~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~09 කොටස

හිමි වෙන්න යන්නේ දුකක්ද නැති නම් සතුටක්ද යන්න නොදැන මා දින ගෙව්වේ දෙගිඩියාවෙනි … සිහින අයියා නැති කරගෙන අන් සියල්ල ලැබුනද පලක් නැත …මට උවමනා උවේ සිහින අයියාගේ මනාලිය වී ඔහු හා කුලගෙට යෑමටය …
‘ නිකිණි …නිකිණි …. ’
එදින තාත්තා ගෙට ගොඩ වුවේ පුපුරා යන්න ආසන්න කෝපයෙන් මා අමතමිනි … බුදු මැදුරට ගොස් මල් පහන් පුදා නිමව මම්මා සමග කතා බහ කරමින් උන් මා තාත්තා දෙසට පියමනිද්දී ඇයද මා පසු පසම පැමිණියේය …..
‘තාත්තා මට කතා කලාද …’
මා ඔහු ඉදිරියේ හිටගත්තේ බිම බලාගෙනමය …. හිස ඔසවා බලා ඒ මුහුණේ තිබු ගින්නෙන් දැවීමට මට උවමනා උවා නොවේ ..
‘ඔව් කතා කළා …. දන්නවාද අම්මා මෙකි කරලා තියෙන හපන්කම ..’
ඒ ස්වරයේ තිබුනේ පුපුරා යාමට ආසන්න කෝපයකි ..
‘ඇයි පුතා මොකද වෙලා තියෙන්නේ …’ මම්මා පුදුම වෙන්න ඇත … ඒ ඈ දැනුවත්ව මා එලියට හෝ නොගිය බැවින් විය හැකිය …
‘මේකි අර ළමයාට කැමති නැහැ කියලා ලු … මෙයා වෙන කෙනෙක්ට කැමති කියලා …. අම්මයි මායි වෙන්වෙලා ඉන්නේ කියලා …ඉතින් ඕවා ඇහුවාට පස්සේ මොන කොල්ලාද ඒ වගේ පවුලකට සම්බන්ධ වෙන්න කැමති වෙන්නේ …. ඒ ළමයා මෙකි බදින්න හොදටම කැමැත්තෙන් ඉදලා දැන් කියනවාලු කැමති නැහැ කියලා ..’
‘අනේ මෙහෙමත් කෙල්ලක් ….පුතාට කව්ද ඔය කතාව කිව්වේ දැන් ..’
කම්මුලක අතක් රදවාගෙන මම්මා හුල්ලද්දී මගේ ඇස් වලින් ලොකු කදුළු කැටයක් බිමට වැටුනේය ….
‘අක්කා කිව්වේ … අක්කාගේ බෑණා සාරංග පුතා නේ ඔය මගුල කතා කෙරුවේ … මෙකි හින්දා සාරංග පුතාටත් ඒ ළමයාට මුහුණ දෙන්න බැරි වෙලා තියෙන්නේ ….. මම ආයේ උබට කියන්නේ නැහැ මේ සම්බන්ධෙ දැන්ම නතර කරලා දාපන් …’
දබරගිල්ල මා දෙසට දිගු කර තාත්තා එය පැවසුවේ තර්ජනයක් ලෙසටය …
‘බෑ තාත්තා … ඇයි ඔයාට බැරි මගේ කැමත්ත ගැනත් පොඩ්ඩක් හිතන්න …මම පව් නැද්ද …’
මා තාත්තාට විරුද්ධව වදන් අමුණද්දී තාත්තා පෙරට පැන මගේ කෙස් වැටියෙන් අල්ලාගෙන අතින් පයින් පහර දෙන්න විය …
‘තොගේ කකුල් දෙක කඩලා කාමරේට කරලා තියනවා …. උබ කැමති විදිහට වැඩ කරන්න අපි ලැහැස්ති නැහැ …’
‘මාව මැරුවත් මම වෙන කොල්ලෙක් ලගට යන්නේ නැහැ ..’
‘උබ අහන්නේ නැහැ නේද …හිටපන් මම උබට …’
කුඩා කල අයියාත් මාත් වැරදි කල විට පහරක් දෙකක් ගැසූ වේවැල බිත්ති කබඩ් එක තුලින් පිටතට ගත් තාත්තා කසිදු අනුකම්පාවකින් තොරව මගේ පාදයන්ට පහර දෙද්දී කකුල් පුපුරු ගසන්න මෙන් වේදනා දෙන්න විය ..
‘අනේ තාත්තා මට ගහන්න එපා …ගොඩක් රිදෙනවා …’
දරාගන්න නොහැකිම විට මා කෑ ගසමින් අඩන්න උනෙමි …
‘මේකිව කාමරේ දාලා වහලා තියන්න එතකොට ඔක්කොම හරි යයි ….
අවසානයේ වේවැල ඉවතට විසිකර එසේ පවසමින් පිටව යද්දී දරාගැනීමට නොහැකි වේදනවාකින් මා කෙදිරි ගෑවෙමි …
******
දින ගානක් මා උන්නේ කාමරයේ ඇදක් උඩට වී අඩමින් වැලපෙමිනි …. ඉතින් සිතට සැනසිල්ලක් ගෙන ඒමට කිසිවකු හෝ නිවසේ උන්නාද නොවේ …
‘අක්කා ….’ දින ගානකට පසුව හිතට සැනසිල්ලක් දැනුනේ සහන් මල්ලි යලිත් අප නිවසට පැමිණිය නිසාවෙනි ….
‘මල්ලි ….ඔයා ට අපිව ආයෙම මතක් වුනා එහෙනම් ..’
මම සිනාසුනා නොව කදුළක් සැලුවා පමණි …
‘අපේ අම්මා කිව්වා වැඩිහිටියෝ බැන්නා කියලා තරහා වෙලා ඉන්න එපා පලයන් ලොකු තාත්තලාගේ ගෙදර කියලා … ඉතින් මටත් තේරුනා කේස් එක සිරා කියලා …ඉතින් මම ආවා .. ඒක නෙවෙයි තමුසේ මොකද මේ කාමරයකට කොටු වෙලා ඉන්නේ උන්මාද චිත්‍රා වගේ ’
‘මම හරි අසරණ වෙලා ඉන්නේ හලෝ …. ‘’
පෙර දිනවල සිදුවූ සියල්ල එක හුස්මට සහන් මල්ලිට පැවසු පසු මා සිතට දැනුනේ සැහැල්ලුවකි ….
‘ඔන්න ඕක නවත්තලා දානවා හලෝ ..’
මල්ලි පැවසුවේ හිත හැදීම වෙනුවට රිදී තිබු හදවත තව තවත් රිදවීමය ….
‘මල්ලි ෆෝන් එක පොඩ්ඩක් දෙනවාද ….’
‘අනේ මට නම් බෑ ලොකු තාත්තාගෙන් බැනුම් අහන්න ……මම යනවා වොෂ් එකක් දාන්න …’
මල්ලි පෙර දිනවල මෙන් මගේ ඉල්ලීමට එකග නොවුවේ තාත්තාගෙන් බැනුම් අසන්න සිදු වේ යැයි සිතා විය යුතුය ..
***
‘සිහින අයියා ….’
මා ඒ රැයේ මම්මා නින්දට ගිය පසු ඇගේ දුරකථනයෙන් සිහින අයියා ඇමතුවේ දින ගානකට පසුවය …
‘මැණික ඔයාට මොකද උනේ …මම ගොඩක් බය වෙලා හිටියේ …..සහන් මට කිව්වා තාත්තා ඔයාට ගැහුවා කියලා ..’
සිහින අයියාගේ කටහඩ බිදී ඇඩුම් ස්වරයකි වුවේ …
‘අයියා ඔයා අඩනවාද ..’
‘මම මොනවා කරන්නද මැණික අඩනවා ඇර …ඔයා මේ හැම දුකක්ම විදින්නේ මම නිසා නේද … මට ඔයා වෙනුවෙන් කිසිම දෙයක් කරන්න ශක්තියක් නැහැ ‘’
‘ ඔයා දුක් වෙන්න එපා අයියා ..මේ හැම දෙයකින්ම උනේ මම ඔයාට ගොඩක් ලංවුණා එක …’
‘ඔව් මැණික …. මගේ පුංචි කෙල්ල හරිම එඩිතරයි නේ …. ඔයා ගේ වැඩ නිසා කොල්ලා බෑ කිව්වා නේ ..’
‘ඔව් අයියා …. එයා කෝල් කරලා කියලා මට කැමති නැහැ කියලා ..’ ‘
ඉතින් අපි දෙදෙනා බොහෝ දිනකට පසු සිනාසුනෙමි …. සිදුවූ සියල්ල යලි යලි සිහිකරමින් දෑස් රතුවෙනතුරුම සිනා සැලුවෙමු ….
ආදරේ හැටි ඔහොමය දුක සතුට කදුළු සිනාව සියල්ල ආදරය තුල ඇති විට එය තව තවත් සවිමත් වෙයි … ඒ ආදරය කිසිවෙකුටවත් කිසිදා පරාජය කල නොහැකිය …
*****

‘ඔන්න අම්මේ ලබන සතියේ මනමාලයෙක් එනවා නිකිණි බලන්න ..’
රූපවාහිනිය ඉදිරියේ වාඩිවී ටෙලි සිත්තමක් නරබමින් උන් මා තිගැස්සී තාත්තා දෙස බැලුවෙමි
නිහඩව සැනසිල්ලේ ගෙවී ගිය මාස කීපයකට පසුව තාත්තා යලිත් මනාලයන් සෙවීම අරබා තිබුණි …
‘ ආ මෙච්චර ඉක්මනට …’
‘ඔව් මේවා පරක්කු කරන්න බෑ …බිස්නස් කරන කොල්ලෙක් ….. හොද සල්ලිකාරයෝ ….දුකක් නැතිව ජිවත් වෙන්න පුළුවන් ..’
‘එහෙනම් ….දැන් ඒ කටයුතු වලට ලැහැස්ති වෙන්න වෙයි නේ ..’
‘ ඔව් අම්මා මේ සැරේ නම් කිසිම වැරද්දක් වෙන්න බෑ …හැම දෙයක්ම ලස්සනට වෙන් ඕන ..’
තාත්තා එය පැවසුවේ මුළු ගෙදරටම ඇසෙන්නය … ඉතින් මා හුස්මක් උව නොගෙන තාත්තා කියන්න අසා උන්නා මිස ඔහුට විරුද්ධව කිසිවක් කියන්නට නොගියෙමි …..
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *