#විසේකාරයා 04

👦 04 දගකාරකම 👦

ඒ එයා… මගෙ ඇස් ඉස්සරහා හිනාවෙවී හිටගෙන හිටියෙ ..

මගෙ… #ග්ලිටර්_අයිස් .. 😍

“ඒ මගේ නංගි… #නෙතුනි “

මගේ අතේ තිබුනු ට්‍රේ එක අතට ගන්න ගමන් රහසින් වගේ කියලා හිනාවෙවී එයා යන්න ගියා…

එයා දකින්න ඇති.. මම නංගි දිහා බලන් එනවා..
ශික්..විලිලැජ්ජයි..😞
මම ආයෙත් අම්මලා පිටිපස්සෙන්ම ඇතුලට ගියා..

සෙනග නම් ගොඩායි.. සස්ස්ස්ස්සන කෙල්ලොත් ගොඩායි..
ඒත්.. අද… මට හිතාගන්න බැහැ… ඇයි මට කෙල්ලෙක් දිහා බලන්නවත් හිතෙන්නෙ නැත්තෙ කියලා.. වෙනදට මේ වෙද්දී දෙතුන්දෙනෙක් එක්ක ඩේට් එකකට යන්නත් ප්ලෑන් කරලා මම..
අද… ග්ලිටර් අයිස් නිසාමද මංදා.. මම නිකම් අතරමං වෙලා වගේ.

කෙල්ලො කීපදෙනෙක්ම මගෙ දිහා හොරෙන් බල බල මුකුලු කර කර එහෙ මෙහෙ ගියා..නෙතුනිත් දෙතුන්පාරක්ම මාත් එක්ක හිනාවුනා..
මමත් ඉතින් එයා එක්ක හිනාවුනා..මොකද එයා හරි ලස්සනයිනෙ…🙊.අනික..ග්ලිටර් අයිස් ගෙ නංගිනෙ…😍

පස්සෙ ඉතින් මම කොකාකෝලා එකක් තොලගගා ඔහේ කල්පනා කරකර හිටියා..

“ශොට්ස් ගන්නවා වගේ චුට්ට චුට්ට බොන්නෙ මොකද ඔය…?”

එකපාරම කවුදෝ අහද්දි..මම ගැස්සිලා ගියා..දාලා තිබුනු DJ එක නිසා ..කියපුවා හරියටම ඇහුනෙත් නැද්ද මංදා..

මම ඔලුව හරවලා බැලුවෙ කවුද කියලා..

ඇවිත් හිටියෙ නෙතුනි.

“ම්ම්… මේ නි..ක..ම්..”

එයාගෙ ලස්සනට… මගෙ ඇස් ලොකුවුනා..
යකූ… මට ලැජ්ජා හිතිලා..වචන එන්නෙ නෑ කටට. දැන් මෙතන කෙල්ල එයාද… නැත්තම් මමද… සාධාරන සැකයක් එනවා මට දැන්..

මම බොහොම අමාරුවෙන් පුරුෂ ධෛර්යය අරන් උගුර පාදගත්තා…

“පාලුයි නේද අයියෙ…යාලුවො කවුරුවත් නැතිවුනාම…”

එයා ආයෙත් ඇහුවෙ මම ලගින්ම තියෙන පුටුවක වාඩිවෙන ගමන්.

එයාගෙ ලගින් හමපු සුවද.. දැන් නම් මට හොදටම දැනෙනවා.. ඒක හරීම මිහිරි සුවදක්.
මම ඒ සුවද ඉවකර කර හිටියා

“හ්ම්ම්..”

අද නම් මගෙ ඇල්ෆබට් එක මටම ගිලිලද කොහෙද ..ශිට්..

වෙනදට මේ කටින් මේ වෙද්දි වචන එක්ලක්ශ ගානක් කියවිලා ..ඒකට අද…😭😭😭

“නෙක්ස්ට් ඉයර් එකේද එක්සෑම් කරන්නෙ..?”

එයා ඇහුවා..

“ඔව්…”

“මොනාද කරන සබ්ජෙක්ට්ස් ?”

“කොමස්..”

ඔව් නෑ බෑ වගේ..තනිවචන විතරයි එන්නෙ..😞

“අක්කි කිව්වා ගිහින් ඔයා එක්ක චුට්ටක් කතා කරන්න කියලා..ඔයා තනියම ඉන්නෙ කිව්වා…ඒ නිසයි මම ආවෙ..”

නෙතූ කියද්දි.. මගෙ ඇස් මටත් නොදැනිම හෙව්වෙ එයාව..ඒත්…එයා කොහේවත් පේන්න නැහැ…

“ඔයාගෙ අක්කි ශෝයි අයියෙ .. මම කතා කරලා ආවෙ දැන්.. හරිම ෆ්‍රෙන්ඩ්ලි…”

“හ්ම්ම්..එයා එහෙම තමයි.”

මම කිව්වෙ එයා දිහා බලාගෙනම.ඇත්තටම නෙතූගෙ පෙනුම එයාගෙ අක්කාගෙ වගේමයි..මට නෙතූගෙනුත් පෙනුනෙ අක්කව…

“අම්මලා කන්න යන්නද කොහෙද හදන්නෙ..ඔයත් යමු..”

“අහ්..එහෙමද..හා යමුකො..’

මමත් නැගිට්ටා.. එයා මට ඉස්සර වුනෙ මගෙ අතිනුත් අල්ලගෙනම. මම ගැස්සිලා ගියා..

නෙතූ හරි කටකාර කෙල්ලෙක්.මගේ ටයිප් එකටම ගැලපෙනවා..🙊

එයා මාවත් ඇදන් ගියෙ කෑම කාමරයට. ඒ යද්දි ඇතුලෙ පුටුවක වාඩිවෙලා හිටපු ග්ලිටර් අයිස්ට මගෙ ඇස් ගියා..එයා අසලින්ම වාඩිවෙලා හිටපු බෝයි කෙනෙක් එයාට මොනවදෝ කැව්වා හැන්දකින්.

ඒක දැක්කෙ මගෙ ඇස් වුනාට … ඒක දැනුනෙ මගෙ පපුව පතුලටම.
මම ඉක්මනින් අහක බලාගත්තෙ සියුම් දුකක් පපුව පුරා දුවද්දි..

කෑම කන්න හිතක් ඇත්තෙම නෑ.. කටවල් දෙකතුනක් කාලා අත හෝදගෙන මම එලියට ආවා.. මිදුලෙ ගහලා තිබුනු හට් එකක වාඩිවෙලා මම අහස දිහා බලන් හිටියා.. හිත රිදෙනවා..ඒ ඇයිද කියලා මට තේරෙන්නෙ නෑ..

කෑම කාලා ඉවරවෙලා කට්ටියම මිදුලට ආවා..
දැන් පොඩි සාජ්ජයක් දාන්නයි හදන්නෙ..
හැමෝම මිදුලෙ තිබ්බ හට් වල වාඩිවුනා.. මැදට වෙන්න වගේ පුටු කීපයක් තියන් ඩොල්කියක්,ගිටාර් එකක්,සර්පිනාවක් තියාගෙන කිපදෙනෙක් වාඩිවෙලා සින්දු කියන්න පටන් ගත්තා.. බෝරින් වගේ දැන් නම්.පරන සින්දු කියනවා ඉවරයක් නෑ..

මට ඈනුමක් දෙකකුත් ගියා.. එක පාරක් මගෙ කට ලොකූවට ඇරිලා ඈනුමක් ගියා …මම කම්මැලිකමෙන් ඈනුම අරිද්දියි දැක්කෙ ග්ලිටර් අයිස් බලාගෙන ඉන්නවා…
මම දඩස්ගාලා කට වහගත්තා.. එයාට ඒක දැකලා මහ හයියෙන් හිනාගියා..මටත් හිනහයි ඉතින්..

ඒත් එක්කම වගේ එයාගෙ එහා පැත්තෙන් හිටපු..අර එයාට කෑම කවපු බෝයි ඔරවලා වගේ එයා දිහා බැලුවෙ එයාගෙ අතකුත් යාන්තමට කොනිත්තලා…
එයා ඉක්මනින් හිනාව නතකකරගත්තා..

ඒ සුදු මූණ කලුවලාවකින් වැහිලා ගියා වගේ වුනා.. පව්.. එයා ඒ බෝයිට බයයි වගේ..

තවත් විනාඩි කිහිපයක්ම ගෙවිල ගියා..

“අයියා..සින්දුවක් කියන්නකො..”

නෙතූ මගෙ ලගට ඇවිත් කිව්වා.

“අනෙ..මම..”

‘ප්ලීස් අනේ…මට ඇහුනා ඊයෙ රෑ ඔයා ලස්සනට සින්දු කියනවා..”

එයා කිව්වෙ මගෙ ඇස් දිහාම බලාගෙන.එයාගෙ ඇසුත් ග්ලිටර් අයිස්ගෙ වගේමයි..දිලිසෙන බෝල ඇස්..

“අහ්..ඔයාට ඇහුනද..?”

මම ඇහුවෙ ඊයෙ මම මිදුලට වෙලා අක්කත් එක්ක ගීතෙන් ගීතෙ කරනවා එයාට ඇහිලා නිසා..

“හ්ම්ම්..මාර ලස්සනයි.ප්ලීස් අයියා..කියන්නකො..ප්ලීස්..ප්ලීස්…මම වෙනුවෙන්..”

ඔලුවත් ඇලකරලා එයා කියද්දි..හාට් එකත් එක්ක මොකක්ද වුනා..

කෙල්ලෙක් ඉල්ලීමක් කලාම නෝන්ඩි වෙන්න බෑනෙ.මම ඉතින් පොර වගේ නැගිටලා ගියා..

“දැන් අපේ අල්ලපු ගෙදර අයියා ලස්සන සින්දුවක් කියන්න හදන්නෙ..හැමෝම අත්පොඩි ගහන්න…”

නෙතූ මැදට ගිහින් මහා හයියෙන් කිව්වා…

කට්ටිය අත්පොඩි ගැහුවා..
මම ගිටාර් එක ඉල්ලගෙන පුටුවෙන් වාඩිවුනා.

ඊලගට මම බැලුවෙ.. ග්ලිටර් අයිස් දිහා.. එයා අත් දෙකත් බැදගෙන මගෙ දිහාම බලන් ඉන්නවා..

ඒ ලස්සන කතාකරන ඇස් දිහා බලන්… මම කෝඩ්ස් ප්ලේ කරන්න ගත්තා…

🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

වස්සානේ එල්ලී ආ මමමද ඒ පෙම් හොරා ….
මමයි ඔයාගේ දැන් හිමිකාරයා ..
ඉරණම් ගමනේ පවා මා වෙනුවෙන් මැව් කෙනා …
මේ භවයේ ආයේ මට හමුවෙලා ..

දැන් දැන් ඇස් කතාකරනවා ..
යටි හිත මොනවදෝ කියනවා ..
ජීවිතේ විදිනවා ..
නුහුරු පෙම් හෝඩියේ ඉදන් ..

ගැවසෙනා හුස්මන් පවා ..
සිහිකලේ ඔබමයි සදා ..
මැව්වේම මං ඔයා වෙනුවෙන් තමා ..

දැන් දැන් ඇස් කතාකරනවා ..
යටි හිත මොනවදෝ කියනවා ..
ජීවිතේ විදිනවා ..
නුහුරු පෙම් හෝඩියේ ඉදන් ..

ලංවෙලා මියෙනා තුරා ..
ඉමු හිතින් තුරුලට වෙලා ..
සසරේම මං ඔයා වෙනුවෙන් තමා ..

දැන් දැන් ඇස් කතාකරනවා ..
යටි හිත මොනවදෝ කියනවා ..
ජීවිතේ විදිනවා ..
නුහුරු පෙම් හෝඩියේ ඉදන් ..

🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

සින්දුව කියලා ඉවර වෙලා මම බැලුවෙ මගෙ ග්ලිටර් අයිස් දිහා.. එයා ඇස් පිහිදනවා..

**අහ්..එයා අඩනවාවත්ද..**

**ඒ තරම් සින්දුව කැතද..**

මට හිතුනා…

ඒත් එක්කම හැමෝම හයියෙන් අත්පොලසන් දෙන්න පටන්ගත්තා.. මම නැගිටලා ගිටාර් එකත් අයිතිකාරයට දීලා අම්මලා ඉන්න තැනට ගියා..

“වාහ්..මල්ලී…ඔයානම් පට්ට ආ… මරු හලෝ..ඔහොම ලස්සනට සින්දු කියනවා මම ඇහුවෙත් අදමයි…”

අක්කා මගෙ උරහිසකට ගහලා කිව්වා..

“ඒ..ඇත්තටම අවුලක් නෑනෙ..හොදට කිව්වනෙ..?”

මම ඇහුවෙ සැකෙන්..

“ඔව් හලෝ ඔව්.. පට්ටයි ආ.. මේහ්..දැන් ඕක කිව්වෙ මොන කෙල්ලටද…”

අක්කා ඇහැක් පුංචි කරලා මගෙන් ඇහුවෙ රහසින් වගේ..

“එයාට.. මගේ හිත ගියපු … එයාට….”

මම මට ටිකක් එහායින් හිටි ග්ලිටර් අයිස් දිහා බලන් කියද්දි.. එයා ගැස්සිලා වගේ මගෙ දිහා බලලා අහක බලාගත්තා..

එයා හිටියෙ මම කියපු දේවල් ඇහෙන දුරින්..අනේ එයාට මම කියපුවා ඇහුනානම් කියලා මට හිතුනා….

පාටි එක ඉවර වෙලා අපි ගෙදර එද්දි 1ත් පහුවෙලා..
තාත්තා නම් 11 විතර වෙද්දි ගෙදර ආවෙ පහුවදාට අත්‍යාවශ්‍ය ම නඩුවක් තියන නිසා උදෙන්ම කෝට් යන්න ඕන නිසාම.

අපි ඉතින් රෑ වෙනකම් ඉදලා ආවා..

අම්මට නම් ඒ නැන්දාව හොදට හිතට අල්ලලා..එයා එක්ක කෝප්ප හේදුවා බර වෙලාවක්.

මමයි අක්කයි අපේ ලේන් එකේ තව දෙතුන්දෙනෙකුයි කයියක් දාන් හිටියා ඉතින්.

එන්න ලේස්තිවෙලා ගෙදර අයට යන්නම් කියලා මම අන්තිමට හෙව්වෙ එයාව. එයා හිටියෙ කිචන් එකේ..
ඒ වෙලාවෙ කිචන් එකේ කවුරුත් හිටියෙ නෑ..

මම ඉතින් හිතට හයිය අරන් ගියා එයා ලගට.
එයා හිටියෙ මට පිටුපාලා.

.මෙහෙමම ගිහින් ඒ චූටි ඇග මගේ පපුවට තුරුලු කරගන්න මොකක්දෝ අමුතු ලෝබ ආසාවක් හිතට දැනුනා..
ඒත් ඒක බොහොම අමාරුවෙන් මැඩගෙන මම එයා ලගටම ගියා..

“ම්ම්..මේ….”

මම එහෙම කියද්දි එයා එක පාරම හැරුනා..
හැරුනු පාර බැලන්ස් නැතුව එයා ඇවිත් වැදුනෙ මගෙ පපුවෙ.

එයා බයවුනු පාර අත් දෙකින්ම මාව බදාගත්තා..

ඊටත් ටික වෙලාවකින් එයා ඔලුව උස්සලා මගෙ දිහා බැලුවා.මම හිටියෙ ෆ්‍රීස් වෙලා..ට්කකට කලින් මගෙ හිත හිතපු දේ මෙහෙම හරි හැබෑ වුනානෙ කියලා හිත උඩ පනිනවා සතුටින්.

“අනේ..බබා..සොරි..මම ගැස්සුනා..”

එයා කිව්වෙ මගෙ ලගින් ඈත්වෙන ගමන්.
මට දුකයි.එයා එහෙම ඈත්වෙද්දි..

“අපි..යන්න …කියලා..”

“අහ්..යන්නද…හරි මල්ලියො.. බුදුසරණයි එහෙනම්..ගිහින් එන්නකො..”

එයා කිව්වා..

ඒ දිලිසෙන කතාකරන ඇස් … ඒ හිනාව , ඒ සුදු මූණ මගෙ හිතේ මම අලවගත්තා..
දැන් මුලු හිතම ඒ රූපෙන්..ඒ සුවදින් පිරිලා..

“ම්ම්..හා..බුදුසරණයි ඔයාටත්…”

මම එහෙම කියලා යන්න හැරුනා..

“ම්..මේ…”

“ම්ම්..”

මම ආයෙත් හැරුනා..එයා මොකක්දෝ කියන්න හැදුවෙ..

“ලස්සනට සින්ග් කලා.. මාරම ලස්සනයි..ඒක දැනුනා.. මෙතන්ටම….”

එයා එයාගෙ පපුවෙ වම් පැත්තට අත තියාගෙන ඇස් හීනි කරලා හරිම හැගීම්බර විදියට කිව්වා..

‘තෑන්ක්ස්…ම්ම්..යන්නම්..”

යන්න හිතෙන්නෙ නෑ දෙයියනේ..
මම ආයෙත් යන්න හැරුනා..

“ෆ්‍රී වෙලාවක…අක්කා එක්ක එන්න මේ පැත්තෙ..”.

එයා ආයෙත් කිව්වා.

එයා මට යන්න දෙන්නෙ නැද්ද..

‘හා..”.

මම ආයෙත් හැරිලා ඒ මූණ දිහා බලලා කිව්වා..ඒත් එක්කම කුස්සියට දුවගෙන ආවෙ නෙතු..

“අහ්..ඔයා මෙතනද දෙව් අයියෙ.”

“ම්..ඔව්..මේ..”

“යන්න හදන්නෙ නේද…ආවට තෑන්ක්ස්..ආයෙත් එන්න හොදේ…”

එහෙම කියලා එයා මගෙ බෙල්ල බදාගෙන කිස් එකක් දුන්නා මගෙ කම්මුලකට..

මට ඉබේම බැලුනෙ ග්ලිටර් අයිස් දිහා.එයා මූණ අමුතු කරන් බිම බලාගත්තා…

“යන්නම්..”

මම එහෙම කියලා ඉක්මන්ට එතනින් එන්න ආවා..

ග්ලිටර් අයිස්ගෙ මූන දුකින් පිරුනා..ඔව් මම දැක්කා..

මම එයා ගැන හිත හිතම ගෙදර ආවා..

නිදාගන්න ඇදට ඇවිල්ලත් නින්දගියෙ නෑ.. මම ජනේලෙ ඇරලා එයාගෙ කාමරේ දිහා බැලුවා..ඒත් එක්කම මම දැක්කෙ කාමරේ ඇතුලෙ එයයි අර කලින් හිටි බෝයියි ඉන්නවා
ඒ බෝයි එයාව කිස් කරනවා..

මම පපුවට අතක් තියාගත්තා..

**ඒකියන්නෙ…ඒ ඉන්නෙ එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ..**

මගෙ හිත මටම කිව්වා..

ඒත් එයා දගලලා ඒ බෝයිගෙන් ඈත්වුනා.. ආයෙත් ඒ බෝයි එයාව බලෙන් වගේ කිස් කලා..මට මේ දේවල් බලාගෙන ඉන්න බෑ..පපුව පිච්චෙනවා වගේ..මම අත මිටමොලවලා ග්‍රිල් වලට ගහගෙන ගියා..

මට දැනෙන්නෙ හරියට මගේ දෙයක් උදුරගන්නව වගේ කවුරුහරි..

මම ජනේලෙ වහලා ඇදට ආවා..

ඒත් මගෙ මතකෙට එන්නෙම එයාව..

“ඇයි රත්තරනේ මට මෙහෙම ඔයාව මතක්වෙන්නෙ.. ඇයි…”

මම කොට්ටෙ බදාගෙන කියෙව්වා… ඇස් වලින් පුංචි කදුලක් කොට්ටෙට වැටිලා හිදිලා යනවා මම දැක්කා…

එතකොට… මේ… #ආදරයද …?

මතුසම්බන්ධයි❤️

😍😍😍😍😍😍එශ්😍😍😍😍😍

කතාව ගැන අද නම් හැමෝම මොනවම හරි කියන්න ඕන…❤️

One Comment

  1. ලස්සනයි කතාව.💖 හැබැයි තාම මුල ටික විතරයි kiyeuve. මම ඉතිරි ටික අමතක නොකර කියවනවාමයි. මොකද ඕකට my නමත් ගැවිලා තියෙන නිසා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *