#විසේකාරයා 20
20 දගකාරකම
“මල්ලි… මල්ලි…”
කන ලගින් යාන්තම් ඇහුනු හඩට මට ඇහැරුනා.. ඇස් ඇරලා වටපිට බැලුවෙ ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරුවම.
විනාඩියක් දෙකක් ගියාමයි මතක්වුනෙ මම ඉන්නෙ සසංක අයියලාගෙ ගෙදර කියලා..
මාව ඇහැරෙව්වෙත් සසංක අයියා ..
“අහ්..අයියෙ ගුඩ්මෝනින් ‘
මම එහෙම කියාගෙන ඇදෙන් වාඩිවුනා.
“මොන මෝනින්ද බං .දැන් ආෆ්ටර්නූන් වෙන්නත් ලගයි..”
“එච්චරවෙලා නින්දගියාද මට..?”
“හ්ම්ම්..ඔව්නෙ..”.
සසංක අයියා නාලා..ඔලුව පිහිද පිහිදයි මේ කතාකරන්නෙ.
“සොරි අයියෝ… මහන්සියටම නින්දයන්න ඇති මට..”
“ඒකට කමක්නෑ බං..දැන් එන්න වොශ් දාන් කෑම කන්න.. අපිත් තාම කෑවෙ නෑ..”
“අහ්..ඇයි ඒ..?”
“ගෙදර පොඩි එකා නොකා ඉද්දි.. අපි කන්නෙ කොහොමද බං..හ්ම්ම්..හ්ම්ම්..එන්න එන්න.. මම අම්මට කියන්නම් කෑම ටික මේසෙට අරින්න කියලා..”
එහෙම කියාගෙන සසංක අයියා කාමරෙන් එලියට ගියා.
පෙරවගෙන හිටපු ශීට් එකත් නවලා ඇදත් හදලා ටවල් එකයි බ්‍රශ් එකයි අරන්.. මම එලියට යන්න හැදුවෙ..
***ම්ම්..පොඩ්ඩක් ඉන්න..
සසංක අයියා කිව්වෙ ගෙදර පොඩි එකා නොකා ඉද්දි.. අපි කන්නෙ කොහොමද කියලනෙ.. එතකොට මමද පොඩි එකා..? ඒත්..මල්කිනෙ පොඩිම..එයා නිකම් වචනෙට කියන්න ඇත්තෙ.***
මම එහෙම හිත හිතම ලිද ලගට ගියා .
කුස්සියෙත් කවුරුත් හිටියෙ නෑ.. මල්කිත් පේන්න නෑ..
මම උදෙන්ම නාගත්තා..
ඔලුවත් පිහිද පිහිද සාලෙට යද්දි බයික් එකක් මිදුලෙ නවත්තනවා ඇහුනා..
මම මිදුලට එබුනෙ කවුද ආවෙ බලන්න.
බයික් එකේ හිටියෙ කොල්ලෙක්. එයාට පිටිපස්සෙ වාඩිවෙලා ඉදලා බැස්සෙ… මල්කි..
මම ඇසුත් ලොකු කරන් බලන් හිටියා.
“සුදූ.. මම එහෙනම් යන්නම්..ම්ම්.. ඔයා හවසට ලේස්තිවෙලා ඉන්න එහෙනම්…හරිද..”
“හා මේනක අයියෙ..’
“යන්නම්..බුදුසරණයි “
“බුදුසරණයි..”
එහෙම කියලා ඒ කොල්ලා මල්කිගෙ ඔලුව පිටිපස්සට අත තියලා මූණ ලංකරගෙන ඒ නලලට කිස් එකක් දුන්නා..
මට දැනුනෙ මොකක්දෝ ලොකු වේදනාවක්.හරියට මගේ දෙයක් වෙන එකෙක් උදුරගන්න හදනවා වගේ කියලා..
මම එහෙම්මම ගල් වෙලා වගේ බලන් හිටියා සීන් එක.
මල්කි බඩු මලු දෙකකුත් උස්සගෙනම ඇවිදන් ආවා.
අර කොල්ලා බයික් එක හරවන් යන්න ගියා..
මම ගේ ඇතුලෙ හිටපු නිසා දෙන්නම මාව දැක්කෙ නෑ.
සාලෙට ඇතුල්වෙලා ඇවිදන් එද්දියි මල්කි මාව දැක්කෙ..
මට තේරෙන්නෙ නෑ මේ වෙලාවෙ මගේ මූණෙ තිබ්බෙ මොනවගේ ඉරියව්වක්ද කියලා.. තරහක්..දුකක්..ඉරිසියාවක්..නැත්තම් මේ ඔක්කොම..
මල්කි ගැස්සුනා මාව දැකලා..
මගෙ මූණ දිහාම බලන් ඉදලා .. එයා බිම බලාගත්තෙ අපහසුවෙන්.
මම එයාට එරෙව්වා…ඔව්..මම එහෙම කලා..
එයා එතනින් යන්න ගියෙත් බිම බලාගෙනමයි.
මට තරහයි..කවුද ඌ..?ඌ ඇයි එයාව ඉම්බෙ..?
මම කාමරේට ගියෙ කේන්තියෙන්.
“මල්ලී..කන්න එන්නෝ….”
සසංක අයියා කුස්සිය පැත්තෙ ඉදන් කෑගහනවා ඇහුනා..
ඒනිසා මමත් කුස්සියට ගියා .
“වරෙන් බං..පට්ට බඩගිනියි..”
අයියා පිගානට ගගහා කිව්වෙ තාලෙට වගේ…
මමත් හිනාවෙවී ගිහින් වාඩිවුනා..
කිරිබත් හදලා..මම ආසම කෑමක්..
ඇඹුල්තියල්,අච්චාරු එක්ක ලුණුමිරිස් ..
මම කෑලි දෙකක් බෙදාගෙන කන්න ගත්තා.මට මතක්වෙන්නෙම අර කොල්ලා මල්කි ඉඹපු එක..
මල්කිත් කන්න ආවෙ මේ වෙලාවෙ..සසංක අයියට එහා පුටුවෙන් එයා වාඩිවුනා..
මගෙ දිහා හොරෙන් බලනවා මම දැක්කා.. මම ගනන් ගත්තෙ නෑ..මට කේන්තියි අප්පා..
කාලා ඉවරවෙලා මම නැගිට්ටා..
“අයියෙ..මම ඇතුලට යන්නම්..එක්ස්කියුස්මී .”.
මම එහෙම කියාගෙන කුස්සියට ගිහින් අත හෝදන් කාමරේ පැත්තට යන්න ගියා..
“පුතා..පහල වරකා ගහේ වරකා ගෙඩියක් ඉදිලා වගේ…පලාතම සුවදයි.. කඩමුද..?”
නැන්දා අහනවා ඇහුනා..
“හ්ම්.. කඩමු කඩමු..එහෙනම්.දවල්ට කිරිකොස් හදන්න හොද පැහිච්ච කොස් ගෙඩියකුත් කඩමු”
සසංක අයියත් කිව්වා.
මම කාමරේට ඇවිත් ඇදෙන් ඇලවුනා.. මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ..
එහෙන් ග්ලිටර් අයිස්.. මෙහෙන් මල්කි.. ඒත්
මල්කි නිසා..ග්ලිටර් අයිස්ව මග ඇරෙනවදෝ කියලත් හිතුනා…මොකද..දැන්..මේ හිත පිරිලා තියෙන්නෙ මල්කිගෙන් නිසා..
ඇරලා තිබුනු ජනේලෙන් මම දැක්කා අයියයි නැන්දයි වත්ත පහලට යනවා..
මමත් ඒ පැත්තට යන්න හිතාගෙන කාමරෙන් එලියට ආවා..
සාලෙට ඇවිදන් ආපු මල්කි මාව දැකලා මාව මග ඇරලා වගේ යන්න හැදුවෙ..
“චුට්ටක් ඉන්න..”
මම කියද්දි..එයා මගෙ දිහාවත් නොබලා එයාගෙ කාමරේට ගියා..
මමත් ඒ පස්සෙන්ම ගිහින් එයාගෙ අතින් අල්ලගත්තා..
“ආව්..”.
එයාට රිදෙන්න ඇති..මම තරහටම අත තද කරලනෙ අල්ලගත්තෙ.
“මේ පැත්ත හැරෙන්න..”
මම එහෙම කිව්වත්..එයා මගෙ දිහාවත් බැලුවෙ නෑ..
මට තව කේන්තියි.
මම එයාව හරවලා බිත්තියට තියලා තදකලා..
“කවුද ඌ?”
මම ඇහුවෙ කේන්තියෙන් ඒ මූණටම එබිලා..මට හිතාගන්න බෑ.. ඇයි මට මේ තරම් කේන්ති කියලා.
එයා බිම බලන් තවමත්..
“කතාකරනවා..කවුද ඌ..?”
මම සැරෙන් අහද්දි..එයා ගැස්සුනා..
“කියනවා…මගෙ යකා අවුස්සන්නෙ නැතුව..?”
මේ මොන අයිතියක්ද..මම ඇයි මෙහෙම කරන්නෙ..මට තේරෙන්නෙ නෑ…
“අ..අයියගෙ..යාලුවෙක්..”
එයා අපහසුවෙන් වගේ කිව්වා..
“හහ්..අයියගෙ යාලුවෙක්.. ඒ යාලුකම නිසාද ඌ කිස් කලෙත්…ආ..? ඒ යාලුකම නිසාද තමුසෙ ඌ කිස් කරනකම් බලන් හිටියෙත්…?”
මම කේන්තියෙන් ඇහුවා..මගෙ ඇස් වලිනුත් ගිනි පිටවෙනවා වගේ…
“එයා..මම ගැන බලාපොරොත්තු තියන් ඉන්නෙ..?”
එයා අඩන්න වගේ කියද්දි.. මම තදින් අල්ලන් හිටි එයාගෙ අත් දෙක අතෑරියා
“ඒ කිව්වෙ ?”
මම ඇහුවෙ ටිකක් අඩු හඩින්..
“එයා මාව මැරිකරන්න කැමැත්තෙන් ඉන්නෙ..”
“එ..එතකොට..සසංක..අයියා..?”
“අයියත් කැමතියි..?”
“එ..ඒකියන්නෙ..ඔ..ඔයාලා..යාලුයිද..?”
එයා ඔව් කියන්න වගේ ඔලුව වැනුවා..
“අහ්..එහෙම යාලු නෑ.. ඒත්.එයා මට කැමතියි..”
“එතකොට ඔයා..?”
මම ඒ මූන ඉහලට ඔසවලා ඇහුවා..
“ම්..මම… ම්මම…”
ඒ ඇස් වලින් කදුලු බේරෙනවා..
“කියනවා ඉතින්..”
මම ආයෙත් සැරෙන් අහද්දි එයා ගැස්සුනා..
“අකමැතිවෙන්න තරම්..එයා නරක කෙනෙක් නෙමෙයි…
මමත් ඉස්සර කැමතියි.. ඒත්.. දැන්…”
එහෙම කියලා ආයෙත් එයා බිම බලාගත්තා..
“ඇයි..දැන්..මොකද.?”
“දැන්…ම්..මුකුත් නෑ..”
“කියනවා..දැන් මොකද..දැන් ඌට ආදරේ කරන්නත් පටන් අරන්ද..?”
මම ආයෙත් ඒ මූණ උස්සලා ඇහුවා..
ඒ ඇස් වලින් මොනවදෝ කියනවා..මට තේරෙන්නෙ නෑ..
“මට යන්න දෙන්න…”
එයා කිව්වෙ අඩ අඩම.
“බෑ යන්න දෙන්නෙ නෑ..”
මම කිව්වෙ මුරණ්ඩුකමෙන්.
“අම්මලා එයි..මට යන්න දෙන්න..”
“මට බෑ..”
එහෙම කියලා මම එයාව බදාගත්තා..
මට හිතාගන්න බෑ මම මේ කරන්නෙ මොකක්ද කියලා..මට ඉරිසියයි..අර කොල්ලා මල්කිව අරන් යයි කියලා හිතට බයයි..
මම එයාව තදකරලා බදන් හිටියා..
එයා අඩනවා..
මම එයාව ඈත් කරලා ඒ මූණ දෝතින්ම ගත්තා..
“ආයෙ..ඌට ඉඹින්න දුන්නොත්..මම උඹව මරනවා.. මතකතියාගන්නවා..”
එහෙම කියලා මම ඒ දෙතොල් ඉම්ඹා..
මට දැනුනෙ..පාවෙනවා වගේ..
ග්ලිටර් අයිස් මගෙ දෙතොල් ඉඹිද්දි දැනුනට වඩා වෙනස්ම හැගීමක් හිත පුරාම දිව්වා.
මගෙ දෑස් පියවුනා ඔබේටම..හිත පාවෙනවා වගේ …
විනාඩි ගානකට පස්සෙ ..මම ඒ දෙතොල් මිදෙව්වා..
ඒ මූණ රතුවෙලා.. තොල් ලේ පාට වෙලා..එයා තවමත් ඉන්නෙ ඇස් පියාගෙන.
මම එයාව අතෑරලා කාමරෙන් එලියට ආවා..
මගෙ හාට් එක ගැහෙනවා.හයියෙන්ම හයියෙන්.. මට හිතාගන බෑ.. ඒ හැගීම.. තේරුම් ගන්නම බෑ..
මට හරි ලෝබකමක් දැනුනා මල්කි ගැන.
අල්ලලා තුරුලුකරන් ඉන්න හිතුනා මුලු දවසම.. ඉඹ ඉඹ රතු කරන්න හිතුනා ඒ මුලු මූණම…
මම පපුවට අතකුත් තියන් කුස්සිය පැත්තෙන් එලියට ගියා.. තාමත්..මාව පාවෙනවා වගේ..ඒ දෙතොල් වල රස…දැනෙනවා වගේ..
මල්කිව ඕන කියලා හාට් එක කෑගහන්න ගත්තා..
අයියයි නැන්දයි තාම කොස් කඩනවා.. මමත් කොස් ගහ යටට ගියෙ අත් දෙක සාක්කුවෙ දාගෙන…
“අහ්..මල්ලිත් ආවද..?”
ගහ උඩ ඉදන් අයියා ඇහුවෙ කෑගහලා වගේ…
“හ්ම්ම්..උදව්වක් ඕනද අයියෙ..?”
“ඕන නෑ මල්ලො.. මම මේ බහින්න හදන්නෙ.. “
“හා…”
සසංක අයියා ගහෙන් බැස්සා.. එයා ලොකුම ලොකු කොස් ගෙඩියකුයි වරකා ගෙඩියකුයි කඩලා..වරකා සුවද ඉවසන්න බෑ..
අපි දෙන්නත් එක්ක කොස් ගෙඩි දෙක උස්සගෙන ආවා කුස්සිය ලගට.
කුස්සියට එලියෙන් පොහොර උර දෙකක් දාලා ඒක උඩ තියාගෙන කොස් ගෙඩි දෙක කැපුවෙ සසංක අයියා..
මමත් මදුලු ගලවන්න උදව් වුනා..
“කෝ මේ කෙල්ල..වෙනදට මේ වැඩ වලට ඉස්සර වෙන එකී අද එලියටවත් බහින්නෙ නෑනෙ.. ඉන්නකො ටිකක් මේ කෙල්ලව හොයාගෙන එනකම්..”
නැන්දා එහෙම කියලා නැගිටලා ගේ ඇතුලට ගියා..
“මල්ලි…”
අයියා ටිකක් බැරෑරුම් ස්වරයෙන් කියද්දි.. මම බැලුවෙ එයා දිහා..
“ඇයි අයියෙ..?”
“දැන්..මොකක්ද කරන්න හිතන් ඉන්නෙ..?”
“හ්ම්ම්… ඒ කිව්වෙ..?”
“පහුගිය දේවල් අමතක කරලා..හිත හදාගන්නවද..නැත්තම්.. “
“ඔව් අයියෙ.. මම කැමතියි ඒවා අමතක කරන්න.”
මම අයියා කියලා ඉවරවෙන්නත් කලින්ම කිව්වා..
“හ්ම්ම්..ඒක හොදයි.. ඒකි උඹට ගැලපෙන්නෙ නෑ මල්ලි.. උඹ වගේ අහිංසක කොල්ලෙක්ට ගැලපෙන්නෙ ..අන්න අර අපේ නංගි වගේ අහිංසක කෙල්ලෙක්ව..නැතුව අර වගේ නැට්ටිච්චියෙක්ව නෙමෙයි..”
සසංක අයියා කියද්දි..මම ගැස්සිලා වගේ එයා දිහා බැලුව..
එයා බිම බලාගෙන වැඩ කරන ගමන් මේ කියවන්නෙ..
එයා කියපු දේ මගෙ හිත පතුලටම වැදුනා..
** එතකොට…මට ගැලෙපෙන්නෙ..මල්කි වගේ කෙනෙක්ද..***
මගෙ හිත මාත් එක්කම කතා කරනවා..
” හැමදේම අමතක කරලා හිත ක්ලීන් කරගනින් මල්ලි.. අක්කා ඔයා ගැන වද වෙන තරම් දන්නවද.. මාත් එක්ක කිය කිය අඩනවා වෙලාවකට . ඔයා නැතිනාස්ති කියලා එයාට බයයි.”
“මම දන්නවා අයියෙ.. අක්කා මගේ පණ.. “
“ඒකනෙ..අක්කා විතරක් නෙමෙයි අම්මා තාත්තා ගැනත් හිතන්න ටිකක්.. මේ ලෝකෙ..අපිට කෙල්ලො ඕනතරම් හොයාගන්න පුලුවන් මල්ලි.. ඒත් අම්මා තාත්තා සහෝදර සහෝදරියො හොයාගන්න බෑ එහෙම.. ඉන්න අය රැකගන්නයි ඕන..”
“හ්ම්ම්..මට තේරෙනවා අයියෙ.”
“කොලුකමට කෙල්ලෙක් දැක්කම හිත යනවා තමයි බං.. ආදරෙත් හිතෙනවා..නමුත් සමහර විට ඒ ක්ශනිකව ඇතිවෙන ආකර්ශනයක් විතරක් වෙන්න පුලුවන්.. ඒක ආදරයක් නෙමෙයි කියලා ඇත්තම ආදරයක් ලැබුනම දැනෙන්න පුලුවන්..
ඔයාටත් .මේ දැනුනෙ ආදරයක් නෙමෙයි කියලා හරියටම දැනෙයි.. අවංක ආදරයක් ලැබුනු දවසට..”
අයියා කියන කතාව ඇත්ත කියලා මට තේරෙනවා.. මොකද… අද.. උදේ සිද්දවුනු දේවල් එක්ක.. මල්කි ගැන මගෙ හිතේ තියෙන හැගීම මොකක්ද කියලා මට තේරුම් ගියා යාන්තමට. ඒක ග්ලිටර් අයිස් ගැන මට දැනුනෙ නැති හැගීමක්..
ඒ කියන්නෙ..ග්ලිටර් අයිස් ගැන මට ඇතිවෙලා තිබුනෙ ..ආදරයක් නෙමෙයි ආකර්ශනයක්…
අයියයි මායි කොස් ටික සුද්දකරලා එතනින් නැගිට්ටා..
නැන්දා ආවෙ ඒ වෙලාවෙ..
“කෝ අම්මෙ නංගි..”
“ඔන්න ඔලුව රිදෙනවා කියලා හාන්සිවෙලා ඉන්නවා..”
නැන්දා කියද්දි..මම ගැස්සුනා ..
මම එයාට කරපු කියපු දේවල්.සැර වැඩියිදෝ කියලා මට හිතුනා..
ඒත්..ඒ මගෙ හිතට දැනුනු දේවල්..එයාව වෙන කෙනෙක්ට දෙන්න මට බෑ…
බෑමයි.
මම නැන්දා උයනකම් සාලෙට ගියා.. අයියා මට පොත් කීපයක් දුන්නා කම්මැලිකමට කියවන්න කියලා.. එයින් පොතකුත් අරන් මම මිදුලට ගියා .
ඒක නවකතාවක්.
මම ඒකට වශීවෙලා වගෙයි කියෙව්වෙ..
ඒත් එක්කම අර උදේ ආපු කොල්ලා ආයෙත් ආවා.. බයික් එක දොරකඩින් නවත්තලා හැරිලා මගෙ දිහා බලලා හිනාවුනා..
මමත් හිනාවුනා ඉතින්.ඒත් හිත යටින් කන්න තරම් තරහයි.
සසංක අයියට කතා කරගෙනම එයා ඇතුලට ගියා.. මම එලියටම වෙලා හිටියෙ හිතට දැනුනු අමුත්තක් නිසා..
විනාඩි ගානකට පස්සෙ අයියා ආවෙ කොහේහරි යන්න ඇදගෙනම.
“මල්ලි..මම මේනක එක්ක ටවුමට ගිහින් එන්නම්..එන්න ටිකක් පරක්කුවෙයි.. ඔයා කන්න..”
“හා අයියෙ..”..
“අහ්..අදුන්වලා දෙන්න බැරිවුනානෙ මට මේනක.මගෙ හොදම යාලුවා.. “
“අහ්..”
මම හිනාවුනා එයා එක්ක.
“අපි ගිහින් එන්නම් මල්ලි..”
මේනක අයියා කිව්වා.
“හරි අයියෙ..”
එයාලා යන්න ගියා..
මම තවත් ටික වෙලාවක් මිදුලෙම හිටියා..
**ඒකියන්නෙ..සසංක අයියලා මල්කිට මේනක අයියව ප්‍රපෝස් කරලද තියෙන්නෙ.. අනික අයියගෙ හොදම යාලුවනෙ…**
මගෙ හිත වේදනාවෙන් කියෙව්වා…
මතුසම්බන්ධයි
එශ්
Hi! Do you know if they make any plugins to help with SEO?
I’m trying to get my site to rank for some targeted keywords but I’m not seeing very good success.
If you know of any please share. Appreciate it!
I saw similar blog here: Wool product