#විසේකාරයා 03

👦 03 දගකාරකම 👦

“පුතා…ඔයා ආවද…?”

මම පුරුදු පරිදි මගෙ විසිල් එකත් ගගහා ගෙට ගොඩවෙනකොටම අම්මා අහනව ඇහුනා කුස්සිය පැත්තෙ ඉදලා..

“ඔව් අම්මා.. ජූස් එකක් හදලා තියන්න.. මම වොශ් දාන් එන්නම්..”

අද මැත්ස් ක්ලාස් තිබුනු නිසා පට්ටම මහන්සියි.. ඒ නිසාම මම එහෙම්මම කාමරේට ගියා..

ඉක්මනින් නාගෙන ශෝටක් දාගෙන කොණ්ඩෙත් අතින් ගස ගස සාලෙට එද්දි .. සාලෙ හිටගෙන හිටපු කෙනා දැකලා.. මගෙ හාට් එක ක්ශනිකව නැවතුනා..

ඒ…එයා…
ලස්සනම ලස්සන හීනි පටි තියෙන කහ පාට ගවුමක් ඇදලා කොණ්ඩෙත් කඩලා දාලායි එයා හිටියෙ. මාව දැකලා එයා ලස්සනට හිනා වුනා..
ඒත් එක්කම වගේ අම්මා කුස්සියෙ ඉදලා ආවා..

“නැන්දි.. එහෙනම්.. 7 වෙනකොට හැමෝම එක්ක එන්න.. “

අම්මගෙ අතේ තිබුනු පිගන් ටිකත් අතට ගන්න ගමන් එයා කිව්වා..

අහ්… ඒ කටහඩ… හිතාගන්න පුලුවන්ද…
එහෙම මිහිරි හඩක්.. මම මීට කලින් කවමදාවත් අහලා තිබුනෙ නැහැ..
මගෙ කටත් ඇරුනද කොහෙද..

“එන්නම් මැණිකෙ…”

අම්මා එයාගෙ ඔලුව අතගාලා කිව්වා..

“මම එහෙනම් ගිහින් එන්නම් නැන්දී…”

එයා පහත්වෙලා යන්තම් අත් එකතුකරලා අම්මට වැන්දා..ඇයි පිගන් ටික අතේනෙ..

මගෙ අතක් ඉබේම ගියෙ මගෙ පපුව මතට.මේ තරම් හොද ගතිගුන.. මේ වගේ වයසක කෙල්ලෙක් ලග තියෙන එකත් පුදුමයක්..

“යන්නම් #මල්ලී …. “

එයා මගෙ දිහාත් හැරිලා කිව්වා..

මම හිනාවෙලා ඔලුව වැනුවා..
එයා යන්න ගියා.. මම කටත් ඇරන් බලන් හිටියා…

පොඩ්ඩක් ඉන්න…
මොකක්…😲😲😲😲😲😲😲😲

#මල්ලී …

එයා මට මල්ලි කියලා නේද කිව්වෙ..

එ…එතකොට…එතකොට… එ..එයා…එයා.. #අක්කා කෙනෙක්ද…

අනේ…. නෑ…..
කොහොමද එහෙම වෙන්නෙ.. එයාට ඒ තරම් වයසක් පේන්නෙත් නෑනෙ…අනේ.. අක්කා කෙනෙක්ද… අයියෝ….

මම ඔලුවෙ අතගහගත්තා..

මට හිතාගන්න බැ…එයා අක්කෙක්ද..
මම කාමරේට ආවෙ පිස්සුවෙන් වගේ..

*යන්නම් මල්ලී…*

එයා කියපු හැටි… මට ආයෙ ආයෙත් ඇහෙනවා වගේ…
මම ඇදෙන් හාන්සිවුනෙ වේදනාවෙන්..

එයා අක්කෙක්ද..😯😟😟

මීට කලින් කවමදාවත් නොදැනුනු තරම් අමුතු කැක්කුමක් … පපුව ඇතුලින් මට දැනෙන්න ගත්තා..

මම එහෙමම ඇස් තදකරලා පියාගත්තා..

ඒත් එක්කම….. මගෙ මතකෙට ආවෙ ඒ ඇස් විතරමයි… ඒ ග්ලිටර් අයිස්… මගෙ ඇස් වල අලවලද මංදා….
ඒ හිනාව…ඒකටහඩ… මගෙ ආත්මයටම සමවැදිලා වගේයි මට දැනෙන්නෙ…. මගෙ මුලු ආත්මයම ඒව උරාගෙන් වගේ..

**ඔයා ඇත්තටම කවුද අක්කෙ..**

මගෙ යටි හිත මගෙන්ම අහන්න ගත්තා..

මොකද..ඒ තරමටම.. මම මේ කෙල්ලට පිස්සුවැටිලයි ඉන්නෙ..
කොයිතරම් කෙල්ලො එක්ක යාලුවෙලා හිටියත්.. ඒ එක්කෙනෙක් ගැනවත් නොදැනුනු දෙයක්.. මට දැනෙන්න උනෙ මෙයාගෙන්….

ඒක.. ඇත්තටම ඒක මොකක්ද..
ඒ හැගීම මොකක්ද..
මට තේරෙන්නෙ නෑ..

“කොල්ලො…”

කල්පනා කරකර හිටපු මම ගැස්සිලා ගියෙ අම්මගෙ කටහඩට.

“අම්මා..”

මම ඇස් ඇරියෙ කම්මැලිකමෙන්.

“මෙන්න ..ජූස් එක..”

අම්මා මට ජූස් එක දික්කලා.

“ඔතනින් තියන්න අම්මා..පස්සෙ බොන්නම්..”.

මම කිව්වෙත් අහකබලාගෙන.මට දුකයි..තේරෙන්නෙ නෑ ඒ ඇයි කියලා..

‘හත වෙනකොට හොද සූට් එකක් දාගෙන ලේස්තිවෙන්න.අද එහා ගෙදර අය අලුතින් පදිංචියට ආපු එකට පාටි එකක් දෙනවා.. ඒකට යන්න..”

අම්මා කිව්වා..

“මට බෑ අම්මා..ඔයාලා යන්න..”

‘අනේ පුතා..හැමෝටම එන්න කිව්වනෙ..”

“ඔයාලා යන්න අම්මා..”

මම කිව්වෙ ඕනවට එපාවට..
මට දුකයි..ආයෙත් ඒ මූණ හිත හදාගෙන බලන්න මට බැහැ..

“පිස්සු නටන්න එපා.ලේස්තිවෙන්න.. අන්න අක්කා නම් දැන්ම ඉදලා ලේස්තිය..”

“ඔයාලා යන්න..මගෙ ඔලුව රිදෙනවා වගේ අද..’

මම ඇදෙන් හාන්සිවෙලා අනිත්පැත්ත හැරුනා..
මට හිතන්න දේවල් ගොඩක් තියෙනවා..
චූට්ට වෙලාවකින් අම්මා කාමරෙන් එලියට යනවා ඇහුනා..

මම ආයෙත් එයාගෙ ලෝකෙ තනිවුනා..
ඒ මූණ ආයෙ ආයෙත් දකින්න හිත ලෝබ උනත්.. එයා අක්කෙක් කියලා මතක්වෙද්දි..මට දරාගන්න බැරිවෙනවා..ඒවා හිත හිතම මම ඇදේ ඇලවෙලා හිටියා.

“ඒයි…තමුසෙ තාම ඇදගත්තෙ නැද්ද..?’

මගේ උරහිසට ගහලා අක්කා අහද්දි.. අඩනින්දෙන් හිටි මාව යන්තම් ඇහැරුනා..

“ම්ම්..මට එන්න බෑ හලෝ..ඔයාලා යන්න..”

“මොකක්… අනංගයාට අද එන්න බෑලු..අනේ එතකොට අර ඩබල් බෝනස් එකට හම්බුනු කෙල්ලො දෙන්නව හැන්ඩ්ල් කරන්නෙ කවුද…?”

අක්කා හිනාවෙවී පුදුමෙන් වගේ ඇහුවෙ කෙල්ලො සීන් එකකදි පලවෙනි පාරට මම එන්ටර් වෙන්න බෑ කියපු නිසා..

“මගෙ ඔලුව කකියනවා හලෝ..ඔයාලා යන්න..”

“අනේ මල්ලො..එනවකො යන්න.. මට තනියම ගිහින් ඉන්න බෑනෙ.අනික එයාලගෙ රිලේශන්ස්ලත් ඇවිත්..සෙනග ගොඩයි..එනවකො..මම වෙනුවෙන්වත්..”

අක්කා මූණ බෙරිකරන් කියද්දි මට පවු කියලා හිතුනා.

“හ්ම්ම්..ඉන්නවකො එහෙනම්. මම මූණ ටිකක් තෙමන් එනකම් මට ඇදුමක් හොයලා තියනවා..”

“හා..මගෙ හොද මල්ලියා..උම්ම්ම්ම්ම්ම්ම්මා..😘

අක්කා මගෙ කම්මුලක් ඉඹලා උඩ පැනලා වගේ මගෙ අල්මාරිය ලගට දිව්වා..

එයා ඇදලා හිටපු කලු ලෙගින් එකටයි කලු ස්කිනි එකටයි එයාව ලස්සනට පෙනුනා අදනම්..
උඩ පැන පැන යද්දි දාගෙන හිටපු පෝනිටේල් එක හතර දිශාවටම වැනුනා..

මම ඉතින් නැගිටලා ගිහින් මූණ සෝදගෙන ආවා..ඒ එද්දි අක්කා මට කලු ට්‍රවුසර් එකකුයි ඔරේන්ජ් කලර් ටී එකකුයි ඇද උඩින් තියලා තිබුනා..

“මේහ්..මේ දෙක විතරක් ඇන්දම ඇතිද..?”

මම ඇහුවෙ කටේ ඇගිල්ලකුත් ගහගෙන මගේ ෆෝන් එකේ ගේම් එකක් ගගහා ඉන්න අක්කාගෙන්.

“ඇයි මොකක්ද අවුල..?”

“කෝ බං ජොකා..?”

“ඊ…… ඒක අරගෙන ඇදගන්නවකො..ශික්..ලැජ්ජාවෙබෑ..”..

අක්කගෙ මූණ රතුවෙලා..මට හිනහයිත් එක්ක..
මම ඉතින් ඔක්කොම ඇදුම් ඇදගෙන මගෙ කලුපාට ස්කාෆ් එක අතට ගත්තා..ඒක පටියක් වගේ නවලා ඔලුවට තියලා බැදගත්තා .

ශූස් දෙකත් දාගෙනම මම කණ්නාඩිය ඉස්සරහට ගියා.. සෙන්ට් එකෙන් බාගයක්විතර හලාගනිද්දි අක්කා මගෙ ලගට ආවා.

“ඒහ්… දැන් නම් අර කෙල්ලො දෙන්නාම වශී වෙනවා ශුවර්..”

අක්කා කිව්වෙ මගෙ උරහිසකට අත තියලා ඇගට හේත්තුවෙන ගමන්.

“අනේ..මේ..යනවා යන්න බොරු බටර් නැතුව..”

‘නෑ..ඇත්තමයි හලෝ..පට්ටයි දැන්..මටත් ලයින් දාන්න හිතයි..”

“පිස්සි..එනවා යන්න..7 පහුවෙලා දැන්..”

මම අක්කගෙ අතින් ඇදගෙන වගේ එලියට ආවා.ඒ එද්දි අක්කගෙයි මගෙයි ඇස් නලලට ගිහින් නලල බිමට වැටුනෙ සාලෙ හිටපු අපෙ අම්මව දැකලා..

‘අ…අ..ම්..මා…😲😲😲😲????”

ලයිට් බ්ලූ ඩෙනිම් එකකට ටොප් එකක් ඇදලා කොන්ඩෙ හාෆ්ටේල් දාලා හිටපු අම්මව දැක්කම අක්කටයි මටයි හුස්මත් හිරවුනා..

“ලස්සනයිද..?”

කෙල්ලෙක් වගේ වටයක් කැරකිලා අම්මා අහද්දි.. අපි දෙන්නම දුවලා ගිහින් අම්මව බදාගත්තා..

“මාරම ලස්සනයි චාරු අද නම්.. මට උම්මක් දෙන්න හිතයි..’

මම තාත්තා වගේ කටහඩ වෙනස් කරලා කියලා අම්මගෙ කම්මුලක් ඉඹිද්දි…අම්මා හිනාවෙලා මගෙ බාහුවකට ගැහුවා.

“යනවා කොල්ලො යන්න විහිලු නොකර..”

“ඇත්තමයි අම්මා..මාරම ලස්සනයි.ගොඩ දවසකින් නේද ඔයා මේ ඩෙනිම් එක ඇන්දෙ.. තාමත් ඉස්සර වගේ.. හරි හැඩයි..”

“ඒකනෙ චාරු මම කිව්වෙ ඕක අදින්න කියලා..”.

එහෙම කියාගෙන තාත්තත් කාමරේ ඇතුලෙ ඉදලා එලියට ආවා..

“ආ….ඒකයි මේ…”

අක්කා කිව්වෙ හිනාවෙවී..

“යමු යමු එහෙනම්..පරක්කු වෙනවා..”

“හා..යමු යමු..”

කට්ටියම එලියට බැස්සා.. තාත්තා අතේ රැපින් කරපු ලොකූ ප්‍රසන්ට් එකක් තිබුනා..

අපි අල්ලපු ගෙදරට යද්දි…එහෙ සෙනග පිරිලා..අහල පහල අය වගේම තව ගොඩක් අය හිටියා..

‘ඒ..මල්ලි.. මෙයාලා ටිකක් බර අත්තක් වගේ නෙහ්..”

අක්කා රහසින් වගේ මගෙ කනට කරලා කිව්වෙ ,ඇත්තටම ඇවිත් හිටපු අය ඇදගෙන හිටපු ඇදුන් දිහා බලලා වෙන්න ඇති කියලා මට හිතුනා.. ටිකක් වැදගත් සල්ලිකාර පවුලක් තමයි ඒ.. සල්ලිකාර මිනිස්සුන්ගෙන් මිදුල පිරිලයි තිබුනෙ. ඊට හපන් අපෙර් ලේන් එකේ පාර..
තඩි හයිබ්‍රිඩ්,පෙජරෝ,ඩුකාටි,අපාචි වලින් මුලු පාරම වැහිලා..

ගෙට ඇතුලුවෙනකොටම මගේ ඇස් ගියෙ රතුපාට ගවුමක් ඇදලා හිටපු ලස්සන කෙල්ලෙක් දිහාවට .

එයා තව කෙල්ලො ටිකක් වටකරගෙන කිචි කිචි ගගා හිනාවෙනවා.. මම එයා දිහා බලන් යද්දි එකපාරම කාගෙදෝ ඇගක වැදුනා.
වැදුනු කෙනාගෙ අතේ තිබුනු ට්‍රේ එක බිම වැටෙන්න නොදී අල්ලගත්තෙ මාර ගේමක් දීලා.. කොහොම උනත්..කොල්ලා වැඩකාරයානෙ..💪 මම ඉතින් අත කරකවලා ට්‍රේක අරන් වැදුනු කෙනාගෙ අතට දෙන්න හැදුවෙ..

“ඔහ්…….😲😲😲😲😲😲😲

මගෙ ඇස් ආයෙත් ලොකුවුනා..කටත් ඇරුනද මංදා…
මගේ ඉස්සරහා හිනාවෙවී හිටගෙන හිටියෙ……

මතුසම්බන්ධයි❤️

😍😍😍😍😍😍එශ්😍😍😍😍😍

කියන්න බලන්න වස්තුලා..කවුරු වෙන්න ඇතිද….? 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *