විසේකාරයා 01 – Esh

👦 01 දගකාරකම 👦

“ඒයි..හූනිච්චියෙ..නැගිටිනවකො..පස්සත් උඩ දාන් නිදි තාම..නැගිටිනවකො වදේ…”

මුනින් අත හැරිලා රෙද්දත් ඔලුවෙ ඉදලම පෙරවගෙන අක්කා නිදි..එයාගෙ තඩි සුදු බළල් නෑම්බි 🐱🐈එයාගෙ ඇග උඩ නිදි…

මට ඕන උනෙ කොහොමහරි එයාව නැගිට්ටවන්න… මම ඉතින් හරියටම ඒම් කරලා පූසිගෙ ඇගට දුන්නා කරාටි කික් ශොට් එකක්…..💪🏌️
පූසි 🐱 ….. ඤෑව් …….. ගාගෙන විසිවෙලා ගිහින් බිම ඩොහ්…..

ඊලගට අක්කා පෙරවගෙන හිටපු රෙද්ද ඇදලා දාලා එයාගෙ පස්සට රත්වෙන්න එකක් දීලාම මම කතාකලා..

“නැගිටිනවකො වදේ…”

“ම්ම්ම්…අනේ….පව් මගෙ සුද්දී…….ඇයි ඔයා ඌට ගැහුවෙ..අනික…මොකද දෙව් උදේ පාන්දර වදදෙන්නෙ..”

අක්කට මලපැන්නා. ඇයි ඉතින් එයාගෙ මහලොකු සුද්දි උදේ පාන්දරම හොම්බෙන් ගියානෙ… අනික… උදේ 6ට ඇහැරවද්දි කාටද තරහා යන්නෙ නැත්තෙ.
ඇරත්.. අද එයාට ෆ්‍රී දවස .. එදාට ඉතින් ටිකක් වැඩිපුර නිදියනවා එයා..

මට පුලුවන්ද එහෙම නිදාගන්න දෙන්න එයාට.. මම නැගිටිනවනම් එයත් නැගිටින්න ඕන.. ආන්න ඒකයි මගේ තියරිය. අනික.. මේ හෙට අනිද්දා දීග යන්න ඉන්න කෙල්ලෙක් මෙහෙම නිදාගෙන හරියනවද… 😉😜😜

මම කෑගහද්දි අක්කා පෙරවගෙන හිටපු ශීට් එක තව ටිකක් උඩට ඇදලා පෙරවගත්තා..

“නැගිටිනවකො උච්….යෙ… නැ…මේ මේ.. මම කිව්වෙ…ඉබ්බියෙ…”

මම කෑගැහුවත් එයා නෙමි නැගිට්ටෙ.

ඊලගට මගෙ අවසාන උත්සාහය….
මම අක්කාගෙ කොන්ඩෙන් ඇදලා කන ලග ඉදගෙනම කෑගැහුවා ..

“නැගිටිනවකෝ…………..”

“ඌයි….. එපා ඌරෝ ..මම කියලා තියෙනවනෙ මගෙ කොණ්ඩෙන් අදින්න එපා කියලා… 🤦🤦

එහෙම කියාගෙන අක්කා නැගිට්ටෙ එක තත්පරෙන්.මොකද අක්කා කැමතිනෑ එයාගෙ සිනී…..දු කොණ්ඩෙන් අල්ලනවට..
රුපියල් 7000ක් දීලා සොෆ්ට් රීබෝන්ඩින් කරගත්තු කොන්ඩෙ💆 එයා අල්ලන්නෙත් පීරන වෙලාවටයි නාන වෙලවටයි විතරයි..🤣🤣🤣 කොණ්ඩෙට මැස්සෙක්ටවත් වහන්න දෙන්නෙ නෑ….

අක්කා ඇද උඩින් වාඩිවුනෙ කොණ්ඩෙ යාන්තම් අතගාල හදාගෙන..💁💁

“මොකෝ ..

මූණත් ඇද කරගෙන එයා අහද්දි.. මම ඉතින් දඩස්ගාලා පැනපු ගමන් අක්කගෙ සුදු බෝල කම්මුලක් ඉම්බා..

“උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමා😘😘.. උම්මෙකක් දෙන්න කතාකලෙ.. යන්නාම්…”

ඊලගට මම අඩියට දෙකට ඇදෙන් පැනලා දොර ලගට දිව්වෙ දැන් කොට්ට ප්‍රහාරයක් ශුවර් නිසා ..

“තමුසෙට මම….🙍🙍😠😠😠 ඕකටද මේ උදේ පාන්දර මාව ඇහැරෙව්වෙ…😠😠

අක්කා එයාගෙ පත කොට්ටයකින් දමලා ගැහුවත් ඒක විසිවෙලා ගිහින් වැදුනෙ දොරේ… කෙල්ලො කවද්ද ඒම් එකට ගැහුවෙ..🤣🤣

“මේහ්.. මම තමුසෙගෙ පර්ස් එකෙන් රුපියල් පන්සීයක් ගත්තා.. හෙට දෙන්නා…ම්..”

දොර රෙද්ද යන්තම් ඈත් කරලා මූණ විතරක් ඇතුලට ඔබලා මම ආපහු කියලා අක්කට ඇහැකුත් ගහලා තොල් උල් කරලා ෆ්ලයින් කිස් එකකුත් දීලාම යන්න හැරුනා..

“ඇයි..හෙට තමුසෙට හතරමහා නිධානෙ පහල වෙනවද.. එහෙනම් මේ මාසෙ මුල ඉදලම ගත්තු සල්ලි ඔක්කොම ගෙනත් දෙනවා එකපාර..දැන් මම හිතන්නෙ දහදාහක් විතර එකතුවෙලා ඇති..”

අක්කා මහා හයියෙන් කිව්වා. කොල්ලා දිවත් කට පැත්තකට කරලා හපාගෙන ඇහැකුත් පුංචි කරගෙනම එතනින් සාලයට ආවා..

“ආ..මේ එන්නෙ සපුමල් කුමාරයා..”

ඔන්න ඊලගට මාව අහුවුනෙ රාජ මාතාවට … දැන් ඉතින් උල තියයි ..🤤
අම්මා මාව දැක්කා විතරයි මගෙ කනෙන් අල්ලගත්තෙ හොරෙක්ව අල්ලනවා වගේ..

“ආව්…ආව්..අම්මා..කණ කන…ආව්….”

“කන තමයි මේ..ඇයි උඹලට ඉගැන්නුවෙ මේක කට කියලද..”

“අනෙ..අනෙ අම්මා කන අතාරින්නකො..රතුවුනොත් වස නෝන්ඩිය..”

මම කන අතෑරවගන්න මාර ගේමක් දුන්නා.. ඒත්.. දඩු අඩුවට අහුවෙලා වගේ..තදවෙලා.. ඇටකෝටු මිටිය වගේ මහතට හිටියට මොකද අම්මට තියෙන්නෙ ආනෝල්ඩ්ටත් වඩා හයියක්…💪💪💪

“ඇයි..රතු වුනොත් මොකද…?”

“කොල්ලො හිතයි ඊයෙ කෙල්ල හපලා කියලා අම්මා”

මම ඇගට පතට නොදැනිම කියලා දැම්මා.

“මොකක්…?😲

“න්..නැ..මේ..”

කොහෙද මේ කටටත් බ්‍රේක් නෑනෙ.. ශික්…
එයා හපන ඒවා අම්මා දැනගත්තොත් මෙතනම ප්‍රෙශර් වැඩිවෙලා වැටෙනවා ශුවර්.. ඕ….යෑස්…..🙊

“ඒවගෙන් මට වැඩක් නෑ.. කෝ දැන් කිරි එක..?”

“අහ්..මම බිව්වා..”

මම ඇහැක් වහලා හොරෙක් වගේ අහක බලන් කිව්වා..

“ආ…..ඇත්තද මහත්තයො.. එතකොට මේ… මේ මොකක්ද දන්නෙ නෑනෙ…?”

අම්මා කහපාට මග් එකක් මගෙ මූන ඉස්සරහටම දික්කරලා ඇහුවා..

“ආ…මේ…මේ ද… මේ.. කිරි එකක්නෙ.. අක්කගෙ වෙන්න ඇති..”

මම කිව්වෙ ඇගටපතට නොදැනිම.

“අහ්..අක්කගෙද.. එතකොට මේ මග් එකේ තියෙන නම… ?
අක්කා කියලද තියෙන්නෙ..?”

“කෝ බලන්න.. අහ්..නෑනෙ.. මල්ලි කියලනෙ තියෙන්නෙ..අම්මා ශුවර් එකටම වැරදි කෝප්පෙට කිරි දාලා අද..”

අපේ ගෙදර තියෙන මග් හතරෙ නම් තියෙනවා..

අම්මා.. තාත්තා .. අක්කා ..මල්ලි.

ඉතින් අපිට තේ දැම්මත් වතුර බිව්වත් බොන්න ඕන අදාල කෝප්පෙන් විතරයි..

“මේ.. කොල්ලො..මගෙන් ගුටි නොකා බීපිය කිරි එක..”

“මොනාද අම්මා… පොඩි එකෙක්ට වගේ කිරි පොවනවා හැමතිස්සෙම..අප්පිරියයි නෙ අනේ…”

මම කිව්වෙ බෙරිකරගත්තු මූනෙන්. ඇයි වදේ.. උදේ පාන්දර කිරි එකක් පොවනවා අප්පිරියයි..බ්ලෑක්..😣😣

“උදේට කිරි උගුරක්වත් බීලා එලියට බහින්න මහත්තයො..”

අම්මා මගෙ ඔලුව අතගාලා ආදරෙන් කියද්දි.. ඇත්තටම මට දුක හිතුනා.

මමත් ඉතින් මේ බාගෙට නිවුනු කිරි එක, එක හුස්මට ගුඩුගුඩු ගාලා බීගෙන ගියා..

“ආ.. ඔන්න බිව්වා.
එහෙනම්..මම ගියා…සාදු..”

මග් එක අම්මගෙ අතින් තියලා පහත්වෙලා වැදලම මම එලියට දුවගෙන ගියා.

“ඔය උඩු තොලේ කිරි ගෑවිලා..පිහිදගන්න…”

අම්මා කෑගහලා වගේ කිව්වෙ මම යන්න හැරෙද්දි තොලේ කිරි ගෑවිලා තියෙනවා දැකපු නිසා වෙන්න ඇති….

“ඒක කෙල්ල පිහිදයි අම්මා….”

මමත් කෑගහගෙනම දිව්වා..

“මේ කොල්ලා නම්…”

කොල්ලගෙ වැඩ වලට අම්මටත් හිනා..

අම්මා හිනාවෙවීම කුස්සියට යන්න ගියා..

👵#චාරුලතා_අතුකෝරාල

මහත්මියගෙ හුරතල් බඩපිස්සා තමයි දෙව්නක..

👨#දෙව්නක_නෙහාශ්_අතුකෝරාල

පවුලෙම ඉන්න දගයා ..

💁#දේවාශ්‍රී_නුරේශා_අතුකෝරාල ගෙ ❤️#පණ …

කොල්ලා තාම පාසල් යනවා.. 13 වන ශ්‍රේණියෙයි ඉගෙනුම ලබන්නෙ.
කොල්ලට වයස 18යි..

දේවාශ්‍රී මේ වනවිට ෆැශන් ඩිසයිනින් කෝස් එකක් කරගෙන යනවා…කෙල්ලට නම් වයස 21යි.

මෙයාලගෙ අප්පච්චි.. ඒ කියන්නෙ

👴#සිරිල්_අතුකෝරාල

මහතා නීතීඥවරයෙක් .

ඉතින් මේ පුංචි රත්තරන් පවුලේ කතාව තමයි මේ….👨‍👩‍👧‍👦

🌞🌞🌞
උදේ පාන්දරම ලස්සනට ඇද පැලදගෙන සුවද ගගහා මම මේ එලියට බැස්සෙ… ඉස්කෝලෙ යන්න..🙊 සූටි අපි වෙන කොහේ යන්නද ඉතින් ..

බස් හෝල්ට් එකට යද්දි මගෙ අපත යාලුවො සෙට් එක ඇවිල්ලා ..

“අහ්..මචංලා.. අද කලින්ම නෙහ්..”

මම කෑගහගෙන දුවගෙන වගේ හෝල්ට් එකට ගියා..

“හ්ම්ම්..හ්ම්ම්..නැතුව නැතුව.. අපිත් හොද ලමයිනෙ දැන්..”

ටකයා කිව්වෙ එහා පැත්තෙ හිටපු කෙල්ලො දිහා හොරෙන් බල බල..

“ඒක පේනවා..හොද ලමයෙක් වෙන්න කලින් ඔය කලිසමේ ශිප් එක දාගනින්..”

මම ටිකක් සද්දෙට කිව්වෙ ටකයා ලයින් දදා හිටපු අපේ ගර්ල් ස්කූල් එකේ කෙල්ලො දෙතුන්දෙනාටත් ඇහෙන්න.
උන් ටික කටවල් වහන් කිචි කිචි ගගා හිනාවුනා මම කියපු එකට.

👱ටකයා – අපි ඉතින් මූට ටකයා කියන්නෙ මුගෙ කටේ සද්දෙ නිසා.. කනට ඇහෙන්න කතාකරන්නෙ නැති නිසාම අපි මූට ටකයා කියලා නම යෝජනා කලා..
නම වර්ශ

“ඒ…ඇත්තටම ඇරිලද බං..”😞

ටකයත් ඉතින් ගොනා සේ පහත්වෙලා ශිප් එක දිහා බැලුවා. ඒක දැකපු කෙල්ලො ටික බඩ අල්ලන් හිනා වෙනවා..

“කෝ බං නෑනෙ..”

මු ආයෙත් කියනවා..

“අනේ යකෝ තෝ වගේ බත් කන කේප්ප ගොන් එළ හරකෙක්..”

මම ඇන්ටන්ගෙ උරහිසට ජැකක් ගහගෙන අතේ තිබුනු පොත් සෙට් එකෙන් ටකයගෙ ඔලුවට ගහලම කිව්වා..

👨ඇන්ටන් – මූ ඉතින් තනිකර සිරා මූඩ් කාරයා.. වැදගත් තැනට මුල් තැන ගන්නෙ මූ තමයි.

ඒනිසාම අපි ඉතින් ඇන්ටන් කිව්වා මූට..
නම සංදේශ්

බස් එකක් එනවද බලන්න බෙල්ල හෝල්ට් එකෙන් එලියට දාද්දිම තඩි පත ලොරියක් ඇස් ඉස්සරහින් ගියා.. ඒත් ඒකම ඊට පිටිපස්සෙන් ආපු වෑන් එකේ ඉස්සරහා ශීට් එකේ හිටපු කෙනා දැක්ක මගේ ඇස් දෙක… ටෙනිස් බෝල තරම් ලොකු වෙන්න ඇති.

අම්මෝහ්..😲😲😲 එහෙමත් ලස්සනක්.. එහෙමත් අහිංසක පෙනුමක් .. ශීට් එකට ඔලුව තියාගෙන එක එල්ලේම ඉදිරිය බලාගෙන හිටපු එයා දැක්ක ගමන්ම මගෙ හිත… වෙවුලලා ගියා..

හුලගට ගිය කෙස් කැරැල්ලක් කන පිටුපස රදවගන්නකොටම.. එයා ගිය වෑන් එක අපි පහුකරන් යන්න ගියා..

මම පපුවට අතක් තියාගත්තා.. පපුව හෝ ගාලා ගැහෙනවා
ඒ ඇස්… මට තාමත් මතක්වෙනවා..
මේ තරම් කාලයක් කෙල්ලො දැකලා තියෙනවා…ආශ්‍රය කරලත් තියෙනවා..ඒත්… ඒ වගේ ලස්සනක්.. මට නම් හිතාගන්නත් බැරිවුනා.. වෑන් එක ගියා උනත්.. මම තවමත් බෙල්ලත් හරවගෙන ඒ පැත්ත බලාගෙන හිටියෙ.

මුලු ලෝකෙම නැවතිලා වගේ දැනුනා.. හාට් එක පපුවෙන් ගැලවෙන්න එන තරම් හයියෙන් ගැහුනා. සංසාරික පුරුද්දකට වගේ… ඒ මූණ ආයෙ ආයෙත් මට මැවෙන්න ගත්තා…

ඒත් එක්කම….

“හු@#$ .. බස් එක ආවා..වරෙන් යන්න….”

ජූඩා එහෙම කියාගෙන මගෙ අතින් අදිද්දියි මම මේ ලෝකෙට ආවෙ…

ජූඩ්- මෙයාට ඉතින් මෙහෙම කියන්නෙ මෙයා ටිකක් ඇන්ටන් ජූඩ්ගෙ ශේප්කට් නිසා..කොට මහත…
නම පේශල

මමත් දුවලා ගිහින් බස් එකේ එල්ලුනා..ඒත්…තාමත්.. මට මතක්වෙන්නෙ… ඒ රුව..

**අනේ…ආයෙත් ඔයාව දකින්න පුලුවන් වුනානම්..**

පූර්වාරාම විහාරයේ බුදුපිලිමය පහුවෙනකොටම.. මම ඒ ශාන්ත බුදුරුවෙහි…දෑස් දෙස බලාගෙනම හිතුවා..

“තොට යකෙක් ගහලද ගෙවලයො..”

ඇන්ටා මගේ පිටට ගහලා කිව්වා.. මම බස් එක ඇතුලට ඇතුලුවුනා.. ශයිනි ඉන්නවා බස් එකේ මැදට වෙන්න…එයා මගෙ දිහා බලාගෙනම ඉන්නවා..
මමත් ඉතින් එයා ලගට ඇදී…ලා ගියා..
#ශයිනි_ෆොන්සේකා මගෙ කැච් එකක්.. දහය වසරෙ ඉන්නෙ තාම..ලස්සන කෙල්ල.. මේ දවස්වල මගෙ සිහින කුමාරි එයා තමයි…

“දෙව්නක අයියා..ගුඩ්මෝනින් ..”

මම එයා ලගට යද්දිම වගේ එයා කිව්වෙ ටිකක් හුරතලෙන්.. මමත් ඉතින් එයාගෙ පිටුපසින් අතක් දාලා උඩ බාර් එකෙන් අල්ලගෙන එයාගෙ ඇගේ ගෑවෙන්නම හිටගත්තා..

“ගුඩ්මෝනින් බබාහ්..”

“මේ.. ඔයාට බඩ්ඩක් ගෙනාවා මම.. බහිද්දි දෙන්නම්.’

“මොනාද.?”

“කෑමක්..ඔයා ආසයි කිව්ව එකක්..”

“හා…”

‘මේ…අද ක්ලාස්ද..?”

“අද …නෑ බබාහ්..ඇයි..?”

“හවසට..චුට්ටක් කතාකරන්න ඕන.. ඉස්කෝලෙ ඇරිලා..මාත් එක්ක යමුද..?”

“ම්ම්..හා..”

“ආදරෙයි..”

එයා රහසින් වගේ කිව්වා..

“මමත්…”

මම එයාගෙ අත උඩින් අත තියලා අල්ලගන්න ගමන් කිව්වා..

ඉස්කෝලෙ ලගින් බහිද්දි එයා මට තඩි පාර්සලයක් දුන්නා.. මම ඒකත් අරන් බැස්සා.. එයා දිගටම බස් එකේ ගියා.. එයාලා බහින්නෙ ඊලග හෝල්ට් එකේ..

“මොනාද බං ඔය..?”

“දන්නෑ බං..අරකි දුන්නෙ..”

මම එහෙම කියනවත් එක්කම ජූඩා මගෙ අතේ තිබුනු පාර්සලේ උදුරලා අරන් ඇරලා බැලුවා.

“යකෝ…මේකෙ සුවද…
බත් එකක් තියෙනවා… තව… කැවිලි වගේකුත් තියෙ..
යකෝ..කෙසෙල් ගෙඩිත් තියෙනවා. “

ඌ මල්ලට කෙල හලනවා..

“එක අතකට පව් බං ඒකි..”

මම කිව්වෙ ඇත්තටම දුක හිතුනු නිසා..මොකද.. මම මේ වෙද්දී කෙල්ලො 20ක් එක්ක විතර යාලුවෙලා තුබුනත්.. ඒ එක්කෙනෙක්ටවත් ඇත්තටම ලව් කලේ නැති නිසා..

“පවු ඒකි නෙමි පව් අපි..ඇයි යකෝ..තෝ ගර්ල්ස්කූල් එකේ ඉන්න පට්ටම කෑලි ටික සෙට් කරගන්නවා.. අපිට සෙට් වෙන්නෙ උන්ගෙ යාලුවො වුනු හාල් කෑලි..”..

ඇන්ටන් කිව්වෙ කට ඇදකරගෙන.

“ඉතින් ඒකට මම පලිද යකුනේ.. උන් නෙ මාත් එක්ක යාලුවෙන්න එන්නෙ. නැතුව මම යනවයැ ඔය චීත්ත පස්සෙ…..”

මම එහෙම කියලා පාර්සලේ ඇදලා අරන් බෑග් එකට ඔබාගත්තා..
ඒ වෙනකොටත් ජූඩා ආනමාලු ගෙඩියකට වගකියනවා..🍌🍌

මතුසම්බන්ධයි❤️

😍😍😍😍😎 එශ් 😎😍😍😍😍

කොහොමද ළමයි කතාව.. අදහස් කියාගෙන යන්න… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *