සීමා නෑ ආදරේට…………………………..19

**

හිත කලබලයි..ඇයි අම්මි මට හදිස්සියෙන් එන්න කීවෙ..තේරෙන්නෙ..අනේ කාටහරි කරදරයක්ද..

අම්මිට..නෑ අම්මිනෙ කතා කලෙත්..අප්පච්චිත් ඊයෙ හොදට හිටියනේ..ලොකු අක්කි?අයියා..නැත්තාම්…කුක්කි…කුක්කිට මොනාම හරිද…

නෑ නෑ කාටවත්ම මුකුත්ම වෙලා නැතුව ඇති…හැමෝම හොදින් ඇති..

භානුක අයියා වත්..නෑ එයාගෙ නමවත් මතක් කරන්න මන් කැමති නෑ…

තර්ක කර කර හිත රිද්දෝගෙන සනසගෙන කල්පනා කර කරම ආවා..කලුවරත් වැටිලා..

මිස් බහින්නැද්ද…

කන්ඩක්ට ඇවිත් කියද්දියි මම් කල්පනාවෙන් මිදුනේ..මන් මෙ කොයිද..මන් ස්ටෑන්ඩ් එකටම ඇවිත්..අයියො ස්ටෑන්ඩ් එකට හෝල්ට් තුනක් තියලා බැහැගත්තම අපෙ ගෙදරට පයින් යන දුර..දැන් ඉතින් ආපහු යන්න එපැයි..

බස් එකෙන් බැහැලා මන් වටපිට බැලුවා..දවල් වගෙ නෙවෙ රෑ..මේ වෙලේ ගෑනුලමෙක්ට තනියෙන් පාරෙ ඉන්න එක එච්චර හොද දෙයක් නෙවෙ..හදිස්සියක්

හිතත් එක්ක නෙවෙ නම් අම්මි කීයටවත් මට රෑ එන්න කියන්නෑ..දැන් හොදටම කලුවර නිසා වීල් එකකට නගින්නත් බයයි..කෝමත් දවල්ටත් වීල් එකක තනියෙන් එන්න මන් චුට්ටක් බයයි..

ස්ටෑන්ඩ් එක ලග ඉදන් මන් තීවීල් පාක් එක බැලුවෙ අදුරන කවුරු හරි ඉන්නවාද කියලා..

හ්ම්ම් මගෙ වෙලාවට දයාසේන මාමා ඉන්නවා..දයාසේන මාමා අපෙ ස්කෝලේ මුරවැඩෙ කලෙ ඉස්සර…එයාගෙ දුවත් උන්නෙ මගෙ පන්තියෙ..ලගින් ඇසුරක් නොතිබ්බත් හැමෝම එක්කම හිතවත්ව උන්නු නිසා දයාසේන මාමා මාව අදුරනවා..ඉස්සර මායි එයාගෙ දුවයි නෙට් බෝල් ප්‍රැක්ටිස් ඉවර වෙලා එකට යන්නෙ..ඩිල්මි ප්‍රැක්ටිස් ඉවර වෙලා මාමා ලගට යනවා..මාවත් ඇදගෙනම..එතකොට අපි දෙන්නටම මාමා නෙක්ටො අරන් දෙනවා..නෙක්ටො බීවම දිව ,තොල් ගොඩාක් රතු වෙනවා..ඉතින් ඒකට අපි ගොඩාක් ආසයි..

මන් ඉන්න තැන ඉදන්ම මාමට අත වැනුවා…

මාමා තීවිල් එක අරන් ආවා..

ආ මේ සෙනේශා දුවනේ…

මාමාට මාව මතකයිනෙ

මොකොද ලමයො අමතක

මාමෙ යන්ද අපෙ ගෙදර

මම දයාසේන මාමගෙ වීල් එකට නැග්ගා…

ඇයි දුවෙ මහ රැ ආවෙ..ගෙදර අයට කීවෙ නැද්ද..දූගෙ තාත්තට හරි අයියට හර් කීවනම් එයි නේ..මේ රෑ තනිපන්ගලමේ ගෑනු ලමයින්ට ගමන් යන එක එච්චර හොද දෙයක් නෙවෙ

ඇත්තටම පුදුමයි..වෙනදා මන් හදිස්සියෙ වත් රෑ එනවනම් අප්පච්චිහරි අයියා හරි ඇවිත් ඉන්නවා තමයි..ඒත් අද අඩු තරමෙ අම්මි කෝල් එකක් වත් දුන්නෙ නෑ අනෙ මන්දා

දුව එහෙන් නැග්ගෙ කීයටද

මන් හතරෙ බස් එකට නැග්ගෙ මාමේ..ඒත් මගදි ඒක කැඩුන ආයෙම මේකට නැග්ගා

හ්ම්ම් ලමයො ඉතින් මොනාද අලුත් තොරතුරු

වෙනදා වගෙම තමයි මාමේ

මන් දූලගෙ අප්පච්චිට කියන්නම්කො ආයෙ මහ රෑ එන්න දෙන්න එපැයි කියලා..අනෙ මන්දා දැන් හැදෙන ලමයි හරි හිතුවක්කාරයි..කියන දෙයක් කනකට ගන්නෑ..අපෙ ඩිල්මි කෙල්ලත් කොච්චර කීවත් රෑ ගමන්..

හ්ම්ම්

තවත් ගියොත් දයාසේන මාමා මොන මොනවා කියවාවිද මන්දා..මන් දයාසේන මාමගෙන් බේරෙන්න බැරි තැන පෝන් එක අතට ගත්තා…

ගෙදරට කෝල් එකක් ගත්තා..මන් කුරුනෑගලට ආවා කියන්න…

ඔබගෙ ගිනුම අත් හිටුවා ඇත..කරුනාකර රීචාර්ජ් කරගන්න

හපොයි මට අමතක වුනානෙ කාඩ් එකක් දාගන්න..දැන් මොකො කරන්නෙ..හ්ම්ම් ..වෙනදා වගෙ කාට කියලා කතා කරන්නද..අද ගෙදර ආව එකෙ..හෙටත් ඉදලා අනිද්දට යනවා..ගෙදර පෝන් එකෙන් බැරියැයි බෝඩිමෙ ඇන්ටිටයි බෑන්ක් එකටයි කතා කරන්න

ආයෙම ඔලුව උස්සලා බැලුවොත් දයාසේන මාමගෙ පර්ශ්න පත්තරේට අහු උනා..වයස නිසාද මන්දා දයාසේන මාමා වීල් එක ඩ්‍ර්‍යිව් කරන්නෙ ඉබි ගමනින්..පෝන් එකෙ ක්‍රෙඩිට් නැති උනාට ඩේටා තියෙනවනෙ..එෆ් බි පැත්තෙ වත් ගිහින් එනවා

මන් ඩේටා ඔන් කලා..ඒත් එක්කම පෝන් එකට වයිබර් මැසේජ් එකක් ආවා…

ගගන…

වැරදිලාද..නැත්තම් ඊයෙ පෙරේදා එවපු එකක්ද…

නෑ මේ විනාඩි දහයකට කලින් එවලා තියෙන්නෙ…තාමත් ඇක්ටිව් කියලා පෙන්නවා..ආයෙමත් එයාත් එක්ක කතා කරන එක…තවත් හිත් රිදවීමකට හේතුවක්ද..

හිත කියන්නෙම මැසේජ් එක ඕපන් කරන්න කියලා..ඒත් ඒ එයා බැනලා දෑව එකක්ද

kohida inne

කොහිද ඉන්නෙ කියලයි අහලා තියෙන්නෙ….ම්ම් එයා ආව වත්ද වෙනදා වගේම බස් හෝල්ට් එකට..සමහර විට මට පේන්නෙ නැතිව කොහෙ හරි ඉදන් බලන් උන්නද දන්නෑ…බෝඩිමටවත් ගියාද මාව බලන්න

දැන් මෙයාට උත්තර දෙනවද..නැද්ද..හ්ම්ම්..සමහර විට මනුස්සකමට අහනවා වෙන්න ඇති…

Man gedhara awa..dan veel eke inne

මන් එයාට රිප්ලයි කලා..ඒ ගමන්ම එයාත් මට රිප්ලයි කලා

Hmm..ikmanata enna

ඉක්මනට එන්න…ඉක්මනට එන්න කීවෙ කොහාටද ගමෙ ගිහින් ඉක්මන්ට එන්න කියලද..බොරුකාරි කියලා ආයෙමත් බනින්න වෙන්න ඇති

සෙනේශා දුවෙ

මාමෙ

මෙතනින් එහාට යන්න බැරි වෙයි

ඒ ඇයි

දුවලයි ගෙදරට යන පාරෙ වාහන පෙලක් ..අර හතරක් විතර තියේ..

තීවිල් එකෙන් එලියට ඔලුව දාලා මාත් බැලුවා..හ්ම්ම් ඇත්තනි

හරි මාමෙ කමක් නෑ..මෙතන ඉදන් ගේ පේනවනි..මන් යන්නම්..කීයද මාමේ

ඕනි නෑ ලමයො..මන් මෙහෙම ගෙදර යනවා

අනෙ එහෙම දන්නවනම් මන් නගින්නෙත් නෑ..මේක ගන්න මාමෙ

මන් දයාසේන මාමගෙ අතට රුපියල් දෙසීයක් ගුලි කරලා වීල් එකෙන් බැස්සා..අපෙ ගෙදරට යන්න හදලා තියෙන පාර මේක…කවුද මේ රෑ මේ පාරෙ වාහන නවත්තන් ඉන්නෙ..

තිබ්බ වාහන වලට එබි එබි මන් ඉස්සරහට ගියා..කවුරුත් නෑහ්..ඉස්සෙල්ලම තිබ්බෙ නම් ලොකු අක්කිගෙ කා එක..එතකොට මේ අපෙ ගෙදරට ආව වාහනද..කවුද අප්පෙ මේ අපේ ගෙදරට ඇවිත් තියෙන්නෙ…

ගේට් එකත් ඇරන් මන් ගෙට ගොට වුනා…බලු පැටියා ඇවිත් මට නැට්ට වැනුවා…ගේ වටේටම ලයිටුත් දාලා..මොකො මේ..

ආව කෙනෙක් පේන්නත් නෑ..සාලෙ කවුරුවත්ම උන්න නැති නිසා මන් අම්මයි අප්පච්චියි උන්න කාමරේට එබුනා..කෝ ඒකෙත් නෑ…කොහිද මෙයාලා…

කුස්සිය පැත්තෙන් එන සුවදට ඉව අල්ල අල්ල මන් ඒ පැත්තට ගියා..අම්මි ලිප දිහාවට හැරිලා හොද්දක් හැදි ගානවා..ලොකු අක්කි මොනවද කපනවා

අම්මි

මගෙ සද්දෙට දෙන්නම ඔලුව උස්සලා බැලුවා..අම්මිගෙ වත් අක්කිගෙවත් මූනුවල කරදරේක පෙනුමක් නෑ…ඒත් ඇයි මේ මට හදිස්සියෙම එන්න කීවෙ

ආ ලොකු අක්කිලත් ආවද.

ඇයි මෙ හදිස්සියෙන් එන්න කීවෙ..

මන් ලොකු අක්කි කප කප උන්නු කැරට් පෙත්තක් අරන් කටෙ ඔබා ගත්තා..මේ දෙන්නා දෙන්නට දෙන්නගෙ මූනු බලනවා..මොනාද මෙගොල්ලො මගෙන් හන්ගන්නෙ

කෝ අම්මි අප්පච්චි,අක්කි කෝ දුවයි පුතයි..අයියලත් ආවද..කුක්කි

දෙන්නා මාරුවෙන් මාරුවට මූනු බලනවා මිසක්..නෝ කතා නෝ සිනා..මොකො මේ

අනෙ අම්මි කියන්නකො..කෝ අප්පච්චි..කාටද මෙච්චර උයන්නෙ..මේ චිකන් නේද..

හ්ම්ම් ඔව්

කාටද

ගිහින් ඇගපත සෝදන් එන්න දෝනි..වෙන ඇදුමක් දාන්

හරි අනෙ කියන්නකො ඇයි හදිස්සියෙම එන්න කීවෙ..

දෝනි ගිහින් ඇදුමක් දාන් එන්න

අනෙ මන්දා කියන්නෙත් නෑ..ආව විතරයි දෙන්නත් එක්කලා මාව එලෝනවද කොයිද…

අපිට කරන්න දෙයක් නෑ මේවා ඉතින් ඔයා කරපු දේවල් තමයි

මොකක්..අනෙ..මොනාද අම්මි මෙ ලොකු අක්කි කියන්නෙ

හ්ම්ම් මේ සේරම කොලොඹ ඉදන් කරපුව තමයි

ඒ පාර අම්මිත් මට නම් තේරෙන්නෑ දෙන්නත් එක්කලා මොනා කියෝනවද කියලා..මට තිබහයි…

හ්ම්ම්..ආ

අම්මි මට ට්‍රේ එකක තියලා තේ දෙකක් දුන්නා

මොකො අම්මි මෙ..තේ දෙකක්

අරන් ගිහින් බොන්න..දැන් යන්න ඇදුමක් දාලා එන්න

දෙකක් මොකටද

ඕනවෙයි…

අනෙ මන්දා..පිස්සු හොදටම..කමක් නෑ දැන් එකක් බීලා..වොශ් දාන් ඇවිත් බොන්නම් ඉතුරු එක..පිස්සු

මන් තේ දෙකත් අරන් එන්න ආවා..ආයෙම කුස්සියෙ දොර උලුවහුව ලගදි හැරිලා බැලුවා..

අම්මියි අක්කියි කට තද කරන් දෙන්නට දෙන්න හිනා වෙනවා

මොකො

මුකුත් නැ මෝඩි..ඉක්මනට එනවා..පරක්කු වෙන්නැතිව

හනෙ මන්දා මන් වොශ් දාන්න යන්නෙ..පැල වෙන්න නෙවෙ

හා හා බලමුකො

පිස්සු පිස්සු හොදටම පිස්සු…

මන් තේ දෙකත් අරන් රූම් එකට ගියා මගෙ..

මෙ දෙන්නට අද මොනා හරිම වෙලා..මාවත් පිස්සු වට්ටනවා..එහෙන් මට හදිස්සියෙ එන්න කීවා..ඒ මදිවට කට්ටියක් ඇවිත්..කවුද කියලා කියන්නෙත් නෑ..හොදට ජයට උයනවත් එක්ක..අප්පච්චිත් නෑ…පිස්සු තමයි දෙන්නටම…නැත්තම් මේම තේ දෙකක් දෙයි යැයි..අම්මිටත් පිස්සු අක්කිටත් පිස්සු

ඇයි සෙනෙ බබීට

මාව එහෙම්ම උඩ ගියා..ඒ කටහඩ ගගනගෙනෙ..එයා මෙහෙ..මේ වෙලේ..මන් වටපිට බැලුවා…කෝ..හ්ම්ම්..එයා ගැනම හිතන නිසා මට එයාවම මතක් වෙනවා ඇති..ආයෙ කවදා ඒ ආදරෙ විදින්නද..හ්ම්ම්

මන් සාරියෙ කටු ගලෝන ගමන් සින්දුවක් කීවා…ඉන්නෙ ගොඩක් දුකින් තමයි..ඒත් ගෙදර ආව එක හිතට සැහැල්ලුවක් දැනෙනවා..අම්මි අක්කි ප්‍ර්ශන අමතක කරලා වගෙ..එයාලට හිනාවෙන්න පුලුවන් නම් ඇයි මට බැරි…

ඒත් ගගන මට ඔයා මතක් වෙනවා.. මට ඔයා මතක් වෙනවා..ඔයා මට හිමි නෑ..ඒත් ආදරෙයි

“ගතින් ඉන්නට නැතත් ලන්වී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ…සිතා ගන්නට බෑ…

මටත් ඉන්නට බෑ

මාව උඩ ගිය තරමක්..ඒත් එක්කම මගේ උරපතු උඩ උනුහුම් අතක් රැදුනා…මම් හැරෙන් නැතිවම ඩෙරෙසින් ටේබල් එකෙ කන්නාඩියෙන් ඔලුව උස්සලා බැලුවා…ගගන…

ගගන

හීනයක්..ඒත් මට එයාගෙ උනුහුම දැනෙනවා ..එයා මාව එයාගෙ පපුවට තද කරන් මගෙ උරපතුවෙන් නිකට තියලා ඔලුව උස්සලා මොකො ඇහුවා..

දෙයියනෙ මට පිස්සු හැදීගෙන එනවා වත්ද

මොකො මැට්ටි

මන් එහෙම්ම අත දාලා ඒ මූන අත ගාලා බැලුවා..නෑ එයාව මට අහු වෙනවා..ඒ එයා…ඇත්තටම..ඒත් කෝමද..එතකොට

ඔයා මෙහෙ

ඇයි මට මෙහෙ එන්න බැරිද

එන්න පුලුවන්..ඒත්..ඊයේ..අනික

ඒත් මේත් ගාන්නෙ..ම්ම්ම්

අනෙ ඔයාට විහිලු මට බයයි..ඇයි මෙ මහ රෑ අපෙ ගෙදර ආවෙ..ඔයාගෙ අම්මි අක්කිලා දොස් කියයි..අනික අපෙ අප්පච්චි උනත්..

කවුරුත් මුකුත්ම කියන්නෑ

මොකක්

හ්ම්ම් ඔව්..

මොනාද අනෙ.. ගෙදට්ට පය තිබ්බ වෙලෙ ඉදන් මන් විකාරමයි දකින්නෙ..මේත් හීනයක්..පිස්සු මට

හරි මැට්ටි කියන්නෙ දැන් හීනයක් කියලද

ඔව්

හා එහෙනම්..ඉන්නකො…

ගගන හිමින් සැරෙ මගෙ චිකිනි ඇගිල්ල අරන් හීනියට හැපුවා

ආව්..

දැන් හරි නෙ

හ්ම්ම්..ඔව්

අපො කටෙ හැටි

අම්මිල දකී..යන්න ඔයා..

බනින්නෑ

කෝමද කියන්නෙ

කෝම හරි..අනෙ මැට්ටියෙ මේ පිට චුට්ටක් කසනවකො..මොකෙක් හරි කනවා වගේ

හ්ම්ම්..මේ රෑ මගෙ රූම් එකට රින්ගුවා මදිවට තව කසන්නත් කියනවා..

කෝ මොකෙක් වත්..නැශ්…එහ් මේ

මන් එතකොටයි දැක්කෙ ගගන ඇදන් උන්නු ඇදුම..දෙයියනෙ මෙ මන් අරන් දුන්නු ශර්ට් එක නේද..අර පොතත් එක්ක අමීර අතේ යවපු..එතකොට..එයා…පොත..මට

මට නොදැනිම කදුලු ආවා..

මොකො මෙ ඇයි අඩන්නෙ

ඔයා ඒ පොත..මේ ඇදුම

ඔව් කියෙව්වා..සමාවෙන්න…මට..ඊයෙ නොදැන..එහෙම කිව්වෙ..කිව්ව සේරටම සමා වෙන්න…මගෙ බබී මෙච්චර ලොකු දුකක් මේ චූටි හිත අස්සෙ හිර කරන් උන්නා කියලා දැනන් උන් නෑ.. මට සමාවෙන්න ඔයාගෙ පොත හම්බුනෙ ගොඩාක් පරක්කු වෙලා..හිත රිද්දුවනම් සමාවෙන්න…

ඒත්

ඒත් මේත් මුකුත් නෑ..මන් ආදරෙයි..මට ඔයා ඕන..ඒ සිද්ද වෙච්චි දේවල් නරක හීනයක්..මගෙ බබි වැරදි නෑ..ඔයා දහිරියවන්ත චූටි කෙල්ලෙක්…වෙන කෙල්ලො දරුවො මරද්දි..උපද්දලා පාරෙ දාලා යද්දි මිනිස්සුන්ගෙ ගැරහුම් අහ අහා තවත් ජීවතයක් ජීවත් කරපු ඔයාට මන් ආදරෙයි…ඔයා මට හැමදේම කියලා..ඒක මට හම්බුනෙ පරක්කු වෙලා..ඒකයි අවුල් උනෙ…ඒත් ඒ සේරම අවුල් අදින් පස්සෙ ඉවරයි…

ම්ම්ම්..ඔයාට කමක් නැද්ද..කුක්කි..එයා..එයා

අනෙ බබි..ඔයාට එක ලමෙක් නෙවෙ ලමයි දුසිමක් උන්නත් මන් ආදරෙයි..මට ඔයා ඕන..ඔයාගෙ අතෙ වරදක් නැතුව දඩුවම් වින්දා හොදටම ඇති

ග..ග..න

ගගන නෙවෙ අර ලියුමෙ අන්තිමට තිබ්බ වචනෙ කියන්න

අන්තිමට තිබ්බ වචනෙ…මොකක්ද…ම්..මහ…ත්…ත…යෝ…

හ්ම්ම්..

අනේ

මන් ඒ වතෙ එල්ලුනා.ඒ පපුවෙ මූන තද කරන් ඇස් පියා ගත්තා..හයියෙන් ඒ වත තවත් බදා ගත්තා..

ගගනත් මාව එයාටම තද කර ගත්තා..හුස්ම හිර වෙන්නම

මන් දකින්නෙ හීනයක් නෙවෙ නේද මේ…මන් ඉන්නෙ අපෙ මහ ගෙදර..මේ මගෙ රූම් එක…

අහ් අපෙ ගෙදර…

මන් ගගනව තල්ලු කලා

මොකො

යන්න දැන් ඔයා ඉන්නෙ අපෙ ගෙදර

ඉතින්

අම්මි දැනගනිවි

ඉතින් මොකො

ඒත් ප්‍ර්ශ්නයක් වේවි

එහෙමනම් මෙතනට තේ දෙකක් එවාවිද

අහ්..ඔව් මනෙ..දැනුයි මට තේරෙන්නෙ..අම්මියි අක්කියි කියපුවා..එතකොට ඕනවෙයි කියලා තේ දෙකක් දුන්නෙ මේකයි…අහ්…ඔක්කොමල්ලා එකතු වෙලා..මට මගෙ මෝඩකම ගැන තනියෙන් හිනා ගියා..හී..අම්මිලා දන්නවා එහෙනම්ම්..මට කියපුවා අම්මිලටත් කියන්න ඇති

මන් අතට තේ එකක් අරන් එයාට දික් කලා

ආ මෙන්න මේකත් අරන් යන්න…දැන් මන් ඇදුම් මාරු කරන්න ඕනි…

ඇයි මන් උන්නම මොකො..

බෑ යන්න

ඇයි එලවන්නෙ..ඒනම් දැන් ඉස්සෙල්ලා එෆ් එම් එකත් ඕපන් කරන් මේන් මේම ඇබරි ඇබරි ගලවන්න ගියෙ…

ඒ ඉස්සෙල්ලනෙ මෙ දැන් …

අනෙ මෝඩි…

යන්න..අනේ

බෑ යන්නෙම නෑ

යන්නකෝ…
ඒත් එක්කම ගගන මගෙ කන මිරිකුවා….

ආහ් ආව් ඇයි මෙ

ඇයි මෙ කියන්නෙ..මන් හින්දම හොදයි..ඇයි කිසි පරිස්සමක් නැත්තෙ

ඒ කීවෙ

ඒ කීවෙ කියන්නෙ..කෙල්ලෙක් උනාම ඇදුම් අදිද්දි තනියෙන් ඉද්දි දොරවල් වහගන්න ඕනි..

හ්ම්ම් හරි ඉතින්..මේ ගෙදර ඉතින් මගෙ නෙ..කවුරු..

මැට්ටි මැට්ටි..හැමදාම වරද්ද ගන්නෙ ඔය හින්දා..හ්ම්ම්..එදා දොර වහන් උන්නනම්

හ්ම්ම්..ඇත්ත…මටත් අනේක වාරයක් ඒක හිතිලා තියෙනවා

මන් වැරැද්ද පිලිගත්තා..

එයා මන් ලගට ඇවිත් බිමට බර වුන මගෙ මූන නිකටින් ඉස්සුවා

දුක හිතුනද…සොරි..ආයෙම මතක් කරන්නෑ..ඒත් ආයෙම කල්පනාවෙන් වැඩ කරන්න..තේරුනාද…මගෙ බබි

එයා ආයෙමත් මගෙ නල්ලට හාදුවක් දුන්නා

හ්ම්ම්…ඔයාගෙ ආදරෙ දැනෙනවා..ඒත් බබු ඔයාගෙ අම්මි අක්කි..එයාලා…එයාල කැමති වේද..ඔයා මෙහෙ ආව එකත් වරදක්…

ගගන මට දෙයක් කියන්න කට හොල්ලද්දිම දොර රෙද්ද අස්සෙන් ඔලුවක් මතු උනා….

….මතු සම්බන්දයි…….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *