~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~11 කොටස

ඉන් පසුව මා දින ගෙව්වේ හිතක් නැති හිස් කයක් ලෙස පමණි .. සිහින අයියා ඔහු සිතනවා ඇත …මා ඔහු අමතක කර අන් අතක් බැලු බව … ඉතින් මට උවමනා විය දිව ගොස් ඒ පපුවට තුරුළුව හිතේ දුක නිමවෙනතුරු ඔහු හා දෙඩීමට උවමනා විය .. කදුළු නෙතේ අහවර වුවා නොවේ … අහරක් අනුභව කර කුස පුරවා ගැනීමට මට උවමනාවක් නොවිය … යමක් කුසට වැටුනා නම් ඒ මම්මා ගේ බලකිරීමටය …
‘බබී ඔයා හපන් කමක් කළා කියලා ආරංචි උනා …’
හදිස්සියේම අම්මා දුරකතනයෙන් මා ඇමතුවේ මේ අතරය ….
‘අම්මා …මොකක් ගැනද කියන්නෙ මේ ..’
‘ අර මනමාලයා ආව දවසේ පවුලේ නම්බුව නැත්තටම නැති කරලා තියෙන්නේ … මොන දේ වුනත් තමන්ගේ පවුලට අවනම්බු කරන්නේ නැතිව ඉන්න තිබ්බේ ඔයාට ..’
අම්මා නොනැවතිල්ලේ බැන වදිද්දී මා ඔහේ අසා උන්නෙම් …
‘මේ සැරේවත් හොදට හැසිරෙන්න ..අපිට අනිත් අයගේ මුහුණු බලලා කතා කරන්න පුළුවන් විදිහට ..’
අම්මා ඈ කුඩා කල පටන් මා ලගින් උන්නා නම් … මා මෙලෙස නොවෙන්න ඉඩ තිබුණි ..සියල්ලට මුලික බීජය වැපිරුවේ අම්මා ඈ බව මට කියන්න ඕනා විනි ..
‘අම්මා ඔයා කවදාවත් තාත්තා එක්ක සතුටින් හිටියාද …. ලෝකෙට පේන්න හස්බන්ඩ් එක්ක හිටියට මදී ළමයිටත් ආදර්ශයක් වෙන්න ඕන දෙමවිපියෝ උනාම …ඔයාට කවදාවත් එහෙම කරන්න බැරි උනා නේද අම්මා .. ..ඔයා තාත්තාගෙන් දුරස් වෙන්නේ මොන හේතුවකටද කියලා දන්නේ නැහැ මම .. ඒ උනාට ඔයාලාට අපිට පේන්නවත් සතුටින් ඉන්න සමගියෙන් ඉන්න තිබුනා …. ඔයා හැමදාම ප්‍රශ්න වලින් පැනලා ගියා අම්මා ….. ඉතින් ඔයා මට කියන්නේ කොහොමද පවුලේ නම්බුව රැකගන්න කියලා …. මම ආදරේ නැති මනුස්සයෙක් බැදලා විදවන්න බෑ මට ..’

මම කිවූ දේවල් සැර වැඩි වෙන්න ඇත .. එහෙත් දුරකතනය තදින් අල්ලාගෙන හිතේ දුක ඉවර වෙන තුරු මහා හයියෙන් කෑ ගසා විලාප දුන්නෙමි ….

‘බබී ..’ අම්මාගේ කටහඩේ කෝපයකට වඩා තිබුනේ තමා කෙරේම උපන් ශෝකයක් වෙන්න ඇත ..
‘ ඔයා මට ඕන වෙනකොට කවදාවත් මගේ ලගින් හිටියාද අම්මා … මට හිටියේ මම්මා විතරමයි අම්මා …. වෙන ළමයිට අම්මලා යාළුවො වගේ …. ඔයා කවදාවත් මගෙන් අහලා තියෙනවාද …මගේ යාළුවො ගැන … මම කැමති දේවල් ගැන … ’

‘කටවහපන් බබී …’ අම්මාගේ වේදනාකාරී කෙදිරි ගෑම අවසානයේ හිත තුල තිබු කෝපය දිය කර හැරීමට තරම් ප්‍රබල විය …. තියන්නම් යැයි හෝ නොකියා දුරකථනය මම්මාගේ යහන මතට විසි කල මා කාමරය වෙත දුවද්දී මම්මා බබී කියා කෑ ගසනවා ඇසුනත් නෑසු ලෙසින් මා කාමරය තුලට වැදී දොරගුළු ලා ගතිමි …..

අඩා දොඩා අහවරව මගේ හිත තුල ඉතිරිව තිබුනේ පසුතැවිල්ලකි …
********
දින ගානක් යනතුරුම මා කාමරයෙන් එළියට හෝ නොබැස කාමරය තුලටම වී උන්නෙමි … මගේ වෙනස දෙස බලමින් මම්මා හුල්ලන අයුරු මට ඇසුනේ වරක් දෙවරක් නොවේ ..
‘පුතා …’
එදින තාත්තා ව්‍යාපාර කටයුත්තකට බැහැරට යන්න සුදානම් වී එලියට බසිද්දී මම්මා තාත්තා යන පෙර මගට පිය මනිනු මා කාමරයේ මෑත් වූ දොර තිරය අතරින් බලාගෙන උන්නෙමි ..
‘අම්මා ඇයි …’
‘මම පොඩ්ඩක් පුතා එක්ක කතා කරන්න හිතාගෙන හිටියේ මේ දවස් ගානක ඉදලා ..’
‘ඇයි අම්මා මොකක් හරි ප්‍රශ්නයක්ද ..’
‘ ඔව් මේ අපේ බබී ගැන තමා ..’ ඔවුන් ගේ කතා බහ මා පිලිබදව බැවින් මා එදෙසට සවන් යොමාගෙන උන්නෙමි …
‘ මොකක්ද අම්මා ..ආයෙම කරදරයක් කරගෙනද ..’
‘අනේ මන්දා පුතා මෙහෙම ගියොත් මේ දරුවා හාමත් වෙලා මොනවා හරි වෙනවා… බත් එක බෙදලා අතට දුන්නත් අත ග ගා ඉන්නවා මිසක් බත් කටක් කන්නේ නැහැ ඔහේ කල්පනා කර කර ඉන්නවා ’
‘හ්ම්ම්ම්ම් …මොකක්ද අම්මා අපි කරන්නේ …’
‘අපේ ලොකු පුතාලාගේ ගෙදර මේ ළමයා ටික දවසකට නතර කරලා තියමුද .. වෙඩින් එකට කලින් පොඩ්ඩක් හිත හදාගන්නවත් … අනික එහෙ පොඩි එවුන් එක්ක ඉද්දි මේ හෝන්දු මාන්දු ගතිය නැතිවෙලා යයි ….’
‘ඔව් එහෙම කරමු …. අම්මා අයියට කතා කරලා ලැහැස්ති කරන්න එහෙනම් …’

තාත්තා යන්න ගියේ මා මාමාගේ ගෙදර ගෙන ගොස් ඇරලවීමට කටයතු සුදානම් කරන ලෙස දන්වමිනි …

ඉතින් ආයේ මට දිගු කලකට සිහින අයියා ඇමතීමට හැකි නොවනු ඇත .. මාමාගේ නිවසට යෑමට පෙර සිහින අයියා ඇමතිය යුතුය … කුමක් වුවත් නොසැලී ඔහු වෙනුවෙන් ජිවත් වෙන බව පැවසිය යුතුය …. එදින සවස් කාලේ මම්මා නින්දට ගිය විගස මා කලේ රහසින්ම නිවසින් පිටතට විත් කමිනිකේෂන් එකක් සොයාගෙන යෑමය….

‘ හෙලෝ ..’
මා ඔහු ඇමතුවේ මාස ගානකට පසුවය …. එහා ඉමෙන් ආ ඔහුගේ කටහඩ අසාගෙන මා මොහොතක් උන්නේ හුස්මක් උව නොගෙනය …
‘රෝසි …. ‘’
ඔහු මා අදුනගන්න ඇත ….
‘අයියා මාව ඇදිනුවාද …’
මම හෙමින් බොහෝ හෙමින් හඩ අවදි කලෙමි ..
‘ ඔයාගේ හුස්මක හඩත් මම අදුනරනවා මැණික ….මම ගොඩක් බය වුනා ආයෙම ඔයා මට කතා කරන්නේ නැති වෙයි කියලා …’
ඔහුගේ කටහඩ මෙලොව මා ආසම කල කටහඩයි … ඉතින් ඒ හඩ නො අසා මා සිටින්නේ කෙලෙසද කියා ඔහුට පැහැදිලි කරදිමට උවමනා උනිද …මා ඔහු කියවන්න අසා උන්නා මිස කිසිවක් නොකීවෙමි …
‘ ඔයා ගොඩක් කෙට්ටු වෙලා …. ඔයා කන්නේ නැද්ද මැණික … ‘’
‘මට කන්න හිතෙන්නේ නැහැ අයියා …මම කෙට්ටු වෙලා ගොඩක් කැත උනොත් ඔයාට මාව එපා වෙලා යයිද අයියා ..’
කවදාවත් නැහැ මැණික .. ඔයා තමා මේ ලෝකේ ලස්සනම කෙනා මට නම් ..ඔයා මොන විදිහකට හිටියත් ..’
‘අයියා කොහෙද ඉන්නේ දැන් …’
‘මම මේ යාළුවො එක්ක බීච් එකට ආවා මැණික …කට්ටියම බීච් එකේ සෙල්ලම් කරනවා …මම බලාගෙන හිටියා ..’
‘ මට ආදරෙයිද අයියා …’
‘ඔව් මම ආදරෙයි නිකිණි ..’ ඔහු එය පැවසුවේ මදක් හඩ නගාය …

‘කාට හරි ඇහෙයි අයියා ඔච්චර හයියෙන් කෑ ගහලා ..’

‘මට හැමෝටම ඇහෙන්න කෑ ගහලා කියන්න ඕන … මම ඔයාට ආදරෙයි කියලා …ඔයා නැතිව ජීවත්වෙන්න බෑ කියලා ..’

‘ආදරෙයි අයියා ..’

‘මම ගොඩක් ආදරෙයි නිකිණි …’

‘අයියා දන්නවද …. මාව මාමාලාගේ ගෙදර ඇරලවනවා කිව්වා … ආයේ කාලෙකට ඔයාට කතා කරගන්න බැරි වෙයි ..එයාලා හිතන්නේ මම එහෙ නැවත්තුවාම කසාද බදින්න මම හිත හදා ගයි කියලා … ‘’

‘ ඔයා හිත හදාගන්නවාද නිකිණි …’

‘කවදාවත් ….මට හිතහදාගන්න බැහැ වෙන කෙනෙක් බදින්න … මම ඔයාට විතරයි ආදරේ ..’
සිහින අයියා සමගින් බොහෝ වෙලා කතාබහ කල පසු සිත නොනිවුනා කිව්වොත් පුදුමය …..ඒ හිතේ මා ගැන ආදරය ඇති තාක් මට ජීවිතය බොහෝ පහසු වෙනු ඇත …. එහෙත් ඔහු නැති දාක මේ හිත හදා ගැනීමට නම් නොහැකි වනවා නිසැකය …

*****
මතු සම්බන්ධ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *