#විසේකාරයා 14

👦 14 දගකාරකම 👦

පහුවදා සසංක අයියලාගෙ ගෙදර අයයි මායි ගියෙ සසංක අයියගෙ තාත්තගෙ සොහොන ලගට. ටිකක් වල් වැදිලා තිබුනු එතන සුද්ද කරලා අපි පිරිසිදු කලා..
උදේ උනත් ඉටිපන්දම් පත්තු කරලා,මල් පොකුරකුත් තියලා අපි එතනින් එද්දි පැය 2කට වඩා ගතවෙලා..

කාර් එකේ එන ගමන් අපි කතා කරකරයි ආවෙ…

සසංක අයියගෙ තාත්තා හමුදා නිකධාරියෙක්. ක්‍රියාන්විතයේ ඉද්දි බෝම්බයකට අහුවෙලා ජීවිතෙන් සමුගනිද්දි සසංක අයියට යන්තම් අවුරුදු 10යිලු.මට මාරම විදියට දුක හිතුනා ඒ කතාව අහලා..

“මම පෙට්ටිය බදන් කෑගගහා ඇඩුවා මල්ලි ඒක අරින්න කියලා.. සීල් කරලා ආපු පෙට්ටිය ඇතුලෙ ඉද්දි තාත්තට හුස්ම ගන්න බැරිවෙයිකිය කිය මම ඇඩුවලු .”.

සසංක අයියා ඇස් වලට උනපු කදුලක් පිහිදගෙන කිව්වා.

“ඒක මාරම අමාරු කාලයක් මල්ලි.. අපි ජීවත්වුනෙ පුදුම අමාරුවෙන්..අම්මා ගාමන්ට් ගියා.. නංගිවත් වඩාගෙනම.. මැශින් පාගහා හම්බකරලයි අපිව උස්මහත් කලේ.. අපි දෙන්නම හොදට ඉගෙනගත්තා.. අම්මාගෙ මහන්සිය අපතෙ ගියෙ නැහැ. මම දැන් ජොබ් එකක් කරනව.. නංගිත් කැම්පස් සිලෙක්ට් වෙවි..
ඉතින්..අපි වැටෙන්නෙ නැහැ .”

“ගොඩාක් දුක් විදපු අයම තමයි අයියෙ දිරියෙන් නැගිටලා ගොඩ යන්නෙ එහෙම අය හම්බකරන රුපියලක් පවා කෝටියක් වටින්නෙ ඒනිසා..”

“හ්ම්ම්..ඒක ඇත්ත.. ඒවගේම.. ඔයාට තව දෙයක් පෙන්නන්න තියනවා “

සසංක අයියා එහෙම කියලා කාරය අතුරු පාරකට හැරෙව්වා. ඒ පාරෙ මීටර් 200ක් විතර ඇතුලට ගියාම තිබුනු ලොකු වත්තකට අයියා කාර් එක දැම්මා..

“බහිමු..”..

අයියා එහෙම කියාගෙනම බැස්සා..
මමත් බැස්සා.

ඒ ඉඩමෙ තිබුනෙ හදමින් පවතින තට්ටු 2 නිවසක්.ගඩොලින් බැදලා වහල සවිකරලා තිබුනු ඒ නිවස හරිම සිරියාවයි

“මේ තමයි මල්ලියා.. අපේ අනාගත නිවහන..”

අයියා කියද්දි..මමපුදුම වුනා..ඇත්තටම සසංක අයියා හරිම ධෛර්යය වන්ත කොල්ලෙක්..

“සිරාවටද කියන්නෙ..?”

මම ඇහුවෙ පුදුමයෙන්.

“ඔව් මල්ලි..අලුත් ලෝන් එකට ඇප්ලයි කරලා තියෙන්නෙ..ඒනිසයි වැඩ නවත්තලා තියෙන්නෙ තව සතියකින් දෙකකින් වැඩ පටන්ගන්නවා..”

“නියමයිනෙ අයියේ..මගෙන් සුභපැතුම්.”

“තැන්ක් යූ මල්ලියා.. මේ තමයි අක්කට මගෙන් දෙන තෑග්ග .එය දන්නෙවත් නෑ. මම ගෙයක් හදනවා කියලා..”

“අහ් .ඇත්තටමද..?”

“ඔව්..එයාව මැරිකරලා මේ ගෙදරට අරගෙන ඇවිත් මෙන්න මෙතන තියාගෙනයි මම එයාට කියන්නෙ..මේ අපෙ ගෙදර කියල.. අන්න ඒ හීනෙට යන්නයි මම මේ උපරිමෙන් උත්සාහා කරන්නෙ..”

මූණ සතුටින් පුරවගෙන සසංක අයියා කියද්දී..ඇත්තටම මට හිතුනා..ඒක ලස්සනම ලස්සන හීනයක් තමයි කියලා..

“දේවාශ්‍රී කියන්නෙ.. මටමැණිකක් මල්ලි.. ඒ මගෙ පණ..මගෙ හැමදේම..එයා වෙනුවෙනුයි මම මේ තරම් මහන්සිවෙන්නෙ.. මගෙ අම්මට නංගිට පස්සෙ… මම ආදරේ කරපු එකම ගෑනි එයා.. අම්මලට පස්සෙ..මම ගැන හොයලා බලපු එකම ගෑනි එයා..ඒ ගෑනිව ලග තියන් ආදරේ කරන එකයි මගෙ එකම හීනෙ..ඒ ගෑනිට කියලා චූටි පැටව් ටිකක් හදන් ජීවිතේ අලුතින් හුස්මක් ගන්න එකයි මගෙ හීනෙ…”

සසංක අයියගෙ ඇස් වල කදුලු පිරිලා.. ආදරේ මේ තරම්ම ලස්සනද… ලෝබද .. මට තේරෙන්නෙ නැහැ.. මම හරි පුදුමයෙන් අහන් හිටියා අයියා කියන දේවල්.

එදා දවසත් සසංක අයියලාගෙ ගෙදර සතුටින් ගතවුනා..
පහුවදා පාන්දරම අපි එන්න පිටත්වුනා..මොකද…අද අයියට වැඩට යන්න ඕන නිසා…

“ආයෙත් ඇවිත් යන්න එන්න..”

ඇස් කදුලින් පුරවගෙන සසංක අයියාගෙ නංගි කිව්වෙ.. මම කාර් එකට ගොඩවෙන්න හදද්දී…
මට මග එද්දිත්.. ඒ ඇස් මතක්වුනා.. ග්ලිටර් අයිස්ට ගියපු මේ හිතේ කොනක්.. මල්කිත් අයිති කරගෙනදෝ කියලා මට හිතුනා..
මුලින්..ඇස් වහගත්තම.පෙනුනු ග්ලිටර් අයිස්ගෙ මූණ වෙනුවට..දැන් මට පේන්නෙ මල්කිගෙ අහිංසක මූණ .
අනේ මංද…මේ හිතට මොනවා වෙනවද කියලා..

ගෙදර ආපු වෙලාවෙ ඉදන් අක්කා මගෙ වටේ කැරකි කැරකිවිස්තර අහනවා.. මට නිවනක් නැහැ..
නාගෙන එන්නම් කිය්ලා බාත්රූම් එකට රිංගුවෙ බැරිම තැන.
අද ඉස්කෝලෙ යන්න කම්මැලි හිතුනු නිසා මම ගෙදරට වෙලා ඉන්න තීරණය කලා..

මේ අතරෙ කෝල් එකක් එනවා ඇහුනු නිසා මම ටවල් එකත් ඇදගෙන කාමරේට ආවා..

කෝල්.කලෙ ග්ලිටර් අයිස්.

“හෙලෝ බබා..”

මම කියන්නත් කලින් එයා කිව්වා.

“හෙලෝ..කියන්න..”

“බබා.. ඔයා ආව නේද.. මම දැක්කා..ප්ලීස්..මට ඔයාව මීට්වෙන්න ඔන..ප්ලීස් බබා..දවස් තුනක්…දවස් තුනක් ඔයා එනකම් මගබලන් හිටියා..අනේ…එන්නකො බබා.. ප්ලීස්..”

“හ්ම්ම්..මම එන්නම්..කොහාටද එන්න ඕන..?”

“එදා අපි මීට්වුනු තැනටම.බීච් එකට.. උදේ 10ට..’

“හා..එන්නම්..”

“ඕකේ… බායි බබා..”

ග්ලිටර් අයිස් ෆෝන් එක තිබ්බා.. මම කල්පනා කලෙ මොකක්ද මේ වෙන්න යන්නෙකියලා..

ඔව්..
ග්ලිටර් අයිස් තමයි මගෙ හිතට ඇතිවුනු දැනුනු පලවෙනි ආදරය. ඒත් එයා එන්ගේජ් වෙලා කියලා දැනගත්තම..මම මගෙ හිතට තරවටු කරගත්තා.. එයාව අමතක කරන්න..ඒත්..දැන් එයා ආයෙ ආයෙත් මගෙ හිත අවුලුවනවා.. එයා ගැන හිතේ තිබුනු හැගීම් අවුස්සනවා.

මොනවා උනත්..එයව මීට් වෙන්න ඕන කියලා..මගෙ යටිහිත මට බලකලා..
ඒනිසාම..අම්මටයි අක්කටයි බොරුවක් කියලා..මම ගෙදරින් මාරුවුනෙ..

හරියටම 10 වෙද්දි මම බීච් එකට වෙලා හිටියා..එයා ආවා 10.10ට විතර.

‘මම පරක්කුයි නේද බබා..’

එයා මගෙ අතින් ඇදගෙන වැටකෙයියා පදුරක් අසලට ඇදගෙන යන ගමන් කිව්වා.. එතන හෙවණෙ මාව වාඩිකරවලා එයා මගෙ උකුලින් වාඩිවුනා…

‘කියන්න දේවල්.ගොඩයි බබා ..කොහෙන් පටන්ගන්නද කියලා තේරෙන්නෙ නෑ..”

එයා මගෙ බාගෙට වැවුනු රැවුල්කොට අතගගා කිව්වා..

“කොහෙන්හරි පටන් අරන් කියන්න..”

“හ්ම්ම්..දන්නවද මම පාලුවෙන් හිටි තරමක් ඔයාව නොදැක..?”

“ම්..මාව…නොදැක..?”

“හ්ම්ම්..ඔව්.. මට ඉන්න බැරුව හිටියෙ.. මේ දවස් තුනේ..”

“එතකොට..අර රට ගිය මාසෙමත්..මාව මතක්වෙන්න ඇති නේද..?”

මම නෝන්ඩියට වගේ ඇහුවම ඒ ඇස් වල කදුලු පිරුනා..

“නෝන්ඩිකරන්නෙ ඇයි මාව මෙහෙම..?”

“නෑ ඇත්තටම මම ඇහුවෙ..?”

“හ්ම්ම්..මතක්වුනා..හැමදාම..හැම මොහොතෙම ..”

“හ්ම්ම්..”

‘විශ්වාස නෑ නේද..?”

“හ්ම්ම්..”

“දන්නවද බබා.. මගෙ අම්මයි තාත්තායි නැතිවෙනකොට මට අවුරුදු 12යි. එදා ඉදන් අද වෙනකම්ම..මම.හැදුනෙ මගෙ පුංචි ලග…”

“ඒ..ඒකිව්වෙ.. අර හිටියෙ..ඔයාගෙ අම්මා නෙමිද..?”

“හ්ම්.. ඒ මගෙ පුංචි .අම්මගෙ නංගි. එයා මාව බාරගත්තා..පුංචි බාප්පි අමුතු කෙනෙක්.. එයා.. එයා වෙනස් කෙනෙක්.නිතරම මගෙ දිහා බලනවා ඒ කාලෙ.. දවසක්..දවසක්.. මම බාත්රූම් එකේ නනා ඉද්දි එයා ඇතුලටඇවිත්..දොර වහගත්තා..”

“අහ්..ඉතින්..”

‘එයා මගෙ ලගට ඇවිත් මට කිව්වා..කෑගහන්න එපා කියලා..ඊලගට එයා…එයා මගෙ ඇග…😭😭😭

ග්ලිටර් අයිස් අඩාගෙන මගෙ පපුවට කඩාගෙන වැටුනා..දෙයියනේ මොනවද මේකෙල්ලට මේ වෙලා තියෙන්නෙ..

“එයා.. මාව ඇල්ලුවා.. ඉම්බා..මට කරගන්න දෙයක් නැතුව හිටියෙ බබා.. මම අසරන වුනා.
එයා ඒක පුරුද්දක් කරගත්තා…
නිතරම..එයා එහෙම කලා.. පස්සෙ..එයා මාව මොඩ්ලින් වලට දැම්මා..පුංචි කාලෙ ඉදලම.. මාව තැන් තැන් වල එක්කගියා..
පුංචි ආවෙ නෑ නංගි පොඩි නිසා.. බාප්පා මාව එහෙම එක්කගිහින්..මට ගොඩක්.දේවල් කලා බබා..😭😭😭😭

“ඇයි ඔයා පුංචිට කිව්වෙ නැත්තෙ..?”

මම.ඇහුවෙ දරාගෙන ඉන්න බැරිතැනම.

“වැඩක්නෑ බබා..මම පස්සෙකාලෙක දැනගත්තා .පුංචි ත් මේවා දන්නවා කියලා..”

“මොනවා..ඕකුන්ව මරන්න එපැයි..”

මම හිතේ ආවේගෙට කෑගැහුවා ..

“ඔයාට මේක අහලා ඔය තරම් වේදනයි කේන්තියිනම්..මේකට මූණ්දීපු මට… මොනවා හිතෙන්න ඇතිද..”

“හ්ම්ම්..ඇයි දෙයියනෙ ඔයා මුකුත් නොකලෙ…?”

මගෙ හඩ වෙවුලනවා..මේ වගේ දෙයක් මම.එයාගෙන් බලාපොරොත්තු වුනේ නැහැ.

“මැරෙන්න ගියා දෙතුන්පාරක්ම.ඒත් එයාලා මාව බේරගත්තා..දැන් මම මැරෙන්න උත්සාහා කරනෙත් නෑ”

“එතකොට..නිරෝධ..?”

“ඒ බාප්පගෙ මල්ලි ,බබා..”

“වට්..?”..”

“ඔව්.. එයා මගෙ ඇගට වහ වැටිලා මාත් එක්ක එන්ගේජ් වුනා..දැන් බාප්පා වගේම එයත්.. මට.😭😭😭😭😭

“අනේ..දෙවියනේ.. “

මම එයාව තුරුලුකරගත්තා..මගෙ ඇස් වලින් කදුලු බේරුනා..

“එදා මුලින්ම ඔයා එක්ක මෙතනට ආපු දවස මතක්ද..? එදා. අලුත් ෆිල්ම් එකක ඇග්‍රිමන්ට් සයින් කරන්න ගියානෙ අපි .ඒ ඩිරෙක්ටට මාව විකුනලයි එයාලා ඒ ෆිල්ම් එක අරන් තියෙන්නෙ..ඒ ඩිරෙක්ට මාත් එක්ක රූම් එකකට යන්න ගියා..මම බේරිලා පැනලා ආවා..ඒ එද්දියි ඔයාව හම්බුනෙ..”

“යකෝ..ඕකුන් එකා එකා පෙතිගහන්න ඕන.මුන් මහ තිරිසන්නු…”

“මගෙ හිතට තියන එකම සැනසීම ඔයා බබා.. දන්නවද..
ඔයාගෙ ඔය අහිංසක කමට.. මම ආදරේ කරන තරමක්..

ඔව් බබා.. මම ආදරෙයි..ගොඩාක් ආදරෙයි..

මම දන්නවා..මම ආදරේ කරන්නවත් සුදුසු නැති කෙල්ලෙක්. ඒත්..මමත් මනුස්සයෙක් නේද..මටත් හැගීම් දැනීම් තියන්වා..
මේ හිත මුලින්ම හොල්ලපු කොල්ලා ඔයා.. ඔයාගෙ ලගින් ඉදලාවත් වැරදි විදියට මගෙ ඇගට අතක්වත් තිබ්බෙ නෑ ඔයා.. අන්න එදායි මේ ආදරේ ගොඩක් වැඩිවුනෙ …

දැන්..මම ඔයාට පුදුමතරන් ආදරෙයි..”

මගෙ මූණ අත් දෙකින්ම බදාගෙන එයා කියද්දි.. මට දැනුනු දේවල් විස්තර කරන්න වචන පවා නැතිවුනා මට.

මම ආදරේ කරපු මගෙ ග්ලිටර් අයිස්..මටත් ආදරේ කරලා..

“ඔයාට මාව පිලිකුල් ඇති..මම පුංචි කාලෙම හැමදේම නැතිකරගත්තු කෙල්ලෙක්.. ඒත්..මට මගෙ ආදරේ හංගන් ඉන්න බෑ බබා. මම ආදරෙයි දෙයියනේ…”

මගෙ ගෙල බදාගෙන එයා හඩමින් කියවනවා..

“අඩන්නෙපා වස්තුවෙ…මට දරාගන්න බෑ ඔයා ඔහොම අඩද්දි…”..

මම ඒ හිස අතගෑවා..

“මම දන්නවා රත්තරනේ ඔයා මල්ලියෙක්.ඒත්..ඒත්..මටබෑ ඔයාට ආදරේ නොකර ඉන්න.. ඔයාව නොදැක ඉන්න..දැන්..ඔයාගෙ මේ සුවද නොවිද ඉන්න..”

‘මේ බලන්න..කෝ ඉතින්..”

මම එයාගෙ මූණ අත්දෙකින්ම අල්ලලා මගෙ දිහාවට හරවගත්තා..හුස්මක් තරම්වත් ඉඩ නොතියා ඒ මූනට ලංවුනා..

“දන්නවම වස්තුවෙ..මේ හිතඔයාට ආදරේ කරන්න ගත්තෙ..ඔයාව දැකපු මුල්ම මොහොතෙ ඉදලා කියලා..”

“ම්..මට..?”

“ඔව්…ඔයා අක්කෙක් කියලා දැනදැනත්..ඔයා මැරිකරලා කියලා දැන දැනත්..මම ඔයාට ආදරේ කලා..ගොඩක් ගොඩක් ගොඩක්..”

“ඔ..ඔය ඇත්තමද රත්තරං ?”

“ඔව් වස්තුවෙ..මම ආදරෙයි ..මේ දිලිසෙන ඇස් වලට මම ආදර්යි..ගොඩාක්…”

මම එයාව තදීන් වැලදගත්තා..

ටික වෙලාවකින් එයා මගෙ දෙතොල් වලට බරවුනෙ දෑස් පියාගෙනම…

මතුසම්බන්ධයි❤️

*************එශ්************* 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *