#විසේකාරයා 13
13 දගකාරකම
එහා පැත්තෙන් අක්කා කියපු දේකට එයා මගෙ දිහා බලලා හිනාවුනා…
මට මලපැන්නා..ඇයි වදේ..මේ නෑනලා දෙන්නා එකතුවෙලා..මම කොන්වෙලා..
මේක මහ කූර ලෝකයක්..
මම මෙයාට දෙකක් කියන්න හිතන් එයා දිහා බලද්දිම එයා ෆෝන් එක මගෙ දිහාවට දික්කලා..
“ආ…”
මම ෆෝන් එක ගත්තෙ ටිකක් තරහින්.
“ඔයාව පරිස්සමින් බලාගන්න කිව්වා..”
එයා කිව්වෙ ඉදිරියට ඇවිදන් යනගමන්.
“හ්ම්ම්..”
මම තරහින් අහක බලන් කිව්වා..
“ඔයා තමයි එයාගෙ පණ කිව්වා..”
“හ්ම්ම්..”
“දැන් තරහා ගිහින් ඇති.. තරහාවෙන්නෙපා කියන්නත් කිව්වා..”
“අහ්..ඒකත් කියලා…“
මම එහෙම කියද්දි එයා හිනාවුනා..චුට්ටක් සද්දෙන් හිනාවුනා..ඊලගට මම තරහින් බිම තිබුනු ගලක් වීසිවෙලා යන්න කකුලෙන් ගැහුවා…
” #විසේකාරයෙක් …”
එකපාරටම එයා කියද්දි..මම ගැස්සිලා වගේ එයා දිහා බැලුවා..
එයා ලස්සනයි..ඇත්තටම ලස්සනයි..කලින් නොදැක්ක මොකක්දෝ ලස්සනක් මම එයාගෙන් දැක්කා..එයාගෙ රූපය හිත නිවනවා… හරියට පුන් සදක් වගේ…භාවනාවක් වගේ…බලාගෙන් ඉන්න පුලුවන් ඕන තරම් වෙලාවක්.
අපි ඇවිදන් ගියා ගෙදරට යනකම්ම..
“මම මේ ඒත් මගට යන්න කියලා හැදුවෙ එක්කගෙන එන්න..”
වත්තට ඇතුලුවෙනකොටම සසංක අයියා එහෙම කියාගෙන අපි ඉස්සරහට ආවා..
“හෙමින් ඇවිදන් ආවෙ අයියෙ .”
එයා එහෙම කියාගෙන ගේ ඇතුලට ගියා..මම අයියත් එක්කම මිදුලෙ නැවතුනා..
“හෙට අපි යමු ගමනක්..”
අයියා කියද්දි..මම එයා දිහා බැලුවා..
“කොහෙද…?”
“බයවෙන්නෙපා බං මරන්න ගෙනියන්නෙ නෑ..“
““
“දැන් යමු ඇතුලට..තව පැය බාගෙකින් කෑම රෙඩී..”
“හා.. යමු..”
“දාඩියයි නම් වොශ් එකක් දාගමු .”
“ඒකමරු.”
මම අයියත් එක්ක ලිද ලගට ගිහින් නාගෙන ආවා..අලුත් ශෝටකුයි ටීශර්ට් එකකුයි දාගෙන සාලෙට එද්දිම වගේ සසංක අයියත් සාලෙට ආවා..
“යමු මල්ලා..බඩේ පනුවො ජිම්නාස්ටික් කරනවා දැන්නම්..”
සසංක අයියා බඩ අතගගා එහෙම කියකිය කුස්සිය පැත්තට ඇවිදන් ගියා..
රෑට හදලා තිබුනෙ හරි සරල..හැබැයි මම නම් ආසම කෑම.
තම්බපු සුදු හාලට..පොල්සම්බෝලයක්..කරවල බැදලා මිරිස් එක්කම..පපඩම්..
“ආ දරුවො..දවල් ඉතුරුවුනු මස් ටිකකුත් තිබුනා..”
මම බත් බෙදාගනිද්දි අම්මා මස් දීසියකුත් ගෙනත් තිබ්බා..
“කෑම ටික නම් හරිම රසයි අම්මෙ..”
මම කිව්වා..
“දෝණි තමයි ඉතිම් සම්බෝලෙ එහෙම හදලා ගත්තෙ..”
අම්මා කියද්දි..එයා මගෙ දිහා හොරෙන් වගේ බලලා බිම බලාගත්තා..
මමත් ඉතින් පූසා බිම බලන් වගේ බත්ටික කෑවා..
“මල්ලියා යමුකො මිදුලට..”
ඩෙසට් එකට තඩි ගස්ලබු පලුවකටත් වග කියලා ඉන්න මට සසංක අයියා කිව්වා.
“අහ්..යමු අයියා..”
මමත් ඉතින් අමාරුවෙන් බඩත් උස්සගෙන ඇවිදන් ගියා.
“මල්ලි ඉන්න..මම ටක්ගාලා එන්නම්..”
අයියා ඇතුලටදුවලා ගියෙ එහෙම කියාගෙන. මම මිදුලට බහිද්දි අරයා ආවා පුටු දෙකකුත් උස්සගෙන
පුටු දෙක මිදුලින් තියලා ආපහු හැරිලා ඇතුලට ගියා..
ආයෙත් ආවෙ තවත් පුටුවක් අරන්..
ඒ වෙද්දි මම මිදුලෙ පියාඹ පියාඹ හිටපු කනාමැදිරියෙක් අල්ලගන්න මාර ට්රයි එකක් දිදී හිටියෙ..
“විසේකාරයෙක්ම තමයි…”
මට ඇහුනා..එයා හෙමීට කියනවා..
“කවුද…මම..?”
මම එකපාරටම හැරිලා අහද්දි..එයා ගැස්සුනා.ලැජ්ජත් හිතුනා..
“ම්ම්..මොකක්ද..?”
එයා කලබලෙන් ඇස් එහෙ මෙහෙ යව යව ඇහුවා..
“දැන් අර කිව්වෙ.. “
‘ම්ම්.මම…න්..නැ….”
“හ්ම්ම්..නැත්තම් කමක්නෑ..”
මම ගිහින් පුටුවකින් වාඩිවෙද්දි අයියා ආවෙ ගිටාර් එකක් අරන්
“මේ කාගෙද…අයියාගෙද..?”
“අනේ නෑ මල්ලි.. මේක එහා ගෙදර රදික මල්ලිගෙ. මම මේ ඉල්ලන් ආවා..මට ආරංචි වුනා ගායකයෙක් ඉන්නවා කියලා මේ පැත්තෙ…’
අයියා හිනාවෙවී කියද්දි..අරයත් මගෙ දිහා හොරෙන් බැලුවා…
“මේ..කූඹිච්චියෙ..වාඩිවෙනවා මෙතනින්..”
අයියා එයාව ඇදලා අරන් වාඩිකෙරෙව්වා අනිත් පුටුවෙ.අයියත් වාඩිවෙලා ගිටාර් එක මට දුන්නා..
“අපිට ඕන ලස්සන සින්දුවක්..ඔන්න බූට් සින්දු බෑ..නැගලා යන එකක්…”
“අහ්..එහෙනම්..
බයිසිකලේ මගෙ බයිසිකලේ…දුප්පත් අපගේ බයිසිකලේ….ඒක හොදයිනෙ.. නැගලා යන්න පුලුවන්නෙ..”
මම කියද්දි අරයා ඉතින් අතින් කට වහගෙන කිචි කිචි ගගා හිනාවෙනවා.
**මේ…මට මාරම ප්රශ්නයක්..
ඇයි ඕයි කෙල්ලො හිනාවෙද්දි අතින් කට වහගන්නෙ..
දත්ටික බිමට හැලෙයි කියලාබයටද..
නැත්තම්.හිනාවෙද්දි යකා වගේ පේනවද දන්නෙ නෑ නේ..**
මම හිතුවෙ එයා දිහා බලාගෙන.
“අනේ මේ…මම කිව්වෙ මේ කාලෙ ටිකක් ප්රසිද්ද එකක් කියන්න කියලා…”
සසංක අයියා ඒපාර කිව්වා..
“ආ….ඉන්නකො එහෙනම්..”
කොල්ලා නෝන්ඩිවෙන්නෙ නෑනෙ ඉතිම්… ගත්තා ගිටාර් එක හරහට…
බැලුවා අරයගෙ දිහා…
එයා මගෙ දිහාම බලන් ඉන්නවා..
**පෙන්නන්නම්කො මේ විසේකාරයගෙ වැඩ…**
ම්ම්….මේ රූ කාගේදෝ…
සුරගන දෑසක්දෝ..
සිහිනෙන් එනවාදෝ .. හැබැහින්මදෝ ..
හුස්මට සමවීදෝ ..
දෙතොලේ පිරුනාදෝ ..
මාගේ හදගැස්ම නුඹ මාගෙමදෝ.
ඕ..හිනැහෙන්න ලංවෙන්න අත් අල්ලගෙන ඉන්න ආදරෙන් …
මගේනේ ..
ජීවිතේ පාරකී…තාරුකා ඇස් දෙකේ ..
වෑහෙනා ආදරේ …
මගේනේ ..
මම ගිටාර් එක ගහන ගමන් බැලුවෙ එයා දිහා. එයා වශීවෙලා වගේ මගෙ දිහාම බලන් ඉන්නවා..
ඕ ..සිහිනිග නැලවෙද්දි .. සීතල මල් වැස්සෙ ..
සිතුවිලි රැලිසයුරෙ සසැලෙන්නෙමි ..
සියුමැලි කන්පෙත්තෙ ..
සතපා තොල්පෙත්ත ..
සියොලග හැමරෑම කවි අතුරමී ..
ඕ..හිනැහෙන්න ලංවෙන්න අත් අල්ලගෙන ඉන්න ආදරෙන් …
මගේනේ ..
ජීවිතේ පාරකී…තාරුකා ඇස් දෙකේ ..
වෑහෙනා ආදරේ …
මගේනේ ..
ඔය නුඹේ සිනා කැන් කාගේදෝ ..
පෙම් හැගුම් දැන් කාටදෝ ..
මේ වසන්තයේ කාගෙදෝ ..
මගේනේ …
“අම්මෝහ්..පට්ටයි…කියලා වැඩක්නෑ.. මාරයි මලයා…”
සසංක අයියා අත්පුඩිත් ගැහුවා..
අරයා බලන් හිටියෙ මගෙ දිහාමයි..
ඒ ඇස් මොහොතකටවත් හෙලවුනේවත් නැහැ..
ඒ බැල්මටනම් මටත් ලැජ්ජා හිතුනා ..
“පොඩ්ඩි..කියන්නකො ඔයත් සින්දුවක්.. මල්ලි දන්නවද..අපේ පොඩ්ඩිටත් ලස්සනට සින්දු කොයන්න පුලුවන්..’
සසංක අයියා එයා දිහාට හැරිලා කිව්වා..
“අනෙ අයියා..මට බෑ..”
“මොකක්ද බං.. කියනවකො සින්දුවක්..”
‘අනේ…”
“කියන්නකො..”
මමත් කිව්වා..
එයා මගෙ දිහා බලලා හිනාවුනා..
ඊලගට උගුර පාදගත්තා..
මම බලන් හිටියෙ එයාගෙ මේ වැඩ.. එයාගෙ වෙනස් වන එක ඉරියව්වකට වුනත් හිත ඇදිලා යනවා ..
“හ්ම්ම්..කියන්නම්..අනේ කැත වුනොත් හිනාවෙන්නෙපා හොදද..’
“හරි හරි හිනාවෙන්නෙ නෑ කියන්නකො..”
සසංක අයියා කියද්දි ..මමත් ගිටාර් එක අතේ තියන් බලන් හිටියා එයා සින්දුව පටන් ගන්නකම් ,ප්ලේ කරන්න.
ඔබ හින්දා බෑ මට මේ තරම් ..
ඉවසන්න කල්පනා ..
සිත මාගේ කරකවා .. ඔබ ලගට ගත්තෙ මා ..
හිත මෙල්ල නෑ දැන්නම් ..
ඔබ මා වශීකලා ..
හිත මෙල්ල නෑ දැන්නම් ඔබ මා වශී කලා ….
ඔයා මොකද කැරකීලා ..
මගේ හිත වටා ගියේ ..
වශීවෙන්න මොනවාද ..
ඔබෙම් ඔය තරම් වුනේ ..
වශී වුනෙ මම රුවට ඔබේ ..
ඒ බැන්ද සෙනේ සංසාරෙ ප්රියේ ..
එකම දෙයයි ඉල්ලන්නෙ ප්රියේ..
පිලිගන්න එපා අන් ලදක සෙනේ ..
ඔබ හින්දා බෑ මට මේ තරම් ..
ඉවසන්න කල්පනා ..
සිතමාගේ කරකවා .. ඔබ ලගට ගත්තෙ මා ..
හිත මෙල්ල නෑ දැන්නම් ..
ඔබ මා වශීකලා ..
හිත මෙල්ල නෑ දැන්නම් ඔබ මා වශී කලා ….
ආදරේ ආශා ..හෝඩිපොත කියවාලා ..
මෝහනය වූවාමා..
ඔබ තුරුලෙ නැලවීලා ..
රත්තරනේ හැමදාම ඉතින් ..
මට ඉන්න දෙන්න ඔබෙ තුරුලෙ රැදී ..
මාව බැදන් කරකාර මගුල් ..
ඔබ ගන්න දිනේ කවදාද අනේ …
ඔබ හින්දා බෑ මට මේ තරම් ..
ඉවසන්න කල්පනා ..
සිතමාගේ කරකවා .. ඔබ ලගට ගත්තෙ මා ..
හිත මෙල්ල නෑ දැන්නම් ..
ඔබ මා වශීකලා ..
හිත මෙල්ල නෑ දැන්නම් ඔබ මා වශී කලා ….
එයා සින්දුව ඉවර කලෙ මගෙ දිහා බලන්.හරියට ඒක මට කිව්වා වගේ.. එයාගෙ ඇස් වල ලියවිලා තිබුනෙ එහෙම දෙයක්.
“ශහ්..ඔය කිව්වෙ ලස්සනට ..නියමයිනෙ පොඩ්ඩි..”
සසංක අයියා එයාටත් අත්පුඩි ගැහුවා..
“දැන් අයියා එකක් කියන්න.”
මම කිව්වා..
“අපොයි..මේ ගමේ නිදාගෙන ඉන්න මිනිස්සු නැගිටලා ඇවිත් ගලුත් ගහයි මම සින්දු කිව්වොත්.. මට සින්දු කියන්න බෑ මලයා..ඊට හොදයි ටකරමක් ගෙනත් හක්කට තියල හපනවා..“
සසංක අයියා ඇත්තටම මරු පොර.
හිතේ කිසි කිලුටක් නැහැ..මට ඇත්තටම පැහැදීමක් ඇතිවුනා එයා ගැන ..
අපි තව ටික වෙලාවක් කතා කරකර ඉදලා නිදාගන්න කියලා ඇතුලට ගියා ..
මමත් කාමරේට ගිහින් ඇදෙන් හාන්සිවුනා.
“මම..එන්නද..”
දොර ලග ඉදන් කතාකරනවා ඇහුනෙ මල්කි..
“එන්න..’..
මම ඇදෙන් වාඩිවුනා ඉක්මනින්.
“මේ..ශීට් එක..පෙරවන්න..”
එයා අලුත් ශීට් එකක් මට දික්කලා..
මම ඒක අතට ගත්තා ..
ඒකෙන් ආවෙ අමූතු මල් සුවදක්.
“හරිම සුවදයි ..”
මම ඒක නහයට තියලා ඉඹලා කිව්වා..
“ඕක..මගෙ ලග තිබුනු එකක්..අලුත් තාම.. පාවිච්චිකරලා නෑ..”
“අහ්..ඒක තමා සුවද.”
“ඒකිව්වෙ..මගෙ ලග තිබුනුනිසාද..?”
“නෑ.. පාවිච්චි කරලා නැති අලුත් එකක් නිසා..“
මම එයා තරහා ගස්සන්නත් එක්ක කියද්දි..හිතුවා වගේම ඒ මූණ රතුවුනා.
“යන්නම්..”
එයා යන්න හැරුනා..
“සින්දුව..ලස්සනට කිව්වා..’
මම කිව්වෙ එයා අඩියක් දෙකක් යද්දි .
‘ඔයත්…”
එයා මගෙ දිහා හැරිලා බලලා එහෙම කියලා යන්න ගියා ..
මම ලයිට් එක ඕෆ් කරල ඇවිත් එයා දීපු ශීට් එකත් පෙරවගෙනම ඇස් පියාගත්තා.
මතුසම්බන්ධයි
*************එශ්*************
කූල්..මල්ලියා..කවර් එකට තැන්කූ..