#මුලා_වූ_පෙම්වතී 46

💕හතලිස් හයවන දිගහැරුම💕

“අයියෝ… සුදූ… “

“නැගිටින්නකෝ… තේ නිවෙනවා අයියේ…”

යන්තම් ඇහැරුනා. දෙන්නත් එක්ක තේ බීලා දේෂු වොශ් දාගත්තාම ලෑස්ති උනේ එළියට යන්නයි. බණ්ඩාරවෙල ගොඩාක් ලස්සන තැන් තියෙනවනේ බලන්න. මෙහෙ ඉන්නෙත් අද විතරක් නිසා අපි හොටෙල් එකෙන් අහලා ලස්සනම තැන් දෙක තුනක් සිලෙක් කරා ඇවිදින්න.

බණ්ඩාරවෙල ඇවිදලා හවසින් අපි එහෙන් පිටත් උනේ ගෙදර එන්න. මොකද මේ ටිකේම කම්පැනි එකේ වැඩ මිස් උන නිසා. කොහොමහරි රෑ වෙද්දි අපි ගෙදරට ආවා.

“හෝව් ..හෝව්… ඉන්න ඉන්න ටිකක්….”

අපි ගේ ඇතුලට එනකොටම චුට්ටි ඇවිත් අපි දොර හරස් කරගත්තා.

“මොනා කරනවද චුට්ටී….😠

“ඉන්නවා හලෝ… මව් රැජිනගේ ඕඩර් මේවා… 😁

චුට්ටි හිනාවෙවීම කියද්දි අම්මා ආවේ මල් දාපු වතුර එකකුත් අතේ තියාගෙන.

“රත්නත්තරේ පිහිටෙන් දෙන්න එක්කම උගුර උගුර බීලා දකුණු කකුල තියලා ගෙට ගොඩ වෙන්න”

මායි දේෂුයි ගේ ඇතුලට ඇවිත් අම්මටයි කමලම්මටයිත් වැන්ඳා.

“අම්මේ අපේ අප්පච්චී ආවේ නැද්ද මෙහේ”

“ආ දවාලේ ආවා පුතේ. ඇවිදින් ගියා නුවර යනවයි කියලා.”

අම්ම කිව්වාම දේෂු චුට්ටිටත් ටොක්කක් ඇනගෙනම උඩට ගියා.

“අම්මේ හරි මහන්සී…”

“ඉතිං දුව ගිහින් නාගෙන එන්නකෝ මං කෑම ලෑස්ති කරන්නම්”

කමලම්මා කිව්වේ මගේ ඔලුවත් අතගාලමයි. මාත් ඉක්මනින් උඩට ගියේ ඇත්තටම මහන්සි නිසයි.

මං යද්දි දේෂු කෝල් එකක. මොකක් හරි බිස්නස් කෝල් එකක්. ඒ නිසා මං මගේ කාමරේට ගිහින් ඉක්මනින් නා ගත්තා. පැයක් විතරම මං නාන්න ඇති. නාගෙන ටවල් එකත් ගත දවටන් කාමරේට ආවේ සීතලට දෑතම පපුවට පොරවන්.

මං එළියට එද්දි දැකපු දේ නිසා මට හිතුනේ හැරිලා ආයෙම බාතෲම් එකට දුවන්නයි.

“ආ මැඩම්… මොකෝ මේ ආ….”

දේෂු නාලා එහෙම ශෝටකුයි ස්කිනර් එකකුයි දාගෙන මගේ ඇඳට වෙලා මං දිහා බලන් ඉන්නවා.

“දෙ..දේෂු අනේ යන්නකො…. මං ඇඳගෙන එන්නම්…”

“යකෝ මේකි… මං පිට එකෙක්ද ඔහොම ලැජ්ජා වෙන්න.. “

“අනේ….”

“කො ඉක්මනින් ඇඳගන්න ඉතිං නැත්නම් වෙන දේවල් වලට මං වග කියන්නේ නැත 😊😊

මං දේෂුටත් රවාගෙන අල්මාරිය ළඟට ගියේ ඇඳුමක් තෝරගන්න.

“දෙයියනේ…😱😱😱😱

“ඇයි සුදූ… ඇඳුම් නැද්ද අල්මාරියේ… 😁

“අයියේ….. ඔයා…”

“හෝව් හෝව්… මං වැරදි නෑනේ… ඔයා ඇයි මේ රූම් එකට ආවේ… අපේ රූම් එක මං ඉන්න රූම් එකනේ… ඔයාගේ හැමදේම ඒකේ… 😁😁

අයියෝ.. මටමනේ වෙන්නේ… මං පුරුද්දට මේ රූම් එක ආවට මට ඒක අමතකම උනා. අම්මලා මගේ ඇඳුනුත් දේෂුගේ රූම් එකට දාලා අපිට බෙඩ් රූම් එක හදලා. කවුද දන්නේ ඉතිං.

“දැන් ඔහොමම ඉඳලා මාව නරක් කරන්නද හදන්නේ….😁😁

“අයියේ… යන්නකෝ….”

දේෂු හිනා වෙවී මං ළඟට එද්දිම මං දේෂුවත් තල්ලු කරන් අනිත් රූම් එකට දුවලා දොර වහගත්තා. දේෂු දොරට ගැහුවත් ඇඳුම් ඇඳගෙන මිසක් මං දොර ඇරියේ නෑ. මං පහළට එද්දි දේෂු අම්මලා එක්ක බර කතාවක්.

“ආ ඔය එන්නේ.. කමු එහෙනම් පුතේ”

“අම්මේ මටනම් අද කන්න බෑ වගේ.. කවාගන්න තමයි හිතෙන්නේ..”

අම්මා මාව පෙන්නලා කියද්දි දේෂු කිව්වේ මං දිහාත් බලලා ඇහැක් ගහලා.අම්මපා මේ දේෂු නම්..

“හා හා දෙන්න එක්ක ඕන දෙයක් කරගන්න කෑම සීතල වෙන්න කලින්.”

අම්මත් හිනාවෙලාම එහෙම කියලා නැගිටලා කුස්සියට ගියා.

“සුදූ… කවන්නකෝ…”

දේෂු සෝෆා එකේම ඉඳගෙන කියද්දි මං හිනාවකුත් දාලා ඇවිත් කෑම බෙදාගත්තා. මනමාල කෝලම් දදා කොහොමහරි දේෂු මගේ අතත් දෙතුන් පාරක්ම හැපුවා. අම්මලා ඉන්න නිසා මොකුත් කියන්නත් බෑනේ මං ඉතිං දේෂුට රව රවම කැව්වා.

“සුදු මැණික….”

“මගෙ සුදූ…”

“අනේ බලන්නකෝ… සුදූ… “

රූම් එකට ආවාම මං බොරුවට තරහ වෙලා වගේ ඉද්දි දේෂු හෝ ගාලා බටර් ගානවා. මං අමාරුවෙන් හිනාව ගිලගෙන හිටියේ. ඇඳේ අනිත් පැත්තට හැරිලා හිටපු මාව එකපාරටම ඇදිලා ගිහින් වගේ දේෂුගේ පැත්තට හැරුනා.

“හපෝ… මංද පෝශනේද සුදූ.. ඇල්ලුවත් ඇදිලා එනවා..”

මාව ඇදලා ගත්තා මදිවට දැන් මටම නෝණ්ඩිය දානවා. මං රවාගෙනම හිටියා. ඒ දේෂු මට වැඩිවෙලා රවාගෙන ඉන්න දුන්නේ නෑ..

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

රොමෑන්ටික් සීසන් කමින් සූන් ළමායී… රොමෑන්ටික් කිව්වට ඉතිං වැඩිය නෑ… සූ….ට්ටක් තියේ….😁😁😁😁

Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයී ….😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *