සීමා නෑ ආදරේට…………………………..03

හිරුට කලින් මා ලග හුරතල් වන්නි
සදුත් එක්ක කවි පද මට මුමුනන්නි
ලොවට හොරෙන් සෙනෙ දියෙන් නාවන්නී
මැනික ඔබයි මට ජීවතයම දෙන්නී

තවත් අලුත් දවසක්…වෙනදා වගේ මයි..ඒත් අද වෙනසක්..මන් අද ඊවේ නෑ..බොරුවට කෑම උයලා නාස්ති කරන එකෙ කිසිම තේරුමක් නෑ..

බඩගිනි උනොත් සිකිරුටි අන්කල්ට කියලා ම්න් මොනා හරි ගෙන්න ගන්නවා..

හ්ම්ම්..මේ සාරි එක අරන් දුන්නෙ

අක්කි…මන් ජොබ් එකට ආව මුල් දවස් වල..ඒ දවස් වල මට සාරි එක තනියෙන් අදින්න තේරෙන්නෙ නෑ..ඒත් දැන් අනිත් අයටත් අන්දන්න පුලුවන් මට..

කොන්ඩෙ ගෙඩියාකට බැදලා හීන් මේකප් එකක් දාගත්ත..දැන් හරි..

ඉක්මනට ඉක්මනට බස් හෝල්ට් එකට ආවා..කොල්ලෙක් උනානම් බස් එකෙ එල්ලිලා හරි යන්න පුලුවන් …ඒත් ඉතින් ..

හරි යන්තම් අද පරක්කු නොවි ගියැකි..නමය වෙද්දි ෆින්ග ෆ්‍රින්ට් එක තියන්න ඕනී..

මන් ඉස්සරහා බලාගෙන බස් එකෙ හිට
මන් ඉස්සරහා බලාගෙන බස් එකේ හිටගෙන උන්නේ..

බස් එක තවත් බස් එකක් එක්ක තරගයක්..අතපය හතර බේරුනොත් හොදටෝම ඇතී…

කොච්චර හයියෙන් බ්‍රේක් ගැහුවද කියන්නෙ ඊලග තත්පරෙ මන් උන්නේ එහා පැත්තේ උන්නු කෙනාගෙ අතේ එල්ලිලා….

සොරි

ඉට්ස් ඕකේ මිස්

හපො මේ අර බෝයී නේ..කොහෙන් ගියත් මෙයාවම සෙට් වෙන්නෙ මොකො මන්දා..ලැජ්ජාවෙ බෑ…

ගුඩ් මෝනින් මිස්

උදේ පාන්දර කෙනෙක් ගුඩ් මෝනීන් කීවම කොහොමද මූණ හපුටු කරන් ඉන්නේ..

ගුඩ් මෝනින්..

ම්ම්ම් ඒක හිනා වෙලා කීවනම් තවත් ලස්සනයි මිස්

මොකක්

අම්මො සැර..නෑ මුකුත් නෑ..හිනා වෙලා කීව නම් මගෙ අද දවසම සුබයි

කොහෙද යන පිස්සෙක්

මිස්

කන ඇහුන් නෑ වගෙ උන්නනම් එයාටම කතා කරලා ඇති වෙයි නේ..

මිස්

මිස්

මොන මගුලක්ද අප්පා…බස් එකෙ ඉන්න මිනිස්සුත් බලනවා..මේ ඩයිවර්ට ඕන උනානේ බ්‍රේක්ම ගහන්න..දැන් ඉතින් මේ ඇවිදින කච කචෙ කියන ඒවා අහන් ඉන්න එපැය

ි ඇයි

මිස්ගෙ නම මොකක්ද

අහ්..මෙයත් අනිත් කොල්ලො වගේම තමයි ටිකක් මූණ පෙන්නලා ඔලුව හැරෙව්වම ඇති එනවා මෙතන විස්තර හොයන්…

මිස් මන් ගැන වැරදියට හිතන්න එපා…මිස් ව දැක්කම මට කෙනෙක් මතක් උනා..

අහා ඔය එන්නේ..ඔහොම කියන් තමයි එන්නෙ..අපිත් මෝඩයො වගෙ උත්තර බදින්න යනවා..පස්සෙ ජීවිතේම කාබාසිනියා කරලා මුලු ජීවිතේම කඩා කප්පල් කරලා ඈත් වෙනවා..කොල්ලොනේ..ඔහොම්මයි

මිස්..මන් ගගන චමත්ක…මිස්ගෙ බෑන්ක් එකේ ඉස්සරහා තියෙන බයික් සේල් එකේ වැඩ…

ඉතින් මට මොකො…පිස්සු

මිස් අද බහින්නෙ නැද්ද..කල්පනා කර කර ඉන්නෙ

කොහෙ බහින්නද උදෙ පාන්දර පිස්සෙක්ට අහු උනානේ

මිස් ඉස්සෙල්ලාම බහින්න

බහින්න ගිහින් මගෙ කොන්ඩෙ ඒ පිස්සගෙ ශර්ට් බොත්තමක පැටලුනා..

මන් හයියෙන් ඇද්දා..

අයියො මිස් ඔයාට රිදෙයි..කොන්ඩෙ කැඩෙයි..ඉන්න මන් බේරන්නම්..

හරි ලස්සනට පිස්සු කෝච්චිය මගෙ කොන්ඩෙ බේරලා දුන්නා..මන් එහෙම ඕක බේරන්න ගියා නම් අද එක්කො බට්න් එක කැඩෙනවා..එහෙමත් නැත්තම් කොන්ඩෙ කැඩෙනවා..හොදට පුරුදුයි වගෙ මේ වැඩ..

ඔන්න හරි මිස් රිදුන් නෑ නේද…

මන් කලෙ කට ඇද කරපු එක විතරයි

එහෙමත් ලස්සනයි මිස්

පිස්සු

බස් එක නවත්තන්නෙ බෑන්ක් එකට ඉස්සරහා විරුද්ද පැත්තෙන්..දැන් මන් පාර පනින්න ඕනී..

අහ් මිස් අනිත් පැත්තට පනින්න ඕනි නේද..ඉන්න..මන් බට්න් එක ප්‍රෙස් කරන්න..හදිස්සි වෙන්න එපා මිස් ඉන්න වාහන නවත්තනකම්

හපො මෙයාද එතකොට මෙච්චර කල් මාව පාර මාරු කලෙ මල කෝලම්..

අනෙ ඉක්මනට ලයිට් එක පත්තු වෙන්නකෝ..මේ මල ඇනෙන් බේරෙන්න ..අම්මො යන්තම් පත්තු උනා..

මන් ඉක්මනට පාර මාරු උනා..පාරෙ අනිත් පැත්තට යන්න ඔන්න මෙන්න තියෙද්දි ආයෙමත් පිස්සු කෝච්චිය කෑ ගැහුවා…

මිස්

හපොයි මේ වාතේ..

මන් ඔලුවෙන්ම මොකො කියලා ඇහුවා…පිස්සා අද ගොලු බිහිරි බාශාවෙන් අතින් කතා කරා..

දෙපාරක් ඇගිලි දහයම දික් කලා..පපුවට අත දික් කලා..මන් දිහාට අත දික් කලා.

ඊලගට අත පෑවා…හොදයි ඒ කීවෙ මිස්ගෙ රුපියල් විස්ස මන් දෙන්නම්..

හපෝ මේ පිස්ස නම්..

ගගන චමත්ක..

ම්ම්ම්…ලස්සන අහසක්…ඉතින් ලස්සනද …හිතනවද ..නෑ…එපා එපා කිසිම කෙනෙක් ගැන හිතන්න ඕනි නෑ..අනික මන්..මන්..ඒ පිස්සා විහිලුවට වෙන්න ඇති ඕම..මට පිස්සු…

….

බෑන්ක් එකෙ වැඩ අස්සෙ ගගන තියා වලාකුලක් වත් මට මතකෙට ආව නැති තරම්..

මන් මේ කාර්‍යබහුලත්වයට ආසයි..හිතෙ තියෙන දුක,වේදනාව,මතකයන් හැමදේම මට ඒකෙන් අමතක වෙනවා…එක සීරූවට ලන්ච් ගන්න කම්ම මන් බිසී උනා..

කවුන්ටර් තුනකින් කස්ටමර්ස්ලගෙ වැඩ කෙරුනා…මාත් එක්කම මෙහෙට ආව රමෝද්,ඉස්සර ඉදන්ම මෙහෙ වැඩ කරපු මේනකා අක්කයි අපි තුන් දෙනා විටින් විටෙ ගිහින් ලන්ච් ගන්නෙ..ඒ නිසා මන් ලන්ච් නොගත්තත් එයාලා දන්නෙ නෑ..හැබැයි මන් බෝඩ් වෙලා ඉන්න බව දන්න නිසා විශේෂ කෑමක් තිබ්බොත් දෙන්නම මට මගෙ පන්ගුව ගෙනත් දෙනවා..

මමත් ආසයි ගෙදර ගිහින් අම්මගෙ අතින් හැදුනු කෑම මෙයාලට ගෙනත් දෙන්න..ඒත් ඉතින් මන් ගෙදර එනවට අම්මා කොහොමටත් කැමති නෑනේ..කුරුණෑගල බ්‍රාන්ච් එකට ඉස්සෙල්ලාම ජොබ් එක ලැබුනෙ..ඒත් අම්මාගෙයි අප්පච්චිගෙ බලපෑම නිසා ගම්පහට මාරු වීම හදා ගත්තා…හුම්ම්..කොච්චර කාලයක් මන් මෙහෙම හැන්ගිලා ඉන්නද..

හ්ම්ම්..බඩගිනි දැන්..ඉස්සරහා ශොප් එකෙන් මොනා හරි අරන් කනවා..තනියෙන් ගිහින් කන්නත් මොනාද වගේ.
ඒත් දැන් හොදටෝම බඩගිනි…

අපි ස්ටාෆ් එකෙ කට්ටිය හැමදාම එන්නෙ ආනන්ද අන්කල්ගෙ ශොප් එකට..මෙතන ගොඩක් පිරිසුදුයි..කෑමත් රසයි..අනික වැඩිය කට්ටිය පිරිලත් නෑ…

අන්කල්..

ආ මිස්

මොනාද අන්කල් කන්න තියෙන්නේ

මේ වෙලේට බත් තමයි මිස්

බත් එපා අන්කල් වෙන මොනාත්..නෑ..රෝල්ස් පැටිස් වගේ

හා මන් පොඩ්ඩා කොලුවා අතෙ එවන්නම්.

මිස් ඉදන් ඉන්න..ගිහින්..

හරි අන්කල්..මන් ෆැන්ටා බඩි එකක් ගන්නවා…

අයිනෙම කොනේ තිබ්බ පුටුවක මන් වාඩි වුනා…ඉස්සර ලග තිබ්බ කඩේකට වත් නොගිය මන් අද අම්මා අප්පච්චි නැතුව තනියම මගෙ වැඩ කරන් ජීවත් වෙනවා..මට මතකයි මන් ඒලෙවල් ක්ලාස් ගියෙත් අම්මිගෙ අතෙ එල්ලිලා..අම්මි ,අප්පච්චි ,අයියා,ඇහක් වගෙ පරිස්සම් කරපු පුන්චි රෝස මලට උනු වැඩක්..හ්ම්ම්

ආ මිස්

අහ්..තව පොඩ්ඩෙන් ෆැන්ටා එක පිට උගුරෙ යනවා..මන් යන යන තැනට මේ පිස්සා රින්ගනවානේ..

මිස්ට බීම බොන්න හිතිලා වගෙ අද..රස්නෙට..

මන් මට නෙමි වගෙ අහක බලන් බීම එක බිව්වා..එතකොටම පොඩ්ඩා මල්ලි මේසේට රෝල්ස්.කට්ලට්,පැටිස් තියෙන දීසියක් අරන් ආවා..දැන් මේ පිස්සා බලන් ඉද්දි කොහොමද මන් කෑම කන්නේ..පුදුම වාතයක් තමයි..

ඔහ් මෙ මිස්ටද එතකොට අද බත් කන්නෙ නෑද..මේවා කාලා ඇද්ද මිස්..ඒක තමයි ඇටකිච්චියෙක් වගෙ ඉන්නෙ…

මන් මොනා කෑවත් එයාට ඇති රුදාව මොකක්ද ..අනික මන් කෙට්ටු යැයි..මේ ඉන්නෙ හොදට..පිස්සු

රෝල්ස් එකක් අරන් ප්ලේට් එකක්ට සෝස් දාන් මන් කෑවා…චමත්කාර අහසත් මට ගෙනාව දීසියෙන්ම රෝල්ස් එකක් අරන් මගෙ ප්ලේට් එකෙන්ම සෝස් ගාගෙන කන්න ගත්තා…

මිස්

මොකද අප්පා කොච්චර වත් මිස් මිරිස් ගාන්නෙ..

ඇයි

කනකොට..මිස් ලස්සනයි

මගෙ කන් කොට නෑ…පේනවනි හොදට තියෙනවා

ඔහ්..විහිලුත් දන්නවා මිස්..මන් හිතුවෙ ඔරවන්න විතරයි දන්නෙ කියලා…

මේ පිස්සා හක හක ගාලා හිනා වෙනවා..ඕක ඔච්චර හිනාවෙන්න තරම් දෙයක්ද..අනෙ මහාම මහා අමු පිස්සෙක්

මට තව රෝල්ස් එකක් ඕනි..ඒත් මේ පිස්සා හිතයි මන් පෙරෙතියක් කියලා..

ඔය ඇතිද මිස්..ආ මේකත් කන්න

මේ චමත්කාර පිස්සෙක් එක්ක ඉන්න හැටියක් නැතිභැටි…

එයා ආයෙම මගෙ ප්ලේට් එකට තව රෝල්ස් එකක් දැම්මා..කන්න නම් ඕනි ඒත් අනේ..බලන් ඉන්නවනෙ

අනෙ මිස් ඔයා ඕක කෑවයි කියලා ඔයාගෙ ඇග කැත වෙන්නෙ නෑ..ඔන්න ඔහෙ කන්න..මෙන්න මේ මන් වගෙ..

පිස්සු කෝච්චිය නම් මේ කන හතර වෙනි රෝල්ස් එක..මට පුලුවන්ද එහෙම කන්න

මන් මගෙ ප්ලේට් එකන් තිබ්බ රෝල්ස් එක අරන් කන්න ගත්තා

මිස්

ඇයි

අගෙ කරන්නැතුව කියන්නකො නම

මොකටද

අපෙ නම් රෙජිස්ට්‍රාර් කරද්දි ඕන වෙයි නෙ

මොකක්

හික්ස්..අනෙ නම කීවා කියලා ඔයාට මගෙන් බබෙක් ලැබෙන්නෑ

බබෙක්..අනෙ..මට කෑවා ඇති..මන් පුටුවෙන් නැගිට්ටා..

පොඩ්ඩො මගෙ ගාන බලන්න..

ඔක්කොම රෝල්ස් හයයි මිස්

අපො මන් එචචර කෑවෙ නෑ

මන් කෑවෙ දෙකයි..ෆැන්ටා එකයි..ඉතුරුවා මෙන්න මෙයයි කෑවෙ..එයාගෙන් ඉල්ල ගන්න…

මන් රුපියල් දෙසීයක් පර්ස් එකෙන් අරන් පොඩ්ඩට දික් කලා..පොඩ්ඩා ඔලුව කසනවා..

හරි හරි..අම්මෙහ්..බෑන්ක් එකක වැඩ..ඒ උනාට අසරණ බඩගිනි කොල්ලෙක්ට රෝල්ස් එකක් අරන් දෙන්නෙ නෑ ලෝබකම තියෙන

ඔව් මන් එහෙම තමයි..මන් මොකටද අනුන්ගෙ කෑම වලට සල්ලි දෙන්නෙ

හරි හරි පුපුරයි මෙතනම..මචන් මේ පන්සීයෙන් මිස්ගෙ බිලයි මගෙ බිලයි ගන්න

පොඩ්ඩා අතරමන් උනු හැඩයි

පොඩ්ඩා ඔයා මගෙ ගාන මන් දුන්න ු
සල්ලි වලින් ගන්න..එක එක්කෙනාගෙන් ගන්නෙ නැතුව

මචන් අනෙ මේකෙන් ගනින් බම්..එනගමන් හොද ටී එකකුත් අරන් වරෙන්

පොඩ්ඩො මෙ ඉස්සෙල්ලාම මන් කීව දේ කරන්න

අනෙ සේනේශා මිස්…මට තේරෙන්නෙ නෑ

අහ් සෙනේශා සුවිට් නේම්..තැන්කු මචන්..උඹ ඕකෙ සල්ලි ගෙවලා ඉතුරු සේරම ගනින්..

සෙනේශා

අපෝ මට මනෙ වෙන්නෙ..මන් නොකීවට දැන් ඉතින් මෙයා දැනගත්තනේ..

සෙනේශා …සෙනෙහෙ සා…ලස්සනයි..රූපෙටම ගැලපෙනවා ..

පොඩ්ඩ මට අහු වෙද්දෙන්කො

මෙ පිස්ස දුන්නු සල්ලිත් අරන් පොඩ්ඩ ඉගිල්ලිලා ගියා..දැන් ඉතින් මන් මෙයාට නය කාරයෙක් උනා..

සෙනේශා මිස්

ඔයා නම් මහ ඇනයක්..මන් ඔයාගෙ සල්ලි ආයෙම දෙන්නම්..දැන් මට ලේට් වෙනවා..ඔයත් එක්ක මෙතන ආර්ගිව් කර කර ඉන්න බෑ..

අනෙ කොච්චර දෙයක්ද..ආයෙම හම්බෙනවා අපි

පිස්සෙක්

ගස්සද්දිත් ලස්සනයි මිස්

මන් පිස්සට රැව්වා

එහෙමත් ලස්සනයි

අයියො මන් මොනා කලත් මොකක් හරි කියනවා..මෙයා නම්..

ඕනි එකක්..දැන් මන් ඇතුලට යන්න ඕනි…

මැට්ටා මන් දිහා බලන් ඉන්නව වගෙ දැනෙනවා …අනෙ පිස්සො ඇත්ත දැනගත්තු දාට ඔයා පැනලා දුවයි පණ එපා කියලා

—මතු සම්බන්දයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *