~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~25

25 කොටස

ආදරය දුරස් වෙද්දී මා කලේ සබදකම් සොයා යෑමය .. සිහින අයියා පෙර මෙන් මා ගැන සොයා බැලුවාද නොවේ ….ඉතින් මා රිසි සේ හැසිරෙන්න පටන් ගත්තෙම් …. මුහුණු පොතෙන් නදුන් සමග සමග ඇතිවූ මිතුරු කම නිසා මට පෙර තිබු තනිකම දුක දැනුනාද නොවේ … මගේ අයියා මෙන්ම මිතුරන් සමග මා සබදකම් පැවැත්වුවේ මුහුණු පොතින් පමණි …. සිහින අයියාට රහසින් සුළු මුදලක් වියදම් කර දුරකථනයක් මිලදී ගත් මා ඉන් පසුව රිසි සේ අයියා සමග කතා බහ කිරීමට පටන් ගත්තෙමි …..නිරන්තරයෙ අයියා මා ගැන සොයා බැලුවේ නාදුනන නගරයේ තනිවී සිටින කුඩා නැගණිය ගැන බියෙන් විය යුතුය …

‘ මට ආදරය නැති වුනා නංගි … විදින්න ඕන හැම දුකක්ම වින්දා …පොලිසි වල ලැග්ගා …. ඒ හැම දේටම පස්සේ ආදරේ නැති වුනා … මේ හැම දෙයක්ම උනේ අපේ තාත්තාගේ වැරදි නිසා ..මොන දේ තිබුනත් හිත හොයන ආදරේ නැති නම් ජිවත් වෙන්න අමාරුයි නංගි ….දැන් මම පිස්සෙක් වෙලා ඉන්නේ ..’
අයියා කතා කලේ හඩා වැටෙමිනි ….පිරිමියෙකු වුවද ඔහුට දරා ගැනීමට බොහෝ අපහසු වෙන්න ඇත .. දුක කියා අවසානයේ අයියා දුරකථනය තබන්නේ මට බොහෝ පරිස්සම් වෙන ලෙස උපදෙස් දෙමිනි …
***
‘නිකිණි මට ඔයා එක්ක කතා කරන්න ආසයි …’
‘ඉතින් කතා කරන්නකෝ …’
‘ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න එහෙනම් ..’

නදුන් මුහුණු පොතේ සංවාදයේ යෙදෙන අතර දිනක් මගෙන් දුරකතන අංකය ඉල්ලා ගත්තේ ඔය ලෙසටය … ඉතින් ඉන් පසු ඔහු සැමවිටම පාහේ මා ගැන සොයා බලන්න වුවේය ..

‘අයියා මට හෙට සැලෝන් එකේ වැඩකට කොළඹ යන්න ඕන ….. මම හරියට පාරවල් දන්නෙත් නැහැ නේ ..ඔයාට පුළුවන් නේද මාත් එක්ක යන්න එන්න ..’

‘මම දුර සයිට් එකක ඉන්නේ නිකිණි හෙට එන්න බැරි වෙයි .’
මා කල ඉල්ලීම සිහින අයියා බැහැර කලේ ඔවැනි කතාවක් කියාය ..ඉතින් මා කිරිමට දෙයක් නොමැතිව පිහිටක් පැතුවේ නදුන් ගෙනි … නාදුනන නගරයක උදව්වක් ඉල්ලන්න කියා හෝ මට කෙනෙක් නොසිටියේය …උන්නේ සිහින අයියා පමණක් වුවද ඔහු බෙහෙවින් දුරස් වී උන්නේය …

‘මම එන්නම් නිකිණි ඔයා බය වෙන්න එපා …’
කිව් සැනින් නදුන් මා කල ඉල්ලිමට එකගවුවේය …

පසු දින මා කොළඹ නගරයට පිට වුවේ නදුන් සමගය …. ඔහු පාසල් කාලයේ මා ලගින් ඇසුරු කෙරුවෙකු හෙයින් මට ඔහු ගැන කිසිදු බියක් නොදැනුනේ විය … මා ඇරලා ඔහු පිටව ගියේ මා ගැනීමට එන බව පවසමිනි …

ඉතින් ඒ දිනය ගෙවා මා පිටතට එනවිට නදුන් අප සමුගත් තැන හිද බලා උන්නේය …ඒ මුහුණේ වුවේ තෙහෙට්ටුවකි …

‘ඔයා මොනවාද ඔච්චර වෙලා කලේ ..’
‘ මම මේ ..මේ … ටවුන් එක පුරාම ඇවිද්දා ….බඩගිනි කෑවෙත් නැහැ .. ඒක නෙවේ නිකිණි අපි බීච් එකට ගිහින් යමුද ’
ඔහු කල ඉල්ලීම මට ඉවතලිය නොහැකිය …….. නදුන් බොහෝ කට්ටක් කා දිනය පුරා මා වෙනුවෙන් බලා හිද ඇත …. කිසිත් නොකියා මා ඔහු කියුවට එකග වුවේ ඒ නිසාය …

වැල්ලට වී බලා උන්නද මට රැල්ල පෑගීමට කිසිදු කැමැත්තක් ඇතිවුවා නොවේ .. සිහින අයියා …ඔහු මා සමග කි වරක් මෙහි පැමිණ ඇතිද ….

‘අනේ අයියා … අපි රැල්ල පාගමුකෝ … ‘’ මා සිහින අයියා අතින් ඇදගෙන යන්න වලිකද්දී ඔහු කරන්නේ තරයේ මගේ අතින් අල්ලා ඉන් වැලකිමයි ..
‘ඔයා ගිහින් පොඩි එකා වගේ රැල්ලට පැනලා …ලොකු රැල්ලකට එහෙම අහුවුනොත් ගහගෙන යයි ..’
සිහින අයියා එදවස මට තරවටු කරයි … ඒ මා ඔහුගේ අතින් මිදී දුවන්න සැරසෙද්දී ය
‘ඉතින් ඔයා ඉන්නවානේ මාව බේර ගන්න ..’
‘මම පිනන්න දන්නේ නැහැ ..අපි දෙන්නටම මැරෙන්න වෙන්නේ ..’
‘කමක් නැහැ මැරුණත් එකට නේ ..’
මා අඩා කොතරම් ඇවිටිලි කලද සිහින අයියා බිය නිසා කිසිදිනක මට රැල්ල පෑගීමට යෑමට ඉඩ නොදෙයි ..

‘නිකිණි අපි රැල්ල පාගමුද ..’

අතීතයේ මතකයන් අතර සැරිසරමින් උන් මා පියවි ලොවට පැමිණියේ නදුන් ගේ හඩිනි …

‘මට මහන්සි නදුන් අපි ගෙදර යමුද …’

මා සිහින අයියාට වරදක් කල බව සිහිවීම නිසා මට දැනුනේ වරදකාරී හැගීමකි … සිහින අයියා මට කුමක් කලත් මට වෙනකෙකු හා මෙලෙස නොඑන්නට තිබුණි …

නදුන් ඔහු ප්‍රියමනාපශිලිය …සැමවිටම මදහසකින් මුව සරසාගෙන සිටින ඔහු කිසිවෙකු උදව්වක් ඉල්ලුවහොත් කිසිවිටෙක එය බැහැර කෙරුවාද නොවේ … ඔහු මා වෙත ලංවෙන්න ගත්තේ සියුම් ලෙසය .කාලයත් සමග මා ඔහුට මා සිදුකරන සියලුම දේ කීමට හුරු වූවෙමි … එලෙසම ඔහු කිසිවක් කියුවොත් මා ඔහුට එරෙහි නොවී ඔහු කියන්න කිරීමට පුරුදු වූවෙමි …. සිහින අයියාගෙන් මා දුරස් වෙද්දී මා වඩ වඩාත් නදුන්ට ලන්වුවෙමි …. සිහින අයියා දෙන ඇමතුමකට පමණක් පිළිතුරු දුන් මා කිසිවිටෙක ඔහුට ඇමතුමක් හෝ නොදුන්නෙමි … නදුන්ට මා සිහින අයියා ගැන කිසිවිටෙක නොකීමට ප්‍රවේශම් වුනෙමි … .

‘මම ඔයාට ආදරෙයි නිකිණි …ඔයා මට ආදරෙයි නේද ..’
නදුන් සිතා උන්නේ මා ඔහුට පෙම් කරන බවයි …එහෙත් මා කිසි දිනක ඔහුට ආදරේ කියා නොකිව්වේ සිහින අයියා තරමට මට ඔහු නොදැනුන බැවින්ද .. නැති නම් මා දැන උන්නේ සිහින අයියාටම පමණක් පෙම් කිරීමට පමණක් නිසාද කියා නොදැන උන්නෙමි ..
සිතා සිතා අවසානයේ මා තීරණය කලේ දෙදෙනාගෙන්ම ඈත්වෙමි කියාය ..ඉතින් මා දින ගානක් යනතුරු දෙදෙනාටම කතා නොකර සිතින් විදවමින් උන්නෙමි ..මා නිසා නදුන් ජීවිතය වරදවා ගයි කියා මට බියකි දැනුනේ .. කිසි දිනක නදුන් මට යුතු යෝජනාවක් කර නැත …කොතරම් ලගින් අසුන්ගෙන උන්නද මගේ අතකින් පවා අල්ලා නැති ඔහු මා ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන උන්නේය …මා ගැන සොයා බැලුවේ …..මා රැක ගන්න උත්සහ කලේ ඔහු සැබවින් මටපෙම් කල නිසා වෙන්න ඇත ..

කාලයකට පසු ඒ ඉරු දින සිහින අයියා මා දැකීමට විත් තිබුණි …ඉතින් ඔහුට මා හා ගතකිරීමට මහා කාලයක් වුවා නොවේ …මද වෙලාවක් හිද ඔහු යන්න ගියේ පසු දා උදෑසනින් රාජකාරියක් සදහා දුරක යෑමට ඇති බව පවසමිනි ..

මා දින ගණන් කතා නොකර ඉද්දි නදුන් බිය වෙන්න ඇත ….එක දිගට නදුන් ඇමතුම් දෙද්දී ගලක් සේ උන් මා දුරකථනය අතින් ගෙන සවනට තද කරගත්තෙමි …

‘නිකිණි මොකක්ද මේකේ තේරුම … ඔයා මට කෝල් කරන්නෙත් නැහැ … ඔයාට මාව එපාද ….හෙට උදේම මම ඔයාව බලන්න එනවා …ප්ලීස් අපි හම්බ වෙලා මේක විසදගමු ..’

‘අපි හම්බ වෙලා කතා කරමු නදුන් … ‘’ මා දුරකතනය තැබුවේ පසුදින ඔහු හමුවන බවට පොරොන්දු දෙමිනි ..

*****

‘කොහෙද ඔයා ඉන්නේ නිකිණි …’

‘මම දැන් තමා මේ පාරට ආවේ …’
මා පාරට බැස්සේ නදුන් ගේ දුරකථන ඇමතුමට පිළිතුරු දෙමිනි

‘තව කොච්චර වෙලා යයිද ….මම ගොඩක් වෙලා බලාගෙන ඉන්නේ …’
‘තව පැය භාගයක් යයි ..’
ඇමතුම අවසන් කර කලිසම් සාක්කුවේ දුරකතනය දමාගෙන පියවරක් හෝ යන්න ලැබුනා නොවේ … පසු පසින් පැමිණි කිසිවෙකු විසින් සාක්කුවේ රුවාගත් දුරකථනය ඇදගද්දී මා තිගැස්සී පසු පස හැරී බැලුවෙමි .. අදහන්න කේන්තියෙන් වියරු වැටුණු මුහුණින් මා දෙස බලා උන්නේ සිහින අයියයි ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *