#විසේකාරයා 09
09 දගකාරකම
ඇදට වෙලා ඔහේ කල්පනා කරකර හිටියා මම.. කම්මැලිකම ඉහටත් උඩින්.අනික ඔලුව රිදෙනවා පුපුරන්න වගේ… උණ නම් දැන් චුට්ටක් විතර අඩුවෙලා.. මම ඉතින් අම්මායි අක්කයි හද හද ගෙනත් දෙන ඒවා කකා බිබී ජොලියෙ හිටියා..
මේ වගේ සැපක් ලේසියෙන් හම්බෙනවද…නෑනෙ….නෑනේ…
දවල් 3ට විතර සාලෙ පැත්තෙන් කවුදෝ කතාකරනවා ඇහුනා.. සාලෙට යන්න කම්මැලිකමට මම ඉතින් හාන්සිවෙලාම හිටියා..
“කෝ නැන්දි අයියා නිදිද දන්නෙ නෑනේ..”
සාලෙන් ඇහුනු ඒ හඩ මම එකෙන්ම අදුනගත්තා..
ඒ නෙතූ…
මම ඉක්මනින් ඇදේ වාඩිවුනා.. ග්ලිටර් අයිසුත් ඇවිත් ඇති ..
මට ඉතින් සතුටෙ ඉන්න බෑ..
මම දොර රෙද්ද දිහාම බලාග්ව්න හිටියා..ඔන්න ඒත් එක්කම දොර රෙද්ද මෑත්වෙලා ඇතුලට ආවෙ නෙතූ..
එයා විතරයි ඇවිත් තියෙන්නෙ.. දුකත් හිතුනා.. ඒත් කමක්නැ…නෙතූහරි ආවනෙ..
“අහ්.. නෙතූ. “
‘කොහොමද දෙව් අයියා දැන්..”
“ටිකක් අඩුයි නංගා.. ඔයා කොහොමද දැනගත්තෙ..?”
“උදේ අපෙ අම්මිට නැන්දිව මීට්වෙලා කඩේදි..ඒ වෙලාවෙ කියලා තියෙන්නෙ.. මමත් ඉස්කෝලෙනෙ..ආවා විතරයි මේ දුවන් ආවා..
නෙතූ මගෙ ලගින්ම වාඩිවෙලා කිව්වා..එයාගෙ අතේ පාර්සල් එකක්..සුවදකකුත් එනවා.
“මොනාද මේ..?”
මම ඇහුවෙ පෙරේතකමින්.
“රෝල්ස් වගයක්..අම්මි හැදුවෙ..ආ..උණුවෙන් තියෙනවා.. කන්න.. උණ නිසා කටට පිරියත් නැතුව ඇතිනෙ..”
එයා මගෙ අතින් පාර්සල් එක තියලා මගෙ නලලට අත තියකා බැලුවා..
අම්මෝහ්..ඒ අතේ සීතල…
“උණ අඩුවෙලා නේද..”
“හ්ම්ම්..”
මම රෝල්ස් එකක් අරන් කන්න ගත්තා.. උණුවෙන්ම තියන නිසා මමත් කෑවා බඩ පිරෙන්නම.
‘හරි පාලුයි අයියා.. අක්කිත් නෑනෙ මේ දවස්වල ගෙදර..”
“ඇයි අක්කි කෝ..?”
මම අහන්න හිතන් හිටි එක එයාම කියද්දි ඉතින් සන්තෝසෙ බෑ මට.
“අක්කි ඕස්ට්‍රේලියා ගියානෙ අයියා දැන් සති තුනකට උඩදි එයාගෙ හබී එක්ක “
“මො..මොකක්..හ..හබී එක්ක..?”
“හ්ම්ම්..ඔව්..”
“කාවද අක්කි මැරි කරලා ඉන්නෙ එතකොට..?අර.. පාටි එකේදි අක්කි ලගින්ම හිටි බෝයිවද..?”
” ඔව් දෙව් අයියා.. එයා එක්ක අපෙ අක්කි එන්ගේජ් වෙලා ඉන්නෙ…”
නෙතූ කියද්දි… කොල්ලාගෙ ඇස් ලොකූ වුනා..
“මො…මොකක්…?
“ඔව් අයියා.. නිරෝධ අයියා එක්ක අපේ අක්කි එන්ගේජ් වෙලා දැන් අවුරුද්දකටත් වැඩියි …”
“අ..වු..රු..ද්..ද..ක්..?”
“හ්ම්ම්ම්..ඇයි අක්කි කිව්වෙ නැද්ද ඔයාට..?”
“ම්ම්..නෑ..එහෙම දෙයක් කතා කරන්න තරම් අවස්තාවක් ආවෙ නැහැ..”
දෙව්නක බිම බලාගෙන කිව්වෙ හිත ලොකූ දුකකින් පිරිලා යද්දි…
“එන්ගේජ් උනාට තාම කැන්දගෙන ගිහින් නැහැ..නිරෝධ අයියාගෙ නංගි නෙක්ස්ට් මන්ත් මැරි කරනවා.. ඒ වැඩ වලටම තමයි අක්කි අයිය් එක්ක ඕස්ට්‍රේලියා ගියෙත්.. එයා මැරිකලාට පස්සෙ නිරෝද අයියත් අක්කිව කැන්දන් යයි..
මම හිතන්නෙ මේ අවුරුද්දෙ අන්තිමට වගේ…”
“හ්ම්ම්..එහෙමද..”
කොල්ලට දුක ඉවසගන්නත් බෑ.. ඇස් වලට කදුලුත් පිරිලා..කොල්ලා ඉක්මනින් නෙතූගෙන් දෑස් හංගගත්තා..
ආදරේ මහාම මහා වේදනාවක්.. ඒ වේදනාව චුට්ටෙන් චුට්ට දෙව්නකටත් දැනෙන්න අරන්.
මුලින් කොල්ලා හිතුවෙ..වයස වැඩි එක විතරයි ගැටලුවකට තියෙන්නෙ කියලා..ඒත්…දැන්… එයා එන්ගේජ් වෙලා ඉන්න කෙනෙක්…
ඒක ලොකුම ලොකු ගැටලුවක් ..
නෙතූත් පැය බාගයක් විතර කොල්ලා එක්ක කතාකරකර ඉදලා යන්න ගියා..
කොල්ලා නැගිටලා සාලෙට ගියෙ කාමරේම ඉන්න කම්මැලි නිසා..
“අඩේ….. දෙව්නකයා.. තෝ මොකද අද ඉස්කෝලෙ ආදෙ නැත්තෙ…?”
සාලෙට අඩිය තියනකොටම මහා සද්දෙට කෑගහගෙන මිදුලෙ ඉදලා ගෙට ගොඩවුනෙ අතිජාත පාප මිත්‍රයො ටික..
“අහ්..වරෙල්ලා වරෙල්ලා..උඹලා විතරයි අඩුවට හිටියෙ. “
මමත් ඉතින් හිනාවෙවී කිව්වා..
යාලුවො තුන්දෙනා සෝෆා එක බදු අරන් වගේ අත පය හතර අතේ දාන් වාඩිවුනා..
“මොකෝ බං.. උඹ අසනීපෙන්ද..?”
ජූඩ් අහද්දි සෝෆා එකේ ඉඩ නැතිනිසා මම ස්ටූල් එකෙන් වාඩිවුනා..
“ඔව් බං..මේ පොඩි උනක්..”
“උණ එන එකනම් ඒ තරම් හොද නෑ පුතෝ… “
“ඒ මොකෝ බං.. එහෙමත් සීන් එකක් තියද..මම අහලා තියෙන්නෙ කොල්ලොන්ට පැපොල හැදෙන්න හොදනෑ කියලා විතරනෙ… දැන් උණහැදෙන්නත් හොද නැද්ද..?ඈ බං ..?”
ජූඩ් කියපු දේට ඇන්ටන් කියවන් ගියෙ පිස්සෙක් වගේ….
“අනේ යකෝ තෝ වගේ හරකෙක්.. මම නිකම් බං කිව්වෙ…”
“අහ්..නිකම්ද..එහෙනම් කමක්නෑ..නැත්තම් මම කෝකටත් කියලා පැනඩෝල් කාඩ් පහ හයක් අරන් යන්න හැදුවෙ ගෙදර..”
“ගොන් ගල් ඉබ්බා.. “
සෝෆා එකේ තිබුනු කුශන් එකක් අරන් ජූඩ් ඇන්ටන්ට ගැහුවා..
“ඒ බං.. කොහොමද දැන් උඹෙ ලව එහෙම…”
ටකයා අහද්දි..මම දඩස්ගාලා වටපිට බැලුවා..ඇයි ඉතින් මව් බිසවට ඇහුනොත් එහෙම බත්කාඩ් එකත් අත් හිටුවනවනෙ..
“යකෝ..කියන රෙද්දක් හෙමින් කියපන්.. මේ ගෙදර හදපු වැලි ගඩොල් වලටත් කන් තියනවා..”
මම හෙමීට වගේ කිව්වා..
“අහ් .සොරි ඈ..කියපන්කො ඉතින්.. කොහොමද උඹෙ අක්කා කෑල්ල එහෙම..”.
ටකයා ආයෙත් අහද්දි.. මගෙ හිත දුකින් පිරිලා ගියා.
‘හ්ම්ම්..කතාකරලා වැඩක් නෑ බං ඒවානම්..”
මම කිව්වෙ වේදනාවෙන්.
“ඒ මොකෝ..ගෙදරට සීන් එක ලීක්ද ..?”
“එහෙම මගුලක් නෑ බං.. මේ මම හිතේ තියන් හිටියට ඒකිගෙ හිතේ එහෙම එකක් නෑනෙ අනික.. දැන් ටිකකට කලින් මම දැනගත්තෙ.. ඒකි එන්ගේජ් වෙලාලු බං..”
“මොකක්…?“
තුන්දෙනාම එහෙම ඇහුවෙත්… කටවල් ඇරුනෙත් එකටමයි..
“ඔව් බං…”
“මලානෙ එහෙනම්..”
“හ්ම්ම්.මම් මේ එපා වෙලා ඉන්නෙ බං..”
“අපි නැග්ගොත් කොහොමත් කෙහෙල් ගහෙත් දෙබලක්නෙ බං. ආයෙ ඒකෙ දෙකක්නැ…”
ඇන්ටන් කිව්වෙ ජූඩ්ගෙ පිටටත් ගහලා
“ආ..මේ ලමයිනෙ..මම මේ බැලුවා කවුද මේ කෙහෙල් ගස් ගැන කියවන්නෙ කියලා..”
ඒත් එක්කම වගේ අම්මා සාලෙට ආවෙ එහෙම කියාගෙනම.
“නෑ ආන්ටි…මේ මම කිව්වෙ අර අපේ ළිද තියෙන්නෙ..ආන්න එතන කෙහෙල් පදුරෙ තිබ්බ කෙහෙල් ගහක පුවාලු කැනක් වැටිලා තිබ්බා.. හොදට පැහිලා තිබුනෙ…. ඊයෙ රෑ කවුදෝ එකෙක් ඒකෙ උඩම තිබ්බ ඉදුනු ඇවරි දෙකක් කපාගෙන ගිහිල්ලා කියලා හොරෙන්..
යකෝ.එක්කො මූ කැනම කපාගෙන යන්න ඕන.. උඩම තිබ්බ ලොකුම ඇවරි දෙක කපන් ගියාම අපි කන්නෙ මොනවද..”
‘අනේ දෙයියනේ…ඉතින්.. කැනේ තව ඉතුරු ඇතිනෙ..ඔය ලමයි ඒ ටික කපාගන්න එපැයි ඉතින්…”
“මොන… කැනටම තිබ්බෙ ඇවරි දෙකයිනෙ ආන්ටි.. මූ ඒ දෙකම කපාගෙන ගිහිල්ලනෙ නැට්ට ගහේම තියෙද්දි..ශික්…මට එන තරාහා..ඕකව අහු උනානම් මම ඔබනවා නැට්‍ට කටේ.. ම්ම්..මේ මම කිව්වෙ කෙහෙල් නැට්ට…”
ඇන්ටන් කියපු කතාව අම්මා ඉස් මුදුනින් විශ්වාස කලා..ඇයි ඉතින් අපේ උන් රගපාලා කියද්දි කවුද විශ්වාස නොකරන්නෙ..
අපි නම් හිනාව තදකරන් හිටියෙ මාරම ගේමක් දීලා…
“මම මේ කඩේට යන්න කියලා හැදුවෙ.ඔය ලමයි දැන්ම යන්නෙ නෑනෙ.. මම එනකම් ඉන්න එහෙනම් තේ චුට්ටක්වත් හදලා දෙන්න…”
“අහ්…හා ආන්ටි.. ඔය කඩේ කන්න එහෙම මොනාහරි තිබ්බොත්… අපෝ ගේන්න එහෙම එපා .. අපි බඩ පිරෙන්න කාලා ආවෙ…”
ජූඩා පැනපු ගමන් කිව්වා..
අම්මත් හිනාවෙලා යන්න ගිය අතරෙ… ගේට්ටුවෙනුත් පිටවුනාට පස්සෙ බොහොම අමාරුවෙන් තද කරන් හිටපු හිනාව එලියට පැන්නා..
යකෝ තෝ නම් මාරයි…හම්මෝ…..
කට්ටිය බඩවල් අල්ලන් හිනාවෙනවා..
“පව් බං අපෙ අම්මා..ඇත්ත කියලමයි හිතුවෙ..’
‘“
“කටට ආපු දේ කියලා තෝව බේරගත්තට තෝ මට හිනාවෙනවද ගල් මූසලයො..”
අනේ…එහෙම නෑ බං..හිනා ගියා ඉතින්..”
කට්ටිය හිනාවෙවී කතා කරකර හිටියා ඉතින් තව ටික වෙලාවක්.මේ අතරෙ අම්මා කඩේ ගිහින් ඇවිත් ගෙට ගොඩවුනෙ හදිසියෙන් වගේ.
“ජූඩ් ලමයො..’
අම්මා කතාකරද්දි ජූඩා හැරිලා බැලුවා..
“ආ..ආන්ටි..ඇයි….?”
“හන්දියෙ පැටී මුදලාලිගෙ කඩේ කෙහෙල් ඇවරි දෙකක් විකුනන්න තිබ්බා.. පුවාලු.. මම ඇහුවම කිව්වා..අදලු කැනෙන් කපා ගෙනත් දුන්නෙ.. මම ඇහුවා ඉතින් කවුද ගෙනාවෙ කියලා..
මංගල කියලා හාදයෙක්ලු ගෙනාවෙ.. සල්ලි හදිසියක් කියලා ඇවරි දෙකටම රු200ක් ඉල්ලන් ගියාලු..
ශුවර් එකටම ඔය ලමයගෙ ගෙදරින් කපපුවා ඒ… මට සැකම සැකයි ..”
අම්මා නැවතීමෙ තිතක්වත් නොතියා එක හුස්මට කියාගෙන යද්දි..විශ්වාස කරන්න කටෙන් පනින්න ආපු හිනාව මම හිරකරගත්තෙ අතින් කට තදකරන්.
අනිත් උන් තුන්දෙනත් මම වගේම අපහසුතාවයට පත්වෙලා කියලා දකිද්දි මට ඉන්නබෑ..
“අහ්.. එහෙමද ආන්ටි…මම හොයලා බලන්නම්කො..”
ජූඩා අමාරුවෙන් කිය්ලා දැම්මා..
ඔන්න දැන්නම් මගෙ කම්මුල් දෙකත් පැලීගෙන හිනාව එලියට පනින්න හදන්නෙ…
එකායි දෙකායි තුනයි….
මම යටිගිරියෙන් පෙරලි පෙරලි හිනාවෙද්දි අම්මා යකෙක් දිහා බලනවා වගේ මගෙ දිහා බලන් හිටියා…
“අම්මා..අපිට තේ..හදන්…එන්නකො…..යන්න..“
මම හිනාව අතරින් කියලා අම්මව එතනින් යවාගත්තා..
අනිත් උන් තුන්දෙනත් හැකහැක ගගා හිනාවුනා ගේ දෙදරන්නම…
“හම්මෝ..යකෝ… හු@# තෝ ආයෙත් බොරු කියන්න එපා…අපි හිනාවෙලා මැරිලා යයි..මේන් වැන්දා..“
අපි හතරදෙනා ඇති තරම් හිනාවුනා…
මොනවා උනත් අම්මා පවු ඉතින්.. හැබැයි වැඩේ කියන්නෙ මූ කියපු විදියෙ කෙහෙල් ඇවරි දෙකක් කඩේ තිබුනු එක..
මුන් ටික රෑටත් කාලම ගෙදරින් ගියෙ මගෙ ඔලුවෙ කැක්කුමත් හොදකරලම…
මතුසම්බන්ධයි
එශ්