරලගත්තා. මගේ මූණටම එබිලා මගේ ඇස් වලින් වැටුණු කඳුලු ටික හරි සීරුවට පිහදැම්මා.

“සුදූ… දන්නවද.. මට ඒ දේවල් වැඩක් නෑ. මගේ සුදූ මට පිරිසිදුයි. ඔය හිත ගොඩාක් ලස්සනයි. මට ඒ ඇති. ඔය චූටි ලේ බින්දුවකින් කෙල්ලෙක්ගේ චරිතේ මනින්න බෑ සුදූ. ඒවා පුහු දේවල්. අනික පිරිමියෙක්ට එහෙම මිම්මක් නෑ ඇයි කෙල්ලන්ට විතරක් එහෙම මිම්මක් දීලා. හරියට බැලුවොත් බඳින කෙල්ලගේ ලේ බින්ඳුව හොයන උන්ගෙන් 75%ක්ම තවත් කෙල්ලෙක්ට ඒ අවස්ථාව අහිමි කරපු උන්. එතකොට උන්ගේ අපිරිසිදුකම් මනින්න විදියක් නෑනේ.

ආයේ මට ඇහෙන්න ඕක කියන්න එපා සුදූ. මට මගේ සූදූ තමයි මේ ලෝකෙ ඉන්න පිවිතුරුම කෙනා. ඔය ලස්සන හදවතටයි මං ආදරේ කරන්නේ සුදූ… “

එහෙම කියලා දේෂු බලන් හිටියේ මගේ ඇස් දිහා. දෙයියනේ මං කොච්චර පිං කරලද මෙහෙම ආදරයක් ලබන්න. ඔයාට පිං දේෂු මට මෙහෙම ආදරේ කරනවට.

අපේ ඇස් ගොඩාක් වෙලා එකට පැටලිලා තියෙන්න ඇති. හදවතේ තෙරපෙන ආදරේ අපේ ඇස් වලින් කියවෙන්න ඇති. ඔව් ඇස් වලට කතා කරන්න පුලුවන්. ආදරේදි ඇස් වලින් තමයි හදවත කතා කරන්නේ..

එකපාරට අපි දෙන්නම ගැස්සිලා පියවි සිහියට ආවේ…

– ලක්ෂි මුහන්දිරම් –

කතෘ අවසරයකින් තොරව උපුටාගැනීමෙන් වළකින්න

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

කෝ බලන්න රොමෑන්ටික් මූමන්ට් එක කුඩුපට්ටම් වෙච්චි උදවිය…. 😂😂😂😂

Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයී ….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *