~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~1 කොටස – Bleyar

නිකිණි පින්සාරා රත්නායක ඒ උප්පැන්නේ සදහන් මගේ නාමයයි …. සල්ලිකාර පවුලක එකම දියණිය ලෙස උපන් මට වැඩිමහල් සොයුරෙකි ….ඔහු රාජකාරි කලේ ගුවන් හමුදාවේ කපිතාන් වරයෙකු ලෙසය … මට බෙහෙවින් ආදරය කල ඔහු නිවසින් පිටව රාජකාරි සදහා ගිය පසු විසල් තෙමහල් නිවසේ මා බෙහෙවින් තනිවුවාය … වෙනත් දියණියන්ට මවගෙන් ලැබෙන ආදරය මා මගේ මවගෙන් නොලදිමි …. අම්මා සහ තාත්තා ජිවත් වුවේ ඔවුන්ගේම ලෝකවලය …. විටෙක මට බෙහෙවින් ආදරය කල මගේ පියා තවත් විටෙක දරදඩු ගති ඇති ඒකාධිපතියකු විය … මගේ මව ජිව්ත්වුවේ තමන්ටම සිමා වූ ලෝකයකය …. එබැවින් වැඩිපුරම ඈ උන්නේ නිවසින් පිටව පිට රවලය …. අම්මා තාත්තා අතර ආදරයක් වුවා නොවේ … නිවසේ උන් දිනවලද ඔවුන් සිනාසී කතා කරනු මා දැක නැත ….. ඉතින් මා කුඩාකල පටන් යොවුන් වියට එළබෙන තුරු වැඩිපුරම උන්නේ තනිවමය … මට මෙලොව බෙහෙවින් ආදරය කළා නම් ඒ මගේ මවගේ මවය ….. ඇයට මා මවට වඩා සමීපව උන්නා කිවොත් නිවැරදිය …. ඒ මවගෙන් නොලද ආදරය මා ලැබුවේ ඇගෙන් බැවිනි …. ඉතින් ඈ මගේ ලෝකයේ මම්මා විය …..

‘ නිකිණි …… අක්කා ඔයා කොහෙද … ’
සිතුවිලි සයුරේ ගිලි වේලි උන් මා ඉන් මිදුනේ සහන් මල්ලිගේ කටහඩිනි ……

සහන් මල්ලි මිදුල පුරා මා සොයා ඇවිදින යුරු මා සදළුතලයේ ඉද බලා උන්නෙමි ….. මට උවමනා වුවේ ඔහු මහන්සි කරවා තරහා ගැන්වීමටය…. මදහසක් නගාගෙන ඔහු දෙස බලා උන්නා මිස තවත් විනාඩි ගානක් යනතුරු මා ඔහුට කතා කළා නොවේ …

‘ඒයි මැට්ටෝ මම මෙහේ…. ’
මා සොයා හති වැටි උන් සහන් මල්ලි ඉහල මාලයේ උන් මා දෙස බැලුවේ මුහුණ රතුකරගෙනය ..

‘මොකක්ද හලෝ මම මේ පණ දාගෙන තමුසේ හොයනවා …. තමුසේ උඩ ඉදලා හිනාවෙවී බලාගෙන ඉන්නවා ඉන්නවකෝ මම අල්ලාගන්නම් ..’
මල්ලි මා සොයා පැමිණ මගේ කනින් මිරිකද්දී මා ඉවතට පැන්නෙමි …. සහන් මල්ලි මගේ බාප්පාගේ පුතාය … මට වඩා වසරකින් බාල ඔහු මෙහි නතරවී උන්නේ ටෙක් කෝස් එකක් හැදෑරීම සදහාය … මේ නිවසේ මට උන් එකම මිතුරා ඔහුය ….. පුංචි පුංචි දගකාරකම් කිරීමට මට සහයට උන්නේද ඔහුය ….

‘ඉතින් කියනවා කෝ මාව හෙව්වේ මොකද කියලා ..’
මම පැළද උන් උපැස් යුවළට යටින් මල්ලි දෙස බැලුවෙමි …
‘එනවකො මෙතන වාඩිවෙන්න .. මම කියන්නම් …’
මල්ලි මා ඇදගෙන ගොස් අසල තිබු සෝපාවේ අසුන්ගත්තේය …
‘ආ හරි දැන් කියනවකෝ …..ම්ම්ම් ..’
‘මේ අක්කා හෙල්ප් මි … පොඩි බයිටක් දෙන්න තියෙනවා කොල්ලෙක්ට … වැඩක් දෙමුද …කියනවකො …’
‘අනේ මේ මට නම් බෑ ඔය පව් වැඩ කරන්න ’
මම ගණන් උස්සමින් ඔහු දෙස බලා උන්නෙමි
‘අනේ මේ ලොකු සීන් දාන්නේ නැතිව මට හා කියනවාකෝ ..’
‘හරි මම හා කිවොත් මට මොනවාද දෙන්නේ …’
‘ තමුසේට මම පාර්ටි එකක් දෙන්නම් හොද හොටෙල් එකකින් …’
‘හරි දැන් කියනවකෝ කතන්දරේ ..’
මම හරි බරි ගැහි මල්ලි පවසන්නට සවන් දෙන්න සැරසුනෙමි

‘මගේ යාළුවෙක් ඉන්නවා ….. සිහින කියලා … පොර මාව බයිට් කරනවා ….කෙල්ලක් විදිහට මට මැසේජ් කරනවා ….මාත් පොඩ්ඩක් ඇන්දා තමා … ඒ උනාට මට කේස් එක මාට්ටු වුනා … මට ඕන මට කරපු දේට මෑන්ට රිටන් එක දෙන්න …. ’

‘හරි දැන් මම මොකද කරන්න ඕන …. ’

‘වැඩිය මොකුත් කරන්න ඕන නැහැ …. දැන් මේ ෆෝන් එකෙන් බුවාට කෝල් කරනවා ඊට පස්සේ පොරව පොඩ්ඩක් බයිට් කරනවා …’
‘ අනේ මන්දා මේවා කරලත් බැහැ නොකරත් බැහැ ..’
මල්ලි සිහින ගේ දුරකථන අංකය සටහන් කර මා වෙත දිගු කල දුරකථනය අතට ගත්තේ ගැහෙන සුරතිනි … ජිවිතේ කිසිදිනෙක මා නාදුනන පිරිමියෙකුට මෙලෙස අමතා නැත … හදවත ඩක් ඩක් ගා සැලුනේය ….

‘හෙලෝ ‘’
දුරකථනය එහා පසින් ඇසුනේ රළු පිරිමි හඩකි ….. මද වෙලාවක් යනතුරු කතාකිරීමට මට හැකි වුවා නොවේ ….

‘හෙලෝ කව්ද මේ කතා කරන්නේ ….’
ඔහු කීප වරක් එලෙස පවසා මගෙන් පිළිතුරක් නැති විට ඇමතුම විසන්ධි කර දැමුවේය …

‘මොකද මෝඩි කතා කරන්නේ නැත්තේ …’

‘මට බයයි හලෝ …’ සැබවින්ම මගේ හිතට දැනුනේ බියකි ……

‘කතාව නම් යකාටවත් බය නැහැ වගේ …ඒ උනාට මේ කෝල් එකක් ගන්නවත් තමුසෙට හයියක් නැහැ නේ …’
‘අනේ යනවා පොඩ්ඩක් ඉතින් බය හිතෙනවා තමා …මම කවදාවත් මේ වගේ වැඩක් කරලා නැහැ නේ …’
මල්ලි සමච්චල් කරද්දී මා නැවත දුරකථනය අතට ගත්තෙමි …
‘හෙලෝ මේ තමුන්ට මොකක් වෙලාද කතා කරන්නේ නැතිව ඉන්නේ ….’
එහා පස උන් ඔහු උන්නේ මදක් කෝපයෙනි …
‘හෙලෝ …’
මම කතා කරන්න පටන් ගත්ත මුත් මගේ හිත ගැහෙන හඩ පිටතට ඇසෙන තරමට වේගවත් ය ..
‘කව්ද මේ කතා කරන්නේ ..’
ඔහු ඇසුවේ මදක් කෝපයෙන් මෙනි ….
‘මාව මතකද නැද්ද අයියා …..ඔයාට …. එදා ටෙක් එකේදී ෆෝන් නම්බර් එක දුන්නේ මතකද ඔයාට ….’
‘ඔයා අර කෙට්ටු උස කොන්ඩේ දිග ගර්ල් ද …’
‘ආ …ඔව් එයා තමා මම …’
‘අනේ මේ අයිසේ බොරු නොකියා ෆෝන් එක තියනවා …’

ඔහු දුරකථනය තබන්න ඇත්තේ කෝපයෙන් වෙන්න ඇත …

‘අයියෝ හලෝ එයාව රට්ටන්න ලේසි වෙන්නේ නැහැ …’
‘මේ අක්කා ඔයා ඉතින් පටන් ගන්න කොටම බෑ කියනවා නේ …ඔයාට පාර්ටි එකක් ඕන නම් මට හෙල්ප් කරන්න වෙයි ..’

‘හරි ….ඉතින් පස්සේ ආයේ ට්‍රයි කරමු …’

ඉතින් මා ඔහුට පොරොන්දු දුන්නෙමි ..

****
දණහිස තෙක් දිගු කළු පැහැ සාය ඇද සුදු පැහැති බ්ලව්සයකින් සැරසුණු මා කැඩපතෙන් පෙනෙන මාගේ රූපය හා තනිව සිනාසුනෙමි …. උපැස් යුවල යටින් ඇති විසල් දෑස් රවුම් සුදු මුහුණට එක්කර තිබුනේ අවිහිංසක බවකි …. කැරලි ගැසුණු කොණ්ඩය පෝනිටේලයක් ලෙස බැදගත් පසු මගේ පෙනුම සරල යුවතියක බදුය …. පොත් බෑගයට පොත් කීපය දමාගෙන මා එළියට බැස්සේ ටෙක් එකට යෑම සදහාය ..

‘බබී …..අද ක්ලාස් ඇරෙන්නේ කියටද …’
නිවසින් එලියට අඩියක් තබද්දීම මගෙන් විමසුවේ අම්මාය …. ඇයට පිළිතුරු දීමට මට ඒ තරම් වුවමනාවක් වුවා නොවේ ….. මම නෑසුනා සේ හිස බිමට හරවාගෙනම නිවසෙන් එලියට බැස්සෙමි ….
තාත්තා උන්නේ ගමනක් යන්නට සුදානම් වෙමිනි ..
‘බබී ඔයාට අම්මි ඇහුව දේ ඇහුනද ….’ තාත්තාගේ කටහඩේ වුවේ සැර බවකි ….
‘අද දෙකට ඉවරයි තාත්තා …’
මම ඔහුට පිළිතුරු දුන්නේ ගේට්ටුව අසලටම ගොසිනි ….

‘අක්කා …. අක්කා …’

මට පිටුපසින් දිවවිත් මා ඉදිරියේ නැවතී හති අරින්න වුවේ සහන් මල්ලිය…
‘මොකද මේ මීටර් සීය දුවනවාද මේ උදේ පාන්දර …’

ගිමන් හරිමින් උන් සහන් මල්ලි දෙස බලමින් මා විරිත්තුවෙමි …

‘තමුසේ මොකෝ මේ උදේ පාන්දර ටෙක් යන්නේ ….මම තමුසේ හොයද්දි ගෙදරින් ඇවිල්ලා ..’
මම අත් ඔරලෝසුව දෙස බැලුවේ එවිටය …. වෙලාව තවමත් උදේ හතවත් වී නැත …. වෙනත් යුවතියන් මෙන් මා නිවසේ හිදින්න ආසා කලේ නැත … එම නිවසේදී මට දැනුනේ හුස්ම හිරවෙන ස්වභාවයකි ඉතින් මා ප ප්‍රිය කලේ නිවසින් පිටවී ඒ අමිහිරි හැගීම් වලින් මිදීමටය ….

‘ හරි දැන් කියනවකො මොකද මාව අල්ලගන්න දුවගෙන ආවේ කියලා ..’

මා ඔහු දෙස විමසිලිමත් බැල්මකි …
‘ මගේ හොද අක්කා වගේ මෙන්න මේ රුපියල් පනහට මොබයිල් කාර්ඩ් එකක් අරන් ගිහින් අර මම කිව්ව කොල්ලව බයිට් කරනවකෝ …’
‘මට කොයින්ද හලෝ ෆෝන් …’

සැබවින් ම මගේ අන් මිතුරු මිතුරියන්ට මෙන් ජන්ගම දුරකතනයක් මා සතු වුවා නොවේ …. කොතරම් ආසා කලත් මා නිවසින් ඒවා ඉල්ලා කරදර කලේද නැත ….අම්මා හෝ තාත්තා මට දුරකතනයක් ලබා නොදෙන බව මා දැන උන්නෙමි … ඒ ජංගම දුරකතනය තබා නිවසේ දුරකතනයද මට තහනම් භාණ්ඩයක් කර තිබුණු බැවිනි …

‘ හරි තමුසෙගෙ අර යාලුවා දිනාරා ලග තියෙන්නේ… ඒ ෆෝන් එකක් ඒකෙන් කතා කරනවා ..’

සහන් මල්ලිට අවශ්‍ය වුවේ කෙලෙස හෝ තම මිතුරා තමුන්ට කල දෙයට පාඩමක් ඉගැන්වීමටය ..

*****
‘දිනු ෆෝන් එක දීපන්කො පොඩ්ඩක් ….’

මා මිතුරිය දිනාරා පැමිණෙන පෙර මගට දිව ගොස් ඇයට අත පෑවෙමි….. මා මෙන්ම සිහින් යුවතියක් වූ ඇය පියකරුය ….

‘මොකෝ මේ කවදාවත් නැතිව ෆෝන් එක ඉල්ලන්නේ ආ….ගනින් …’

ඈ දුරකථනය මා දෙසට දිගු කලේ විමසිල්ලෙන් මා දෙස බලමිනි …

‘විස්තරේ පස්සේ කියන්නම් … දැන් කට වහගෙන ඉදපන්කෝ …’

ගැහෙන ඇගිලි තුඩු වලින් දුරකතනයයේ ඔහුගේ අංකය සටහන් කර මා සවනට ලංකර ගතිමි …
‘හෙලෝ …’

දුරකථනය නාද වුවේ එකවරකි …එහා පසින් ඇහුනේ අර නුහුරු කටහඩයි ….

‘හෙලෝ අයියා …’

‘ඔව් කියන්න කවුද කතා කරන්නේ … ’

‘මම අර ටෙක් එකේ ෆන්ශන් එකේදී හම්බ වුනේ …’

‘ආ …අර කොන්ඩේ දිග නන්ගිද ….’
ඔහුගේ කට හඩේ වුවේ විසුළු ස්වරූපයකි …’
‘ මම මේ ..මේ …’
ඔහුට නිසි පිළිතුරක් දීමට නොහැකිව මා ගොත ගැසුවෙමි ..

‘මේ නංගි ඔයා සහන් ගේ කසින් කෙනෙක් නේද …. මම දන්නවා ඕකා තමා මේ ඔලමොට්ටල වැඩේ කරන්න ඇත්තේ …. ඉන්නවකෝ මම ඕකව අල්ලාගෙන දත් ටික බඩට යවන්න ..’
ඔහු කතා කලේ තදිනි …ඔහු සහන් මල්ලිට පහර දෙනු ඇතිද ….. සිතේ ඇති වුනේ නුහුරු බියකි …..දෙවියනේ …

‘ අනේ අයියා මල්ලිට මොකුත් කරන්න එපා … අපි මේ ජෝක් එකක් කලේ … ‘’
මගේ කටහඩ ඇඩුම්බර වී තියෙන්න ඇත ….

‘හරි හරි අඩන්නේ නැතිව ඉන්නවා ….මම මල්ලිට මොකුත් කරන්නේ නැහැ ….’

ඔහු කතා කලේ සිනාසෙමිනි …හිතේ බිය සෙමින් පහවෙමින් තිබුණි …

‘මම තියන්නම් අයියා ….ආයේ කරදර කරන්නේ නැහැ …’

‘මේ … හෝව් හෝව් ……ආයේ කතා කලේ නැති නම් මල්ලිගේ දත් ටික බඩේ තියෙයි …ඒ නිසා හැමදාම මේ විදිහට මට කෝල් කරන්න ඕන …කියනවා …කෝල් කරනවා නේද …’

මම නිහඩව උන්නෙමි ..ශීතල කදුළු බිංදුවක් කම්මුලට වැටුනේ …. බියටද සතුටටද කියා නොදැන මා බොහෝ නිහඩව උන්නෙමි …..

‘කතා කරනවා ඉතින් හාද …’

‘හා ..අයියා මම කතා කරන්නම් ..’
ඔහු මා එකග කරවා ගත්තේ බලෙනි … සිත බියගෙන තිබුන ද බියට යටින් කුමක්දෝ සතුටක් හදවත තෙරපවමින් තිබුණි …..

‘බුදුසරණයි …..ෆෝන් එක තියන්න …’

එසේ පවසා ඔහු දුරකතනය තැබූ පසු … මගේ සිතට ආවේ නුපුරුදු පාලුවකි …..

‘මොකද බන් තනියම හිනාවෙන්නේ ….’

ඔහු පැවසු දේවල් සිහිවෙද්දී දෙතොලට මද හසක් ලැබෙන්නේ නිරායාශයෙනි ….දිනාරා මා දෙස බලා උන්නේ කුතුහලයෙනි …

‘පස්සේ කියන්නම් ..අන්න මිස් යනවා ක්ලාස් එකට…’

මා දිනාරා ඇදගෙනම පංතිය දෙසට යද්දී ඕ නුල් පන්දුවක් මෙන් මා පසු පස ඇදී ආවාය …..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *