#විසේකාරයා 28

👦 28 දගකාරකම 👦

මම සසංක අයියට කතාකරද්දි.. එයා මගෙ දිහා හැරිලා බැලුවා.. ඒ ඇස් රතුවෙලා.. මම ගැස්සුනා එයාගෙ බැල්මට. ඒක වේදනාවක්ද.. තරහක්ද .. අසරණකමක්ද කියලා හිතාගන්න බැරුව මම මොහොතක් ගතකලා..

“අයියෙ..ඇයි..ප්‍රශ්නයක්ද ..?”

මම ඇහුවෙ ටිකක් කලබලෙන්.

“හ්ම්ම්ම්ම්.
ජීවිතේ සමහර දේවල් තියෙනවා මල්ලි මොනම හේතුවක් නිසාවත් ආයෙත් ආපස්සට හරවන්න බැරි .
අන්න ඒ වගේ වෙලාවල් වල කරන්න තියෙන්නෙ .. මේ යන විදියට ජීවිතේට ගලාගෙන යන්න ඉඩ දීලා බලාගෙන ඉන්න එක .. අන්න ඒ වගේ අවස්තාවකයි මම මේ දැන් ඉන්නෙ..”

අයියා මේ කියන අපබ්‍රංශ මට නොතේරුනත්.. මම තේරුම් ගන්න උත්සාහා කලා..

“පුලුවන්නම්..මට සමාව දීපන් ..මේ අයියට ඊට වඩා කියන්න දෙයක් නැහැ..’

මගෙ උරහිසට අත තියලා එහෙම කියලා සසංක අයියා ගේ ඇතුලට ගියෙ ඇසුත් පිහිදන ගමන් ..

** මොකක්ද ඒ කිව්ව කතාව..**

මම තාමත් කිසි දෙයක් තේරුම් ගන්න බැරුව කල්පනා කලා.

“ම්..මේ..තේ..බොන්න..”

මගෙ පසුපසින් ඇහුනු හඩත් එක්ක ක්ශනිකවම මම හැරුනෙ ඒ රෑපෙ ආයෙ ආයෙත් මගෙ ඇස් වල තවරගන්න තිබුනු ලෝබකම නිසාම ..

මල්කි ඉන්නවා ට්‍රේ එකකුත් අතේ තියාගෙන බිම බලාගෙන..

මම තේ එකක් අතට ගත්තා.. එයා තවමත් බිම බලන්.

“වෙඩින් එකට ඩ්‍රෙස් කරන්නෙ මොකක්ද..කැන්ඩියන් එකක්ද..ෆ්‍රොක් එකක්ද ..?”

මම අහද්දි..එයා ගැස්සිලා වගේ මගෙ දිහා බැලුවා..

“ම්..මොකක්ද..?”

“මොකක්ද අදින්න හිතන් ඉන්නෙ කියලා ඇහුවෙ ..?”

“දන්නෙ නෑ..”

“ඔයාට මැච් වෙන්නෙ කැන්ඩියන් එකක් .. ගෝල්ඩ් කලර් හෙවි වර්ක් එකක් තියෙන එකක්.. ඔයා මිටි නිසා ටේල් එක දිගට තියෙන එකක් උනොත් තවත් ලස්සනයි..”

ඒ ඇස් වලින් එක පිට එක කදුලු ගලාගෙන ගියා..
ඔව් මට ඕන වුනා එයාව රිද්දන්න..මම මේ කරන්නෙ ඒක.

“මේනක අයියා මුල් ඇදුම අදියි නේද..එයාට ඒක නියමයි.ඔන්න හනිමූන් එක අපේ ගානෙ ..ම්ම්.. අපේ රිලේශන් කෙනෙක්ගෙ හොටෙල් එකක් තියෙනවා නුවරඑළියේ .පට්ට ලස්සනයි. ඒක බුක් කරවන්නම් අපි..”

මම හිනාවෙමින් තේ එක බිබී කියෙව්වා..
එයා අතේ තිබුනු ට්‍රේ එක අතින් තදකරකර වේදනාව ඉවසගෙන ඉන්නවා.ඒත් ඇස් වලින් කදුලු හෝ ගාලා කඩාගෙන වැටෙනවා ..

“මැරිකරලා ඔයාලා කැන්ඩි යනවලු නේද පදිංචියට. මතක් වුනොත්..අපිවත් බලලා යන්න එන්න..
ඒ එද්දි..බබාල එහෙම ඉදියි නේද..”

මම බාගෙට බීපු තේ කෝප්පෙ ට්‍රේ එකෙන් තිබ්බා..

‘ඉස්සර වගේනම්..මට කියන්න තිබුනා..මේක බොන්න කියලා..ඒත් දැන්.. මට ඒකටවත් අයිතියක් නැහැනෙ.. “

මම එහෙම කියලා අත් දෙක සාක්කුවෙ දාගෙන ලොකු හුස්මක් පිටකලා..

මගෙ දිහා කදුලු පුරවන් බලාගෙන හිටපු මල්කි.. මම ඉතුරු කරපු තේ ටික එක හුස්මට බීගෙන ගියෙ ඇත්තටම මගෙ ඇස් පුදුම කරමින් ..

ඊලගට මගෙ දිහා අසරණ විදියට බලාගෙන ඉදලා ..ඇතුලට යන්න ගියෙත් අඩාගෙනමයි.

මගෙ ඔලුව පිස්සු නටනවා..
මම මිදුලට ගිහින් බංකුවෙන් වාඩිවෙලා ඈත බලාගෙන හිටියා..

මට මැවිලා පෙනුනා..මල්කි මේනක අයියව මැරි කරලා යනවා. ලස්සනට හිනාවෙවී යන එයා..මගෙ දිහා බලලා..මට අත වනනව..ඒකත් හිනාවෙවීම.ඔව්..එයා සතුටිනුයි ඉන්නෙ..

මම ඔලුව අත් දෙකින්ම බදාගත්තා..

“මල්ලි..ඇයි…?”

අක්කා ඇවිත් මගෙ පිටට අත තියලා අහද්දි..මම ගැස්සිලා වගේ ඔලුව ඉස්සුවා.

“ඔලුව රිදෙනවා අක්කෙ .”

“අනේ රත්තරනේ ..මම අතගාන්නද..?’

“ඕන නෑ..මේ..අපි යන්නෙ නැද්ද..?”

“ම්ම්..නෑ මල්ලි..අද මෙහෙ ඉන්නවලු..”

“එතකොට ඩ්‍රයිවර් අයියා..”

“එයාටත් ගැටලුවක් නෑලු..හෙට හයර් මුකුත් නෑලු..”

“හ්ම්ම්..ඒකත් එහෙමද..”

“අද රෑට සසංකගෙ මාමලා එනවලු මෙහෙ..ට්‍රිප් එකක් යන ගමන්..රෑට කාලා යන්න..ඒනිසා අපිටත් ඉන්න කිව්වා..”

“අහ්..එහෙමද..”

“හ්ම්ම්..අම්මට උයන්න උදව් කරන්නත් එක්ක අපි නවතිමු කිව්වා.”

“හා…”

මේ වෙලාවෙ සසංක අයියත් අපි හිටපු තැනට ආවා..

“අහ්.. අයියෙ.. “

“මොකද..අපෙ හාදයා කියන්නෙ..?”

අයියා ඇහුවෙ මලානික මුහුනින්.

“මුකුත් නෑ..හැබැයි මේ දවස් වල ඉන්නෙ නම් ප්‍රශ්නෙක..”

“හ්ම්ම් .ඇයි..?”

‘මෙයා කෙල්ලෙක්ට ආදරෙයිලු.”

අක්කා කියද්දි.. සසංක අයියගෙ ඇස් උඩගියා ..

“ඉතින්..”

එයා සාමාන්‍ය වෙමින් කිව්වා..

“ඒ කෙල්ල වෙන කෙනෙක්ට අයිතිවෙලාලු.. මෙයා මේ පිස්සුවෙන් ඉන්නෙ ඒ නිසා..”

“අහ්..ඇත්තද..”

“හ්ම්ම්.. පව් අයියෙ.. මගෙ කොල්ලා ඇඩුවා උදේ..එයාට ඒ නංගිව අමතක කරන්නම බෑලු.. “

අක්කා කිව්වෙ මගෙ ඔලුව අතගගා..අක්කගෙ ඇස් වල කදුලු.
සසංක අයියා හිස් බැල්මකින් මගෙ දිහාම බලන් හිටියා..

“මේ කොල්ලා පුදුම විදියට විදවනවා අයියෙ.. මට දරාගන්න බෑ..”

අක්කා මගෙ හිස එයාගෙ ලයට තුරුලුකරන් කිව්වා..

” දැන්..මල්ලි මොකද කරන්න හිතන් ඉන්නෙ..”

සසංක අයියා අහද්දි..මම පත්වුනෙ අපහසුතාවයට
ඇයි ඉතින් අක්කත් මේ රසකරකර කියන්නෙ අයියගෙම නංගි ගැනනෙ.

“ම්..මුකුත් නෑ අයියෙ..එයා සතුටින්නෙ..මට ඒ ඇති..”

“එතකොට. ඒ නංගිත්..මල්ලිට ආදරෙයිද ..?”

අයියා ඇහුවෙ ඇස් හීනි කරන්

“මම හිතන්නෙ ඔව්..”

“ඒ කිව්වෙ..?”

“එයා මට එහෙම කියලා නෑ..ඒත්..මට දැනෙනවා..”

“හ්ම්ම්..”
අපි බලමුකො නේද..”

“හ්ම්ම්..එයාගෙ සතුට දිහා බලලා මම සතුටු වෙනවා..”

“උඹ හරි හොදයි කොල්ලො..ඒකනෙ මම මගෙ එකීටත් වඩා උඹට ආදරේ ..”

සසංක අයියා මගෙ උරහිසකට තට්ටු කරලා කිව්වා..

“බබා.. අම්මා කතාකලා..යමුද ..මම මේ එක්කගෙන යන්න ආවෙ ඔයාව..”

අයියා හරි ආදරෙන් අක්කට කතාකරද්දි..මට දැනුනෙ පුදුම වේදනාවක්.මොකද..මගෙ ආදරේ මේ වගේ විදින්න තරම් මම වාසනාවන්ත නැතිනිසා..

“යමු එහෙනම්.. මල්ලො..මම ඇතුලට යනවා.. ඔයත් එන්න..”

‘හා..”

එයාලා ඇතුලටගියා.. මම තවත් ටික වෙලාවක් එහෙමම හිටියා..

😯🖤😯🖤😯🖤😯🖤😯🖤😯🖤😯🖤😯

ළිදෙන් නාගත්තම ඇගට දැනෙන්නෙ පුදුම සනීපයක්.
මම ඔලුවත් පිහිද පිහිද සාලයට ගියා. දැන්නම් වෙලාව 7.30ට විතර ඇති.
අම්මලා කුස්සියෙ උයනවා. අයියලගෙ මාමලට..

සාලෙ කවුරුවත්ම නෑ.. මම කාමරේට ගිහින් හාන්සිවුනා..විනාඩි 15ක් විතර යද්දි ..වාහනයක් එනවා ඇහුනා.
මහා සද්දයක් එක්ක.. ගොඩක් අය ගෙට එනවා ඇහුනා .මම කාමරයට වෙලාම හිටියා.. එයාලව අදුනන්නෙත් නෑනෙ.ඉතිම් මම ඉස්සරහට ගිහින් වැඩක් නෑනෙ.

එයාලා සාලෙ කතාකරනවා ඇහුනා.මට ඇහුනු විදියට නම් ගොඩක්ම ඉන්නෙ කොල්ලො වගේ. උන් මහා සද්දෙට සින්දු දාගෙන ඉන්නෙ සාලෙ.
හරියට මම ගෙදර ඉද්දි වගේ..
කන් පැලෙන තරම් සද්දෙට සින්දු අහන්න මමත් පුදුම ආසයි ..

🎶
ඔබගේ ..මතකෙන්..
මට යන්නට බැහැ කිසිදා ..
දෙනෙතේ..කදුලැල්..
අඩුවෙන්නෙ නැති හින්දා ..
හිදිනා තැනින් මෙලොවේ ..
ඔබ එන්න යලි මා කෙරේ ..
ඔබගේ ..මතකෙන්..
මට යන්නට බැහැ කිසිදා ..
දෙනෙතේ..කදුලැල්..
අඩුවෙන්නෙ නැති හින්දා ..
🎶

ශිහාන්ගෙ ලස්සනම ලස්සන සින්දුවක් ගියා.මම ඇස් පියන් රස වින්දෙ ඒක.
මම ඇස් ඇරියෙ ලග ලගම ඇහුනු සුසුම් හඩක් නිසා..
ඔව්..මගෙ හිත කිව්වා හරි.මල්කි..ඉන්නවා මගෙ ඇද ලග.මගෙ දිහා බලාගෙන මූණට එබිලා.එයා හිතන්න ඇති ..මම නිදි කියලා

මම ඇස් ඇරිය ගමන් එයා ගැස්සුනා..

“ඇයි..?”

මම ඒ තරම් ගනනකට නොගෙන ඇහුවා.

එයා කලබල වෙලා.ඇස් එහෙ මෙහෙ යනවා.

“කන්නෙ නැද්ද..?”

එයා ඇහුවා..එලියෙ සින්දුවල සද්දෙ නිසා මට කියන එක ඇහුනෙ නෑ හරියට

“මොකක්ද..?”

මම ආයෙත් ඇහුවා.

“බඩගිනි..නැද්ද..?”

එයා පහත්වෙලා ටිකක් හයියෙන් ඇහුවා..
ඒත් එක්කම…
එකපාරම කරන්ට් එක ගියා..

එලියෙ හිටිඅයගෙ සද්දෙ එකවරම නැවතුනා.. ආයෙත් ඒ සැනින්ම මහා හයියෙන් සින්දු කියන්න පටන්ගත්තා..

මල්කි ඉන්නෙ මගෙ ලග.
මම අත දික්කරලා එයාගෙ අතින් ඇද්දා.

“ආ..හ්..”

එයා ඇදිලා ඇවිත් වැටුනෙ මගෙ පපුව උඩට.ඒ සැනින්ම මම එයාව තද කරලා බදාගත්තා .

“මට යන්න දෙන්න..”

එයා ඇඹරි ඇඹරි කිව්වා..

“බෑ..”

“අනේ..ප්ලීස්…”

“බෑ..”

“අයියා එයි..”

“කමක්නෑ..”

“අතාරින්නකො..”

එයා බයවෙලා වෙවුලනවා.. ඒ මදිවට දගලනවා..

“ඇයි..මගෙලග ඉන්න බයයිද..?’

“ම්ම්..න්..නෑ..”

“එහෙනම්..?”

“අනේ..අතාරින්නකො කිව්වම අහලා..”

‘බෑ..බෑ ..බෑ..ඔහොම ඉන්නවා කරන්ට් එක එනකම්..”

මම තව ටිකක් අත් දෙක තදකලා..
ගැලවිලා යන්න බෑ කියලා දැනුනම එයා දගලන එක නැවැත්තුවා..

ඒ චූටි ඇගේ රස්නය මගෙ නිරුවත් පපුවට හොදට දැනෙනවා..මට දැනුනෙ පාවෙනවා වගේ…ඇත්තටම..එයා ලගදි.. මම මාර විදියට නිමෙනවා..

“රත්තරං..”.

මම හීං හඩින් කියද්දි.. එයා ඉකිගැහුව..

බයක්නෑ..එලියෙ සද්දෙ නිසා කතාකරන කිසිදෙයක් පිටට ඇහෙන්නෙ නෑ..ඒක ශුවර්.

“මල්කි.. “

“ම්ම්..”

“මාව දාලා යනවා නේද ඉතින්..”

“හ්ම්ම්..”

“මම මහ කාලකණ්ණියෙක් නේද .. ආදරේ මට උරුමම නැති දෙයක්..”

මගෙ පපුව සීතල වෙලා ගියා..එයා අඩනවා.. ඒ කදුලු බිංදු.සීතලට මගෙ පපුව පුරා ගලාගෙන යනවා.

“දෙයක් අහන්නද..?”

“හ්ම්ම්”

“මේ ටික කාලෙදි..එකම එක මොහොතකටවත්.. මම ගැන ඔය හිතේ ආදරයක් ඇතිවුනෙ නැද්ද..?”

එයා ආයෙත් ඉකි ගැහුවා..

“අඩන්න එපා..ප්ලීස්..”..
මම එහෙම කියලා එයාව ඇදෙන් හාන්සිකරලා ඒ පපුව උඩින් ඔලුව තියාගත්තා .

“දන්නවා..මේක වැරදියි.ඒත්..මට දරාගන්න බෑ හලෝ..”

එයාගෙ අතක්..මගෙ හිසකෙස් අතර හීනියට දිව්වා.. මගෙ දැස් පියවුනෙ ඉබේටම.

එයා හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා..
මටදැනෙනවා.ඒ ලය උස් පහත් වෙනවා හයියෙන්.

“ඇයි මැනිකෙ ඔයා මට ආදරේ නැත්තෙ..?”

මම ආයෙත් ඇහුවා..

“මම කැතයිද..? නැත්තම්..මම කලින් වෙන කෙනෙක්ට ආදරේ කල නිසාද..? එහෙමත් නැත්තම්..ඔයා ඇත්තටම මේනක අයියට ආදරෙයිද..කියන්න.ප්ලීස්..”

එයා මුකුත්ම කියන්නෙ නෑ..අඩනවා විතරයි.
මම නැගිටලා ඇදෙන් වාඩි වුනා..

“මම ආදරෙයි.තමුසෙට පැලෙන්න ආදරෙයි.ඔය හුස්මට..ඔය සුවදට .ඔය මූණට..ඔය කොන්ඩෙට..පුදුම තරම් ආදරෙයි..ඒත් තමුසෙ ..හැගීමක් නැති එකියෙක් වගේ ඔහේ ඉන්නවා..ඇයි..ඇයි ඒ..කතාකරනවා..ඇයි එහෙම ඉන්නෙ. දැනෙන්නෙ නැද්ද මගෙ ආදරේ..?කියනවා මල්කි කියනවා.. “

මම එයාව ඇදලා අරන් වාඩිකරවලා ඇහුවෙ කේන්තියෙන්

“ඇයි නොකියන්නෙ. ඇයි මට ආදරේ නැත්තෙ ..? එහෙනම්..ඇයි තමුසෙ මෙහෙම මගෙ ලගදි අඩන්නෙ..ආ..කියනවා මල්කි..ඇයි ඇයි මට ආදරේ නොකරන්නෙ..?”

මම කේන්තියෙන් ඇහුවා ..

“මොකද…#මම_අක්කා_කෙනෙක්_නිසා… ඔව්..මම ඔයාට වඩා අවුරුදු 2ක් වැඩිමල් නිසා…”

😲😲😲😲

මතුසම්බන්ධයි❤️

❤️😘❤️😘❤️😘එශ්😘❤️😘❤️😘😘❤️

ටැන්..ට..ටෑ….න්…සප්‍රායිස්……
.එයත් අක්කෙක්…
🙈🙈🙈🙈🙈🙈

Leave a Reply

Your email address will not be published. Required fields are marked *