#විසේකාරයා 08

👦 08 දගකාරකම 👦

ඒත් එක්කම වගේ මම දැක්කෙ ඇරුනු ජනේලෙ ඇතුලින් කාමරයෙ එහා මෙහා යන ග්ලිටර් අයිස්ව..
මට දැනුනු සතුට කියලා නිම කරන්න බැහැ.
මාසයකට පස්සෙයි ඒ චූටි රූපෙ මම දකින්නෙ.

මට එයා එක්ක කතාකරන්න ඕන..ඒත් ඒක කරන්නෙ කොහොමද.. කල්පනා කර කර ඉද්දියි මට අදහසක් ආවෙ.

මම හෙමින් වැට ගාවට ගියා.. ග්ලිටර් අයිස් හෑන්ඩ් ෆ්‍රි එකත් කනේ ගහන් ෆෝන් එකේ මොකක්දෝ බල බල එහාට මෙහාට යනවා.
මම පොඩි ගලක් අරන් එයාට ගැහුවා..

ශික්..ඒක වැදුනෙ නෑ. ආයෙත් ගලක් අරන් ගැහුවා..ඔන්න ඒකනම් වැදුනා..එයා මගෙ දිහා හැරුලා බැලුවෙ බයෙන් වගේ.

මම කියලා දැක්කා විතරයි..එයා හිනාවුනා..

“අහ්..බබා…ඇයි..?”

“චුට්ටක් කතා කරන්න ඕන..”

මම වැටට හේත්තු වෙලා ටිකක් හෙමින් කිව්වා..

“මට එන්න විදියක් නෑ දැන්නම්.අම්මලා ඉන්නවනෙ.”

“ම්ම්..මම එන්නද..?”

මම අහද්දි එයා ගැස්සුනා..

“ආ…එන්නද…ප්ලීස්…”

මට අදනම් කොහොමහරි කතා කරන්නම ඕන..තවත් මේ දේවල් හිතේ හිරකරන් ඉන්න මට බැහැ .

“ම්ම්..දැන්ම එපා.. 11ට විතර එන්න එහෙනම්.”

“ම්ම්..හා…”

එයා හිනාවුනා.. අම්මෝහ්.. මගෙ පපුවම පිරිලාගියා ඒ හිනාවෙන්.

අද නම් කොහොමහරි මම මගෙ හිතේ තියෙන දේවල් ඔක්කොම කියලා දානවා කියලා මම හිතාගත්තා..

11 පහුවෙනකම් මම හිටියෙ කොහොමද කියලාවත් හිතාගන්න බෑ. මට පිස්සු වගෙ. කාමරේ පුරාම ඇවිද ඇවිද හිටියෙ මම.

11.10ට විතර මම හෙමීන් කාමරේ දොර ඇරියා..
කුස්සියෙ දොර ඇරගෙන එලියට ගියා..
වැටෙන් පැනලා එයාගෙ කාමරේ ලගට ගියා.. ගිහින් ජනේලෙට තට්ටු කලා..

ඊලගට මට ඇහුනෙ එයා පිටිපස්සෙ දොර අරින සද්දෙ.. මම ඒ පැත්තට ගියා…

“එන්න..”

එයා රහසින් වගේ කිව්වෙ අතිනුත් සන් කරල..
මමත් එයා පිටුපසින් හොරෙක් වගේ ගියා…

එයාගෙ කාමරේට ඇතුලුවුන ගමන්ම එයා ඉක්මනට දොර වහගත්තා..

“එන්න..”

මගෙ අතින් අල්ලගෙන ගිහින් ඇදෙන් වාඩිකලා එයා.

හීනි උරපටි තියන නයිට් ඩ්‍රෙස් එකක් එයා ඇදන් හිටියෙ.ඒ කිරිපාට ඇග..ඒ රතු ඩ්‍රෙස් එකට ඕනවටත් වඩා කැපිලා පෙනුනා..
එයා මගෙ ලගින් වාඩිවෙලා මගෙ මූනට එබුනා..

“මොකෝ මේ…ම්ම්..?’

“ලස්සනයි..”

මට කියවුනා..

🤣🤣ඇත්තට…?”

“හ්ම්ම්..”

“ඉතින්…”

“ම්ම්..”

“මොනාද කතාකරන්න ඕන කිව්වෙ..?”

එයා මගෙ කකුලක් උඩින් අත තියලා මගේ දිහාවට බරවෙන ගමන් ඇහුවා..

“කොහෙද මෙච්චරකල් ගිහින් හිටියෙ .?”

“මේ ටිකේම බිසී බබා.. අලුත් ෆිල්ම් එකකට ඇග්‍රිමන්ට් සයින් කරලා තිබුනෙ මම. ඉතින් ඒකෙ වැඩ වලට මට කැන්ඩි යන්න වුනා..”

“පහුගිය මාසෙම..?”

“ඔව් බබා..මේ ජොබස් ඉතින් එහෙම් තමා…පර්සනල් ලයිෆ් එකක් නැතිතරම්..”

“මාව මතක් වුනෙ නැද්ද..?”

ඇත්තටම මට දැනගන්න ඕන උන.. මට එයාව මතක්වුනු තරමටම..එයටත් මාව මතක්වුනාද කියලා..

“ම්ම්..නැත්තෙමත් නෑ…”

එයා හිනාවෙලා කිව්වා..

“ඇයි එහෙම ඇහුවෙ..?”

“මොකද …මට ඔයාව ගොඩාක් මතක්වුනු නිසා..”

මම අවංකවම කිව්වා..

“අනේ…මාව මතක්වුනාද ඒ තරමටම…?”

‘හ්ම්ම්..ගොඩක්..”

එයා එබිලා ඉන්නෙ මගෙ දැස් වලටම.ඒ දිලිසෙන බෝල ඇස්.. මාව වශී කරවනවා..

මේ තරුන බොළද පිරිමි හිත දැන් නම් කන්ට්‍රෝල් කරගන්නම බැරිතරම්..
ලග ලගම තියෙන ඒ සුදු මූණ ඉඹින්න එන ආසාව තදකරගන්නෙ කෝමද ඉතින්..

හුස්මක් දුරින් තියෙන ඒ සුදු කම්මුලක් මම සිපගත්තා..

එයා ලස්සනට හිනාවුනා..

“නෝටියෙක් ඔයා..”

මගෙ කම්මුලක් මිරිකලා එයා කිව්වා..
අම්මෝහ්..දැන් නම් මෙයාව චොප්පකරලා දාන්න හිතෙනවා..

හිතේ තදකරන් හිටපු ආදරේ .. චුට්ට චුට්ට උඩට එන්න ගත්තා..

මම ඒ මූණ අත්දෙකින්ම අල්ලගත්තා..

“දෙයක් කියන්නද..?”

“හ්ම්ම්..කියන්න…”

“ඔයාව මම මුලින්ම දැක්කෙ කවද්ද දන්නවද.. “

“කවද්ද..?”

“ඔයාලා මෙහාට ආපු දවසෙ උදේ.. වෑන් එකේ ඉස්සරහා ශීට් එකේ වාඩිවෙලා ඔයා ආවෙ..මම හරිනෙ..”

“හ්ම්ම්…ඔව්..”

“එදා.. ඒ මොහොතෙදි… ඔයාව දැක්කම.. හිතට මොකක්දෝ වුනා.. ආයෙ ආයෙත් ඔය මූණ දකින්න..හිත ආසා කලා..”

“හ්ම්ම්ම්..”

“ඔයා අපේ ගෙවල් ලගටම ඇවිත් කියලා මම දැනගනිද්දි..සත්තයි මට පිස්සු නොහැදුනා විතරයි.. හැමදාම..ඔයා දිහා බලන් හිටියා.. මේ ඇස්..ඔයාව හෙව්ව තරමක්…
ඒත්..එදා ඔයා මාත් එක්ක බීච් එකේ හිටපු වෙලාවෙ ඉදලා..දන්නවද මේ හිතට දැනුනු දේවල්…ම්ම්..?”

“ඉතින්..ඔයාම කියන්න..”

“මට ඔයාව නැතුව බැරිවුනා වස්තුවෙ.. ඉවසගන්න බැරිවුන මට.. දරාගන්න බැරිවුනා මට … ඔයාවම ඕන කියකිය හිත කෑගැහුවා… මාසයක්..මේ මූණ නොදැක..මම හිටියෙ කොහොමද කියලාවත් මට හිතාගන්න බැහැ…
දැන් නම්..කොහොමටවත් ඉවසන්න බෑ..

මට..මට ඔයාට කියන්න ඕන උනේ…
මම….මම ඔයාට….මම ඔයාට ඇත්තටම……………..”

එච්චරයි මට කියාගන්න පුලුවන් උනෙ.. මූණට දැනුනු තද සීතලක් නිසා… මම අමාරුවෙන් වගේ ඇස් ඇරියා..
මම ඉන්නෙ ඇද උඩ.. මගේම කාමරේ….
අක්කා…මගෙ ඉහ ඉද්දර වාඩිවෙලා ඉන්නවා…
මගෙ නලල සීතල වෙලා.. මම අතක් උස්සලා නලල අල්ලලා බැලුවා…

නලලට රෙදි පටියක් දාලා…ඒක තෙතම තෙතයි.

“දැන් කොහොමද වස්තුවෙ..?”

අක්කා මගෙ ඔලුව සනීපෙට අතගගා ඇහුවා..

“ඇ..ඇයි අක්කා..මො…මොකක්ද මට උනෙ..?”

මම ඇහුවෙ පුදුමයෙන්.මට මතකයි.. මම ග්ලිටර් අයිස්ව මීට් වෙන්න ගියා කියලා..ඒත්.. මම දැන් ඔන්නෙ ගෙදර..කොහොමද එහෙම උනෙ..?

‘ඔයාට හොදටම උණ වස්තුවෙ.. ඊයෙ රෑ ඉදලම..”

මොකක්…? ඊයෙ රෑ…? ඒ කියන්නෙ.. ඒකියන්නෙ මම ග්ලිටර් අයිස්ව මීට්වුනෙ නැද්ද.. එයා එක්ක කතා කලෙ නැද්ද..?මට..මට හිතාගන්න බෑ මේ කියන දේවල්..

“ඊයෙ රෑ ඉදලම..මට උණ..?”

“ඔව් මල්ලි..10ට විතර ඔයා නිදාගන්න ගියානෙ..පස්සෙ.. පැය දෙකක් විතර යද්දි..කෑගහනවා ඇහුනා.. අම්මයි මායි දුවගෙන ඇවිත් බලද්දි..ඔයා උණ විකාරෙන් දොඩවනවා..”

“මොකක්…? උණ විකාරෙන්..?”

“හ්ම්ම්..ඔව්…”

“ඉතින්..”

එවෙලෙ ඉදලා අම්මයි මමයි මේ ඔයාගෙ උණ අඩුකරන්න දගලනවා.. ඕඩිකොලෝන් නලලට දානවා.. ඇග තෙමනවා.. වැඩ ගොඩයි.. යන්තම් ඔන්න දැන් උණ අඩුයි… “

මට දැන්නම් පිස්සු හැදෙනවා ශුවර්.. ඇයි ඉතින්.. මට මේ කියන දේවල් එකක්වත් තේරෙන්නෙ නැහැ..

“ඇයි මල්ලි කල්පනා කරන්නෙ..? ඔලුව රිදෙනවද..? අපි යමු බෙහෙත් ටිකක් ගන්න හරිද..?”

අක්කා මගෙ ඔලුව ආයෙත් අතගගා කිව්වා..

“ඔලුවනම් පැලෙන්න වගේ අක්කා..”

“ඒකනෙ.. අම්මා උයන්න ගියා.. අපි හෙමින් මූණ හෝදගෙන ඇදගමු. 8 වෙද්දි ඩිස්පෙන්සරි අරිනවනෙ..ම්ම්..”

“හ්ම්ම්..”

අක්කා කාමරෙන් ගියා.. මම ඇද විට්ටමට හේත්තුවුනා.
මට විකාරයි වගේ..

‘එතකොට… මම ඊයෙ ග්ලිටර් අයිස්ව හම්බුනෙ නැද්ද.. ඒක…ඒක හීනයක්ද එතකොට…?
හීනයක්………..?”

මම මගෙන්ම ඇහුවා…

ඔව් ඒක හීනයක්.. මම පැය ගානක් තිස්සෙ… දැකපු හීනයක්..
එතකොට.. මම හීනෙන් කියෙව්වෙත් එයා ගැනමද…?

ඔහ්…😲😲

**අම්මත් හිටියා කිව්වා ලග.. මම මොනවා කියවන්න ඇත්ද..දෙයියනේ.. මම ඉවරයි අදනම්..**

ග්ලිටර් අයිස් ගැන මම කියවලානම්..ඇත්තටම අද මම ඉවරටම ඉවරයි.

අනේ එහෙම නොවේවා කියලා මම දහ අතේ ප්‍රාර්ථනා කලා..

මතුසම්බන්ධයි❤️

🌹🌹🌹🌹🌹🌹🌹එශ්🌹🌹🌹🌹

හී…කොහොමද හීනෙ…🙊🙊
කොල්ලා කොට්ටක් පැන්නා කියලා හිතලා ඒ සීන් එම ඇත්තක් කියලා හිතපු අය මේ කොනට වෙන්න..👉👉👉👉👉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *