~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~ 27

27 කොටස (අවසාන කොටස )
දිගු නින්දකින් පසු අවදි වුවා මෙනි මට හැගුනේ …සිහින අයියා මා හිස ඔඩොක්කුවේ හොවාගෙන සෙමින් බොහෝ සෙමින් හිස අතගාමින් බෝ දුකින් මා දෙස බලා උන්නේය ..
‘ නිකිණි මොනවද රත්තරන් මේ කරගන්න ගියේ …ඔයාට මොනවා හරි උනා නම් මම කොහොමද මැණික මම ඉවසන්නේ …’
සිහින අයියා කතා කලේ නිවුන හඩිනි …ඔහු බිය වෙන්න ඇත එහෙත් මා ඔහුගේ හිත හදන්න ගියේ නැත …හැගීම් නැත්තියක සේ මා ඔහේ බලා උන්නා පමණි .

‘ඔයා මාත් එක්ක අපේ ගෙදර යමු ..මොන දුකක් උනත් අපි දෙන්නාමනේ විදින්නේ …. ‘ බොහෝ වෙලා කල්පනා කිරීමෙන් පසු සිහින අයියා තීරණයක් ගෙන උන්නේය … ඉතින් කදුළු නෙතට ඉනුවේ ඉබේටමය … හුස්ම හිරවී වචන මුවින් පිට වුනාද නොවේ … මා කලේ හිස වැනිම පමණි ..
‘අනේ මල්ලි මේ කෙල්ලව කොහොමද අපි එහෙම එවන්නේ …. මේකිට කරදරයක් වුනොත් අපිටත් වග කියන්න වෙයි ..’
නයනි අක්කා මා අනාත දැරියක ලෙස සිහින අයියා හා යැවීමට එකගවුවා නොවේ ..
‘හරි නයනි මම සිහින එක්ක ගිහින් කතා කරලා එන්නම් ..එතකොට බයක් නැතිව නිකිනිව යවන්න පුළුවන් නේ ..’
සජිත් අයියා මා හා සිහින අයියා සමග නික්මුනේ ඔහුගේ නිවැසියන් හා කතා කර විසදුමක් ලබා දීමටය .. යන අතරතුර සිහින අයියාගේ පියාට ඇමතුමක් ගෙන අතරමගට පැමිණෙන ලෙස දැන්වුවේය..
‘මොකද දරුවෝ මේ ..’ සිහින අයියාගේ තාත්තා මා දෙස බලා උන්නේ විස්මයෙනි
‘තාත්තා මම නිකිනිව බදින්න කැමැති ..’
‘උබට පිස්සුද මේ හදිස්සියේ ….එහෙම දෙයක් කරන්නේ කොහොමද … මතකනේ මේ කෙල්ලගේ තාත්තාගෙන් අපි ඇහුව කතා ..’
සිහිනගේ පියා කිසිසේත්ම මා ඔවුන්ගේ නිවසට ගෙන යෑමට එකග වුවේ නැත ..
‘අන්කල් පොඩ්ඩක් එන්නකෝ …’
සජ සිහින අයියාගේ පියා පසෙකට එකතුකොට ගිය සජිත් අයියා සිදුවූ සියල්ල පහදද්දී අප දෙදෙනා අනිත් පස හිද බලා උන්නෙමු …
‘ මේ ප්‍රශ්නේ විසදෙනකන් මේ ළමයා මේ පුතාලාගේ ගෙදර ඉන්න … දැන් වුන දේවල් උනා ….අපි ඉක්මනට තීරණයක් ගමු ..’
සිහින අයියා ගේ තාත්තා අප දෙදෙනාටම අවවාද කර මා ගෙනවිත් නයනි අක්කලාගේ නිවසේ නතර කරගන්න ලෙස උපදෙස් දුන්නේය …
‘අපි ඉක්මනට බදිමු …. පොඩ්ඩක් ඉවසලා ඉන්න …’
සිහින අයියා මා නයනි අක්කාගේ නිවසේ නතර කර ගියේ එලෙසට පොරොන්දු දෙමිනි ..

*****
ඉන් පසු දින ගෙවී ගියේ සතුටෙනි … සිහින අයියා මා වෙත ආදරය පාද්දී මා ඔහුට පෙර මෙන් පෙම් කිරීමට පටන්ගත්තෙමි … සිහින ඔහු සමහර දිනවල මා ඔහුගේ නිවසට කැටුව ගියේය … ඔහුගේ මව මට බොහෝ ආදරය කළාය ….මා කන්න කැමති යමක් ඇති නම් මට පිළියෙළ කර දීමට තරම් ඈ කාරුණික වුවාය … ඉතින් මා උන්නේ සතුටෙනි …
එහෙත් ඒ සතුට රැදුනේ කි දවසක්ද …සිහින අයියා හෙමි හෙමින් වෙනස් වෙන්න වුවේය …ඔහු නැවත යාළුවන් සමග එක්වී මත්පැන් පානය කරන්න පටන් ගද්දි මට සිදු වුවේ කාමරය මුල්ලකට වී ඉකිබිදිමටය ….
‘ නිකිණි අද යාලුවෙක් ගේ පාර්ටි එකකට යනවා මම ..’
සිහින අයියා මා බැලීමට පැමිණ ආ විගස යන්න සුදානම් වුවේ එලෙස පවසමිනි …
‘ඔයා ගියොත් බොනවා යන්න එපා අයියා ..’ මා කලේ සිහින අයියාගෙන් නොයන ලෙස අයැදීමය …
‘ ඔයාට විතරද හොද ඔයා කැමති දේවල් කරන්න ආ …. අර නදුන් එක්ක යාලුවෙලා නැටුව නාඩගම මතක නැහැ කියලද හිතුවේ .’
‘ඔයා පරණ දේවල් ඇදලා අරන් මට බනින්න එපා අයියා ..’
‘බනින්න වටින දේවල් නේ කරේ … වැරැදි කරලා දැන් එනවා මෙතන සුදනා වෙන්න ..’
මිතුරන් හා සාදයට යෑම සදහා අවසර ගැනීමට ඔහු සුදුසු නුසුදුසු සියල්ල පවසමින් මට බැන වදිද්දී මා නිහඩව අසා උන්නා පමණි .. ඉතින් ඔහු යන්න ගියේ මා උපරිමයට රිදවීමෙන් අනතුරුවය …
ඉන්පසු සිහින අයියාට මිතුරන් සමග විනෝද වීමට වුවමනා වූ විට කලේ නදුන් සිහිකර මේ සිතට වද දීමය … ඉවසා දරාගෙන හිදීමේ සීමාව ඉක්මව ගිය පසු මා තීරණයක් ගත්තෙමි ….

‘අයියා අපි බදිමු ..’ සිහින අයියා මා දැකීමට ආ දිනක ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලාගෙන මා විමසුවෙමි …

‘මේ හදිස්සියේ මොකද එහෙම ඇහුවේ ..’
‘ඔයා එදා කිව්වේ මාව ඉක්මනට බදිනවා කියලා ..ඒත් ඊට පස්සේ ඔයා ඒ ගැන මතක් කරාවත්ද ..’
‘නිකිණි ඔයා මාව තේරුම් ගත්තා කියලයි මම හිතුවේ .. ඒත් ඔයා මට මෙහෙම හැම වෙලේම බදිමු කියලා වද දෙන්න එපා ..’

‘ඔයාට යාළුවො එක්ක බොන්න යද්දී ඔය ප්‍රශ්න තිබ්බේ නැද්ද අයියා …මම බදිමු කියද්දී විතරද ඔය හැම ප්‍රශ්නෙම එන්නේ ..’
මගේ හඩ තුල වූ කලකිරීම ඔහු හදුනා ගන්න ඇත ..
‘නිකිණි . …. ඔයා මම ආව වෙලාවේ ඉදලා කියවන එක කරන්නේ …මට ඇති වෙලා මේක ..’
ඔහු අවසානයට පැවසු වදනින් රිදුම් ගෙනාවේ හදවතේ අභ්‍යන්තරයයි ….
‘මම ආවේ ඔයා එක්ක සතුටින් ඉන්න …ඒත් ….ඒ හීන හීනයක්ම වෙලා …. තවත් මේ හීනේ දිගේ දුර යන්න බෑ ….. අයියා මට ආපහු ගෙදර යන්න ඕන .. ‘’

ඉතින් මා අවසානයේ බොහෝ දිනක් හිතා බැලීමෙන් අනතුරුව ගත් තීරණය ඔහු හමුවේ පැවසුවෙමි … අදහන්න නොහැකිවා මෙන් සිහින අයියා මා දෙස බලා ඉද්දි අඩන්නට අර අදින දෑස් යුග රළු පොළව දෙසට යොමා උන්නා මිස මා ඔහුගේ මුහුණ දෙස වුව බැලුවා නොවේ …

‘ඔයාට යන්නම ඕනි නම් යන්න නිකිණි …. ‘’
සිහින අයියා කතා කලේ අඩන්න ආසන්න වුවා මෙනි ….මා මදක් දෑස් ඔසවා ඒ මුහුණේ නෙතු නතර කරද්දී ඒ මුහුණේ වූ අසරණකමට පපුව පිච්චි ගියා සත්තය …
*****
ඉන්පසුව මා සුදානම් වුවේ නිවසට යෑමටය ..
‘ඔයා එනවා කිව්වාම මම්මාට ගොඩක් සතුටුයි නංගි …. තාත්තා නම් ටිකක් කෑ ගැහුවා … ඒත් ඔයා එනවාට එයාගේ අකමැත්තක් නැහැ ..දැන් වුන දේවල් වෙලා ඉවරයි ..ඉස්සරහට කරන දේවල් පස්සේ කතා කරමු ..’
අයියා නිවසට යෑමට සුදුසු වාතාවරණයක් සැකසු පසු දුරකතනයෙන් මා අමතා හැකි ඉක්මනින් පැමිණෙන ලෙසට පවසද්දී මා සති අන්තයේ පැමිණෙන බවට ඔහුට පොරොන්දු දුන්නෙමි …

‘ඔයා සතුටින් ඉන්න නංගි …. හැමදාම ඉස්සර වගේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ..’
මා නවාතැනෙන් නික්ම යෑමට පෙර දින සිහින අයියා මගේ අතක් අල්ලාගෙන පපුව මත රදවාගෙන බොහෝ වෙලා කල්පනාවේ නිග්ම හිද අවසානයේ පැවසද්දී ඒ දෑසේ වුවේ දුක්ගත් පෙනුමකි ..ඒ දෑස් බොහෝ දේ කීවත් ඒ හැගුම් මට තේරුම් ගන්න වුවමනා වුවා නොවේ .. හිතේ වුවේ යලි නිවසට යෑමේ ප්‍රීතිය පමණි . ඉතින් මා නොදැන උන්නෙමි ඒ හිත සනසන්නේ කෙලෙසද කියා …
‘මට ඔයාට කිසිම සතුටක් දෙන්න බැරි උනා ….මට සමාවෙන්න … ’
දෝතින්ම මගේ මුහුණ ඒ මුහුණට ලංකරගෙන මද වෙලාවක් බලා උන් ඔහු දරාගැනීමට නොහැකිව මෙන් මුහුණ පුරා හාදු තවරද්දී හැගීම් විරහිත තැනැත්තියක මෙන් මා ඔහේ උන්නා පමණි … ඒ දෑස් වල වූ ඒ අපුරු බැල්ම වෙනුවට එහි වූවේ වේදනාකාරී භාවයකි … කදුළු මැදින් සිනාසෙමින් ඔහු බලා උන්නේ ඒ කදුළු දැක මා අඩනු ඇතයි කියා සිතා විය යුතුය …
‘පරිස්සමට යන්න මැණික …බුදු සරණයි ..’
අවසාන වතාවට මා දෙස බලා බොහෝ ආදරෙන් මෘදු ලෙස හිස අතගා ඔහු යන්න ගියේ වරක් හෝ ආපසු හැරී මා දෙස බලමින් නොවේ …
යන්න එපා නන්ගී කියා එකම එක වරක් හෝ ඔහු පැවසුවා නම් මා ඔහු කියන්න අසා මෙහි රැදෙන බව දැන දැනම කිසිවක් නොකියා ඔහු යන්න ගියේය … මා බරට හුස්මක් හෙලා ලය සැහැල්ලු කරගත්තා විනා කිසිවක්ම නොකියා උන්නෙමි …
ඉතින් ඉන්පසුව මා සිහින අයියා හිතින් අමතක කර දමා කාලය ගත කලෙමි … කතා කළා නම් හිත රිදෙන බව දැන නිසාවෙනි ඒ …. මා දැන උන්නෙමි සිතේ සගවාගෙන ඔහු මට බොහෝ පෙම් කල බව …
කාලයත් සමග මා එක් දෙයක් පසක් කරගත්තෙමි එනම් සිහින අයියාට හැර වෙනකෙකුට මට පෙම් කල නොහැකි බවයි …..වසර ගානකට පසුව මා සිහින අයියා අමතද්දී ඔහු බොහෝ දුරු රටකට ගොසිනි .. ඉතින් මා පමා වැඩිය ඒ ඔහු අන් යුවතියකට ඒ වෙනවිට පෙම් කරමින් උන් නිසාය … හිත සෙව් සෙනෙහස සිහින අයියා පමණක්ම වූ බැවින් අදද මා තනිව දින ගෙවමි ..ඒ කෙදිනක හෝ සිහින අයියා මා වෙත එනතුරුය …. ඔහු පැමිණේ යැයි අදත් මා බලා හිදින්නෙමි .. මට බොහෝ වැරදිය …විටෙක මට සිතෙන්නේ එලෙසටය … මා කුමක් සිදුවුවද සිහින අයියා අතහැර නොඑන්නට තිබුණි … එලෙස වුවා නම් අදටත් අපි අපේමය ….මේ සියල්ලට වැරදි කවුද …එය තිරණය කිරිම ඔබට භාරය …..

‘*****
නිමි ….
පසු වදන
මෙය සත්‍ය කතාවකි …. අදද නිකිණි සොයන්නේ සිහිනගේ සෙනෙහසයි …

නිකිණි – දැන් එයාට මාව එපාලු … ..මට අයියාව ඕන …. මට වෙන කාටවත් ආදරේ කරන්න හිතෙන්නේ නැහැ …. කවදාවත් ආදරයක් ඇති නොවුනොත් මෙහෙම තනියම ඉන්නවා බෙලෝ … බදින්න ඕන නැහැ ..වෙන කොල්ලෙක් ලගට ගිහින් අයියා ගැන කිව්වම ඒ කොල්ලා උනත් හිත රිද්දන්න පුළුවන් .. මොන මොනවා උනාද ඔයාලා අතර කියලා .. මට එහෙම අහන්න ඕන නැහැ බෙලෝ .. අයියා මට මේ ආත්මෙදි ලැබෙන්නේ නැහැ ..එක ආත්මෙකවත් එයාට මාව එපාලු …ඒත් මම හැම ආත්මෙකම බලා ඉන්නවා එයා වෙනුවෙන් … කවදාවත් අයියා වැරදි නැහැ ….මට ඉවසන්න තිබුණා අපේ ආදරේ වෙනුවෙන් …

ඔය නිකිණි මා හා පැවසු වදන්ය ….ඉතින් මගේ පැතුම නිකිණි ඔයාට එයාගේ ආදරේ ලැබෙන්න කියන එකයි …

යම් දිනක ඇගේ දෛවය වෙනස් වුවහොත් ඒ බව ඔබට කියන පොරොන්දුව පිට මා ඔබෙන් සමුගනිමි … කතාව එක්ක හැමදාම එකතු වුන ඔයාට ස්තුතියි …. කතාව කියවලා අදහස් දක්වන ලෙසට ඉල්ලා සිටිමි … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *