සීමා නෑ ආදරේට්………………………….17

**

තප තප ගාලා මගෙ උක්කුවෙ එල්ලිලා උක්කු බොන චූටි කුක්කියා දිහා මට දවසම උනත් බලන් උන්නෑකී..චූටි බන්ඩි පේතයා කිරි කල හතම එක පාර බොන්න හිතිලද මන්දා දොයියන්නැතුව මන් දිහා බලන් ඉන්නවා…

දොයි දොයි දොයි
කුක්කි බබා….
බයි බයි බයි
කුක්කි බබා…
නුඹේ අම්මි..
කොතැන ගියා….

කුක්කි පැටියා ඒ පාර දොයි..චූටි ඇස් කරකෝලා මන් දිහා බලන් ඉන්න එයාට පුලුවන් යන්තම් ඔලුව උස්සලා මුනින් ඉන්නත් පුලුවන්..අනෙ ඉතින් මාත් මේ වගෙ ඉන්න ඇති..කුක්කි හීනෙනුත් හිනා වෙනවා..

අම්මි කියනවා චූටි බබලා නිදා ගත්තම එයාලා ආව සුරන්ගනා ලෝකෙටම ආපහු යනවලු..එතකොට ඒකෙ ඉන්න අනිත් සුරන්ගනාවියො චූටි බබාලව අවුස්සනවලූ…

ඔන්න බබො ඔයාගෙ අම්මි මැරිලා කියනවලු එතකොට චූටි බබීලා හිනා වෙනවලු ලස්සනට…ඔයාලා බලන්න මන් මේ ආවෙ මගෙ සුදු අම්මියාගෙන් හොදටම උක්කු බීලා කියලා මහ හයියෙන් හිනා වෙනවලු..මේ ලගදි කුක්කියා හීනේන් මූන බෙරි කරන් හොදටෝම ඇඩුවා..මන් ගොඩක් බය වුනා..ඒත් අම්මි කියනවා ඒ සුරන්ගනාවියෝ එයාගෙ තාත්ති මැරුනා කීවමලු එහෙම අඩන්නෙ..

හ්ම්ම් මන් කොහින්ද මගෙ කුක්කිට තාත්තෙගෙන්..භානුක අයියා..බෑ බෑ කවදාවත් භානුක අයියා වගෙ කෙනෙක්ගෙ හෙවනැල්ලක් වත් මගෙ කුක්කිට වැටෙන්න ඉඩ තියන්නෑ මන්..

එයත් කෙල්ලෙක්..අනෙ එයාව වත් ආරක්ශා කරලා දෙන්න දෙවියනෙ..මගෙ කුක්කිව මන් ගොඩාක් පරිස්සම් කරන්න ඕනි.

කුක්කියෙ මේ ලෝකේ හරි විශමයි..නපුරුයි..අම්මා තාත්තාවත් විස්වාස කරන්න බැරි කාලයක් මේක..මගෙ කුක්කි ගොඩාක් පරිස්සම් වෙන්න..පේනවනි අම්මි ..ඔයා නිසයි අම්මි හිනා වෙලා ඉන්නෙ..බඩගින්නට බත් කටක් කන්නෙ..ඔයා දවසක අහාවි කෝ මගෙ තාත්ති කියලා..කොහොමද දෙයියනෙ මන් එදාට උත්තර දෙන්නෙ..ඔයාව මට ලැබුනෙ මගෙ අකමැත්තෙන් කියලා..ඒවා දැනගත්ත දාක ඔයා පිරිමින්ට වයිර කරන්න ගනිවි…ඒත් මැනිකෙ හැම පිරිමියම එහෙම නෙමි..බහුතරයක් එහෙමයු..කෙල්ලෙක්,ගෑනියෙක් කොයි වෙලේ දුබල වෙන්නෙද අනාරක්ශිත වෙන්නෙද කියලා ඒ පිරිමි බලන් ඉන්නෙ…ඒ පිරිමිම තමයි දවසක හොද පිවිතුරු ගෑනු හොයන්නෙ..නරකයි කියලා ගෑනියෙක්ට ලේබල් අලවන්නෙ…

ගොඩාක් ගෑනු අසරන වෙන්නෙ තවත් ජරා මිනිහෙක් නිසයි…ඔයා දන්නවද ඔයාට ඉන්නෙ ලොකේ ඉන්න හොදම සීයා…එයා නිසයි .එයා මගෙ ලග හෙවනැල්ලක් වගෙ ඉන්න නිසයි අද ඔයයි අම්මියි මෙහෙම ඉන්නෙ…එයාලා නැත්තම් අද ඔයාවත් අරන් මන් කොහෙ කියලා යන්නද…අම්මිටවත් තාම මේ ලොකෙ ගැන තේරුමක් නෑ මගෙ පැටියො…එහෙව් එකෙ කොහොමද මන් මගෙ සුදු සෝස පැටික්කි බලාගන්නෙ…හ්ම්ම් තනියෙන් උන්නනම් අම්මිට හිතා ගන්නත් බැරි වෙයි මොනාද කරන්න ඕනි කියල…

හැබැයි පැටියො අම්මි චූටියි තමයි..අම්මිගෙ ගත දුබලයි තමයි..ඒත් අම්මිගෙ හිත ගොඩාක් ශක්තිමත්..අම්මි හොදට එක්සෑම් ලියලා මගෙ සුද්දිව ලොකු කරනවා…ඔයාට නපුරක් වෙන්න කවදාවත් ඉඩ තියන්නෑ අම්මි. ඔව්


දෙවියනෙ මොනාද මන් මේ හිතන්නෙ..තවමත් මට යන්තම් අවුරුදු දාහතක් පිරුනා විතරයි…මහා ලොකු ගෑනියක් වගෙ මන් හිතන්න පටන් අරන්..

ඔයයි මගෙ ශක්තිය කුක්කි..මව් සෙනෙහසට මේ ලොකෙ කරන්න බැරි දෙයක් නෑ..බුදු හාමුදුරුවොත් ලේන් කුලේක ඉපදුනාලු අම්මෙක් වෙලා..එයාගෙ පැටියව මුහුදට වැටුනම එයා එයාගෙ නැට්ටෙන් මුහුද හිදින්න උත්සහා කලාලූ..මාත් ඔයා වෙනුවෙන් ඕනි දෙයක් කරනවා මගෙ කුක්කි..

තව මාසෙකින් මට ඔයා අහිමි වෙනවා…ඔයා මගෙ තමයි.. ඒත් ඊට පස්සෙ මට ඔයාව ලොකු මාමිට දෙන්න වෙනවා..ඊට පස්සෙ ඔයා ඒ නැන්දිට අම්මි කියයි .මන් ඔයාගෙ චූටි නැන්දි වෙයි…ඒත් මට ඔයාගෙ අයිතිය අහිමි උනත් ඔයාට තාත්ති කෙනෙක් ලැබෙයි..සමාජේ ඉස්සරහා ඔයාට ගව්‍රවයක් ලැබෙයි…තාත්තෙක් නැති දුවෙක් වෙලා මන් ලග ඉන්නවට වඩා තාත්ති කෙනෙක් ලග ඔයා ගව්‍රවයෙන් හැදෙයි..අනික මන් දන්නවා ලොකු මාමි ඔයාව බලාගනි..එයා චූටි කාලෙ මාව වඩා ගත්තු ගමන්මයි..දන්නවා මටත් වඩා හොදින් මලක් වගෙ මගෙ මැනිකව පරිස්සම් කරාවි..මන් ඒක දන්නවා…

…..
හරිම ඉක්මනට කුක්කිව අහිමි වෙන දවස ආවා…කුක්කි වෙනුවෙන් උනන මේ රුදිරය මන් කොහොම නවත්තන්නද..ඒත් මේ තීරනෙ එයාගෙම හොදටයි..

අයියලාට දරුවො ලැබෙන්නෑ කියලා දැනගත්තු දා ඉදලා අයියා මගෙන් දරුවා ඉල්ලුවා…අම්මෙක් විදියට වාවන්නෑ ජීවිතෙ…කොහොම නම් උහුලන්නද මගෙ මැනිකව වෙන කෙනෙක්ට දෙන එක..ඒත් ඒ තීරනෙ දවසක මගෙ මැනික අවජාත දරුවෙක් වෙන එක වලක්වාවි..දවසක ඔයා මා ගැන දැනගත්තම මන් එක්ක තරහා වෙයිද නැද්ද කියන්න මන් දන්නෑ ඒත් මෙ ඔයාගෙම මතු දියුනුව වෙනුවෙනුයි…

අයියත් අක්කිත් ඇවිත් කුක්කි අරන් ගියා..වාවන්න බෑ…අපි දවස් පහකට පස්සෙ ගමට ආවා…

කුක්කි නිසා උනන කිරි පපුවෙ ගල් වෙලා මන් හැම රෑකම ඇඩුවා..හඩා වැලපුනා..ඒත්…

පුලුවන් හැම වෙලේකම කුක්කි බලන්න ගියා..ඒත් කාලයක් යද්දි කුක්කිට මාව හුරු නෑ..එයා මාව අදුරන්නෑ…මොන අම්මෙක්ටද උහුලන්න පුලුවන් තමන්ගෙ දරුවා තමන් ඉදිරියේම තවත් කෙනෙක්ට අම්මා කියන එක..

කුක්කි ඔයා වදන්න වරම් තිබ්බත්
ඔයා හදන්න මේ චූටි අම්මිට වරම් නෑ…

…..
කුක්කි මතක් වෙන හැම මොහොතකම පොත් අරගෙන මන් පාඩම් කලා..හැම රෑකම කුක්කි වෙනුවෙන් නැගුනු කදුලු මගෙ පාඩම් පොත්වල පිටු අස්සෙ සැන්ගුනා..අම්මයි අප්පච්චියි මන් නිසා හූල්ලන බව දන්නවා..ඒ හින්දා පුලුවන් හැම මොහොතෙම ඉස්සර උන්නා වගෙ එයාලත් එක්ක ඉන්න මන් උත්සහා කලා…

කොහොම හරි මන් ඒලෙවල් කලා..මාව ජපුරට සිලෙක්ට් වුනා….ජපුරෙ අවුරුදු දෙකක් ඉගෙන ගෙන ඉන්න කොට තමයි බෑන්ක් එකෙන් මාව සිලෙක්ට් කරලා තිබ්බෙත්…

කැම්පස් එකෙ ඩිග්‍රි එක ඉවර කරනවට වඩා මට ඕන කලෙ කුක්කි වෙනුවෙන් කීයක් හරිම ඉතුරු කරන්න..මට එයා වෙනුවෙන් කරන්න පුලුවන් එච්චරයි…

බෑන්ක් එකෙන් ලියුම ආව දවසෙම ලොකු අක්කි ආවෙ නරක ආරන්චියකුත් එක්ක…

අප්පච්චි

මොකො ලොක්කියෙ වැට ගාව ඉදන්ම කෑ ගහන්නෙ

අක්කිට ඉවසුමක් නෑ

නරක ආරන්චියක් අම්මි
මොකක්ද

කාමරෙ ඉදලා ආව අප්පච්චිත් කතාවට එකතු උනා..

අප්පච්චි භානුක

ඉතින්

හිරෙන් නිදහස් වෙලා අප්පච්චි

ඉතින්

අද ආවා උදෙ…විරාජ් උන්නෙ නෑ..මගෙන් ඇහුවා දෝනිව..මන් බැනලා එලෙව්වා..ඒත් ඌ යන ගමන් මට තර්ජනෙ කලා

මොනා කියලද

ඌට හිරෙ යන්න උනෙ නන්ගි නිසාලු…දැන් ඉගනීමත් නැති උනාලු…ඌ එනවලු පලිගන්න..දෝනිව බදින්නෙ ඌ විතරලු

උගෙ අප්පට ගිය රටක් නෙ මේක…වරෙන්කො ඕකා මේ පාර තමයි මගෙන් පාඩමක් ඉගෙන ගන්නෙ

මොකක්ද

කාමරෙ ඉදලා ආව අප්පච්චිත් කතාවට එකතු උනා..

අප්පච්චි භානුක

ඉතින්

හිරෙන් නිදහස් වෙලා අප්පච්චි

ඉතින්

අද ආවා උදෙ…විරාජ් උන්නෙ නෑ..මගෙන් ඇහුවා දෝනිව..මන් බැනලා එලෙව්වා..ඒත් ඌ යන ගමන් මට තර්ජනෙ කලා

මොනා කියලද

ඌට හිරෙ යන්න උනෙ නන්ගි නිසාලු…දැන් ඉගනීමත් නැති උනාලු…ඌ එනවලු පලිගන්න..දෝනිව බදින්නෙ ඌ විතරලු

උගෙ අප්පට ගිය රටක් නෙ මේක…වරෙන්කො ඕකා මේ පාර තමයි මගෙන් පාඩමක් ඉගෙන ගන්නෙ

අපෙ මහත්තයා කලබල වෙලා හරියන්නෑ..දැන් මෙ දේවල් දන්නෙ අපෙ පවුල් දෙක තුන විතරයි..දැන දැන මූනුවල දැලි ගා ගන්න බෑ..දෝනි ලස්සනට ගෙදරින් පිටත් කරන්න ඕනි…අර නොදරුවා අවජාතකයෙක් කරන්න බෑ

හ්ම්ම්ම්

අපි දැන් මොකො කරන්නෙ අප්පච්චි

දෝනි

හැමදාම වගෙ අප්පච්චි ගොඩාක් ආදරෙන් මට කතා කලා

ඇයි අප්පච්චි

දූ තව ඉගෙන ගන්න ඕනිද

නෑ අප්පච්චි මන් කැමතියි ජොබ් එකක් කරන්න

දෝනි ඔයාව මෙහෙ තියා ගන්න බෑ

හ්ම්ම් අප්පච්චි
ඔයා ගම්පහට ඉල්ලන්න

අප්පච්චි

ඔව්

අනෙ ඒත් අප්පච්චි මන් කොහොමද ඔයාලා නැතිව ඉන්නේ…

කොහොම හරි ඉන්න..මන් අරූ ගැන වැඩ පිලිවෙලක් හොයා ගන්නකම්

අනෙ අප්පච්චි
…….

අප්පච්චිගෙ ඒ තීරනෙත් එක්ක මගෙ හැම මතකයක්ම කුරුනෑගලින් හලලා මන් ගම්පහට ආවා…

……………………………………………………….

තවමත් එක සීරූවට වැස්ස…ඔයා දන්නෙ නෑ නේද ගගන…මේ තමයි මගෙ ජීවිතෙ..ඔයා ලගට ඇවිත් මට ඔයාට කියන්න තිබ්බනම්..

මට දැන් ගොඩාක් මහන්සියි ගගන…මට මේ දේවල් තවත් දරාගන්න අමාරුයි..මන් නිදා ගන්නම්…

ජනේලෙ එහෙම්ම තියලා මන් ඇදට වැටුනා

============================
සෙනේශා නොදන්නවා උනාට තවත් කෙනෙක් මේ මොහොතෙ අවදියෙන් උන්නෙ..ඒ ගගන…සෙනෙශගෙ ජීවිතෙ ගැන ලියැවුනු අකුරින් අකුරට ඒ පිරිමි හිතට දුකක් ගෙනාවා…කදුලු වෑහුනා….

තවත් නොසිතාම ගගන සෙනේශා කිව්ව අන්තිම පිටුවත් පෙරලුවා

….මතු සම්බන්ද්ස්‍යි….

මුල ඉදන්ම කතාව දාද්දි රහස කියන්න කියලා ඔයාල මට කරදර කරා නේද.. ඉතින් මන් මේ කතාව පටන් ගත්තු ගමන්ම ඒ දේ කීවා නම් ඔයාලාට කතාව බලන්න ආසාවක් උනන්දුවක් දැනෙයිද..

මෙතෙක් කතාව ලියැවුනු අන්දම ගැන ඔබෙ සිතට දැනුනු හැගීම දැනගන්නට ආසයි…

මල්ද,ගල් ද සතුටින් බාර ගමි….

හැම ලයික් එකකටම කමෙන්ට්ස් එකකටම ගොඩාක් ආදරෙයි…ස්තූතියි…

….සවි විතානගේ…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *