#විසේකාරයා 24

👦 24 දගකාරකම 👦

උදෙන්ම ලේස්තිවෙලා සසංක අයියාටත් බොරුවක් කියලා මම පිටත්වුනෙ අද දවසෙ මට කරන්න තියෙන අමාරුම කාර්‍යය ඉටුකරන්න හිතාගෙන..

හෙරිට්‍රෙජ් රිසෝට් එකට ඇවිත් අංක 25 රූම් එක බුක් කරගත්තු මම රූම් එකට ගිහින් දොර ලොක්කරගත්තා..

මම මේ දේ කරන්න හිත හදාගත්තෙ මාරම අමාරුවෙන්.ඒත්… මේක මම කරන්න ඕනම දෙයක්.. ඒනිසාම..හිත චුට්ටක් තද කරන් මම රූම් එක පුරාම නෙත් යැව්වා..

සුවපහසු බඩල් බෙඩ් එකක් ,ටේබල් එකක් ,පොඩි කබඩ් එකක් එක්කම පුටු දෙකක් ඒ රූම් එක ඇතුලෙ තිබුනා.
මම බෙඩ් එක උඩින් වාඩිවෙලා අත්දෙකින්ම ඔලුව බදාගෙන ඇස් පියාගත්තා..

මට මතක්වුනෙ මගෙ අම්මව.. අක්කව තාත්තාව…ඊලගට.. මල්කිව. මොකක්දෝ හේතුවක් නිසා… මම දැන් මල්කිට අසීමිතව ආදරේ කරන්න අරන්.
අක්කා කියූ වචනයක් වචනයක් ගානෙ ඇත්ත වෙන්න අරගෙන.

තාමත් 19 වන වියේ පසුවෙන නාඹර කොලුගැටයෙක් වුනත්.. එන්න එන්නම මෝරන මගේ තරුණ හිත දැන් මටම කන්ට්‍රෝල් නැති ගානයි

මම ඇදෙන් නැගිට්ටෙ වෙලාවත් බලන ගමන්. 10 වෙද්දි..එයා එයි.ඒ නිසා මම සූදානම් වෙලා ඉන්න ඕන..
මම ටවල් එකත් අරන් වොශෲම් එකට ගියෙ හරියටම 9.45ට ..

ඇදගෙන ආපු ශර්ට් එක ගලවලා මූණ චුට්ටක් තෙමාගත්තු මම අභේට කෝල් එකක් ගත්තා.

“හෙලෝ මචං..වැඩේ හරි නේද..?”

“යෙස් මචන්..තිතටම හරි..තව විනාඩි 15කින් ඔතන ඇති..”

“ඕකේ මචන්..තෑන්ක්ස්..නම්බර් 25 රූම් එක හරිද..”

“අහ්..හරි මචං.. එහෙනම්. උඹ වැඩේ කරගෙන හවස්වෙලා මට කෝල් එකක් ගනින්කො..”

“හරි අභේ.. මම තිබ්බා එහෙනම්..”

“හරි දෙව්නක..බායි..”

“බායි මචං..”

මම ෆෝන් එක සාක්කුවෙ දාගෙන මිරර් එකෙන් මගෙ මූණ දිහා බැලුවා..

හිතට දුකයි..වේදනාවයි. නමුත්…මේ දේවල් අද මේ විදියටම සිදුවිය යුතුමයි

මම මූණ චුට්ටක් හෝදගත්තා ආයෙත්..ඒත් එක්කම මට ඇහුනා රුම් එකේ දොර ඇරෙන සද්දෙ.

හීල් එකක ටොක් ටොක් හඩ මට ලග ලගම ඇහෙන්න වුනා..

එයා බලනවා ඇති මම කෝ කියලා..
මම ටැප් එක ඇරියෙ…. මම ඉන්නෙ බාත්රූම් එකේ කියලා එයාට අගවන්න.

ඊලගට මම තවත් විනාඩි කීපයක් ඇතුලෙම ගතකරලා ශර්ට් එකත් ඇදගෙන ලොකූ හුස්මක් පිට කරලා එලියට එන්න සූදානම් වුනා..

ටවල් එක අරන් මගෙ මූණ පිහිදන ගමන් මම දොර ඇරන් එලියට ආවෙ අඩියෙන් අඩිය.

පපුව හෝ ගාලා ගැහෙනවා.. මොකද..මගෙ දෑස් දැන් බලාපොරොත්තු වෙන්නෙ… ඒ රුව නිසා..

බාත් රූම් එකෙන් එලියට එද්දිම මගෙ දෑස් ගියෙ ඇද මතට. මූණ ටවල් එකෙන් යන්තම් වහන් හිටිය නිසා එයාට එකපාර මාව අදුනගන්න බෑ..

මම අඩි කිහිපයක් ඇවිදන් ගියා..

ඇස් වලට කදුලු උනනවද මංදා. මගෙ ඇස් මටම අදහාගන්න බැරුවයි හිටියෙ.
යට ඇදුම් වලින් විතරක් සිරුර ආවරනය කරන්…එයා හිටියෙ ඇද මත දිගාවෙලා සරාගී බැල්මකින් මගෙ දිහා බලාගෙනම.
එයාගෙ ඇදුම් ටවල් රැක් එකේ එල්ලලා තිබුනා.. බෑග් එකයි ෆෝන් එකයි ස්ටූල් එක මත තිබුනා..

“මොකද.. හෙමින් හෙමින් එන්නෙ…ම්ම්..බයවෙලාද…? මේ …පලවෙනි පාරද…?.”

හිතාගන්නත් බැරි තරම් අමුතු හඩකින්.. දෙතොල් අග සපමින් දෑස් අඩවන් කරමින් එයා අහද්දි.. මගෙ හදවත හෝගාලා ගැහෙන්න ගත්තා..

“පැයයි නේද තියෙන්නෙ.. ම්ම්.. එන්නකො ඉතින් ඉක්මනට මගෙ ලගට..”

එයා එයාගෙ හීනි ඇස් තවත් හීනි කරලා කිව්වෙ එයාගෙ එක අතක් ඒ සිරුර පුරාම උඩ ඉදලා පහලට ගෙනයමින්.

මම මුණත් බාගෙට වහගෙනම එයා ලගට ගියා..

“මොකෝ මේ..ළැජ්ජාවෙද මූණ වහන් ඉන්නෙ.. ඔහොම බෑ බබා..ම්ම්… “.

මගෙ අතින් ඇදලා ඇද උඩින් වාඩිකරගත්තු එයා මගෙ දකුණු අතේ බාහුවක් සිපගත්තා…

“අනේ බබා.. ටවල් එක අයින් කරලා දාලා එන්නකො ඉතින්.. මේ… තාම ඇදුනුත් ඇදගෙන….හ්ම්ම්…”

මගෙ ශර්ට් එකේ බොත්තමක් අල්ල අල්ල එයා එහෙම කියලා ටිකක් ඉස්සිලා මගෙ දකුණු කන හැපුවා….

ඒ මුලු වතම දැන් මගෙ බාහුවේ ස්පර්ශ වෙනවා..
ඇත්තටම මට දැනුනෙ පිලිකුලක්..

“හ්ම්ම්..ඉන්නකො එහෙනම්.. මමම ඔයාගෙ ලැජ්ජාව් නැතිකරනකම්..”..

එහෙම කියපු එයා එයාගෙ උඩුකය ආවරිත යට ඇදුම ගලවන්න හැදුවා..

ඒත් එක්කම මම ටවල් එක ඇද උඩට විසිකලා..

“අ..හ්…..දෙ…ව්…න…ක…😲😲😲😲😲

ඔව් එයා පුදුමයෙන් ගැස්සිලා එහාට වුනා.. ඒ ඇස් විශාල වුනා. ගැලවුනු යට ඇදුම පපුව හරියෙන් අතින් අල්ලගෙන එයා බයෙන් පුදුමයෙන් දෑස් එහෙ මෙහෙ යැව්වා..

මගෙ හිතට දැනුනු ආවේගය කියා නිම කරන්න බැරි තරම්.. මම එයාගෙ කම්මුලකට ගැහුවෙ දරාගන්න බැරිම තැන.

“බ….බා….”

කදුලු පිරි දෑස් මගෙ දිහාට හරවන් එයා මම ගැසූ කම්මුල අතින් අල්ලගෙන කිව්වෙ කෙදිරිල්ලකින් වගේ….

“ඔව්…උඹ මාව ලස්සනට බබා කලා…🤣🤣🤣🤣🤣🤣🤣🤣

මම කිව්වෙ ඇදෙන් නැගිටින ගමන්..

“ප්ලීස්…බබා..මම…කියන දේ…චුට්ටක්….”

එයා අත දික්කරලා මාව අල්ලන්න හදද්දි මම ඒ අත ගසලා දැම්මා…

“ඉස්සරවෙලා ඇදුම් ඇදගනින්…”.

එයා ආයෙත් මගේ බාහුවකින් අල්ලන්න හදද්දි … මම කේන්තියෙන් එහෙම කියලා ජනේලෙ ලගට ගිහින් අනිත් පැත්ත හැරුනා.

විනාඩියකට විතර පස්සෙ ග්ලිටර් අයිස් මගෙ ලගට ආවා..

“බබා… මම කියන දේ අහන්න ටිකක්..”

අඩමින් වගේ එයා කිව්වෙ මගෙ මූණ ඉස්සරහට ඇවිත් මගෙ පපුවට අත තියලා…

“අහන්න..අහන්න තව මොනවද තියෙන්නෙ…?ආ…?
දන්නවද..තමුසෙව දැක්ක මොහොතෙයි මගෙ හිත තමුසෙ ගැන ආදරෙන් පිරිලා ගියෙ.. දවසින් දවස ඒ ආදරේ එන්න එන්නම වැඩි උනා..
තමුසෙ අක්කෙක් උනත්.. මම හිතින් ආදරේ කලා.. එදා…තමුසෙත් මට ආදරෙයි කියද්දි.. දන්නවද මම සතුටු වුනු තරම්… මුලු ලොකෙම මට ලැබුනා වගේ දැනුනා..තමුසෙ..තමුසෙගෙ ජීවිත කතාව මට කියද්දි.. මහා ලොකු අනුකම්පාවක් එක්ක..දරන්න බැරි තරම් ආදරයක් ඇතිවුනා මේ හිතේ තමුසෙ ගැන..

ඒ හැමදේම අමතක කරලා..තමුසෙව මගේ ලගට ගන්නයි මට ඕන වුනෙ.. තමුසෙ වෙන එකෙක් නිසා අනාථවෙලා කියන එක පවා ආදරේ නමින් මම අමතක කලා.. ඒත්..අන්තිමට…
තමුසෙ ඔය ජීවිතේ මහා ලොකු ඇත්තක් මට හැංගුවා.. මාව රැවැට්ටුවා…

මම මගෙ තාත්තා එක්ක රණ්ඩුවුනා.. එයා අඩ අඩ කියද්දි තමුසෙ මේ වගේ ගෑනියෙක් කියලා..අවුරුදු 19ක් මාව මහන්සියෙන් හදපු මගෙ රත්තරං තාත්තගෙ වචනෙ තමුසෙ නිසා මම අවිශ්වාස කලා.. අන්තිමට… මමම තීරණය කලා ඇත්ත හොයාගන්න.. ඒ මනුස්සයා අදටත් මගෙ මූණ බලන්නෙ නෑ.. මම මගෙ තාත්තව නැතිකරගත්තා.

ඒත්..මම මගෙ හිතේ තිබුනු ආදරේ…තමුසෙගෙ වචන මම ව්ශ්වාස කලා.. ඒනිසයි තමුසෙගෙ ඇත්ත මම පිලිනොගත්තෙ..

ඒත්..යාලුවෙක්ගෙ මාර්ගෙන් මම දැනගනිද්දි..තමුසෙ තවමත් මෙහෙම දේවල් කරන එකියෙක් කියලා…මට මැරෙන්න හිතුනා…

අන්න ඒ වෙලාවෙයි මම හිතාගත්තෙ තමුසෙව මේ විදියට මගෙ ඉස්සරහට ගේන්න ඕන කියලා.

ඇත්තටම මම දැන් ලැජ්ජා වෙනවා..තමුසෙ වගේ එකියෙක්ට ආදරේ කල එකට.

කෙල්ලෙක්ට එකපාරක් ජීවිතේ වැරදුනා කියලා…..එයාගෙ අනාගතේ එතනින්ම නවතින්න ඕන නැහැ..
එයාට අවස්ථාවක් දෙන්න ඕන.. හැමදේම හරිගස්සගෙන ඉස්සරහට යන්න.අන්න ඒනිසයි.. මමත් තමුසෙ වෙනුවෙන් හිටියෙ .
තමුසෙගෙ වැරදුනු ජීවිතේ හරිගස්සන්න උත්සාහා කලෙ.තමුසෙට තව අවස්තාවක් දෙන්න හිතුවෙ…

ඒත් තමුසෙ මොකක්ද කලෙ.. මටහැමදේම හංගලා… මට ආදරේ කරනවා කියලා මාව රවට්ටලා… වෙන මිනිස්සුන්ගෙ ඇග උඩට ගියා..ශික්…

දන්නවද මට කොයිතරම් දුකද කියලා තමුසෙව අද මෙහෙම ඇදුම් නැතිව මගෙ ඇස් ඉස්සරහා දකිද්දි…?

නෑ තමුසෙට ඒක තේරෙන්නෙ නෑ.. තමුසෙ හැගීමක් දැනීමක් නැති ගෑනියෙක්නෙ.. ඒකනෙ.. මට ආදරෙයි කිය කියත් මේ බිස්නස් එක දිගටම කරගෙන ගියෙ.
හහ්….. තමුසෙගෙ ඇක්ටින් නම් සුපර්බ්…👏👏👏👏

මම කම්මුල් දිගේ වැක්කෙරුනු කදුලු පිහිදගත්තා…

එයා අඩනවා… මම බලන් හිටියා..රිදෙන්නෙ නෑ දැන් මගෙ හිත.. සැහැල්ලුයි.. මට විශ්වාසයි.. එයා පසුතැවෙනවා දැන්..

“තමුසෙට කියන්න මුකුත්ම නැද්ද…?”..

මම ඇහුවෙ අන්තිම වතාවට ඒ මූණ දිහා බලලා.

එයා බිම බලාගත්තා ඉකි ගගහම.

ඔව් ඒකියන්නෙ..එයාට කියන්න දෙයක් නෑ කියලනෙ…

” මට ඕන කලෙ…මේ දේවල් ඇත්තද කියලා මගෙ ඇස් ඉස්සරහම දකින්න.. කියන්න දෙයක් නෑ තවත් මට.. පුලුවන් නම්..මේ දේවල් නවත්තලා ජීවත්වෙන්න බලනවා අක්කෙ.. අන්න එදාට.. ඔයාට මතක්වෙයි.. දෙව්නක කියලා කොල්ලෙක් පිස්සුවෙන් වගේ ඔයාට ආදරේ කලා කියලා… මටත් අක්කෙක් ඉන්නවා.. අන්න ඒ නිසා.. කෙල්ලෙක්ගෙ ජීවිතේ වටිනාකම මම හොදට අදුනනවා…”

මම ඒ හිස මත අතතියලා එහෙම කිව්වා..

ඊලගට තවත් මොහොතක් ඒ කදුලු පිරුනු මූණ දිහා බලන් ඉදලා.. මම එන්න ආවා…

ඔලුව පුපුරුගහනවා…
මම කෙලින්ම ආවෙ සසංක අයියලාගෙ ගෙදරට.අදින්.. හැමදේම අමතක කරලා හිත හදාගන්නවා කියලා මම මටම පොරොන්දු වුනා..

කෙලින්ම කාමරේට ආපු මම දොරත් වහන් ඇදෙන් ඇලවුනෙ ඇදගෙන ආපු ඇදුන් පිටින්මයි.

ඇස් වලින් කදුලක් ගලාගෙන ගියා අන්තිම පාරට… ඒ ආදරය නාමයෙන්….

මතුසම්බන්ධයි❤️

🌼❤️❤️🌼❤️🌼එශ්🌼❤️🌼❤️🌼

Leave a Reply

Your email address will not be published. Required fields are marked *