සීමා නෑ ආදරේට………………………….02

බෑන්ක් එක තුන වෙද්දි ක්ලෝස් කරනවා..බැලන්ස් චෙක් කරලා කෑශ් බ්ලැන්ස් කරලා සේරම වැඩ ඉවර කරලා එලියට පනිද්දි තුනයි හතලිස් පහත් වෙලා…

මේ රස්නෙ නම් ඇත්තටම උහුලන්න බෑ..බෝඩිමට ගිය ගමන් නාගන්න ඕනී..ගමේ ලිදේ තියෙන සීතල වතුර ටිකක් නෑව කාලයක් මතක නෑ..මේ පාර නම් අම්මිලට කියන්නෙ නැතුවම යන්න ඕන

ී දුවගෙන ඇවිත් ඉස්සෙල්ලාම ආව බස් එකට නැග්ගා..යාන්තම් අඩිය තියන් ඉන්න විතරයි තැනක් ලැබුනේ..සැමන් ටින් එකක් වගේ..මගෙ එක අතක් ඉන්දියාවෙ,,තව අතක් මාලදිවයින පැත්තේද මන්දා…යාන්තම් අත පය හතර එකම තැනකට එකතු කර ගත්තා…ප්‍ර්ෆියුම් සුවද,දාඩිය සුවද අර සුවද මේ සුවද හැම සුවදම එකට එකතු වෙලා අමුතු අජූත සුවදක් හැදිලා…

යන්තම් වවුලෙක් වගේ බස් එකේ එල්ලිලා ඉන්න එක නවත්තලා ශීට් එකක් අල්ල ගත්තා …

ටිකට් ගන්න ගත්තේ නැති අය

බස් එකේ ගෝශාකාරි කාවඩී සන්ගීතේ පරදාලා කන්ඩක්ට කන ලගටම ඇවිත් බෙරිහන් දෙනවා..අපේ කන් ඇහෙන්නේ නෑ කියලා හිතාගෙන ඇති..

අතක් පයක් හෙල්ලුවොත් ඒ ඉඩත් නැති වෙන සයිස් එකක් තියෙන්නේ …කොහොමින් කොහොම හරි අමාරුවෙන් හෑන්ඩ් බෑග් එකෙ සයිඩ් පොකට් එකට අත දාලා සල්ලි අර ගත්තා…

බස් ගාස්තුව නම් රුපියල් දහාටයි..හැබැයි ඉතින් කවදාවත් ඉතුරු රුපියල් දෙක ලැබෙන්නෑ..

බස් එකේ ගහලා නම් තියෙන්නේ මාරු සල්ලි අරන් අපි මාලිගා හදන්නෙ නෑ කියලයි..ඒත් ඉතින් කී දෙනෙක්ට ඉතුරු සල්ලි නොදී ඉන්නවා ඇද්ද..එහෙම බැලුවොත් කොච්චර සල්ලි එකතු වෙනවා ඇද්ද…

මොනාද මහත්තයා දාහෙ කොල දික් කරන්නෙ…රුපියල් විස්සක් දෙන්න මාරු වලින්..අපිටත් පවු දෙනවා..එක්කො නගින්නේ නැතුව ඉන්න ඕනී..මේ සෙනග අස්සෙ සල්ලි මාරු කර කර ඉන්න පුලුවන්ද

මගේ එහා පැත්තෙම හිටගෙන උන්නු කෙනාට කන්ඩක්ට හොදටෝම දෙහි කපනවා..

එක්ස් කියුස් මී මිස්

කවුද මේ බස් එකෙ මට එක්ස්කුයුස්මි ගාන්නෙ..මන් ඔලුව උස්සලා බැලුවා…

අහ් මේ අර බෑන්ක් එකේදී සල්ලි වැඩියෙන් ගිහින් ආයෙම දුන්නු බෝයි…

මිස් පොඩි හෙල්ප් එකක්..

ඒ පාර මොකොටද මෙයා එන්න හදන්නෙ..බෑන්ක් එකේදි මට කලේ ලොකු උදව්වක් තමයි..ඒත් මට මොකක්ද එයා වෙනුවෙන් කරන්න පුලුවන් ..

මිස්

ඔව් කියන්න මගෙ කන් ඇහෙනවා

සොර

ි සොරි ම්ස්

හර් අප්පා…ඔයා බෑන්ක් එකේ කරපු දේට ගොඩක් තෑන්ක්ස්..එහෙම කියලා මට කියන්නෙ ඒකට හරියන්න හෙල්ප් කරන්න කියලද

මන් සැර වැඩි උනා වද්ද..ඒ මූණ බලාන ඉද්දී කලු උනු හැටි..

සො සොරි මිස්..මේ මන් ගාව මාරු සල්ලි නෑ…බස් එකට සල්ලි දෙන්න මිස්ගෙන් රුපියල් විස්සක් ඉල්ලගන්න හිතුවෙ..ඒත් සොරි

අයියො මමත්…මට උදව් කරපු මනුස්සයට නපුරු විදියට බැන්නා..ඇත්තනේ මමමනෙ පන්දාහෙ කොල නවයයි..ඉතුරුවා දාහෙ කොලවලින් දුන්නේ

කවුද හිතුවෙ මෙයා මේ වගෙ උදව්වක් ඉල්ලන්නෙ කියලා..හ්ම්ම්..මගෙන්ම ඉල්ලුවෙ ඇයි ඒත්

කන්ඩක්ටට දීලා ඉතුරු දුන්නු රුපියල් තිහ අතෙ ගුලි කරන් උන්නෙ මන්..එහෙම්ම ඒක ඒ බෝයිට දික් කලා මන්…

තෑන්ක්ස් මිස්…

හ්ම්ම්..මට කරපු උදව්වට මන් කරපු උදව්ව හරි..හ්ම්ම්

මෙතන මිස් තිහක් තියෙනවා ආ ඉතුරු දහය

මන් දැන් මේක ගන්නවද

ආ මිස් මට විස්සයි ඕනි..මිස්ගෙ සල්ලි මන් හෙට උදේම දෙන්නම් මිස්…

රුපියල් ව්ස්සක් අරන් මන් රත්තරන් මාලයක් ගන්නද..පිස්සු

මට එපා

එහෙම බෑනෙ මිස්..හෙට බෑන්ක් එකට ගෙනත් දෙන්නම්..ගොඩක් ස්තූති මිස්..මට මේ උදව්ව කවදාවත් අමතක වෙන්නෙ නෑ..

අමතක කරත් මට මොකො දැන්වත් මට පාඩුවෙ යන්න දුන්නොත් ඇතී.

මිස්

ඒ පාර මොකො

ඇයි

මිස් බහින්නෙ අඹන්විටෙන්ද

මන් කොහෙන් බැස්සත් මෙයාට මොකො

මන් මුකුත් නොකියා කට පියන් ගියා..කොල්ලොනම් ඔහොම්මයි ටිකක් බුරුල දුන්නොත් මනුස්සකමට එනවා මෙතන අලගිය වැලගිය තැන් හොයන්න…හිතෙ ඇති මගෙ විස්තර දැනගන්න

ඊලග හෝල්ට් එකෙන් මන් බහිනවා..ඒත් බෙල් කරන්න මට උස මදි…මන් දෙතුන් පාරක් අත දික් කලත් බෙල් එක ගහන්න බැරි උනා..මන් කරපු දේ දැක්ක හින්දද මන්දා..අර බෝයී බෙල් එක ගැහුවා…

මෙයාගෙන්ම උදව් ගන්න උනානේ ඉතින්

මිස් හෙට සල්ලි ගෙනල්ලා දෙන්නම්

යන්තම් අතපය හත්‍ර බේරන් බස් එකෙන් බැස්සා..අර බෝයි මන් දිහා බලලා හිනා වුනා…හිනා වෙනවද නැද්ද මන්..

නෑ ඕනී නෑ කොහොමටත් මේ කතා මෙතනින් ඉවරයි

…………..

බෝඩිමට ඇවිත් හොදට නාගත්තා..මේ බෝඩීමේ පහසුකම් මදි උනත් හවසට ඇවිත් සැනසිල්ලෙ මගෙ පාඩුවෙ ඉන්න ලැබෙන එකම ඇති…

දවල්ටත් කෑවෙ නැති නිසා දැන් බඩගිනියි..උදෙ උයපු කෑමත් තියෙනවා ..ඒත් ඒවා කන්න බෑ වගෙ…

කෝපි එකක් හදන් මන් බෝඩීමේ ඇන්ටි ලගට ගියා..එයා මුකුණුවැන්න මිටියක් තෝරනවා

කොහොමද ඇන්ට


ආ මේ සෙනේ ලමයනේ..දැන්ද ආවෙ

ඔව් ඇන්ටි

මන් මේ මේ ලමයා හම්බෙන්න කියලමයි උන්නේ

ඒ ඇයි ඇන්ටී

වෙසක් එකට ලොකු නිවාඩුවක් වැටිලනේ තියෙන්නේ ..අපේ පුතාලා අනුරාධපුරයේ යන්න කතා කරා..මායි අන්කලුයි යන්නයි හිතන් ඉන්නෙ

අනෙ හොදයි නෙ ඇන්ට

ී හොදයි නම් තමයි ලමයෝ ඒත්..මේ

ඇයි ආන්ටි..ඊට කලින් බෝඩින් ෆීස් ඕනද

අයියො ලමයො..මන් ඔය දරුවගෙන් බෝඩින් ෆීස් ඉල්ලලා කරදර කරලා තියෙනවද

එහෙනම්

මේ ලමයා වෙසක් එකට ගමේ යනවද

මන්..අනෙ ඇත්තටම ගමෙ යන්න ආසයි..ඒත් අම්මයි අප්පච්චියි කැමති නෑනෙ මන් එනවට..මන් කොහොමද ඒක ආන්ටිලාට කියන්නෙ

නෑ ආන්ටි

හ්ම්ම්..අපිට මේ දරුවා තනියෙන් දාලා යන්නත් බෑ…ඒ ගමන නොගිහිනුත් බෑ…පුලුවන් නම් ඒ දව්ස් තුන හතරෙ යාලුවෙක්ගෙ දිහාවත් යන්න ලමයෝ..ගැනු ලමිස්සියෙක් තනි පන්ගලමෙ දාලා යන්න බෑ…

හ්ම්ම් ඇත්ත ආන්ටිලා නැත්තම් තනියෙන් මෙහෙ ඉන්න බෑ තමයි ..ඒත් මන් කොහෙ යන්නද…

හ්ම්ම් ආන්ටි..ඔයාලා ගිහින් එන්නකො මන් පිලිවෙලක් හොයා ගන්නම්..

කොහොමටත් මගෙ රූම් එක එලියෙන් තියෙන නිසා මට ඉන්න පුලුවන් ..මට තව මොනා වෙන්නද..ආන්ටිට යනවා කියලා රූම් එකට වෙලා ඉන්නවා..දොර වහන් උන්නම ඔක්කොම හරි…

හැමදාම උදේට නැගිටන් මන් කෑම උයා ගත්තට රෑට කන්නෙ ආන්ටියි අන්කලුයි එක්ක..මේ දෙන්නා එක්ක ඉද්දි ගෙදර ගැන මතකය අලුත් වෙනවා…

අම්මයි අප්පච්චිටයි මායි අයියයි අක්කයි එක්ක ලමයි තුන්දෙනයි..අක්කා ටීචීන් කරන්නෙ..එයා බැදලා ඉන්නෙ පාදුක්කෙන්..අක්කට පොඩ්ඩියොම දෙන්නෙක්…

අයියා කලේ ශොප් එකක්..ඒකෙම වැඩට ආව සයුරි අක්කා එක්ක යාලු වෙලා අයියා කසාද බැන්දා..ඒත් එයාලට දරුවෝ……ම්ම්ම් නෑ නෑ මන් මෙ මොනාද හිතන්නෙ…

පාදුක්කෙ අක්කගෙ ගෙදරට යන එක මුලු පවුලම අත් හැරලයි තියෙන්නෙ…පාදුක්ක මගෙ ජීවීතේ කනපිට පෙරලුව ගමක්..ඒ දේවල්..හ්ම්ම්…ඉදලා හිටලා අක්කම ආවොත් ඇරෙන්න කවුරුත් එහෙ ගියෙ නෑ..

රෑ හීනෙන් අම්මි,අප්පච්චි,අයියා,අක්කා,,පාදුක්ක ,,කුක්කි දැකලා මට ඇඩුනා..

මන් හීනේන් කුක්කි වඩා ගත්තා…

…..මතු සම්බන්දයි……… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *