~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~26

26 කොටස

‘ ….. මට උබව හම්බ වෙන්න ඕන … පුළුවන් ඉක්මනින් මෙතෙන්ට වරෙන් .. අවුලක් ලිහා ගන්න තියෙනවා ..’
දුරකථනය අතට ගෙන එය පරික්ෂා කල සිහින අයියා මා ඉදිරියේම මගේ දුරකථනයෙන් නදුන් අමතද්දී ….. සිදුවන්නේ කුමක්ද කියා අදහාගත නොහැකිව මෙන් මා බලා උන්නෙමි …
‘මේකයි එහෙනම් හොරේ …මම දන්නේ නැතිව ඒ මිනිහා එක්ක කොච්ච්ච්ර කල් ආශ්‍රය කළාද..’
‘අයියා මම එයා එක්ක කිසිම සම්බන්ධකමක් නැහැ ..’
‘මම දැනගත්තා …එක පාරට වෙනස් වෙද්දී …මොකක් හරි දෙයක් තියෙනවා කියලා …. මගේ සැකේ හරි …අද අතටම අහුවුනා …හිටපන්කෝ හොර මිනිහා එනකන් මම උගෙන් දැනගන්නම් උබේ කැරැට්ටුව…’
තවත් පැය භාගයකට පමණ පසු නදුන් අප සොයා පැමිණෙන තුරාවටම සිහින අයියා ඔවැනි නොසරුප් වදන් බොහොමයක් කියා වද දෙද්දී මා නිහඩව අසා උන්නා පමණි .. නදුන් උන්නේ බොහෝ කලබලයෙනි ….ඔහු සිතන්න ඇත්තේ මට කරදරයක් වුවා කියා වෙන්න ඇත …වෙනදා ඒ මුහුණේ ශාන්ත භාවය වෙනුවට ඔහුගේ මුහුණේ වුවේ ප්‍රශ්නාර්ථයකි ….
‘ආ මෙයාද මෑන් …. ‘’
‘ඇයි නිකිණිට මොකක් හරි ප්‍රශ්නයක් ද ..’
‘ප්‍රශ්නයක් … ඔව් ප්‍රශ්නයක් ..දැන් මෙකි මගේ ජීවිතේම ප්‍රශ්න පත්තරයක් කරලා ඉවරයි ..දැන් උබ මට ඒවාට උත්තර දීපන් ….’
සිහින අයියාගේ නෙත්වල වූ කෝපය දැක මා බියෙන් සලිත වී ගියෙමි
‘මොකක් ….මොකක්ද …..වෙලා තියෙන්නේ ..’
නදුන්ගේ කටහඩ වෙව්ලමින් තිබුනේ විය …
‘මේකි මාත් එක්ක යාලු වෙලා ඉන්නේ ….. මට කියපන් …. ඇත්තම කියපන් ….උබත් එක්ක මේකිගේ තියෙන සම්බන්ධේ මොකක්ද කියලා කියපන් .’
සිහින අයියාගේ පැනයෙන් නදුන්ගේ මුහුණ වේදනාවෙන් කැතවි ගියේය …මුව විවර කර කතා කරන්න උත්සහ කලද ඔහුගේ මුවින් මොහොතක් යනතුරු වදනක් හෝ පිටවුවේ නැත ….

‘ මගේ හිතේ නිකිණි ගැන ආදරයක් තිබ්බා … ඒ උනාට නිකිණි කවදාවත් මට ආදරේ කරනවා කියලා නැහැ …මම තමා එයාට බලෙන් කතා කලේ .. එයා මට ආදරෙන් කතා කරලාවත් මම එවපු මැසේජ් එකකට රිප්ලයි කරලාවත් නැහැ ….මම මේ දේවල් බලෙන් ගොඩ නගා ගත්තේ …..නිකිනිගේ කිසිම වැරද්දක් නැහැ ..’
මගේ ලයට හුස්මක් වැටුනේ එවිටය …ඔහු සියල්ල පවසනු ඇතයි මොහොතකදී සිතුනත් සියළුම වැරදි තම කරපිට පටවා ගත් ඔහු මා නිදොස් කරන්න විරිය කරද්දී ඒ දෑස් මුල කදුලක් බොදවී ගොස් තිබුණි .
‘ප්ලීස් මම නිසා ඔයාලා දෙන්නාගේ එෆෙයර් එක නවත්තන්න එපා …’ නදුන් උත්සහ කලේ අප දෙදෙනා සමගි කිරීමටය .. මා කලේ අඩා වැළපීම පමණකි …. වෙනත් මිනිසෙකු නම් මා හට වරද පටවා වරදකාරියක කරනු ඇත …එහෙත් ඔහු ඉතා උතුම් පුද්ගලයෙක් විය … ඔහු තමාට වඩා සිතුවේ මා ගැනය …
‘ආයේ නිකිනිව හම්බවෙන්න ට්‍රයි කරන්න එපා …..’
නදුන් ඉදිරියේම මා ලගට ඇදගත් සිහින අයියා කරවටා අතක් දමා පටලා ගද්දි මට කිසිදු හැගීමක් වුව නොදැනුනේ විය .. හිස උසවා නදුන් දෙස බැලීමට නොහැකි තරම් හැගුමකි මට දැනුනේ …සිහින අයියා සිටියදී තවත් පිරිමියෙකුට ලංවී ඔහුගේ හිත බිදවිමට තරම් මා පහත් වුවේ කෙලෙසකද .. මද දුරක් ඇවිද ගොස් මා පසු පස හැරී බලද්දිත් නදුන් උන් තැනම බිම හිදගෙන හිස අල්ලාගෙන දුක් ගත් දෑසින් බලා උන්නේය …..දුක හිතුනේ මා ගැන පමණක්ම නොවේ …මට පෙම් කල ඔහු ගැනද දුක දැනුනේය ..
‘ආයේ වැඩට යන්න ඕන නැහැ …මොනවා හරි පිළිවෙලක් වෙනකන් මෙහෙට වෙලා ඉන්නවා ..’ සිහින අයියා මා නවාතැනට මා ඇරලුවේ තහනම් නියෝගද පනවමිනි ..
‘අක්කා මෙයාව ආයේ ගෙදරින් එලියට යවන්න එපා … ‘ ඉන් පසුව සිහින අයියා නයනි අක්කාටද මා නිවසින් පිටතට නොයවන ලෙස පවසා පිටව ගියේය …..
‘නිකිණි ඔයාට කරදරයක් නැහැ නේද .. …’ මා සගවා තබාගෙන පාවිච්චි කල දුරකථනයට ඇමතුමක් ආවේ නදුන් ගෙනි ..
‘මට ප්‍රශ්නයක් නැහැ නදුන් …වෙච්ච දේවල් වලට සමාවෙන්න …’
මා ඔහුගෙන් සමාව ඉල්ලුවේ ඉකිබිදිමිනි …
‘මට සිහිනව හම්බ උනා නිකිණි …. එයා ඇහුවා අපි දෙන්නා කොහේ හරි ඇවිදින්න ගියාද කියලා ….මම කිව්වා එහෙම කොහෙවත් ගියේ නැහැ කියලා ..නිකිණි ඔයා මම නිසා ජ්විතේ අවුල් කරගන්න එපා සිහින එක්ක සතුටින් ඉන්න …. සිහින කිව්වා ඔයාව ගෙදර ගිහින් ඇරලවනවා කියලා …දෙන්නා කතා කරලා ප්‍රශ්න විසදාගන්න …’
නදුන් දුරකථනය තැබුවේ බොහෝ උපදෙස් දීමෙන් පසුවය …ඔහු කනගාටුවෙන් උන්නද මගේ සිත රිදෙන අයුරින් ඔහු වචනකයකදු නොකීවේය …

***
සිහින අයියා ඉදහිට දිනක මා බැලීමට පැමිණියද ඔහු ඒ හැම දවසකම වාගේ නදුන් සිහිකර නෝක්කාඩු කීමට පුරුදු වී උන්නේය …
‘මම ඔයාව ගෙදර ගිහින් දානවා .. මෙහෙ ඉදලා අරුත් එක්ක යන්න ගියොත් මටත් පොලිසි ගානේ යන්න වෙයි ..’
සිහින අයියා මා දෙස බලා ඉන්නේ අමනාපයෙනි … මිදුලේ බංකුවේ ඔහුට එහා පසින් උන් මා ඔහු දෙස බලා උන්නේ බොහෝ කලකිරීමෙනි …
‘මට ගෙදර යන්න බෑ …මම මෙහෙ ඉන්නම් .. වෙච්ච දේවල් වලට මට සමාව දෙන්න …’
‘තමුසේ කියනවා තමුසේ ඌත් එක්ක කොහේ කොහේ ගියාද කියලා ….’
සිහින අයියා මා දෙස බලා උන්නේ අපහාසාත්මක බැල්මකිනි …
‘මම බීච් එකට විතරයි ගියේ වෙන කොහෙවත් ගියේ නැහැ ..’
මට සිහින අයියාගෙන් කිසිවක් සගවා තබා ගැනීමට උවමනා වුවා නොවේ .. ඉතින් මා සිදුවූ සියල්ල ඔහුට කියා දැම්මෙමි ..
සිහින අයියා මා දෙස බලා උන්නේ ගිනි පිටවන දෑසිනි …ඒ හැගීම් තේරුම් ගැනීමට මගේ සිතට දැනුනේ බියකි …
ඉන් පසු සිහින අයියා බොහෝ වෙනස් වෙන්න පටන් ගත්තේය .. මගේ සුළු වැරද්දක් මහා විසල් කරගන්නා ඔහු නදුන් සිහි කරමින් මට බැන වදින්න පටන් ගත්තේය ..

‘බීච් ගියා කියලා විතරයි කිව්වේ ..ඒ උනාට කව්ද දන්නේ ඌත් එක්ක තව කොහේ කොහේ ගියාද කියලා .. සමහර විර යන්නත් ඇති ….. ඌ කිව්වෙත් මට කොහෙවත් ගියේ නැහැ කියලා නේ … ‘’

හේතුවක් ඇතිව හෝ නැතිව සිහින අයියා නිරන්තරයෙ මට බැන වදින්න පටන් ගත්තේය … විටෙක ආදරෙන් බොහෝ ආදරෙන් මට සලකන ඔහු තවත් විටෙක බැන වදින්නේ කිසිදා මට ආදරේ නොකරන්නෙකු ලෙසටය ..
‘කොච්චර ආදරෙන් හිටියත් ගැහැණු විශ්වාස කරන්න බැහැ ..’
ඔහු විටෙක පිහියෙන් අනින්නාක් මෙන් බරපතල ලෙසටය කතා කලේ …. ඉතින් මා කලේ පාඩුවේ ඔහු කියන්න අසා සිටීම පමණි ….

විටෙක මට සිතුනේ මේ සියල්ල දරාගත නොහැකිව මා උමතුවේ යැයි කියාය …. කිසිදු සමාජ ඇසුරක් නොමැතිව නිවසට කොටුවී ජිවිත කාලෙන් භාගයක් ගතකල මා සිහින අයියා සොයා ආවේ කිරිලියක සේ නිදහස සොයා වුවද මා තවත් වරක් නිවසක් තුලට කොටු වීමය සිදු වුවේ … ඉතින් මට ජීවිතය එපා වීගෙන ආවේය …

පෙර දිනවල මට රහසින් මත්පැන් පානය කල සිහින අයියා අරක්කු සිගරට් පානය කර මා ඉදිරියට එන්න ගත්තේය …මා ඊට විරුද්ධව යමක් කිවා නම් ඔහු කලේ නදුන් සිහිකර මට බැන වැදීමය ….පපුවට දැනුන බර උහුලාගත නොහැකි උවද මා දරා උන්නෙමි ….. ඒ නදුන්ට ලංවී මා කල වරද නිසාය ..
****
‘නිකිණි අද මම යාළුවො එක්ක කොක්ටෙල් පාර්ටි එකකට ආවා ..’
සිහින අයියා දුරකථනයෙන් පවසද්දී මගේ හිත බොහෝ රිදුනේය ..මා ඔහු එනතුරු බලා ඉද්දි ඔහු මිතුරන් සමග එක්වී මත්පැන් බොමින් සිටි …
‘ අයියා ඔය හැටි බොන්න එපා .. මාව බලන්න එන්න ….මම පාලුවෙන් ඉන්නේ ගොඩක් …. ‘’

‘මට දැන් පොඩ්ඩක් වැඩි එන්න විදිහක් නැහැ ..’
ඔහු මගේ ඉල්ලීම ප්‍රතික්ශේප කරද්දී මට දුක හිතෙන්නේ මා ගැනමය ..

‘ඔයා ආවේ නැත්තම් මම මොනවා හරි කරගන්නවා …මට කිසිම නිදහසක් නැහැ …. මම මේ ගේ ඇතුලට වෙලා හුල්ල හුල්ල ඉන්නවා … ඔයා ..ඔයා යාළුවො එක්ක එකතුවෙලා බි බි ඇවිදිනවා …

‘නිකිණි මට එන්න බැහැ තේරුම් ගන්නවා …විකාර කරන්න එපා …මම හෙට එන්නම් …’

‘මගේ අතින් වැරද්දක් උනා ..මම පිළිගත්තා … ඔය දේවල් කරලා මගෙන් පලිගන්න එපා අයියා ..’

හිතේවූ ආවේගයෙන්ම දුරකථනය විසන්ධි කර මේසය මත තිබු පැනඩෝල් කාර්ඩ් එකේ ඉතිරිව තිබු පෙති කීපයම ගලවා උගුරට දමාගෙන එක හුස්මට වතුර විදුරුවක් බීගෙන ගියෙමි .. මට උවමනා වුවේ ජීවිතෙන් සමුගැනීමට ය ..කිසිම සැනසීමක් නැති ජීවිතය මට ඇති වී තිබුණි ….. මා යහනේ වැතිරුණේ මේ අවසාන නින්ද වේවා යැයි පතමිනි …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *