සීමා නෑ ආදරේට…………………………..12

මේ උදාවන්නේ අලුත් වස්සානයයි
හිතේ තෙරපෙන්නේ වස්සාන හීනයයි

……

අපේ අම්මිලත් ගගාගෙ අම්මිලගෙත් කැමැත්තෙන් දෙගොල්ලො හම්බෙන්න මේ ඉරිදා දාගත්තා…

ඉතින් මන් සිකුරාදාම බෑන්ක් එකෙන් නිවාඩු අරන් බස් එකට නැග්ගා..ගගන හැදුවෙ මාව බයික් එකෙන් ඇරලන්න..මෙ කොලඹ එහෙම උනාට අපේ ගම්වල තවමත් සිරිත් තියෙනවා..

ගගන නොදැක දවස් දෙකක් ගෙවාගන්න

එක අමාරුයි තමයි..ඒත් අපේම හොදටනේ මේ ගමන යන්නේ..

ගගන මාව ඇරලවන්න බස් හෝල්ට් එකට ආවා..එයාගෙ ඇස්වල කදුලු පිරිලා..හරි නම් මමයි අඩන්න ඕනී…

ගගන කොල්ලෙක් උනාට චුට්ට ඇත්නම් කදුලු උනන හරිම සන්වේදී කෙනෙක්.

ඇයි බබූ

සුදු අම්මි දකින්න හම්බෙන් නෑනේ

ඉතින් බබූ මන් හැමදාටම යනවැයි…අපේ ගෙදරනි යන්නි..ඔයා එනවනි ඉරිදා

ඒ උනත් ඔයා නැතුව දැන් තත්පරයක් වත් ඉන්න බෑ වගෙ දැනෙනවා..කොහොමද මන් ඔයා නැතුව දවස් දෙකක් ඉන්නෙ..කොහොමද මන් ඔයා නැතුව හුස්ම ගන්නෙ

හුස්ම ගන්නෙද…හුස්ම ගන්නෙ මේන් මේ නහයෙන්..තේරුනාද

මන් ඒ ජම්බු නහය අල්ලලා මිරිකුවා…බස් එක ඇද්දුවා…

මන් බහිනවා සෙනේ බබී..පරිස්සමින් යන්න..මගදි කොල්ලො දැක්කට බලන්න එපා.මෙතන කොල්ලෙක් ඉදගත්තොත් ටිකක් ඈත් වෙන්න..මගෙ දේවල් මේ ඔක්කොම පරිස්සම් කරග්න්න..මග දිගට ඉන්න තැන කියලා මට මැසේජ් කරන්න..ගෙදර ගියාමත්..මතක් කරලා කන්න…අහ් පෝන් එකට මන් රීලෝඩ් දාන්නම්..කාඩ් ගන්න කඩවල් ගානෙ රින්ගන්න එපා

හරි මගෙ සීයෙ දැන් බහින්න

හුම්ම්..එන්න පුලුවන් නම් එනවා කොහිද මන් එනවට කැමති නෑනෙ..පරිස්සමින් මගෙ බබී…ආදරෙයි වස්තු ගොඩාක්..බුදු සරනයි

හ්ම්ම් බුදු සරනයි

එයා බස් එකෙන් බැහැලා නොපෙනි යනකම්ම මන් ජනේලෙන් ඔලුව දාලා බලන් උන්නා…

එදා හවස හය වෙද්දි මන් අපේ ගෙදරට ගියා..අයියා අක්කා දෙන්නම ඇවිත්..කුක්කියත් ඉන්නවා..

කාලෙකට පස්සෙ අපේ ගෙදර සතුටින් පිරිලා..මේ සතුට ගෙනත් දුන්නෙ ඔයයි ගගන..ආදරෙයි මන් ඔයාට ගොඩාක් ආදරෙයි..

විහිලු තහලු,ගේ අස්කිරීම් ,,රස කෑම් බීම් මේ සේරම අස්සෙන් ඇතුගල මුදුනින් ඉර පායල ඉරිදා උදා උනා…

උදේම එලියෙ බුදු මැදුමරෙ බුදු සාදුට පාන තියලා සුබ දෙයක්ම වෙන්න කියලා පාර්තනා කරා..

තවම හයයි..යාන්තමින් කහ පාටට ඉර උදා වේගෙන එනවා…මිදුලේ උදුපියලියා ගොල්ලෙ නිරුවත් දෙපා වලින් මන් එහෙ මෙහෙ ඇවිද්දා…පින්න වටිලා මුතු ඇමිනිලා වගේ තිබුනු පුන්චි ගස් මන් ආසාවෙන් හෙලෙව්වා..ඒ මුතුපිණි මගේ ඇග තෙමුවා…හරියට පුන්චි කාලේ වගේම…ලැසී එක්ක මමයි කුක්කියි අක්කිගෙ පොඩ්ඩො ටිකයි හරි හරියට සෙල්ලම් කලා..අප්පච්චි මාව දැකලා හිනා වුනා…

අම්මිගෙ මූණත් අද සන්තෝසෙන් ඉතිරිලා..කාලෙකට පස්සෙ අක්කගෙ අයියත් අපේ මහ ගෙදර ඇවිත්..අම්මි,අක්කි නෑනා තුන් දෙනා එකතු වෙලා ගජරාමෙට උයනවා…

දවල් බතට පොලොස්, කජු මාලුවක් කලවම් පලා මැල්ලුමක් ,පරිප්පු ,බටු ගන් කුකුල් මස් වැව් මාලු බැදුමක් අම්මා අටටත් කලින් හදලා ඉවර කලා

අප්පච්චි වත්ත පහලින් කපන් ආපු අලුත් පූවාලු කෙසෙල් කැන කහ පාටින් කෑම කාමරෙ මුල්ලක හිනා වෙනවා…

උදෙ කෑමට කිරිබත් ම්මේසේ ලෑස්ති කරලා හැමෝම ලෑස්ති වෙන්න ගියා..

එයාලා එනවා කීවෙ දහයට…

එයාටත් අද නින්දක් නැති ගානයි පාන්දර දෙකේ ඉදන් එයා මට මැසේජ් කරනවා…

ඔයාට වගේම මටත් ඉවසන්න බෑ දෙයියො… ඔයාගෙ සුදු මූණ නොදැක මේ දවස් දෙක ගෙව්වෙ ගොඩාක් අමාරුවෙන්

එයා අද ඇදන් එන්නෙ තද රෝස පාටට හුරු මැජෙන්ටා කලර් ශර්ට් එකක්..මැට්ටා මට වයිබර් වලින් පොටෝස් එව්වා…මම් සාරිය ඇදපු ගමන්ම එයාටත් පොටො දාන්න කීවා…

ඒත් බෑ මන් ඔයාට දැන්ම මාව පෙන්නන්නෑ …

ඇත්තටම අද එයා හරියට හින්දි නලුවෙක් වගේ…මගෙ හැන්ඩියා..දවස් දෙකට චුට්ටක් මහතුත් වෙලාද මන්දා…බන්ඩි ඩින්ගකුත් පේනවා…කෝම ඇන්දත් ලස්සනයි..මගෙ කෝට්ටා….

දෝනී තාම සාරිය අතේ තියන් මොනාද කල්පනා කරන්නේ

මන් ගගනගෙ පොටෝ එක දිහා බල බල ඉන්න වෙලේ ලොකු අක්කි රූම් එකට ආවා…

නෑ අක්කි මේ…

කෝ කෝ මොනාද මට හැන්ගුවෙ බලමූ

අක්කි මගේ අතින් පෝන් එක ගත්තා…

ඔහෝ මෙයාද අපේ මස්සිනා පොඩ්ඩ

ම්ම්ම්

කොල්ලා හැන්ඩියා

ම්ම්ම්

දැන් මේ කොල්ලා එන්නේ කවුරු බලන්නද

මාව

එහෙනම් තවත් බලන් ඉන්නෙ මෝඩියේ..කෝ එනවා මන් අන්දන්න

අක්කා මාව ලස්සනට ඇන්දුවා…දිගට තියෙන මගේ කොන්ඩය තනි කරලකට අලුත්ම පැට්න් එකකට ගෙතුවා…

අක්කි

ම්ම්

මට චූටි බයක් දැනෙනවා අක්කි

ඒ ඇයි

අනේ මන්දා අක්කි..මන් හිතුවෙ නෑ මගේ ජීවීතේට මෙච්චර ලස්සන දවසක් උදා වේවිවත් කියලා..ඒ හින්දා හිතට ගොඩාක් බයයි අක්කි…

මනස්ගාත හිතන් නැතුව ඉන්න මෝඩී…හ්ම්ම්..ඔයාගෙ බය සාදාරනයයි…මමත් වග කියන්න ඕනි…එදා ඔයාව මන් තනියම දාලා නොගියානම් අද ඔයාගෙ හිතට දැනෙන බය කොහොමටවත් දැනෙන එකක් නෑ

හ්ම්ම් අක්කි..ප්‍ර්ශ්නයක් වෙයිද

අක්කි…මට..ගොඩාක් බයයි..මොනා උනත් එයා කොල්ලෙක්..මන්…

මොකො දෙන්නා කියෝනවා විතරද අන්න කට්ටිය ආවා

මන් ඉක්මනට ජනේලේ ලගට ගිහින් එබිලා බැලුවා..මගෙ පස්සෙන් ලොකු අක්කිත් ඇවිත් එබුනා

ගගන කුමාරයෙක් වගේ අද ඒ මූණේ සතුට පිරිලා..එයත් එක්කම අක්කිලා එයාලගෙ පවුල් වල අයත් ඇවිත්..මන් ගනන් කලා..සේරම ලොකු අය දහතුනක්…

අක්කිලා ටික ම්ම්ම්…ගෙදරට ආවම බලනවා…කොහොමත් ගගන ඉද්දි එයා දිහා බැලෙනවා ඇර වෙන කෙනෙක් දිහාට ඇස් යන්නේ නෑනේ ඉතිම්..

කෝ දෝනී..ඔයා එහෙනම් ලෑස්ති වෙන්න මන් යනවා අම්මිට හෙල්ප් කරන්න

හා අක්කී

අක්කි මාව ලෑස්ති කරලනේ..ආයෙව් ලෑස්ති වෙන්න දෙයක් ඉතුරු නෑ…

අනේ මන්දා මට අමුතු බයක් දැනෙනවා…

කට්ටිය ගේ ඇතුලට ආවා වගෙ..මන් සේරම පැත්තක තියලා කියන දේවල් අහන් උන්නා..

අහ්..ආයුබෝවන්..ගේ හොයාගන්න අමාරු උනාද

අපෝ නෑ නෑ අපේ චූටි මල්ලිට නන්ගා සිතියමක් ඇදලා දීලානේ ලේසියෙන් හොයා ගත්තා..

..ඒ අක්කි කෙනෙක් වෙන්න ඇති එයාලට අක්කිලාම පස් දෙනෙක් නේ..අම්මිත් එක්කම ගෑනු හය දෙනෙක්..බයෙත් බෑ….

ඉදගන්න එහෙනම්

ස්තූතී

ඉතින් කොහොමද

අපි නම් හොදින් මාමේ අපිට නම් හදිස්සියි අපේ චූටි නෑනා හැබැහින් දකිනකම්..අපි මෙච්චර ගෑනු ඉද්දි මෙයාගෙ හිත හොරකම් කෙරුව හද බලන්න

අහ්…හද…

ඊට කලින් මොනා හරි බීලම ඉමුකො මහන්සිත් ඇති නේ…

බොන්න නම් බැරියා පස්සෙ..අපිට අපේ චූටි ලේලිව පෙන්නන්කො..

හොදයි..මැනිකෙ දෝනිව එක්කන් ආවනම්
දැන් මගේ වාරෙ…මෙච්චර කල් කොච්චර නම් ගගනව දකින්න ඇද්ද..ඒ ඇස් දිහා කෙලින් බලන් ඉන්න ඇද්ද..ඒත් අද මට ලොකු ලැජ්ජාවක් දැනෙනවා…බයක් දැනෙනවා

දොර රෙද්ද ඈත් කරලා බුලත් හෙප්පුවකුත් අරන් අම්මි මගෙ ලගට ආවා

අම්මි

අනෙ මගෙ දෝනියේ..අද මගෙ මැනිකගෙ ලස්සන..

අම්මි

ඇස් වහක් කටවහක් නෑ මගේ දෝනියෙ..මේ කට්ටිය ගිය ගමන්ම දුම් ටිකක් අල්ලන්න ඕනි මගෙ මැනිකට..

අම්මි එයාලා ගොඩයි නේද..අනෙ මට බයයි අම්මි

හ්ම්ම්..මටත්..

ලේසි වෙන එකක් නෑ මගෙ මැනිකට..නෑනලාම පස් දෙනෙක්..හොද කටවල් ටිකක් තියෙන්නේ

ම්ම් අම්මි

ඒත් දෙයියන්ගෙ පිහිටෙන් කොල්ලා නම් සීදේවි පාටයි මගෙ පුතෙ…දැක්ක ගමන්ම තේරෙනවා හොද වැදගත් කමට හැදුනු දරුවෙක් කියලා

අම්මිට දැන්මම හිතට අල්ලලා වගේ…

හ්ම්ම්..හිතට නොඅල්ලා ඉදීද මගෙ මැනිකෙ හැම ඇත්තක්ම දැනගෙන මගෙ කෙලීව බාර ගන්න කොට

හ්ම්ම් අම්මි

හා හා පස්සෙ කතා කරමු කෝ යමූ

අම්මි මගෙ අතට හෙප්පුව දීලා ඉස්සරහට උනා..
කකුල් දෙක මැන්ඩලින් ගහනවා වගේ….හිතට අමුතු කෝල බවක් දැනෙනවා..

හැමෝගෙම ඇස් මගේ දිහාටම යොමු වෙලා කියලා දැනෙනවා

මේන් ලමයිනෙ අපේ චූටි මැනික

අප්පච්චි මාව අදුන්නලා දුන්නා..මන් අම්මිගෙ පිටි පස්සෙ හැන්ගිලා උන්නේ පුන්චි කාලේ අදුරන් නැති කවුරු හරි ආවම අම්මිගෙ පිටි පස්සෙ හැන්ගිලා ඉන්නවා වගේ

කෝ කෝ අපෙ චූටි නෑනා ඉස්සරහට එන්නකො අම්මා අස්සෙ හැන්ගිලා ඉන්නේ

යන්න දුවේ

මන් බිම බලාගෙන පියවර මැන්නා..කා ගාවද මන් නතර වෙන්න ඕනි..කකුල් විතරයි පේන්නෙ මට

හී හී චූටි නෑනා අපි ගාවට නෙවෙ එන්න ඕනි ඔයාගෙ කුමාරයා ඉන්නෙ තවත් එහායින්

එක කකුල් දෙකක් ඉස්සරහට අඩි තිබ්බා..හරි මේ එයා..මට ඒ ඇස් දිහා බලන්න ලැජ්ජයි

මන් ඇබරි ඇබරි බුලත් හෙප්පුව එයාට දික් කලා..

හී නගො බලන්න ඔලුව උස්සලා හරි කෙනාටම දන්නෑ දුන්නේ

මෙයාලා මට විහිලු කරනවා..ඒත් ඇත්තටම මන් බිම බලන් වෙන කෙනෙක්ටද දුන්නෙ

මන් ඇස් ඉස්සුවා..ලැජ්ජාවෙන්

ඒ මූණ පුරා නැගුනු හසරැල්…මගේ තොල් මත ලාවට සටහන් වෙන්න වැඩි වෙලා ගියෙ නෑ..පෙරිම් පුරාගෙන මාව හොයන් ආව ඒ ඇස්…අපි දෙන්නා පුන්චි බාවනාවක්..අනිමිස ලෝචනයක්..

හේ හේ අද මල්ලි දිහාම විතරද බලන් ඉන්නෙ..මල්ලියෙ අපිව අදුන්වලා දෙන්නෙ නැද්ද

මගෙ මැට්ටාට ලැජ්ජා හිතිලද මන්දා ඒ මූණත් අද රතු වෙලා…මැට්ටෙක් වගෙ ඔලුව කසන හැටි..

සෙනේ බබී

හී

සොරි සෙනේශා මේ මගෙ අම්මා

මන් අම්මට දණ ගහලා වැන්දා..
තුරුනුවන්ගෙ සරණයි..ඇත්තටම හදක් වගෙ

හැඩයි..

මේ චූටි අක්කි …එයා ටීචින් කරන්නෙ..මේ එයාගෙ අයියා..ලගදි බැන්දේ

මේ පොඩි අක්කි

පිලිවෙලින් එයාගෙ සුදු අක්කි..මද්දු අක්කි ඒ සේරටම

මේ ඉන්නෙ මගෙ දෙවනි අම්මා..මගෙ ලොකු අක්කි..තාත්ති නැති උනාට පස්සෙ අම්මි රස්සාවට ගියාම ලොකු අක්කි තමයි අපි සේරමල්ලවම බලා ගත්තෙ..මන් අවුරුදු හයක් වෙනකම්ම ලොකු අක්කිගෙ අතෙ..මගෙ දෙවනි අම්මා..එයා මේ ලග..නර්සින් කරන්නේ

මන් ලොකු අක්කටත් දණ ගහලා වැන්දා

හැඩයි..

මේ චූටි අක්කි …එයා ටීචින් කරන්නෙ..මේ එයාගෙ අයියා..ලගදි බැන්දේ

මේ පොඩි අක්කි

පිලිවෙලින් එයාගෙ සුදු අක්කි..මද්දු අක්කි ඒ සේරටම

මේ ඉන්නෙ මගෙ දෙවනි අම්මා..මගෙ ලොකු අක්කි..තාත්ති නැති උනාට පස්සෙ අම්මි රස්සාවට ගියාම ලොකු අක්කි තමයි අපි සේරමල්ලවම බලා ගත්තෙ..මන් අවුරුදු හයක් වෙනකම්ම ලොකු අක්කිගෙ අතෙ..මගෙ දෙවනි අම්මා..එයා මේ ලග..නර්සින් කරන්නේ

මන් ලොකු අක්කටත් දණ ගහලා වැන්දා තුරුනුවන්ගෙ සරණයි..ඇති ඇති වර්නනාව..කෝ මූණ පොඩිය හරියට බලා ගන්න චුට්ටක් මූණ ඉස්සුවා නම්

ලොකු අක්කි මගේ නිකටින් අල්ලලා ඉස්සුවා…

ලොකු අක්කිගෙත් මගෙත් මූණූ වල ඇදුනු හිනා වියැකෙන්න තත්පරයක් වත් ගියෙ නෑ…

දැහැමි තිලකරත්න??????

…මතු සම්බන්දයි…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *