සීමා නෑ ආදරේට………………………….07

යමන් බන්ඩෝ වෙසක් බලන්න
යමින් බර බාගෙ බදින්න
අහ් නෑ නෑ
යමන් සෙනෙ වෙසක් බලන්න
හයියෙන් දැන් මන් අල්ල ගන්න
පාර දිගෙ එලි බල බල
මහ පාරෙ හරි කලබල
යමන් සෙනේ වෙසක් බලන්න

හෝ..පියඹා යනවා මා ආකාශයේ
….ම්ම්ම්ම්

හෝ ගානා පොකුනෙ..අපි එනවා..අපි එනවා

මෙයා නිකම් ඇවිදින එෆ් එම් එකක් වගේ..එකක් ඉවර වෙද්දි තා එක…නියමයි…පාලුවක් නෑ….

ගගන එයාගෙ අනිත් යාලුවෝ ගොඩට බයික් එක පැද්දා…කිව්වත් වගෙ ඔක්කොමල්ලා කෙල්ලො එක්ක…මෙයාට මන් උන් නැත්තම්…

අඩො ගගනය….කෑල්ල බැස්සුව එහෙනම්

අපි එහෙමයි

කවුද බන් නන්ගි

කෙල්ලෙක්

පෙන්නහන්කො බන් අපිටත්

ඒ බලහන් මූ කෙල්ලෙක් එක්ක ඇවිත්

බයික් ටික ගගනගෙ ඇගෙ ගෑවෙන නොගෑවෙන දුරින්..හැමොටම ප්‍ර්ස්නයක්..මාව..හොයන්න බෑනෙ මලාට..ෆුල් පේස් හෙල්මට්..ජැකට් එක..

මොකො කියන්නෙ බබා ඔයාගෙ මූණත් තහඩුව පෙන්නමුද

මෙයාගෙ කතා විලාසෙත් වෙනස් වෙලා…බබාලූ…

සොරි..

ම්ම්ම්

සොරි බබා කීවට

හ්ම්ම්

කමක් නැද්ද

හ්ම්ම්

ඒ කියන්නෙ අවුලක් නෑනෙ..එහෙනම් අද සිට ඔයා මගෙ සෙනේ බබා

හුලන් සැරට මේ මැට්ටට මන් කියන දෙයක් තේරෙනවැයි..ඔක්කොටම වඩා හොදයි කට වහන් යන එක

සෙනෙ බබො දන්සලක් වදිමුද

උත්තරෙ දෙන්නත් කලින් මෙයා නවත්තලා ඉවරයි..අනෙ මන්දා කොහෙට දාගන්නවද කියලා..දැන් කීවෙනි එකද

අහ්..බොමු

මැට්ටා මටත් එක්ක කෝපි අරන් ඇවිත

් මෙයා දෙන දෙන ඒවා කාලා බීලා දැන් ඉතින් මන් වෙන තැනක් හොයන්න වෙනවා..ඇත්තටම දැන් මට එහෙම උවමනාවක් තියෙනවා..කෝමද ඉතින් ඒක කියන්නෙ මෙයාට

මොකො බබි සද්ද නැත්තෙ සස නෑ

මූන නාලු කරන් ඒක කීව විදියට මට හිනා ගිහින් ඉස්පොල්ලෙ ගියා..නහයෙන් කටින් කෝපි පිටාර ගැලුවා..මැට්ටගෙ ටී එකෙත් එක්ක

හයියු..චූටි බබි මොනාද මෙ කලෙ ආ…මැට්ටියෙක් මහා

සොරි..ආ පිහිද ගන්න

මන් මගෙ අතෙ තිබ්බ ලේන්සුව දුන්නා..

අම්මො සූද මේකෙ..

මාර සුවදයි..ඔයා ලගින් එනවා වගේමයි..මට ලෝබයි මේකෙන් පිහින්න

එහෙනම්.දෙන්න

හපො අහලා නැද්ද කෑ දෙ ගදයි දුන් දෙ සුවදයි කියලා..ඇත්තටම දුන් දෙ සුවදයි..මේක ඔයාගෙන් මට ලැබුන පලවෙනි සිහිවටනේ

පිස්සු..මන් ඒක දුන්නෙ කෝපි පිහිද ගන්න මිසක් සිහිවටනෙකට නෙමි..තේරුනාද

ඒ ඔයා හිතන විදිය..මේ මන් හිතන විදිය තේරුනාද

පිස්සු

හ්ම්ම් ඔව් පිස්සු..යමුද මැඩම්

….
අපි පාන්දර දෙක විතර වෙනකම් මුලු කොලඹම තියෙන වෙසක් බැලුවා…

දන්න කාලෙකින් මෙච්චර සැහැල්ලු බවක් හිතට දැනිලා නැ

දැන් අපි කට්ටියගෙන් වෙන් වෙලා..මෙයාත් කැමතිද කොයිද ඒකට

බබී

බබීයෝ..මොනාද කල්පනා කරන්නෙ

ආ මෙන්න වැඩක් දැන් මට කල්පනා කරන්නත් බෑනෙ

ගෝල්ෆේස් යමුද

හා කියන්නත් බෑ කියන්නත් කලින් බයික් එක ගෝල්ෆේස් එකට දාලත් ඉවරයි..

ඔන්න හරි..යන්

එයා හෙල්මට් එක අතට ගත්තා..කොන්ඩෙ ඇවිස්සිලා..අමුතු දගකාර බවක් ඒ මූනෙ මතු වෙලා

කුලුදුලෙ කොල්ලෙක් ගැන ඇති වෙන අමුතු හැගීමක

මගෙ ලස්සන බැලුවා නෙහ්..එන්න යන්

අපොයි ඔය ඒලියන් කෙනෙක් වගෙ මෙතන ඉන්න එපා මැට්ටියෙ..ගලෝනවකො හෙල්මට් එක..අපිත් ආසනෙ පෙන්නන්න එලකිරි කෑල්ලක් එක්ක එන්ටර් වුනා කියලා

වෙනදට තියෙන අහින්සක කතා සේරම අද දග වෙලා…

මන් හෙල්මට් එක ගැලෙව්වා…

ම්ම්ම්..සගත් දාමූ..දැන් හරි..

මගෙ රැජිනියනි..කැමතිද මා හා මුහුදු රැලි පෑගිමට

ඒක කීව විදියට නම් රැල්ල නොපාගාම බෑ වගෙ…ඒත් ඩෙනිම් එක උඩට උස්සන්න ඕනි…

මන් මගෙ කකුල් දිහා බැලුවා..

අහ් ඉන්න මන් උස්සන්නම්…

එයා මගෙ ඩෙනිමෙ වාටිය උඩට නවන්න පාත් උනා..ඒත් එක්කම මට දෙයක් මතක් වුනා…ඇගම හිරිවැටෙන..

ඉක්මනට මන් කකුල අහකට ගත්තා

සොරි..වැරදි හැගීමකින් නෙමි කලේ..

ඔයා ගැන මට එහෙම හිතුනෙත් නෑ ගගන..ඒත් ඔයා දන්නෙ නැ…

මම් පහත් වෙලා ඩෙනිම නවා ගත්තා..එයාගෙ මූන අදුරු වලාකුලකින් වැහිලා..වැරැද්දාක් කරා කියනා හැගිම ඒ මූනෙ පේනවා..

යන්

පල්වෙනි පාරට මන් එයාට ආදරයෙන් අඩගැහුවා..

සොරි

ඉට්ස් ඕකෙ…

අපි පඩි බැහැන් පහලාට බැස්සා..පාන්දර උනත් අද වෙසක් දවස නිසා කට්ටිය එකා දෙන්නා වෙරල මත…

අදුරුයි..ඒත් සදවති පායලා ඒ අදුර මකලා..ඈතින් නව්ත්තල තියෙන නැව්වල ලයිට් එක සීරුවට පේනවා..හරිම ලස්සනයි..

මුහුද..ජීවිතෙ අමතක කරන්න පුලුවන් කොච්චර බලා උන්නත් එපා වෙන්නැති තැනක්..පොඩි කාලෙ අප්පච්චිට කියලා මුහුද බලන්න ආව දවස් මතක් වෙනවා..

ඒ මෝඩි මොනාද කල්පනා කරන්නෙ..එන්න රැල්ල පාගමූ

එයා මගෙ අවසරයක් නැතිවම මගෙ අතින් අල්ල ගත්තා..

උඩට විසිරෙන කිරිපාට වතුර මගෙ සතුට වැඩි කලා..පුන්චි එකෙක් වගෙ මන් එයාගෙ අතේ එල්ලිගෙන ඇති වෙනකම් රැල්ල පෑගුවා..

ජීවිතෙ සතුටත් මේ රැල්ල වගෙ..වෙරලට ආවත් ටික මොහොතකින් ආයෙම මුහුදට යනවා..

දැන්නම් හොදටම තෙමිලා..ඉන්නෙ..කටෙත් එක්ක ලුනු…

මැඩම් බබා ඇතිනේද

යමුද

අනෙ තව එක පාරක්

හා හා මැඩම් බබානේ

මුහුද ලොකු අයවත් පුන්චි ලාමයි කරනවා…තවත් පැය බාගෙකට පස්සෙ එයා මාව ඇදගෙන උඩට නැග්ගා…

දැන් පාන්දර පහට කිට්ටුයි…කොලබ නොනිදන නගරය..අලුත් දවසටත් වැඩ පටන් අරන්…

වතුර වේලෙන කම් අපි පඩිපෙලෙ වාඩි වුනා

සෙනේශා

ම්ම්ම්

අද දවස මට හීනයක්

හ්..මටත්

ඇයි කියලා අහන්නැද්ද

හ්ම්ම් ඇයි

ඔයාවගෙ ලස්සන රෝස මලක් මගේ එක්ක ආව එක

හ්ම්ම්

ගොඩ කාලෙක ඉදන්

මොකක්ද

සෙනේශා

එයා මන් දිහාම බලන් ඉන්නවා..දෙකන් පෙතිවලට ලේ පුරනවා දැනෙනවා..ඒ ඇස් වල කියැවෙන්නෙ මොකක්ද

සෙනේශාඅ

කියන්න මන් අහන් ඉන්නෙ

හ්ම්ම්..කොහෙන්ද මන් පටන් ගන්නෙ

මොනාද

මේ කතාව

කොහෙන් හරි මුල ඉදන්ම

ජෝක් නෙමි..

හා ඉතින්

හ්ම්ම්..හරි..ඔයා කීවා වගෙ මන් මුල ඉදන්ම පටන් ගන්නම්..

මන් නිවාඩුවට අපේ ලොකු අක්කලාගෙ ගෙදර ගියා..කුරුනෑගල..ඒ ගිහින් එන දවස කොලබ එන්න නැග්ගා බස් එකට..

හ්ම්ම්

සීට් තුනෙ බස් එකක්..අයිනට යන්න තියෙන කම්මැලු කමට මන් උන්නෙ මැද ඉදගෙන පෝන් එක ඔබ ඔබා උන්නෙ මන්..එක පාරම මට තේරුනා කවුරු හරි මන් ලග හිටන් ඉන්නවා වගෙ..මන් ඔලුව උස්සලා බැලුවා..ජීවීතෙට කෙල්ලො ඕනි තරම් දැකලා අති..ඒත් එදා මට දැනුනා ඒ මිහිර..ෆිල්ම් වල වගේම මගෙ හිත එක පාරම නැවතුනා කීවොත් හරි..හීනි තොල්..පිරුනු කම්මුල්…දිග් කොන්ඩෙ..ඒ මූණටම ගැලපෙන අපූරු චාම් බව..අහින්සක කමත් එක්ක යන්තමට පේන දගකාර කම්..මගෙන් එහාට යන්න කියලා ඉල්ලුවා..දෙයියනෙ ඒ කටහඩ …හරිම මිහිරියි..උන් හිටි තැන් අමතක වෙලා උන්නු මන් එයා ඇහුවෙ මොනාද කියලාවත් මතක තියාගත්තෙ නෑ..බැරිම තැන ඒ රෝසමල මාව පාගන්ම අයිනෙ සීට් එකට ගියා..ජනේලෙට ඔලුව තියන් ඒ කෙල්ල ඇස් පියාගත්තා..හරියටම පුන්චි සුරන්ගනාවියක් වගේ..

මන් කොච්චර වෙලා බලන් උන්නද මන්දා

දැන් මට බහින්නත් ඕනි..ආයෙ කවදා දකින්න වේද කියලා බයයි…ඇහරෝලා අහන්නත් හිතයි..මන් කල්පනා කර කර ඉද්දි මේන් මේ කෙල්ල නැගිට්ටා..බස් එකට නැග්ගා වගේම හයියෙන් හයියෙන් බැස්සා මන් බහින තැනින්ම…මන් කෙල්ලගෙ පස්සෙන් ගියා..දුවන් ගිහින් ආයෙම බස් එකට නැග්ගා..බැලින්නම් මන් යන්න ඕනි බස් එකමයි මට මාර හැපි…

කෙල්ල මට කලින් නැග්ග නිසා කෙල්ලට ශීට් එකක් හම්බෙලා..මන් හිටගෙන කෙල්ල දිහාම බලන් උන්නා..මේ කෙල්ල ඔන්න ඔහෙ ඕනි දෙයක් වෙද්දෙන් කියලා බලාගත්තු අත බලන් යනවා..මොකක් හරි ප්‍ර්ස්නෙකින් උන්නෙ වගෙ…කෙල්ල බහින තැන මග ඇරෙයි කියලා මන් ඒ දිහාම බලන් උන්නා..ඉතින් ඒ කෙල්ල බැස්සෙ අපි ගෙදරට හෝල්ට් දෙකක් තියලා..මට මාර හැපි…බහින්න කියලා හදද්දිම යාලුවෙක් හම්බුනා..අරූට හිතින් බැන බැන මන් ගෙදරට ගියා..

කෙල්ල බැස්ස තැන මන් දවස් තුන හතරක්ම හොයලා බැලුවා..නෑ හෝඩුවාවක්..හ්ම්ම් දුකයි…

හිත අස්සෙම ඒ හැගීම් හන්ගන ජොබ් එකට ගියා.

ඔෆිස් එකෙ කෑශ් එකතු වෙද්දි ඉක්මනට බෑන්ක් ඩිපෝසිට් කර්න්න ඕනී..එහෙම කෑශ් ඩිපෝසිට් කරන්න ආව එක දාක අර ලස්සන මල ආයෙමත් බැන්ක් එකෙ පිපිලා..දෙයියනෙ මෙච්චර කල් මන් මගෙ ඉස්සරහම උන්නු කෙනෙක්වනි හොයලා තියෙන්නෙ..

බෑන්ක් එක ඇරිලා කෙල්ල යද්දි මන් ෆලො කලා..එදා බැස්ස තැනමයි..දවස් තුන හතරක් ස්‍ර්ච් කලාම හරි කෙල්ල යන එන ටයිම් නෝට්..

ඉතින් කෙල්ල එක්කම යන්න ඕනි නිසා මන් බයික් එකෙන් ගෙදරින් ඇවිත් තීවිල් පාක ් එකෙන් දාලා එනවා..උදේට යනවා හවසට එනවා..කතා කරන්න ඕනි..ඒත් ආඩම්බර කෙලීව කෝම කතාවට අල්ලගන්නද මට තේරුන් නෑ..

මගෙ සැලරි දා මන් බෑන්ක් එකට ගියා..දෙයියනේ සෝසම සෝස පාට මල් වැටුනු සාරියක් ඇදලා සෝස පාටින්ම ඉන්නවා..අද නම් කොහොම හරි කතා කරනවමයි හිතුනා…

පෝලිමෙ කට්ට කාලා බෑන්ක් බුක් එක දුන්නා මල් මල් හිනාවක් දාලා අඩු තරමෙ ඔලුව උස්සලා වත් බලුවෙ නෑ..දැන් මොකො කරන්නෙ ආවා අයිඩියා එකක්..සැලරි පනස්දාහට අතින් දෙදාහක් දාලා ආයෙම ගියා..මට අතින් පාඩුයි .ඒත් කෙල්ලගෙ වචනයක් අහන්න තියෙ නම් රුපියල් දෙදාහ වගේද…

එතකොට ඒ දෙදාහා ඔයාගෙද

හ්ම් ඔව්

පිස්සෙක්

ඔව් මට පිස්සු ඔයා හින්දා පිස්සු

හිත බයයි…දැනන් උන්නා..ගගනගෙ හිත..ඒත් මෙච්චර ඉක්මනට ඒ දේවල් දැනගන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ…

මේ සේරම ඔයා වෙනුවෙන්..මන් ඔයාට ආදරෙයි..ගොඩක් ආදරෙයි සෙනේශා…

හැගීම් විරහිත බෝනික්කෙක් වගෙ මන් එයාගෙ ඇස් බැලුවා

ඒ ඇස් අවන්කයි..ඒත්….

මන් දන්නවා..ඔයා මේක බලාපොරොත්තු නොවෙන්න ඇති..මෙච්චර ඉක්මනට කියන්න හිතුවෙත් නෑ..ඒත් තවත් හිතෙ හන්ගන් උන්නොත් මන් මැරෙයි..ආදරෙයි ආදරෙයි ගොඩාක්..මහා ලොකු සල්ලි කාරයෙක් නෙමි මන්..ඒත් මගෙ ජොබ් එකෙන් ඔයා ලස්සන මලක් වගෙ බලාගන්න පුලුවන් මට…ආදරෙ කරන්න ඕනි නෑ ඔයා මට…මට ඔයාගෙ අවසරෙ විතරක් දෙන්න…හා කියන්න..මට ඔයාට ආදරෙ කරන්න අවසර දෙන්න…මන් ආදරෙ කරන්නම්..ඔයා මලක් වගෙ ලස්සනට ඉන්න.

ගහෙන් ගෙඩි එන්නා වගෙ උත්තර දෙන්න බෑ තමයි..කල් දෙන්නම් මන් ඔයාට…ඔයාට ආදරෙ කරන්න මට අවසර දෙන්න බබී…

ඒත් හුම්ම්..ඔයාට මට…

ඉතුරු ටික කියන්නත් කලින් එයා පැනලා ඉවරයි..දෙවියනෙ ඇයි මාව මෙහෙම පරික්ශාවකට දැම්මෙ..මම..මන්…අනෙ…එයාට කොහොමද දෙයියනෙ කියන්නෙ..මන්…මට දැනෙනවා ඒ ආදරෙ..ඒත් අනෙ මන්…

…මතු සම්බන්දයි….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *