සීමා නෑ ආදරේට………………………….10

නිදි නොඑන රෑ යාමේ
සිහිවේවි ඔබේ රුව..
මග බලා ඉදිමි මම
ඔබ පායා එනතෙක්ම..
දෑස් අග පිපුනු ඒ
මල් මිලිනව ගියද
ආදරේ කරමි මම
මියෙනතුරු ඔය හදට..

අද අහස වහින්න වගේ…පායලා පායලා කාස්ටක වෙලා තියෙන මේ පරිසරේට අහසෙ මතු වෙන කලු වලාකුලක් උනත් ගෙනල්ලා දෙන්නේ අස්වැසිල්ලකී….

මගේ හිතත් එහෙම නෙවේද….ඉඩෝරෙන් ඉරිතැලුනු පොලව වගෙ මගෙ හිතත් අබලන් වෙලා.. මටත් ඕන වැස්සක් නෙමේද..ආදරෙන් පිරුනු හිතක තෙතමනයක්…අවුරුදු විසිතුනක් කාටවත් නොදී පරිස්සම් කරන් උන්නු මේ හිත ගගන නමින් දැන් වෙන් කරලා ඉවරයි…දැන් තියෙන්නෙ ගගන මාව පිලිගන්න එක…

දන්නෙ නෑ..එයා කොහොම පිලිගනීද කියලා යතාර්තය..ඒත් එයා කොයි විදියෙන් පිලිගත්තත් උපේක්ශාවෙන් ඒ දේවල් පිලිගන්නවා…

සමහර විට මේ හිතෙ ඇති වුනු පලවෙනි වස්සානෙත් අන්තිම වස්සානෙත් ගගන විතරක්ම වේවි..

ඒත් හිතෙ කොනක ලාවට බලාපොරොත්තු මලක් පීදීලා…ගගන නමින්..

………
හීනීවට ඇග දැවටෙන මල් වැස්සකුත් එක්ක ගෙදරින් එලියට ආවා…කුඩෙ ගන්න කම්මැලී..අනික කුඩෙ තෙමුනම තෙත බේරේන කුඩෙත් එක්ක බස් ගමන අමාරුයි..

මන් අහස දිහා බැලුවා..අනේ දේදුන්නකුත් පායලා….

අහ් බබී මාව බලනවා වගේ

ගගන…

අනේ එයා ඇවිත්…ඒත්

ගගන

සෙනේ බබී…ඔයා තවත් ලස්සන වෙලා….මොනාද බැලුවෙ

ගගන මන්.

ඔව් ඔයා

ඔයා දන්නවද ඒක ගගන

ඔව්

කමක් නැද්ද ඔයාට මන් එහෙම උනාට

කමක් නෑ

ඇත්තටමද

ඔව්

අනේ

ඇයි

ඔයා බයික් එක ගෙනාවෙ නෑ

අක්කලා දෙන්නෑනේ

හ්ම්ම්ම්.ඇත්තටම මට හිතාගන්න බෑ…එයා මට ආදරෙ කරනවද තාමත්….හැමදේමත් දැනන්

ඔයා මොනාද සෙනේ බබෝ කල්පනා කරන්නේ

ගගන මට ඔයා එක්ක කතා කරන්න ඕනී

ම්ම්ම්……ඔෆිස් කට කරලද…

ඒ අදහසත් නරකම නෑ….

හා

ම්ම්ම්ම්….ඉන්නකෝ

ගගන කාටද කෝල් එකක් ගත්තා

එහාට ගිහින් ගත්ත නිසා මට මුකුත් ඇහුන් නෑ….ඇත්තටම ගගන හැමදේම දැනන් මන් එක්ක කතා කරනවද කියලා මට හිතන්න වත් බෑ….හීනයක් වගේ.ගගනට නොපෙනෙන්න මන් කොනිත්තන්ම බැලුවා..ඌහ් රිදුනා ඒ කියන්න්නේ හීනයක් නෙමී.ඇත්තක්…ඉස්කෝලේ යද්දිවත් ක්ලාස් කට් නොකරපු මන් අද…
හිත නොසන්සුන්.හිත පුරා අමුත තේරෙන්නේ නෑ…

ඔන්න හරි

ඒ කියන්නේ

බලන්නකෝ

ටිකකින් අමීර බයික් එකක ආවා..හෙල්මට් දෙකකුත් අතේ තියන්

ඔහ් මෙයා කෝල් කරලා තියෙන්නේ බයික් එකක් ගෙන්න ගන්න ඒකත් ශෝයී…

ඔන්න මගෙ බබාව අරන් ආවා.Ful tank ගහලා තියෙන්නේ…උඹේ බබාවත් දාන් මගේ බබාවත් පරිස්සම් කරන් මන්ගල ගමන ගිහින් වරෙන්..ඉදා හෙල්මට්….ජැකට් එක…ඕකෙ බායි

යමුද බබා…

ගගනම මට හෙල්මට් එක දැම්මා අමීරත් බලන් ඉද්දිම..

ඕම ඉන්න
අමීර දාන් ඇවිත් ් තිබුනු සගත් ගලෝලා ගගන මට දැම්මා…

ඕන් හරි..නගින්න බබී

මන් ඒ උරහිසට වාරු වෙලාම බයික් එකට නැග්ගා…බයික් එකට නැග්ග ගමන් එදා බයික් එකෙ ගිය හැටි මතක් වෙලා මට හිනා ගියා…එයා ඒක කන්නාඩියෙන් බලාගෙන….

මොකො අද අමුතු ..තනියෙන් හිනාවෙන්නේ

මුලින්ම ඔයත් එක්ක බයික් එකෙ ගිය හැටි මතක් උනා..බෑග් එක මැද්දෙ තියන්

ඔහ්….අදත් තියනවද

නෑහ්…

විස්වාස්ද මාව

ඔව් ගොඩක්

අපි කොහිද යන්නේ

එදා වගේම ගෝල් ෆේස් යන

් එහෙමද ආස

ඔව්…

මැට්ටි

හරි හරි ඉස්සරහා බලන් යමූ..දැන්ම මැරෙන්න බෑ

මන් එක්ක යන්න බයද

නෑ…

ඒනම්

අනේ කටවහන් යමූකෝ

ගගන එක්ක කතා කරන්න ඕනි දේවල් එකින් එක මන් මතක් කරගත්තා…හිත පටලිලා නූල් බෝලයක් වගේ…කොඉන්ද මන් පටන් ගන්නේ…

බබී…

ම්ම්ම්න්

සද්දයක් නැත්තේ

කල්පනා කරනවා

මොනා ගැනද

ගොඩක් දේවල්

මොනාද

ගොඩක් දේවල්

මොනාද

ගොඩක් දේවල්

අනෙ මැට්ටි බයික් එකේ නිදිද

ම්ම්ම්

හ්ම්ම්ම්…මදැයි හාපුරා කියලා කෙල්ලෙක් දාන් ආවා..මේන් මෙයා නිදි…දොයිගත්තොත් කරන දේ දන්නවද

දන්නෑ

ඉන්නකො කරලම පෙන්නන්නම්

ගගන එහෙම්ම පිටිපස්සෙන් අත දාලා මගේ අත කෙනිත්තුවා

ඌයි රිදෙ.

රිදෙන්න තමයි කෙනිත්තුවෙ

ආ එහෙමද ඉන්නවකෝ

මමත් ගගන ගේ අත කෙනිත්තුවා..

අම්මො කොටි නියපොතු..

ඒම තමයි

මැට්ටියෙ මන් ඩ්‍ර්‍යිව් කරන ගමන් ඉන්නේ..දෙන්නත් එක්කම වැටෙයි

අහ්..හරි හරි සොරී

කලින් දා වගේම එයායි මමයි ගෝල් ෆේස් එකට ඇතුල් වුනා..

උදෙ පාන්දර ඉර එලිය වැටිලා මුහුද හරියට රිදී නාගයෙක් වගේ..මුතු කැට දහසක් එක පාර දිලිසෙනවා වගේ..

හෝ හෝ මැඩම්..මුහුද දැක්කා විතරයි කෙල්ලට මාවත් අමතකයි

ඇත්ත මුහුද මාව හැමදාම අලුත් ලෝකයකට කැන්දන් යනවා…

ගගන මගේ පිටිපස්සෙන් ඇවිත් අත් දෙක අල්ල ගත්තා

හැඩකාරි මගේ..එන්න අතනින් ඉදගමූ

ගෝල්ෆේස් එකේ එක පෙලට හදලා තියෙන බන්කුවක අපි ඉදගත්තා..අපි වගේම තවත් යුවලවල් තැන තැන…

ඉතින්

ඉතින්

මොනාද මට කියන්න ඕනි කීවෙ එක්කෙනෙක්ට

මන් එහෙම කීවද

නැතුව

ම්ම්ම්

කියන්නකො

මොනාද

කියන්න තියෙන දේ..වෙනදා මට කච කච ගාලා බනින පුන්චි කිරිල්ලි අද ගොලුවෙලා

මට ලැජ්ජයි

මොනාටද

කතා කරන්න

එහෙනම් වෙනදා කතා කලේ

ගගන මගේ ඇගිලි එයාගෙ අතේ පටලන් පුන්චි සෙල්ලමක්

නැටුම් ද කලේ

කෝමද කියන්නේ

හීනි දිග ලස්සන ඇගිලි තියෙන්නෙ ලස්සනට නටන්න පුලුවන් කෙල්ලන්ටලූ

තව

කෝ මට පෙන්නන්න කකුලෙ ඇගිලි

ඒ මොනාටද

පෙන්නන්නකෝ

මන් සාරිය චුට්ටක් ඈත් මෑත් කරලා කකුලේ විලුඹ පෙන්නුවා

ඔහ්හො මන් හිතුවා වගේමයි

ඒ කීවෙ

කකුලේ මාපටගිල්ලට වඩා දෙවනි ඇගිල්ල දිග කෙල්ලො එයාගෙ හස්බන්ඩ්ව යටත් කරන්ලු ඉන්නේ

ඉතින් මට හස්බන්ඩ් කෙනෙක් නෑනේ

ඉස්සරහට ඉන්නවනි

ඒ කවුද

ඔයාගෙ හිතෙ ඉන්න එක්කෙනා

ම්ම්..මෙයාට ඕනි මගෙ කටින්ම ආදරෙ කියාගන්න වගේ

ඒත් මට ඊට කලින් ඔයාගෙන් දෙයක් දැනගන්න ඕනි

මොනාද

අහන්නද

අහන්න මැඩම්

මම්ම්..මන් ගැන හැමදේම දැනගත්තට පස්සෙත් ඔයා තාම එහෙම්මද

ඔව්…

ඇත්තමද

කවදහරි ඔයාගෙ ගෙදරින් පස්නයක් ආවොත්

අම්මෙ හිතලා තියෙන දුර..මෙච්චර ලස්සන හදකට කවුද අකමැති
ඔයා දන්නවද හදේ ආවාට ගොඩයි..ඈතට ලස්සනට පෙනුනට ලගට ආවම කැලල් ගොඩයි…

මට කමක් නෑ…මගෙ හද ලස්සනයි..කවුරු අකමැති උනත් මන් හදට ගොඩාක් ආදරෙයි..හද අයිති අහසටයි..ඒ අහස මමයි…

ඔයාට ඒ දේවල් ප්‍ර්ස්නයක් නෙමේද

මන් කියන ඒවා ඇහෙන් නැහද මෙයාට අහක බලන් ඉන්නේ..

දැන්වත් කියන්නකෝ

මොනාද

ඒක

මට ලැජ්ජයි…

කෝ බලමු ලැජ්ජාව

ගගන මගේ මූණ අරහෙට මෙහෙට කර කර බැලුවා…

ඒ පාර මොකො

අර

මන් ඇගිල්ල දික් කරලා ගගනට කපල් එකක් පෙන්නුවා..කුඩෙ තියන් දෙන්නා වැඩක්

ගගන ඒ පැත්තට මූණ හැරෙව්වා..ඒ ලද ඇසිල්ලෙන්..මන් ඒ මූනට හාදුවක් දුන්නා

අයි ලව් යූ…ගගන….

වාව් වට ස්‍ර්ප්‍ර්‍යිස්..

ම්ම්ම්ම්

ආයෙ කියන්න මට ඇහුන් නෑ

අයි ලව් යූ ගගන

ආයෙත්..

මෙයා දැන් නම් බොරුවක්ද කොයිද කියන්නේ..

අයි

ම්ම්ම්

අයි

ම්ම්ම්

අයි

ම්ම්ම්..කියන්නකො

අයි වෝන්ට් ටු ඊට්

අපොයි මැට්ටි..බඩගිනිද

ඔව්

මොනා හරි අරන් යන්නම් ඉන්න

එපා

ඉන්නකො..

මන් ලග බත් එකක් තියෙ ඒක කමු

ශා ශෝයි නේ..කමූ

මගෙ බෑග් එකේ තිබුනු වතුර බොතලෙන්ම අත හෝදන් අපි බත් එක කන්න ගත්තා

හා පුරා කියලා කොල්ලෙක්ට මන් කැව්වා…

රසයි

ම්ම්ම්

ඉන්නකෝ

එයා ලොකු බත් කටක් අනලා මගෙ කටට ලන් කලා ඒත් නුහුරට

මගෙ ඇග පුරාම බත්..කවලා පුරුදු නැද්ද කොයිද මෝඩයට

හරිම මෝඩයෙක් තමයි..මේ මගෙ මූණ පුරා බත් ඇට

අහ් ඉන්නකො මන් අයින් කරන්නම්

ඒ තොල් මගෙ කම්මුල් පුරා…කුලුදුලෙ මන් ලැබුව හාදු වැස්ස….

මගෙ කන්පෙති කම්මුල් සේරම රත් පැහැයට හැරෙන්න වැඩි වෙලා ගියෙ නෑ

මැට්ටියෙක්…ආදරෙයි නේද

ඔව් ගොඩාක් …ඔයා වගෙ හොද කෙනෙක් ලබන්න මන් ගොඩාක් පින් කරලා තියෙනව

ඔයා වගෙ හැඩකාරියක් ලබන්නත් මන් ගොඩාක් පින් කරලා තියෙනවා..මට මේක හීනයක්

මටත්

එහෙනම් අද ඉදන් හීන දකිමුද

දකිමු…

….හීනයක් නොවි මේ ජීවිතේම වේවා….

මගෙ හැම දේම දැනන් මාව පිලිගත්තු ගගනට කුලුදුලේම මගෙ හදවත පිදුවා…ආදරෙයි මන් ගොඩක

් ගොඩාක් ආදරෙයි…හැමදාටම…ස්තූති දෙවියනි..මගෙ සිත් අහසට ආවට..එලිය දුන්නට…මේ අහස මගෙ ලගින්ම හැමදාම රැදේවා..

ඒ උරහිස් වලට වාරු වෙලා ඈත පේන ඉර මුහුදේ ගිලිලා යනකම්ම මන් බලන් උන්නා…

…මතු සම්බන්දයි…

රහස දැනගන්න තව කල් තියේ..නියම වෙලාවට ඒක එලියට දාන්නම්..එතෙක් රැදී ඉන්න…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *