~~~~~~ යශෝධරා ~~~~~~06 කොටස

කාලය බොහෝ සෙමින් ගෙවී ගියේය … ගතවූ කාලයේදී බාලිකාවේ ගැහැණු දරුවන් මෙන්ම ගුරුවරුන් අතරද මා ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙමින් උන්නෙමි … කීපදෙනෙක් හැරෙන්නට අන් සියල්ල මට ආදරය කළේය …. පාසල තුලදී කිරිලියක සේ සැරිසරන මා ළමා නිවාසයේදී තටු සිදුනු කිරිල්ලියක වීමි ….
‘යසෝධරා ඔයාට මිස් එන්න කිව්වා …’ අනුෂිකා කෑ ගැසුවේ නාන කාමරයේ දොරටුවට පිටින් සිටය ..
පාසල් නිල ඇදුම ගලවා ඉවතට දැමු මා චිත්ත ගවුමක් අතට ගෙන ගෙලෙන් පහලට දමාගෙන නාන කාමරයෙන් පිටතට දිව ආවෙමි …. මා දුටු අනුශිකාගේ මුහුණට ආවේ නපුරු බැල්මකි
‘ඇයි අක්කි …මිස් කතා කලේ ..’
‘මම දන්නවද …. ගිහින් බලනවා මොකද කියලා ..’
‘ අපෝ මෙයාගේ තියන නපුරු කම …’ ඇයට පේන්නට කට ඇදකල මා පිටතට දිව ගියෙමි .
‘මිස් මට එන්න කිව්වද ..’
පාලිකාවගේ කාර්යාලය තුල තිබුනේ පුදුමාකාර නිසල බවකි … පොතක් දෙසට දෑස් යොමුකරගෙන උන් පාලිකාවට මා පැමිණි බවවත් නොදැනෙන්න ඇත …
‘ආ ….යශෝධරා ආවාද …’ පාලිකාව පොත මත රැදුණු දෑස් නොඉස්සුවේය …
‘ඔව් මිස් …’
‘ මෙන්න මේ ලියුම අරන් ගිහින් දෙන්න ඕන එහා ගෙදර ඉන්න විමලාට … කියන්න මිස්ටර් සේනාධිරට මේක ලැබෙන්න සලස්වන්න කියලා .. ‘’
ලාච්චුවෙන් ලිපියක් පිටතට ගත් ඈ දිග ලියුම් කවරයක එය දමා මා අත තැබුවාය … සැබවින්ම මෑ උමතුවෙන්ද … අර භූත නිවසට තනිව යැවීමට තරම් කිසිවෙකු මෙහි නැතිද … පාලිකාවට විරුද්ධ උනොත් සිදුවන්නේ අර කළුවර කාමරයට යෑමටය ……
‘මිස් මම තනියමද යන්න ඕන ..’
‘එහා වැටට යන්න තනි රකින්නත් කවුරු හරි ඕනද ..’
දෙපා වෙව්ලා ගියේ හිතට ආවේගය නිසාවෙනි … කල හැකි දෙයක් නොමැති නිසාවෙන්ම මා දත්මිටි කෑවෙමි …. දෑස් ඉවතට යොමා උන් ඇයට මගේ මුහුණේ තිබු තරහා නොපෙනෙන්න ඇත ..
අභිතගේ නිවසට ළමා නිවාසයේ සිට මීටර් දෙසීයක් පමණ දුරය … දෑස් බිමට යොමාගෙන ඒ දුර පියමැන්න මා හිස එස්වුවේ අභිතගේ නිවස අභියසය … විසල් ගේට්ටුව තිබුනේ දෙසට ඇරදමාය … මිදුලේ නවතා තිබුණු මෝටර් රථයකි ….. කිසිවෙක් පේන්න නොමැති නිසා මා වට පිට බලමින් වත්තට ඇතුළු උනෙමි ….
වටපිටාවේ කිසිවෙක්ම පෙන්න නැත …. එහෙත් නිවසේ දොරටුව තිබුනේ විවරවය ….
‘ගෙදර කවුද ඉන්නේ .. ගෙදර කවුද ඉන්නේ ..’ කොතරම් කතා කලද කිසිවෙකු එන පාටක් නැති නිසාවෙන් මා කලේ ඇතුල් ගේ තුලට පාදයක් තැබීමය …
නිවස ගොඩ තබා තිබුනේ පැරණි පන්නයටය … එහි තිබු භාන්ඩ වල පවා තිබුනේ පෞරාණික භාවයකි … අඩියෙන් අඩිය තබා නිවසේ අභ්‍යන්තරයට පැමිණි මා එහි තිබු අලංකාර භාවය නිසා වශිව ගියෙමි .. අභීත යනු පාරම්පරික ධනවතෙක් විය යුතුය .. මෙතරම් ධනපතියෙක් වෙන ඔහු තවමත් අවිවාහකව සිටින්නේ කුමන හේතුවක් නිසාය …
‘කව්ද ඇතුලට ආවේ …විමලා විමලා මේ උබද …’ ඒ ඇහුනේ අභිතගේ කටහඩය … ඒද ඇසුණේ ආසන්නයෙන්මය … දෑස් විදහා සිව්අත බැලු මා දුටුවේ සෝපාවක් මත අසරණ අයුරින් වැතිර සිටින අභිතය ….
‘සර් මේ මම ..මම ..’ අනවසරව ඇතුළු උන මට බැන වදිනු ඇතැයි බිය නිසාවෙන් මා නොසන්සුන්ව උන්නෙමි
‘ මම කිව්වේ …’ ඔහු දෑස් විවර කලේ අපහසුවෙනි ..
‘ සර් මම ආවේ අර සුජාතා ළමා නිවාසෙන් …’ මද වෙලාවක් එක එල්ලේ මා දෙස බලා උන් ඔහු නැවත දෑස් වසා ගත්තේය …. ඒ දැවැන්ත මිනිසා සෝපාව මත වැතිර උන් අයුරු දුටු මට සිතුනේ ඔහු කිසියම් අසනිපයකින් පෙළෙනු ඇති බවකි ….
‘ඇයි ආවේ ..’ ඔහු දුටු පළමු දිනයේ ඒ කටහඩේ තිබු ගාම්භීර භාවය මැකී අන්ත අසරණ උන මිනිසෙකු මෙනි ඔහු කතා කලේ …
‘අපේ මේට්‍රන් මේ ලියුම දුන්නා …’
‘ඔතන තියලා මෙතැනින් යන්න …’ දෑස් පියාගෙන උන් අභීත කෙදිරිල්ලක් සේ එලෙස පැවසුවත් රෝගී ඔහු දමා යෑමට මගේ සිත ඉඩ නොදුන්නේය … කිසිවක් නොසිතු මා ලිපිය ස්ටුලය මත තබා මුළුතැන් ගෙය සෙව්වෙමි ..
සාලයට මදක් ඇතුලට වන්න තිබුණු මුළුතැන් ගෙයද පිළියෙල වී තිබුනේ පැරණි පන්නයටමය …එහි තිබු කිසිවක් නොවෙනස් කරන්න ඇත්තේ වටිනාකම අඩුවෙනු ඇතැයි ආකල්පයෙන් විය යුතුය … කුස්සියේ තිබුණු හැම භාණ්ඩයකම නම ගසා තිබුනේය ….. මදක් විමසිල්ලෙන් සොයා බැලු මට පස් පංගුව පැකට් කීපයක් සොයා ගැනීමට අපහසු නොවුනි … එයින් එකක් ගෙන තම්බා පිළියෙළ කල මා අභීත හාන්සි වී උන් තැනට පිය මැන්නෙමි …. ඔහු උන්නේ අපහසුවෙන් බව මුහුණ දුටු පමණින් වටහා ගැනීමට අපහසු නොවුනි …. මේ තරම් අසනීපෙන් සිටින මොහු දමා නිවසේ සේවකයන් කොහි යන්න ඇතිද ..

‘සර් මේ ටික බිලා ඉන්න .. ’ දෑස් වසාගෙන උන් ඔහු සිහින් කෙදිරියක් නගමින් දෑස් විවර කර මා වෙතට බැල්මක් හෙළුවේය
‘ඔය ළමයා තාම ගියේ නැද්ද …’
‘සර්ට මේ පස් පංගුව පැකට් එක තැම්බුවා . ’ ඔහුගේ නෙත් නතර වී තිබුනේ මා අතේ තිබුණු වීදුරුව මතය ….
මද වෙලාවක් කල්පනාවෙන් උන් ඔහු මදක් හිස ඔසවා පුටුවේ හාන්සි විය …… පළමු වරට මා ඔහුගේ දෑසේ කාරුණික හැගීමකි දුටුවේ ….
‘බොහොම ස්තුතියි කරපු උදව්වට ….’ පස්පංගුව වීදුරුව උගුරට දෙකට හිස් කල ඔහුගේ මුහුණේ ඇදුනේ ස්තුති පුර්වක භාවයකි …
‘සර් මම යන්නම් …’ තවත් එහි රැදි පලක් නැති නිසාවෙන් මා ඒ නිවසෙන් පිටවීමට සුදානම් උනෙමි ..
‘අදුරන්නේ නැති ගෙවල් වලට ගිහින් ඔය වගේ උදව් කරන්න එපා … ‘’ ඔහු එලෙස පැවසුවේ මා ඔහු පසුකර අඩියක් දෙකක් ඉදිරියට යද්දීය .. ඉදිරියට තැබූ පය එලෙසින්ම එලෙසින්ම තබාගෙන මා ගෙල හරවා බැලීමි …
‘සර් …’
‘ඔව් ….හැම ගෙදරක හොද මිනිස්සු නැහැ …ඔය විදිහට තනි මනුස්සයෙක් ඉන්න ගෙදරකට ගිහින් උදව් කරන්න එපා ..අනිසි ප්‍රයෝජන ගන්න පුළුවන් ….. …. දැන් මෙතනින් යන්න ’
එලෙස පැවසු ඔහු මා යලිත් කිසිවක් විමසීමට පෙර උන් තැනින් නැගිට උඩුමහල දෙසට පිය මැන්නේය
අභීත ඔහු පුදුමාකාර මිනිසෙකි ….මා උදව් කලේ මනුසත් කම නාමයෙනි … අසනීප මිනිසෙකුට උපකාරයක් කළා යැයි සිතට ආ සතුට ඔහු උදුරා ගත්තේය …. ඔහු එලෙස කියන්න ඇත්තේ කිසියම් හේතුවක් ඇතිවය …. මට ඒ පිලිබදව දැනගැනීමට උවමනා උනිද ….. ඔහු ආපසු හැරී බැලුවේවත් නැත

ළමා නිවාසේ ගේට්ටුවෙන් ඇතුළු වෙනතුරුම මා උන්නේ ඔහු පිලිබදව සිතමිනි …. කල්පනාවෙන් බරව මා පියමැන්නේ කෑම ශාලාව දෙසටය …. පාසලෙන් ළමා නිවාසයට පැමිණි මා අභිතගේ නිවසට ගියේ කිසිවක් ආහාරයට නොගෙනය ….
‘සුමනා අම්මා .. මගේ කෑම එක තියෙනවාද ..’
අස්පස් කර තිබුණු කෑම ශාලාව දෙසට බැල්මක් හෙලු මා සුමනා අම්මා සෙව්වෙමි
‘මිස් කිව්වා දරුවෝ අස් කරලා දාන්න කියලා .. මම දැනගෙන හිටියේ නැහැ ඔය දරුවා කාලා නැහැ කියලා ..’ සුමනා අම්මා කම්පා උවාය …
‘මට හොදටම බඩගිනි අනේ …පපුවත් රිදෙනවා බඩගින්න වැඩිවෙලා ..’ මගේ දෑසට කදුළු ආවේ කුස ගින්න වැඩිකම නිසාවෙනි ..
‘මොකද මොකද මෙතන කෑ ගහන්නේ ..’ අනුෂිකා කඩාගෙන වැටුනේ ඔය වෙළේය
‘මේ දරුවා කාලා නැහැ දරුවෝ …මම ඉතුරු උන කෑම ටික පුසෝන්ට කන්න දුන්නා .’ සුමනා අම්මා අනුකම්පාවෙන් මා දෙස බලද්දී අනුශිකාගේ මුවේ ඇදුනේ සතුටු සිනාවකි ..
‘වෙලාවට කන්න එන්න බැරි නම් කරන්න දෙයක් නැහැ … ඔයා දන්නවානේ මෙහෙ හැමදෙයකටම වෙලාවක් තියෙනවා කියලා ..ඒ වෙලාව පහු වෙලා ආවාම මෙහෙ කෑම දෙන්නේ නැහැ …. වේලාවට වැඩ කරන්න බැරිවුනාට අපිට කරන්න දෙයක් නැහැ ..’
මට සිතුනේ ඉදිරියට පැන අනුශිකාගේ දත් ටික බඩට යන්න පාරක් ගැසීමටය …එහෙත් මගේ සිත පාලනය කරගත්තෙමි ..
‘මම ගියේ මගේ වැඩකට නෙවෙයි ….. මිස්ගේ වැඩකට … ඉතින් මේක සාධාරණද …’
ඔවුන් වැනි ඇයට කිසිදු සාධාරණයක් අවශ්‍ය නොවේ …. තලන යකඩය ඇති පදමට රත්කර තැලීම ඔහුන්ගේ සතුටය ….අනුශිකාට මෙන්ම පාලිකාවටද කිසිම හිතක් පපුවක් නැති බව මා හොදාකාරව දැන උන්නෙමි ..
‘යශෝධරා ආසයි වගේ ආපහු කළුවර කාමරේට යන්න …ප්ලීස් මෙතනින් යන්න මිස්ට කම්ප්ලේන් කරන්න කලින් ..’
මගේ හිස කෝපය නිසා ගිනි ඇවිලෙද්දී මම වේගයෙන් ඉවතට ඇදුනෙමි …මට උවමනා උනේ කවුරුත් නැති තැනක තනිවිමටය …. තනිවී හිතේ දුක අඩුවී යනතුරු අඩා වැටිමටය ….. එක පිම්මට තරප්පු පෙළ තරණය කල මා නැවතුනේ ගොඩනැගිල්ලේ තුන්වන මහලේය …
මතු සමබන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *