සීමා නෑ ආදරේට………………………….11

මේ දවස් වල හීනේන් අමුතු අමුතු දේවල් පේනවා..ඒ හැම හීනේකම මන් ගගනගේ අතේ එල්ලිලා ඈත කදු පාරක ඇවිදන් යනවා..හැමදාම ලස්සන මලක් ගාව මන් නවතිනවා..ඒ මල හරියටම කුක්කිගෙ මූණ වගේ..මට ඒ මල නෙලා ගන්න ඕනි..මන් ගගනට කියනවා මට ඒ මල නෙලලා දෙන්න කියලා..එයා හරිම සතුටින් මල නෙලන්න යනවා..ඒත් ටික වෙලාවකින් තුනි මීදූම් තට්ටුවක් ඇවිත් ගගනත් මලත් නොපෙනි යනවා..

මන් කෑගහනවා..ඒත් මට පේන්නෑ..මන් කෑ ගහන සද්දෙ එලියට පිට වෙන්නෙ නෑ හරියට මගෙ උගුර ඇතුලෙ මොනා හරි හිර වෙලා වගෙ..එතනින් එහාට මන් ඒ හීනෙ දකින එක අතාරිනවා…

හීන දකිනවට අමතරව දැන් මට ඊට වඩා ලොකු රාජකාරියක් තියෙනවා..

ඉස්සර මන් පෝන් එක බැලුවෙත් ඉදලා හිටලා එෆ් බී එකට ලොග් වෙලා ස්කූල් යාලුවන්ගෙ අලුත් පොටෝස් බලන්න..ඒත් දැන් ඕනි වෙලේක මගෙ අතෙ පෝන් එක..

ගෙදර ඉන්න හැම මොහොතෙම බෑන්ක් එකේදි හැම තිස්සෙම මගෙ අතේ පෝන් එක කොටනවා කොටනවා මන් ඉවරයක් නැතුව..කන එක බොන එක නාන එක ඇදපු එක කොටින්ම කීවෝත් වොශ් රූම් යන එක පවා දෙන්නට දෙන්නා කියා ගන්නවා…

සමහර වෙලේට දවසම එයත් එක්ක කතා කර කර ඉදලා එන්නේ..ඒත් ගේට් එක ඇරන් අඩියයි තියන්න ලැබෙන්නෙ එයාගෙන් මැසේජ්…මන් මොහොතක් පරක්කු වුනොත් ගගන අහස වගේම ගොරෝනවා…මහා හයියෙන්.. පොඩ්ඩක් ඇත්නම් අහස වගේම කදුලු කැට වට්ටනවා.මගේ මුරන්ඩු තාර පැටියා…විනාඩියක් පෝන් එක ආන්සර් කරන්න පරක්කු උනොත් දඩුවම්…පුන්චි පුන්චි අහින්සක දඩුවම්..විනාඩි පහක් පරක්කු උනොත් පොටෝස් පහක්…ඉතින් මන් දැන් පොටෝ ජෙනික් වෙලා..

ජීවිතයට ආව මහා කුනාටුව නෙවෙ නම් අද මගෙ හිතට දැනෙන මේ ආදරනීය හැගුමන් සිත් පුරා විදින්න තිබ්බා.කොහොම ආදරෙන් උන්නත් මගෙ හිත වරදක් කරනවා කියන හැගීමෙන් පෙලෙනවා…එයා පිවිතුරු අහසක්..

මන් කිලිටු මලක්..දවසක එයාට මේක ප්‍ර්ශ්නයක් නොවුනට එයා වටෙ ඉන්න අනිත් අයට ප්‍ර්ස්නයක් වේවි…මන් ලබන්නෙ තාවකාලික සතුටක් කියලා හැම තිස්සෙම හිත කියනවා..ඒත් ඒ තාවකාලික සතුට වෙනුවෙන් මන් මගේ ජීවිතේ උනත් දෙනවා සත්තයි…

මොනවද උදෙ පාන්දර නැගිටන් මන් මේ හීතන මූසල දේවල්…

අතීතය දුකක්
වර්තමානය සතුටක්
අනාගතය….මන් හිතන්නත් බයයි

මන් වර්තමානෙට ආදරෙය

අද ජීවත් වෙනවා එයාගෙ ආදරෙන්..හෙට උදා වෙන්න එපා…මට අද හොදටම ඇති..

පෝන් එකත් අරන් මන් උයන්න කියලයි ලෑස්ති උනේ..මොනාද අද උයන්නේ…ඔක්කොටම කලින් තේ ටිකක් බොන්න ඕනී…මන් හීටරෙ අතට ගත්තා..ඒත් එක්කම පෝන් එකත් වයිබ්‍රේට් උනා.

පහයි කාලයි..ගගනගෙ ගුඩ් මෝනින් මැසේජ් එක…මේ මැසේජ් එක දැක්කත්මගේ කන් පෙති ලැජ්ජාවෙන් රතු වෙන තරම්..

Gm bbi..ummmaa.moko karanne sene babi

පෝන් එකෙනුත් උම්මා මගෙ දගදාස…මොනාද මන් දැන් කියන්නෙ මෙයාට..ලාවට මූනට ආව හීන් හිනාව තොල පටින් තද කරන් මාත් කොටන්න ගත්තා….

Man wadak

Mokakda

Uyanna gannayi hAduwe

Uyanna

Hmm…ow

Oyaa උ yanna dannawada

Ay natte

මන් හිතුවේ ම්ම්ම් කියන අකුරු විතරයි දන්නෙ කියලා.

Mattek maha modayo…u yanna akura nemi gon thadiyo

ඉතින් දැනුත් කීවෙ උයන්න කියලනී

ඔයා නම්.මහම මහා මැට්ටෙක්..ඉන්නවකො අහු උනාම

ඇයි අහු උනාම මොකො

කීතු කීතු කරනවා කොනිත්තලා හපනවා ඇගිලි දහයම

වෙන මුකුත්

ඔය ඕනි නෑ මන් ් යනවා යන්න

කොයි

උයන්න

හී මෝඩි හරි හරි..මගෙ සුදු අම්මි..මාත් යනො වොශ් රූම්…බඩ බුරු බුරු ගානවා

ඒක තමයි ගද

ගද මන් පෙන්නම්කො ආවම…මෝඩි..

අහ් අයියෝ

ඇයි මොකො

මාර වැඩේනෙ

මොකක්ද මෝඩි බය කරන් නැතුව කියනවකො

ඔයා මට මැසේජ් කරද්දි මන් හීටරෙ අතෙ තියන් උන්නෙ..ඔයත් එක්ක මැසේජ් කර කර මන් හීටරෙ ගැහුවෙ..දැන් මන් හීටරෙ බලද්දි රත් වෙලා ගිනියම් වෙලා..බලද්දි මන් වතුර නොදයි හීටරෙ ජග් එකට දාලා තියෙන්නෙ

අයියෝ මෝඩි…මොනා හරි කරගත්තද

නැ නෑ..හීටරෙයි ජග් එකෙයි අගුරු පාට වෙලා

හ්ම්ම් ඔයාට මුකුත් උන් නෑනෙ

නෑ

ඒනම් දැන් ඔය හීටර් එක ආයෙම ගහන්න එපා….කරන්ට් වදිවී ඔයාට..ඒ නිසා ගහන්න එපා

මට තේ තිබහයි

මෝඩි අද තේ නොබී ඉන්නවා..නැත්තම් ඉන්නවා මන් අපේ ගෙදරින් අරන් එන්නම්

මොකක් පිස්සුද…ඔයාලගෙ අම්මි

අහ් එයා ඕකේ

ඒ කීවෙ

මගෙ ලග රහස් නෑනී…මගෙ අම්මි අක්කිලා පස් දෙනා ඔක්කොටම මන් කීවා

අම්මො බයත් හිතෙනවා

මොනාද කීවෙ

අම්මි අක්කිලෝ මගෙ හද මඩල සොරාගත් ලස්සන බලු කුක්කියෙක් ඉන්නවා…මට එයා ගෙනල්ල දෙන්න මගෙ ඇදේ තියාගෙන හුරතල් කරන්න..තනියෙන් ඇදෙ නිදා ගත්තා මට ඇති.අම්මිත් දැන් වයසයි..උදේට උදේට කටු බැල්ලි වගෙ මාව ඇහරවන්න බුරනවා..මට ඕනි දැන් ලස්සන බූල් බැල්ලියෙක්…පීස් පීස් මට ගෙනත් දෙම්න කීවා

මන් බැල්ලියෙක්ද මෝඩයො

නැතුව මගෙ බූල් බැල්ලි..ඇයි හැමදාම හම්බුනාම මගෙ ඇගිල්ල හපන්නේ

ඒ ආදරේටනේ

ආදරේටනේ
හපනවනේ
ඒ උනාටනේ
බූල්නෙ
බැල්ලියෙක්නේ

ඔයාට නම් විහිලු කියන්න ඇත්තටම කීවද

මන් ලග බොරු නෑ මෝඩි..අනික මට කියන්න උනා

මොනාද

මන් ඔයාගෙ පොටො එකක් බල බල ඉද්දි අම්මි තේ අරන් ආවා..මන් ඔයාගෙ පොටො එක බල බල උන්නු නිසා අම්මි එනවා දැක්කෙ නෑ…අම්මි පෝන් එක උදුරන් ඇහුවා කවුද මේ කෙල්ල කියලා

පස්සෙ

පස්සෙ එයා නිකම් උසාවියෙ නඩුකාරයා වගෙ පස්න අහන් අහන් ගියා..මන් ඉතින් කීවා සේරම

සේරම

ඔව් සේරම…

අම්මි මොනාද කීවෙ

හරිම ලස්සන චාම් කෙල්ලෙක් ..කොහින්ද අහුල ගත්තෙ ඇහුවා මේ හද පලුව

පස්සෙ

මන් කීවා බැන්කුවෙන් කියලා

ඊටත් පස්සෙ

මට ඔයාව කුරුනෑගලදි හම්බුනු දා ඉදන් ඔයයි මමයි හම්බුනු ඊයේ හවස වෙනකම්ම සේරම කීවා

සේරම

ඔව්

අම්මි බැන්නෙ නෑ

මොකටද බනින්නේ..මෙච්චර ලස්සන..උගත්..හැදිච්චි ලේලියෙක් එයාට තෝරලා තියෙද්දි

ඒත් සේරම???

ඔව් මෝඩි සේරම..ඊට පස්සෙ අපෙ අම්මි අක්කිලා පස් දෙනාටම පතුරෝලා ඒක..ඔයා දන්නවනි අක්කිලා පස් දෙනාම

මැරි කරලා වෙනම ඉන්නෙ කියලා

ඃම්ම් ඔව්

අහන්නකො මැට්ටියෙ..මට බෑ තව තනියෙන් ඉන්න

ඉතින්

ඉතින් කියන්නෙ එන්නකො මගෙ ලගට

කෝමද

කෝමද කියන්නෙ මෝඩි..කියන්නකො ඔයාලගෙ ගෙදරට

අපේ ගෙදරට

ඔව්.ඇයි බෑද..

ඒත්

අනෙ එයාලා මට අකමැති වෙයිද..මන් වැද වැටිලා ඉල්ලන්නම් මට අම්මිලාගෙ වදක දුවව දීලාඔයාලා බේරෙන්න කියලා

ඔයා නම්.
අනෙ විහිලු නෙමි..ඔයාලාගෙ අම්මි අක්කි එයාලා කැමතිද මට මට…මගෙ හැම විස්තරයක්ම දැනගෙන

ඔව් ඔව් මෝඩියේ..කැමතියි..ලොකු අක්කිට ඇරෙන්න අනිත් හැමෝටම පොටෝස් යැව්වා ඔයාගෙ..එයාලා කැමතියි ඔය ලස්සන හද මගෙ අහසෙ පායනවනම්

ඇත්තමද

ඔව්..අනෙ ගෙදරට කියහන්කො බම්

මොනාද ආ කතා කරන කැත

උඹ මගෙ ෆිට් එකනෙ..මගෙ ගෑනි නේ..සත්තලන්නෙ..උම්මා කැටේනේ

මැට්ටා..දැන් මට අපේ ගෙදරට කියන්න කියලද කියන්නේ

ඔව් මෝඩියෙ කියන්න..කියලා දිනයක් අරන් දෙන්න අපිට එන්න

ඇත්තමද

ඔව්

ඇත්තටම

ඔව් ඔව් මෝඩි..ඉක්මනට කියන්න..මට බෑ තව

…..

ඒ උදේම මන් අම්මිට කෝල් එකක් අරන් අකුරක් නෑර හැමදේම කීවා..අම්මි පුදුම උනා ගොඩක්..එදා දවල් අප්පච්චි අයියා ලොකු අක්කා සේරමල්ලා කතා කරා..එයාලා හැමෝටම සතුටුයි…

මට තාම මතක් වෙනවා අම්මා අඩ අඩා කියපු දෙ

උඹට වරදින්නෑ මගෙ දෝනියෙ..පුන්චි කාලේ කූඹි වතුරෙ ගහන් යනවා කියලා උන්ට නගින්න බෝට්ටු හදපු කෙල්ල උඹ..මන් දැනන් උන්නා මගෙ සුද්දිට හරි යන බව..උඹට සිද්ද උනු දේවල් උඹෙ වරදකින් උනු ඒවා නෙවෙයි නෙ..

දෙවියො ඉන්නවා මගෙ දුවෙ..එන්න කියන්න ඒ දෙවිවරු වගෙ මිනිස්සුන්ට..මන් අප්පච්චිත් එක්ක කතා කරන් ලගදිම දිනයක් දාගන්නම්..තෙරුවන් සරණයි මයෙ දෝනියේ

ඇත්තටම මගේ ලෝකේට වසන්තය ඒවිද…

ගගන නුඹ මට හීනයකි
ඒ හීනයට මන් ආදරෙයි

ඔයාගෙ ආදරෙ මට හිමි උනා වගේම ඔයාවත් සින්නක්කරේටම මට අයිති වේවා…

…මතු සම්බන්දයි.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *