මුලා_වූ_පෙම්වතී 50 අවසන් දිගහැරුම

💕පනස්වන දිගහැරුම💕

දේෂු නෝක්කාඩුවෙන් එහෙම කියද්දි අප්පච්චී මං දිහා බැලුවේ දැන් සතුටුද අහන්න වගේ.

කොච්චර උනත් තාම හිත බයෙන්. මං ප්ලෑන් කරපු දේ ඒ විදියටම උනොත් හැමෝම සතුටින් ඉඳී. ඒ සිතුවිල්ලෙන්ම අම්මා කමලම්මා චුට්ටි අප්පච්චී දේෂු හැමෝගෙම සතුට දිහා බලාගෙන මං හුස්මක් හෙලුවේ මෙතනට අඩු කෙනත් හෙට ඉඳීවී කියන බලාපොරොත්තුව ඇතුව.

💞💞💞💞💞

උදේම මං ඇහැරුනේ පැටියා අඬන සද්දෙට. දේෂුත් එහා ඇඳේ නිදි හොඳට.

“අයියේ….”

තාම මට එකපාරට නැගිටින්න අමාරු නිසා මං දේෂුට කතා කලේ බබාගේ ඇඳුමක් අරගන්න. ඇයි ඉතිං චූටි පැටියා තෙමාගෙනනේ.

“සුදූ කෝ ඉන්න මං අන්දවන්නම්..”

අම්මෝ.. දැන් මෙයා වෙනස් වෙලා තියෙන තරම… මං හිනා වෙවී දේෂු බබාට නැපිය අන්දන්න විඳින දුක බලා හිටියා.

“හිනා වෙන්නේ… කියාදෙනවකෝ…”

“ඇයි දැන් පණ්ඩිතයා බාරගත්තේ …”

“මොකෝ මොකෝ මේ දෙන්නා එක්ක… මගේ මුණුබුරාව තියාගෙන රණ්ඩුද…”

එකපාරට රූම් එකට ආවේ දේෂුගේ අප්පච්චි. අප්පච්චිට පිටිපස්සෙන් දේෂුගේ අම්මත් ඇතුලට ආවා. දේෂු ඉක්මනින් අහක බලාගත්තේ අම්මා එක්ක තරහට වෙන්න ඇති.

“බලන්න අප්පච්චී … බබාගෙ නැපිය මං මාරු කරද්දි පණ්ඩිතයා බාරගත්තා දැන් තේරෙන්නේ නෑ කියලා මගෙන් අහනවා.”

“කෝ දෙන්න මං අන්ඳවන්නම් දුවේ”

එකපාරට දේෂුගේ අම්මා එහෙම කියලා බබාට නැපිය අන්ඳවන්න ගත්තා. අප්පච්චී මායි ඒ දිහා සතුටින් බලා හිටියත් දේෂු නම් හිටියේ ලෝක පුදුමයක් දැක්කා වගේ.

“පුතේ… “

“ශටප්… මම ඔයාගේ පුතා නෙවේ”

අම්මා කතා කරද්දිම එහෙම කියපු දේෂු අම්මට අල්ලන්නත් නොදී චූටි පුතාව මට තුරුල් කරා.

“අම්මේ.. පිළිගන්නවද මේ ඔයාගේ මුණුබුරා කියලා..”

මං අම්මගෙන් ඇහුවේ අම්මා හැමදේම තේරුම් අරන් බව දැනුන නිසයි.

“අනේ මට සමාවෙන්න දුවේ… මං …මං පිට එකෙක් කියපුවා නිසා මගේ පුතාගෙ ජීවිතේ විනාස කරන්න ගියේ. ඒ.. ඒ මනුස්සයා කිව්ව දේවල් බොරු. ඇත්ත මොකද්ද කියලා මහත්තයා මට කිව්වත් මං විශ්වාස කලේ නෑ.. මට සමාවෙන්න දුවේ… ඔයා.. මේ කරපු..”

“කමක් නෑ අම්මේ… අයියේ.. දැන් තරහ අමතක කරමු නේද ඔයාගේ පුතා වෙනුවෙන් වත්”

අම්මා කියන්න ගිය දේ කියන්න නොදී මං කතා කලේ මං කරපු දේ දේෂු දැනගත්තොත් එයා කේන්ති ගන්න නිසයි. ඒක පස්සෙ හිමීට කියන්න මං හිතාගත්තේ දැන් කිව්වොත් දේෂු අම්මා එක්ක තියන තරහත් වැඩි වෙන නිසයි. කොහොම උනත් හිත සතුටින් පිරිලා දැන්.

“හ්ම්.. අද ටිකට් කපනවා මං ඩොක්ටර් හම්බෙලා එන්නම්😒😒

දේෂු එහෙම කියලා රූම් එකෙන් එළියට ගියා.

“අම්මේ… මට සමාවෙන්න මං ජීවිතේ විනාස කරගත්තු කෙල්ලෙක් තමයි හැබැයි ඒ මගේ කැමැත්තෙන් නෙවෙයි. මන් ගනිකාවකුත් නෙවෙයි අම්මේ.. 😭😭

“අනේ මට සමාවෙන්න දුවේ.. මං දන්නවා… දැන් අඬන්න එපා.. අම්මා අඬද්දි බබා දුක් වෙනවලු..”

“අප්පච්චී.. ඔයාට පිං අප්පච්චී මගේ ඉල්ලීම ඉස්ට කරාට…”

“නෑ දෝණි ඔයාටයි පිං පිස්සෙක් වගේ හිටපු මගේ පුතාගේ ජීවිතේ ලස්සන කරලා මගේ නෝනගේ ඇස් පෑදුවට.”

“අම්මේ අප්පච්චී … DNA ටෙස්ට් එක ගැන දැන්ම අයියට කියන්න එපා. එහෙම උනොත් අයියා කේන්ති ගනී. දන්නවනේ හැටි. මාත් කැමැත්තකින් කලේ නෑ.😔😔. මගේම දරුවගේ තාත්තා කවුද කියලා මෙහෙම බලන්න මං හීනෙන්වත් හිතුවේ නෑ. ඒත් මේ ප්‍රශ්න වල කෙළවරක් දකින්නයි මට ඕනෙ කලේ. අම්මට සඳුනිවත් හම්බෙන්න ඇතිනේ.. චලිත් අයියවත් හම්බෙන්න ඇති.. එතකොට මේ ටෙස්ට් රිපෝට්.. දැන් අම්මට හිතේ කහටක් නැතුව ඇති කියලා මං හිතනවා. ඒ මඩම වටලපු චලිත් අයියා එතනට මං වගේම අහු වෙච්ච සඳුනී මේ දෙන්න එක්කම කතා කරාම අම්මට මං ගැන තිබුන සැකේ නැති වෙන්න ඇති කියලා මං හිතනවා. අම්මේ.. මට අම්මා නොවුනත් ඔයාගේ පුතාට අම්මා වෙන්න මේ ඔයාගෙ මුණුබුරා මෙයාට අත්තම්මා වෙන්න එච්චරයි මට ඕනි.. අපේ පවුලේ සතුට සමගිය විතරයි මට ඕනි”

හිතේ තිබ්බ හැමදේම මං එක හුස්මට කියාගෙන ගියේ පපුව වේදනාවෙන් කෑගහද්දියි. කොයි අම්මටද හිත හදාගෙන තමන්ගේ දරුවගේ DNA ටෙස්ට් එකක් කරන්න පුලුවන්.. දේෂු මේක දැනගත්තොත් හැමෝටම බනී. ඒත් මට හිත හයිය කරන් ඒ දේ කරන්න උනා.

“මට සමාවෙන්න දුවේ.. අද ඉඳලා අප්පච්චිට වගේම මටත් ඔයා මගේම දෝණි .. දේෂුගේ නංගි වගේම ඔයත් මගේ.. මං ගොඩාක් පිං කරලා මගේ පුතාට මෙච්චර ආදරේ කරන දුවෙක් ලැබෙන්න. ඔයා එදා කිව්වා වගේම මේ පැටියව දැක්කාම මං එදා කියපුවා ගැන පසුතැවෙනවා දුවේ.. මට අමතක උනා මාත් අම්මෙක් කියලා.. අම්ම කෙනෙක්ට මං ඒ කියපුවා බර වැඩී.. මට සමාවෙන්න දුවේ…😔😔😔

“දැන් ඇති විනීතා.. දූ.. හිමීට නැගිටලා කෑම ටිකක් කමු.. පොඩ්ඩට කිරි දෙන්න ඕනිනේ..”

මං අම්මගෙත් අප්පච්චිගෙත් උදවු ඇතිව නැගිටලා අම්මට බබාව දීලා අපේ අම්මා උයලා එවලා තිබුන කෑම එක කෑවා.

“සුදූ දවල්ට ගෙදර යන්න පුලුවන් වෙයි”

එතකොටම ඩොක්ටර් එක්ක කතා කරන්න ගිය දේෂු රූම් එකට ආවේ එහෙම කියාගෙන. අම්මෝ ඇති යන්තම්. මට මේ කාමරේ ඉඳලා එපා වෙලා හිටියේ.

“එහෙනම් පුතේ පැටියව ගන්න මං බඩු ටික අස් කරන්නම්”

අම්මා එහෙම කිව්වාම දේෂු අම්මගෙන් බබාව ගත්තා. මායි අප්පච්චී ඒ දිහා බලලා හිනා උනේ දේෂුගේ තරහා ටිකෙන් ටික නිවෙන බව දැනුන නිසයි.

💞💞💞💞💞

අපි ගෙදරට යද්දි මුලු ගෙදරම සරසලා. අපේ රූම් එක තනිකර නිල් පාටින් පේන්ට් කරලා බේබි කබඩ් තොටිල්ල හැමදේම තියලා..

“වෙල්කම් අවර් නිව් ප්‍රින්ස්….”

එකපාරට දේෂුගේ නංගී චුට්ටි එහෙම කියාගෙන දුවගෙන ඇවිත් අම්මා අතේ හිටපු බබාව හුරතල් කරන්න ගත්තා.

“හා හා කෝ දෙන්නම පැත්තකට උනානම්.. තාම මේ දරුවා පොඩී..”

අප්පච්චී බැන බැනම බබාව අතට ගන්නවා.

“ඒක නේන්නම්.. කෝ බලන්න අත්තම්මා අතට එන්න මගෙ මැණික…”

ඒ පාර අප්පච්චී අතින් අපේ අම්මා ගන්නවා. කොහොම හරි කට්ටිය අතින් අතට මාරු කලා පැය බාගයක් විතරම. හැමෝම ගොඩාක් සතුටින්. මං ළඟම හිටපු දේෂු දිහා මං බැලුවේ සැනසීමෙන් හුස්මක් හෙළලා.

“කෝ කෝ යමු කට්ටිය පහළට. දුවේ දරුවට කිරි ටිකක් දෙන්න ඔයා.. බඩගින්නේ පොඩ්ඩා..”

දේෂුගේ අම්මා එහෙම කියලා පුතාව මං අතට දුන්නම දේෂුයි මායි කාමරේ ඉතුරු වෙන්න හැමෝම පහළට ගියා. මං පැටියට කිරි දෙන්න ගත්තේ අඬන්න කට හදනවා දැකපු නිසයි.

“සුදූ…”

“ම්…”

“ඔයාට පිං මගෙ සුදූ..”

“ඒ ඇයී…”

“මේ සතුට මට දුන්නට.. මට ලස්සන පවුලක් දුන්නට.. මේ වස්තුව මට දුන්නට..”

“ඔයාටත් පිං අයියේ.. මට ජීවිතේ දුන්නට…”

දේෂු මගේ නළලේ දෙතොල් තවරලා පැටියව මැදි කරගෙන මාව ඒ පපුවට තුරුල් කරගත්තේ ලොකු සැනසීමකින්.

“සුදූ..”

“ම්…”

“ඉපදෙන හැම ආත්මෙකම මගේම වෙන්න සුදූ… අපේ පැටියත් එක්කම…”

“පොරොන්දු වෙනවා මගේ අයියේ… ආදරෙයි මහත්තයෝ…”

දුප්පත් කමින් මිදෙන්න ගෙන්දගම් පොළවේ පය ගහපු මං කෙල්ලෙක්ට ලබන්න පුලුවන් උපරිම දුක ලබලා මගේ දේෂු නිසා අද සතුටින්. ඔව් කන්‍යාවියක් කියන සලකුන මේ නපුරු මිනිස්සු මගෙන් උදුරගත්තා.. ගනිකාව කියන ලේබල් එක ගැහුවා.. ඒත් දෙවියෙක් වගේ මාව බේරගෙන ආරක්ෂාව දුන්න මගේ රත්තරන් මහත්තායා නිසා මං අද ලස්සන පවුලක හිමිකාරියක්. පුංචි පුතෙක්‍ට අම්මෙක් දෙවියෙක් වගේ මහත්තයෙක්ගේ වාසනාවන්ත බිරිඳක්.

මගේ ජීවිතේ අතීතයේ ඉඳලා අද වෙනකල් කල්පනා කරපු මට දැනුනේ එකම දෙයයි මගේ ජීවිතේ මං ලබන හැම සතුටම මට දුන්නේ මගේ මහත්තයා.. ඔව් හැමදාම මං මේ පවුල රැකගන්නවා.. මටම ඒ පොරොන්දුව වෙමින් දේෂුගේ පපුතුරේ ඒ උනුහුමේම සැනසීමෙන් දෑස් පියාගත්තේ මේ සතුට හැමදාම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන්මයි.

– සමාප්තයි –

– ලක්ෂි මුහන්දිරම් –

කතෘ අවසරයකින් තොරව උපුටාගැනීමෙන් වළකින්න
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

ඉතිං වස්තුලා.. අදින් ඒ කතාවත් ඉවරයි.. දැන් මං මොකුත් කියන්නේ නෑ.. හෙට පසුවදනින් මගේ අදහස් කියන්නම්.

මෙච්චර කල් හොරෙන් කියවලා යන්න ඇති ලස්සනයි කියලා විතරක් කමෙන්ට් කරන්න ඇති.. ප්ලීස් අදනම් එහෙම එපා … දිග… කමෙන්ට් එකක් ඕනිමයී…..

අමුත්ම කතාව #හිතුවක්කාර_ආදරී දැනට මේ නම දාලා තීන්නේ.. 😁😁😁

කතාව දෙන්නේ දෙසැම්බර් අන්තිම ඉඳලා… 😁😁 ආපහු ශකී කේෂ් වගේ ආදරනීය වික්‍රමයක් ඉතිං …

Like comment කරන හැමෝටම තැන්කුයී … 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *