#මුලා_වූ_පෙම්වතී 49

💕හතලිස් නවවන දිගහැරුම💕

ඒත් හැමදාම මෙහෙම රණ්ඩු වෙන්න බෑනේ. පස්සේ ආපු මං නිසා දේෂුට උපත දුන්න ඒ අම්මව මගඇරෙන්න දෙන්න බෑ දෙයියනේ …

කල්පනා කරලා අන්තිමට මං තීරනයක් ගත්තා. ඔව් මං ඒ දේ කරනවා. අර විරාජ් කියන මිනිහා දුන්න මේ ගින්න මං නිවනවා කොහොම හරි. අම්මා විශ්වාස කරන්නේ ඌ උගේ කටින් කියපු ටිකනේ. මං සාක්ෂි ඇතුව අම්මට පෙන්නන්නම් අම්මේ මේ දරුවා දේෂුගේ කියලා. දරුවගේ මූණ දැකපු දවසට ඔයා ගොඩක් පසුතැවෙයි.

💞💞💞💞

“සුදූ… හරිද…”

“හරි අයියේ.. “

“කෝ කෝ ඔහොම ඉන්න. මං බෑග් ටික කාර් එකට දාලා එනකල් වාඩිවෙලාම ඉන්න “

ඔව් මාස නවයකුත් ගෙවුනා. සිසේරියන් සැත්කම කරන්න දින යෙදිලා තියෙන්නෙ හෙට. ඉතිං අද ගිහින් ඇඩ්මිට් වෙන්න ඕනි. සේරම ලෑස්ති කරගෙන දේෂු බෑග් දාලා එනකල් මං අප්පච්චිට කෝල් එකක් ගත්තා.

“අප්පච්චී.. අද හවසට එනවා නේද…”

“ඔව් ඔව් දූ.. හෙට නේද අපේ මුණුබුරා එන්නේ… ඉතිං එයාගේ සීයා ඉන්නම ඕනිනේ…”

“අප්පච්චි මං කිව්ව දේ හෙට කරන්න හරිද”

“අනේ දෝණි ඒක හොඳ දෙයක්ද”

“වෙන කරන්න දෙයක් නෑ අප්පච්චී … අම්මගේ කේන්තිය සැකේ නැති කරන්න මේක කරන්නම වෙනවා.”

“අනේ මන්දා දරුවෝ .. ඔයා නිසයි මං මේක කරන්නේ මගේ හිතේ කැමැත්තක් නෑ ඕකට”

“අප්පච්චි අනේ මේක දේෂුටවත් කියන්න එපා. එහෙම උනොත් එයා ඉඩ දෙන එකක් නෑ මේකට”

“හරි හරි දෝණි .. දැන් ඒ ගැන නොහිතා ඉන්නකෝ.. පරිස්සමින් යන්න එහෙනම්.. “

“හරි අප්පච්චී .. බුදු සරණයි “

“බුදු සරණයි දූ..”

සැනසීමෙන් සුසුමකුත් හෙළලා මං ෆෝන් එක තිබ්බේ ඊට පස්සෙවත් මේ පවුල සම්පූර්ණ වෙයි කියන බලාපොරොත්තුව ඇතුව.

“සුදූ… යමු… මොකෝ කල්පනාව “

“අප්පච්චි කෝල් කලා අයියේ.. එයා එනවලු අද”

“දැන් ඉතිං එයාගෙ පුතා මං නෙවේනේ මෙයානේ. හැමදාම දෝණි ගගා කෝල් කරනවා 😒😒

“ඉරිසියාකාරයා.. යමු..”

“පරිස්සමින් යමු සුදූ..”

දේෂු මාව අල්ලගෙන පඩිපෙල බැස්සෙව්වේ ගොඩාක් පරිස්සමින් .. දැන් මාසයක් තිස්සේ දේෂු ඔෆිස් යන්නෙත් නෑ සේරම අප්පච්චිට බාරදීලා මා ළඟට වෙලා ඉන්නවා. තනියම ගෙයි ඇවිදින්නත් නෑ මට. 😒

“අම්මේ කමලම්මේ එහෙනම් අපි යන්නම්”

“පරිස්සමින් දුවේ. කෝ අපි එන්න ඕනිත් නෑලුනේ.. ප්‍රයිවට් හොස්පිටල් නිසා පුතාට ඉන්න පුලුවන් කිව්වනේ”

“ඔව් අම්මේ අයියට ඉන්න දෙනවා. ඔපරේෂන් එක වෙලාවටත් අයියට ළඟ ඉන්න පුලුවන් “

“එහෙනම් අපි හෙට පාන්දරින් එන්නම්කෝ. පුතාලෑ අප්පච්චී එක්කම. උන්දැත් ඒවිනේ”

“ඔව් අම්මේ අප්පච්චී රෑ වෙද්දි එයි.”

“පරිස්සමින් මගෙ ලොක්කියේ..”

මායි දේෂුයි ගෙදරින් පිටත් උනා. දේෂු කාර් එක ගෙනියන්නෙත් හිමින්. හනේ දෙයියනේ මේ තරම් පරිස්සම් වෙන්න ඕනිද

හොස්පිටල් එකට ඇවිත් ඩොක්ටර් හම්බෙලා ඇඩ්මිට් උනා. ඒකත් ඉතිං ගෙදර ඉන්නවා වගේ තමයි. තනි කාමරයක් 😁 අම්මා ආවනම් අහයි මේ හොස්පිටල් එකක්ද හෝටලයක්ද කියලා 😂😂

ඕනි කරන ටෙස්ට් ටිකක් කරලා රෑ කෑමත් දේෂුගේ බලේට කෑවේ දේෂුට රවාගෙනමයි. ඇයි දෙයියනේ දෙන්නෙක්ට කිය කියා හෙන ගොඩක් කවනවා.

💞💞💞💞

“සර්.. මිස් රෙඩීද”

“අහ් ඔව් ඔව්”

උදේම ආපු නර්ස් අහද්දි දේෂු කිව්වෙ මං දිහාත් බලලමයි. ඇයි ඉතිං දේෂු උදේ බලෙන් ඇහැරෝලනේ මාව ලෑස්ති කෙරෙව්වේ.

“ඕකේ සර්.. මේ වීල් චෙයා එකේ මිස්ව වාඩිකරවන්න. තියටර් එකට ගෙනියන්න ඕනි දැන්”

මාව රෝද පුටුවේ වාඩිකරගෙන තියටර් එකට ගෙනාවා. දේෂුත් මං ළඟින්ම හිටපු එකනම් මට හිතට ලොකු හයියක් උනා.

“අයියේ.. අප්පච්චී …”

“අම්මපා මෙච්චර මේ මං ඉන්නවා අප්පච්චිව අහන්නේ. ආවා ආවා.. අම්මලත් ආවා..”

දේෂු එහෙම කිව්වාමයි මං සැනසීමෙන් හුස්මක් හෙලුවේ. අප්පච්චී මං කියපු දේ කරයි.

හිරිවැටෙන්න බේත් විදලා සිසේරියන් සැත්කම පටන් ගත්තා. මං ඇස් දෙක තදින්ම පියාගෙන දේෂුගේ අතත් අල්ලගෙනම හිටියා.

💞💞💞💞💞

පුංචි පැටියගේ කෑගැහිල්ලටයි මං ඇස් දෙක ඇරියේ.

“ඔන්න ඔයාලගේ චූටි පුතා..”

ඩොක්ටර් හිනවෙලාම පැටියව මගේ පපුව උඩින් තිබ්බා. ලේ බේරන චූටි පැටියා රතූම රතුයි. ඇස් පියාගෙන අත් ගුලි කරගෙන මගේ පපුව උඩ ඉන්න හැටි දැක්කාම මගේ ඇස් වලින් කඳුලු වැටුනේ සතුටට. දෙයියනේ මේ මගේ පැටියා නේද. අම්මා කෙනෙක් උනාම මේ තරම් සතුටක් සෙනෙහසක් දැනෙනවද.

දේෂුගේ අම්මා.. දෙයියනේ ඒ අම්මට අපි කොච්චර දුකක්ද දුන්නේ එහෙනම්. මං දේෂු දිහා බැලුවේ එකපාරට හිතට ආපු සිතිවිල්ලෙන්මයි. දේෂු පැටියා දිහා බලන් ඉන්නේ උතුරන ආදරෙන් ඒ පිරිමි ඇස් වලත් කඳුලක් දිලිසෙන්නේ දාරක ස්නේහය නිසාම වෙන්න ඇති.

බබාව නර්ස් හෝදන්න අරන් ගියා. ඒ අතරේ ඩොක්ටර් මගේ කුසට මැහුම් දානවා.

“අයියේ…”

“කතා කරන්න එපා සුදූ…”

“අයියේ ඔයාගේ අම්මා..”

“හ්ම්.. අම්මත් මං ඉපදුන දා ඔයා වගේ සතුටු වෙන්න ඇති. ඒකනේ හිතුවේ ඔයා. “

“හ්ම්…”

“දැන් එයාව ගෙන්නන්නද ඕනි. වෙනදා වගේම බැනුම් අහන්න”

“අයියේ ප්ලීස් …. ඔයා කතාකරන්න එයාට..”

“හ්ම්.. හරි සුදූ.. ඔයා අද මට මේ දුන්න තෑග්ග නිසා අද මං ඔයා ඉල්ලන දේ කරන්නම්. දැන් කතා නොකර ඉන්න.”

💞💞💞💞

ඊට පැයකට විතර පස්සෙ පැටියවයි මාවයි ට්‍රොලියේ තියාගෙන රූම් එකට ගෙනාවා.

අප්පච්චී අම්මා කමලම්මා හැමෝම ඇතුලට ආවේ මූණු වල හිනාව පුරෝගෙන. අම්මයි කමලම්මයි පැටියව බලද්දි මං බැලුවේ අප්පච්චී දිහා.

“ඒක හරි දූ.. කෝ දැන් දෝණිට මොනාද ඕනී…”

මගේ බැල්ම තේරිලා අප්පච්චී හිමීට එහෙම කියලා අවසන් ටික හයියෙන් ඇහුවා.

“අප්පච්චිගේ දෝණිට මං ලවා අම්මට කතා කරවන්න ඕනිලු 😒

දේෂු නෝක්කාඩුවෙන් එහෙම කියද්දි අප්පච්චී මං දිහා බැලුවේ දැන් සතුටුද අහන්න වගේ.

කොච්චර උනත් තාම හිත බයෙන්. මං ප්ලෑන් කරපු දේ ඒ විදියටම උනොත් හැමෝම සතුටින් ඉඳී. ඒ සිතුවිල්ලෙන්ම අම්මා කමලම්මා චුට්ටි අප්පච්චී දේෂු හැමෝගෙම සතුට දිහා බලාගෙන මං හුස්මක් හෙලුවේ මෙතනට අඩු කෙනත් හෙට ඉඳීවී කියන බලාපොරොත්තුව ඇතුව.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

ඔන්න හෙට දේෂු විරූ ඔයාලව දාලා යනවා. ඉතිං ලයික් එකක් විතරක් දාලා ශේප් නොවී අදහස් කියන්න ළමයී…

Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයී …. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *