සීමා නෑ ආදරේට……………………………16

**

සිවිලිමේ කැරකෙන ෆෑන් එකෙ තටු දිහා මන් ඔහෙ බලන් උන්නා..
මගෙ ජීවීතේ..ඇත්තටම මොකක්ද ඒ සිද්ද වුනේ…ඒ සිදුවීම…බැහැ දෙවියනේ බැහැ මට බැහැ දරාගන්න…

දෝනි …දෝනි..

අම්මි ඇවිත් මගෙ දෙවුර හෙල්ලුවා..

අම්මි

අද ගෙදර යන්න පුලුවන්..

දෙනෙතින් වැටෙන කදුලු ඔසරි පොටින් පිහදාන ගමන් අම්මි මට කීවා…

ඒ රුදුරු හින්සනයෙන් පස්සෙ සිහි නැති වුන මාව අක්කලා හොස්පිට්ල් ගෙනල්ලා තිබ්බා..මට සිද්ද උනු හැමදේම සාක්කිත් ඇතුව ලොකු අක්කි දැකලා තිබ්බෙ..

භානුක අයියා වැරැද්ද පිලිගත්ත ..එයාව අත් අඩන්ගුවට ගත්තා..චෝදනාව බරපතලයි…අවුරුදු දාසයක දැරියක් බරපතල ලෙස ලින්ගික හින්සනයට පත් කිරිම…ඔහු වෙනුවෙන් ඉදිරි තීරනෙ ගන්න අවශය උනෙ මගෙ කට උත්තරය විතරයි.

මට ඇත්තටම තවමත් තේරුමක් නෑ මොනවද උනෙ කියලවත්..ඒත් ඒ සිදුවීම බයානකයි..ආයෙමත් මන් අප්පච්චි,අයියා ඇරෙන්න පිට පිරිමියෙක්ගෙ සුසුම් පොදක් වැටෙන තැනක වත් ඉන්නෙ නෑ..ගොඩක් වේදනයි..ඈස් වහගන්න හැම මොහොතෙම භානුක අයියා මගෙ ඇග උඩ දගලපු හැටි මැවිලා පේනවා…

දෝනි බහින්න ගෙදර ආවා..

මාව වත්තම් කරගත්තු අම්මි ගේ ඇතුලට මාව එක්කන් ගියා…ලොකු අක්කි,මස්සිනා,අයියා නෑනා සේරම ඇවිත්..

වෙනදට අපි ඔක්කොම එකතු උනාම තියෙන සතුට අද කාගෙවත් මූනුවල දකින්න නැහැ..හැමෝම මන් දිහාට සුසුම් පිට කරමින් ඔහෙ බලන් උන්නා..

මේ ගෙදරින් ගිය දගකාර පුන්චි කෙල්ල වෙනුවට හැගීම් විරහිත ගෑනියක් වෙලා මන් ගෙදරට ඇවිත්..දෝතින්ම මූන වහන් මන් දනහිස් දෙකෙ ඔලුව ඔබන් උන්නා..

අප්පච්චි

ඇල්පෙන්නත්තක් වැටුනත් ඇහෙන තරම් තිබුනු නිශ්ශබ්දතාවය නැති කරමින් අයියා කතා කලා
අප්පච්චි මොකද්ද දැන් ගන්න තීරනෙ දෝනි ගැන

ඔයාලා වරදවා හිතන්නැත්තම් මට තියෙනවා යෝජනාවක් කරන්න

අක්කගෙ මස්සිනා කතා කලා

මමත් ඔලුව උස්සලා බැලුවා..මොකක්ද මස්සිනාට කියන්න තියෙන්නෙ

මට ගොඩාක් කනගාටුයි මගෙ මල්ලි අතින් උනු වැරැද්දට..දෝනිත් මගෙම සහොදරියක් වගෙ..ඉතින් මල්ලිත් කොල්ලා කොලු කමට සිද්ද වුනු ඒ වැරැද්දට සමාව දීලා මන් කැමතියි අපෙ නැදෑකම තවත් වැඩි කරගන්න

මස්සිනා මොනාද මේ කියන්නෙ

ඌත් තාම ඉගෙන ගන්න එකා මේ වෙලෙ ඌ ගැනත් හිතලා දෝනි ගැනත් හිතලා මන් කැමතියි දෝනිවයි මගෙ මල්ලිවයි එකතු කරන්න

විරාජ් පුතා

මගෙ ජීවිත කාලෙටම අප්පච්චි මෙච්ච්ර කේන්තියෙන් කෙනෙක්ට කෑ ගහනවා දැක්කමයි..සොබාවයෙන්ම නිහඩ චරිතයක් උනු අප්පච්චිට මෙච්චර කේන්ති ගිහින් තියෙනවා මන් දැක්කමයි…

විරාජ් පුතා මෙ අහගන්නවා…විරාජ් පුතා මගෙ ලොකු දුවගෙ මිනිහා නිසා ඉවසනවා..නැත්තම් මන් දනි කරන දේ…මේ අහින්සක නොදරුවව තලපු එකාටම එකීව බන්දවන්න කියලද..ඇයි එකීට මොනාද අඩූ..රූපෙද සල්ලිද…මගෙ එකීට තාම මන් නිය පිටින් ගහලා නෑ..මුන් තුන් දෙනාගෙන්ම මන් වැඩිපුර ආදරෙ දුන්නු එකී…ඊයේ පෙරේදා වෙනකම් මගෙ සරමෙ චූ දාපු එකි..මන් මන් කොහොමද දෙන්නෙ අර විදියට තිරිසන් විදියට මගෙ එකීට රිද්දපු එකාට..ඌට විසි පහක් විතර ඇති..මේ නොදරුවට තවම දාසයක් ලැබුවා විතරයි. …කොහොමද ඔහොම කරෙ ඌ..මේ අහින්සකීගෙ මූන බලන්..තමුන් දැක්කා නේද දව්ස් තුනක් සිහියත් අසිහියත් අතර මගෙ කෙල්ල උන්නු හැටි…කොහොමද තාත්තෙක් බලන්නෙ..මූන පුරා සූරපු කැලල්.මගෙ කෙල්ලව ඒ වගෙ තිරිසනෙක්ට දෙන්නද කියන්නෙ…මොන පොතේද තියෙන්නෙ කෙල්ලෙක්ව විනාස කරාම ඌටම දෙන්න ඕනි කියලා මගෙ අහින්සකි මට වැඩි නෑ..ඉන්න බැරි එවුන් ආයෙ නාවට කමක් නෑ…ඔය තිරිසනාට මගෙන් සමාවක් නෑ

ඒත් මහත්තයා අපේ දෝනි දැන්

නෝනි කට වහන් ඉන්න…නෝනිත් කැමතිද ඒ තිරිසනාට දූ දෙන්න

අප්පච්චි තව ටිකක් හිතන්න

හිතන්න දෙයක් නෑ ඒ තමයි අන්තිම
තීරනේ

ඒත් අප්පච්චි මේ වෙලේ හිතෙන් තීරන අරන් වැඩක් නෑ..අපි කරන දෙයින් දෝනිගෙ අනාගතෙයි අදුරු වෙන්නෙ…දැන් දෝනීව..කවුද බදින්නෙ..මෙහෙම උනාට පස්සෙ

බදියි බදින එකෙක් බදියි..ඒත් අරූට නෙවෙයි

හ්ම්ම්..අපි වාද කරලා වැඩක් නෑ අප්පච්චි දෝනිටම දෙමු තීරනෙ ගන්න

හැමෝම මන් දිහා බැලුවා..ඇත්තටම හැමෝම කියන විදියට මාව කවුරුත් බාර ගන් නැති වෙයිද…ඒත් මට ඕනි..

දෝනි දුවෙ කියපන් උඹෙ තීරනෙ

මන් නැගිටලා අප්පච්චි ලගට ගියා අප්පච්චි

දෝනියෙ

මට ස්කෝලෙ යන්න ඕනි අප්පච්චි මට ඉගෙන ගන්න ඕනි…

ඉතින් ඒ තීරනෙන් පස්සෙ මන් ආයෙමත් ස්කෝලෙ යවන්න තීරනෙ කෙරුනා..ගමෙ අයගෙන් මේ හැමදේම වසන් කරන්න අම්මි අප්පච්චි වග බලාගත්තා

අක්කගෙත් මස්සිනාගෙත් පැමිනීම අක්කට පමනක් සීමා වුනා…

භානුක අයියා බරපතල වැඩ ඇතිව අවුරුදු පහකට හිරගත උනා…

ස්කූල් යුනිෆෝම් එකක් ඇදි කවුරුත් නොදන්න ගෑනියක් උනා මන්..

……………………………

දැන් ටික දවසක ඉදලා උදේට උදේට පුන්චි කරකැවිල්ලක් එනවා..වමනෙත් යනවා…තාමත් ස්කූල් යද්දි අම්මියි මගෙ කොන්ඩෙ ගොතන්නෙ…එක උදේක අම්මි මගෙ කොන්ඩෙ ගොත ගොතා ඉද්දි ඉවසන්න බැරි අපුලක් දැනුනා

මන් දුවන් ගිහින් කුස්සියෙ පිලිකන්නෙ වමනෙ කලා

අම්මිත් මගෙ පස්සෙන් දුවන් ආවා..

දෝනියෙ

අම්මි

මේ මාසෙ හැදුනද..කවදද අන්තිමට හැදුනෙ

එදායින් පස්සෙ හැදුන් නෑ අම්මි..

මොකක්..අනෙ දෙවියනේ…අපෙ මහත්තයෝ

අම්මි ඉක්මනට මාව ඩොක්ට කෙනෙක් ලගට එක්කන් ගියා…

මේ ලමයගෙ වයස කීයද

දාසයයි මහත්තයො

හ්ම්ම්..මේවා වෙන්න කලින් ටිකක් හිතන්න තිබ්බා

ඒ කීවෙ මහත්තයො

දරුවෙක් ලැබෙන්න ඉන්නෙ..මාස තුනක් බඩට

අනෙ මගෙ දෙවියනෙ…

…..

එදා ආයිමත් අක්කි අයියා ගෙදරට ආවා

හැමොගෙම තීරනෙ උනේ කුසට ආව දරුවා ඇබෝශන් කරන්න…

අප්පච්චි නිහඩව අහස දිහා බලන් උන්නා

දෝනි මොකො කියන්නෙ

මට නිදිමතයි තනියෙන් ඉන්න ඕනි

හැමෝටම ඕනි තීරනයක් ගන්න කියලා මන් රුම් එකට ඇවිත් දොර වහගත්තා..

දෙවියනෙ මට තාම කීයද දාසයයි…මන් …මගෙ බඩෙ දරුවෙක්…අදහන්නත් පුලුවන්ද…

මන් පෝන් එකෙන් ඉන්ටර්නෙට් ගියා…ගබ්සාව ගැන තියෙන වීඩියෝස් බැලුවා

අනෙ දෙවියනේ..බැහෑ..මට බැහෑ…

වයසින් මන් පුන්චියි තමයි..ඒත් මමත් ගෑනියක්..අකමැත්තෙන් හරි දැන් මව් පදවියට උරුමකම් කියලා..මගෙ අත නිතැතින්ම මගෙ කුසට ගියා…

තිරිසනෙක්ගෙ තිරිසන් ආශාවක් නිසා බලෙන් මගෙ කුසට ආවත් මේ නූපන් පැටියට මේ වීඩියෝස් වල තියෙනවා වගෙ වෙන්න දෙන්න බෑ…බෑ..මේ මගෙ වස්තුව..මගෙ දරුවා..මන් මගෙ වාසිය වෙනුවෙන් මෙ දරුවගෙ උපත නැති කරන්නෙ නෑ..මන් තීරනයක් ගත්තා

අප්පච්චි

දෝනි

මට මෙයාව හදන්න ඕනි

පිස්සුද දෝනි…

අප්පච්චි ඇරෙන්න අනිත් හැමෝම මට දොස් කීවා…

කිව්වා නාහන ගුරු ඉහල ගියත් එකයි පහල ගියත් එකයි…

අම්මි අප්පච්චි ඇරෙන්න අනිත් හැමෝම මාව අතෑරියා..

ගමෙ ස්කූල් එකට යන එක මන් නැවැත්තුවා..ඒලෙවල් පරිවට් ඉල්ලුවා
අපි ගමෙන් තාවකාලිකව නුවරට ආවා..ටිකෙන් ටික මතුපිටට පේන මගෙ කුස නිසා ගම්මුන්ගෙ ප්‍ර්ශන වලින් බේරෙන්න

අම්මිත් එක්ක මන් ක්ලීනික් ගියා…ගොඩක් මිසීලා ඩොක්ටස්ලා මගෙ පෙනුම වයස ගැන දැනන් මටත් අම්මිටත් දොස් කීවා..ක්ලීන්ක් ආව අනිත් ගෑනු වැඩි හරියක්ගෙ මාතූකාව උනෙ මන්..ගොඩාක් අය මට හිනා උනා…සමහර අය අනුකම්පා කලා…

ඒ සේරමත් අස්සෙ මන් පාඩම් කලා..සමහර දාට නිදා ගන්න බෑ..පුන්චි පැටියා නිසා මටටිකක් අමාරුයි… එක එක දේවල් කන්න හිතෙනවා…අම්මි අප්පච්චි පුලුවන් උපරිමෙන් මාව බලා ගත්තා….

අම්මියො

මොකො දෝනි බෙරිහන් දෙන්නෙ

මන් අම්මිගෙ අත අරන් මගෙ බඩෙන් තිබ්බා…ඒ මට පුන්චි පැටියගෙ චුට්ටන් කකුලක් අතට අහු උනු දවස

අනෙ අම්මි එයා ඉන්නවා මට දැනෙනවා අම්මි …එයා හරි දගයි අම්මි

අම්මි මන් දිහා බලලා අඩන්න ගත්තා

ඇයි අම්මි

දෝනියෙ ඔයත් තාම ලමෙක්..

හ්ම්ම්…

…අම්මිගෙ අප්පච්චිගෙ ආදරෙ අතරෙ මාත් කුසෙ උන්නු දරුවත් වැඩුනා..එක දවසක් උදේක මට ගොඩාක් අමාරු උනා

අප්පච්චි ඉක්මනට මාව හොස්පිට්ල් එක්කන් ගියා

හොස්පිටිල් එකෙ නර්ස්ලා ,තව බබාලා හම්බෙන්න උන්නු අම්මලා මන් දිහා බැලුවෙ හිරිකිත සතෙක් බලන්නා වගෙ

ඇටෙන් පොත්තෙන් එලි බහින්න කලින් අයාලෙ ගිහින් දරුවො හදන්

අනෙ අම්මෙ..තාම එකීත් කිරි බොන වයස වගෙ

දුක නොදැනුනා නෙමි..ඒත් මගෙ පැටියා…එයා වෙනුවෙන් හැම දෙයක්ම

මගෙ පැටියා ගොඩක් වැඩිලා..මන් චූටියි..ලේබර් රුම් එකෙ පැය හතරක යුද්දෙන් එයාව ගන්න බැරිව ගියා…

පැටියා එන්නෙ නැති නිසා මාව තියට එකට ගත්තා…

ගොඩක් රිදෙනවද…අඩන්න එපා දූ ඉක්මනටම වේදනාව අඩු වෙයි

එක් කරුනාවන්ත චූටි හෙදියක් මගෙ ඔලුව අතගෑවා

මාව අල්ලගන්න

මොහොතකින් කොන්දට විදුනු එන්නත නිසා ඉනෙන් පහල වේදනාව නැතිව ගියා….

ඔහ් ඔහෑ

චූටි අම්මි..මෙන්න චූටි අම්මි වගේම ලස්සන සෝස කෙල්ලෙක්

මෙතෙක් මා විදි සියලු දොම්නස් හැගුම්..වේදනාවන් ,අපවාද ගැරහුම් ඒ පුන්චි ලැබැදිය වෙනුවෙන් දෙතනෙන් රූරන සුදු කිරිත් එක්කම දෝරෙ ගලන් ගියා…

සෝසම සෝස පාට පුන්චි දු පැටියා….

මගෙ කුක්කි

…මතු සම්බන්දයි….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *